මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

දැන් සෑම ගෙදරකම තිබියයුතු අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට කම්පියුටරේ පත්වෙලානේ ඉතින් හැමෝම බලනවා කොහොම හරි කම්පියුටරයක් ගන්න. ඉතින් ගෙදර ඉන්න එක ලමයෙක්ගේ විභාගයක් හරි මොකක් හරි කියලා ඒක ඉවර උනාම අරන් දෙන්නම් කියලා කොහොම හරි පරිගනකයක් අරගන්නවා.

යන්තමට හරි මන් ඉගෙනගෙන තියෙන්නේ පරිගනක මෘදුකාංග ගැන උනත් අනික් අයට ඕක තෙරෙන්නේ නැති නිසා හිතන්නේ මම කම්පියුටර් කරලා තියෙනවා ඒක නිසා දෘඩකාංග ගැනත් හොඳට දන්නවා කියලා. අනේ ඔය හාර්ඩ්වෙයාර් ගැන නම් මගේ දැනුම බිංදුවයි ඒත් ඉතින් අළුතෙන් පරිගනකයක් ගන්න යනකොට බැහැයි කිව්වොත් ඒකටත් කතාවක අහගන්න වෙන නිසා මාත් යනවා. ගියාට වැඩක් නැහැ කඩේ මිනිහා කියන එකක් ඇරෙන්න මාත් ඔය කෑලි බෑලි ගැන වැඩිය දන්නේ නැහැ.

ඕන් ඉතින් ගියාට පස්සේ අතේ තියන මුදලට හොයන්නේ ඉස්තරම්ම එකක්. ඒක ඉතින් කාගෙත් හැටිනේ ඒත් ඉතින් ඒ ගනන් වලට ඉස්තරම්ම ඒවා හොයන්න ගියාම පන යනවා. ඊට පස්සේ මෘදුකාංග. ඕනේ එකයි එපා එකයි සේරම දාගන්නත් ඕනේ. ෆයිල් සර්වර් එකක්කටත් වඩා ලොකු හාර් ඩිස්ක් එකක්. ගේම් ගහන්න පුළුවන් වීජීඒ කාර්ඩ්. ඔය සේරම දැම්මම ගාන පැනලා ඕන් ඉතින් ආයි කෑලි අඩු කරනවා.

ඔහොම ඉතින් අරවා මේවා කරලා ගේන් කම්පියුටර් එකට ගෙනාපු ගමන් හම්බ වෙන හැම සොෆ්ට්වෙයාර් එකම ඉන්ස්ටෝල් කරනවා. ඕනේද එපාද කියලා බලන්නේ නැහැ. ඔහොම දාල වයිරස්නුත් දාගෙන අර අරගෙන දෙන්න ගිය වරදට ආපහු මටම කියනවා ඒකත් හදලා දෙන්න කියලා.

ඕන් ඉතින්සේරම කරගෙන ගෙනාපු කම්පුයිටර් එකෙන් මාසෙකට විතර පස්සේ මොනාද කරන වැඩ කියලා ඇහුවම කරලා තියෙන්නේ ෆිල්ම් බලන එකයි, සිංදු අහන එකයි , ගේම් ගහන එකයි ඔය ටික කරන්න ඕකක් ගන්න ඕනේද මන්දා.

ගොඩක් වෙලාවට ඔය මුලින්ම පාවිච්චියට ගන්න පරිගනකය භාවිතාකරපු අඩුමිල එකක් උනාට කමක් නැහැ කියලා මන් නම් හිතන්නේ. ඒත් අපෙ අයට ඕක කියන්න ගියොත් ඒකත් කතාවක් අහගන්න වෙන වැඩක් තමා. මොකද කවුරුත් ලොකු ලොකු දේවල් කරන්නේ නැහැ. එකමදේ අළුත් ගේම් නම් ගහන්න බැරි වෙන එක අනික් සේරම කරන්න පුළුවන් පරණ පරිගනකයකිනුත්

බීම ඇරුනම මන් වැඩියෙන්ම කතාකරන්න කැමති මාතෘකාවනේ පොත් කියන්නේ. ඉතින් පොත් ගැන ටිකක් ලියන්න හිතුනා.

අපි කියවන පොත් වලින් සමහර පොත් තියෙනවා ආයි ආයි කියවන්න ආස හිතෙන ඒවා. සමහර ඒවා නම් සල්ලි දීල අර ගත්තත් එක පාරක්වත් කියවන්න හිතෙන්නේ නැහැ මගදිම එපා වෙනවා. මන් ගාවත් එහෙම කියවපු නැති පොත් තියෙනවා. ඒත් මන් මේ කියන්න හදන්නේ ආයි ආයි කියවපු පොත් ගැන.

පොඩිම කාලේ ආයි ආයි කියවපු කතා පොතක් තමා "ලස්සන වසීලිස්සා" මේක නම් පොඩිම කාලෙ නෙමෙයි දැන් උනත් ආපහු කියවන්න ආසා හිතෙන පොතක්. කීය වසරෙද කියලා මතක නැහැ ඒත් ඉස්කොලේ සිංහල පොතක තිබ්බ දොන් පීටර් පියතුමාගේ "වනගත ලමෝ" පොතේ කොටසක් ඒක නිසා ගත්ත "වනගත ලමෝ" පොතත් කීප සැරයක්ම කියෙව්වා. එතුමාගේම "ඩිංකි", "පාළු දූපත", "අමල්ගේ බල්ලා" එකපාරකට වඩා කියවලා තියෙනවා. මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ "මඩොල් දූවත්" මන් හිතන්නේ පස් හය පාරක් කියවලා ඇති. කුලසේන ෆොන්සේකා මහත්මයා ලියපු "තුන් යහළු වික්‍රමය", "කල්ලන් දූවේ මුතු කොල්ලය" සහ "සෝමපුර වීරයෝ", තව ලිව්වේ කවුද කියලා මතක නැති "නෙල්ලි කැලේ වීරයෝ", "කඩවර" වගේ පොතුත් එකපරකට වඩා කියවලා තියෙනවා.

කලින් කිව්වේ ඉස්කොලේ යන කාලේ වගේ දෙපාරක් කියවපු පොත් ගැන. ඊට පස්සේ කාලේ ගත්ත පොත්වලින් චිත්තා ලක්ෂ්මී සිංහ ආරච්චි පරිවර්ථනය කරපු "අරණට පෙම් බැඳි" දෙතුන් පාරක් කියෙව්වා. සුනේත්‍රා රාජකරුණානයකගේ "ප්‍රේම පුරාණය" දෙපාරකටත් වඩා බලන්න ඇති. සරත්චන්ද්‍රයන්ගේ "මළ ගිය ඇත්තෝ", "මළ උන්ගේ අවුරුදු දා" දිනෙෂ් කොළඹගේ ගේ "සුළඟ වගේ ඇවිදින්", චන්දරසිරි දොඩංගොඩගේ "මගේ සඳ ඔබ" එඩ්වඩ් මල්ලවාරච්චිගේ "චාතුර්යා 1 " එක පාරකට වඩා කියවපු තවත් පොත්. සමහර පොත් වල මුළු පොතම නැතුව පොඩි පොඩි කෑලි ආපහු කියවනවා. සුජීව ප්‍රසන්න ආරච්චිගේ "බොඳ මීදුම් 1" පොතේ සමහර පිටු ආයි ආයි බැලුවා කියලා මට මතකයි

මෑත කාලේදි ගත්ත පොත් වලින් නම් දෙපාරක් කියවපු පොතක් නැති තරම්. මංජුල වෙඩිවර්ධනගේ "බත්තලංගුණ්ඩුව" ඇරෙන්න එහෙම දෙපාරක් කියවන්න ආස හිතෙන පොතක් ලඟදි නම් ගත්තේ නැහැ.

සේරම පොත් අතරින් මන් වැඩිම පාරක් කියවපු පොත තමා දිනේෂ් කොළඹගේ ගේ "සුලඟ වගේ ඇවිදින්" මේක නම් කීපාරක් කියෙව්වද මතක නැහැ.

එකපාරක් බැලුවට පස්සේ පොතක අවසානය ගැන තියෙන කුතුහලයනම් නැති වෙනවා ඒත් ආයි ආයි පොතක් බලන්නේ හිතෙන්නේ එහෙම ආයි ආයි කියවලත් ඒකෙන් අමුත් ගතියක් ලැබෙන නිසා කියලා මට නම් හිතෙන්නේ

පොත් වලට කැමති කට්ටිය අළුත් වැඩක් කරනව ඒකත් නිකන් ඉන්න වෙලාවක ගිහින් බලන්න.

අපේ අයියා කෙනෙක් හිටියා මකුළුවන්ට පුදුම බයක් අඟට එහෙම වැටුනොත් උඩ පැනලා දුවන්නේ. (මාත් එහෙම තමා ඒත් එචරම බය නැහැ)

අපි හිතන්නේ මිනිස්සු වැඩියෙන්ම බය සත්තු කියලා අලි කොටි වලස්සු නයි පොලොඟු කියලා ඒත් මන් නම් හිතන්නේ මිනිස්සු වැඩියෙන්ම බය මකුළුවෝ කැරපොත්තෝ වගේ උන්ට කියලා.

මන් දන්න විදිහටනම් ලංකාවේ ඉන්න මකුළුවෝ අතරින් ගොඩක් උන් කිසිම විසක් නැති උන් ඒත් ඉතින් මකුළුවෙක් දැක්ක ගමන් ඌට වැඩේ දෙන එක අපේ පුරුද්දක් වෙලා. මකුළුවෝ මරන්න ලේසිම ක්‍රමයක් තමා සබන් වතුර පොඩ්ඩක් දාන එක ඒත් මන් හිතන්නේ ඒක ඌට ඇසිඩ් ගහනවා වගේ පවුකාර වැඩක් ඒත් ඉතින් මම නම් වැඩියෙන්ම කරන්නේ ඒක තමා.

සමහර රටවල් වලනම් මිනිස්සු මකුළුවො කෑමට ගන්නවා ඒත් ඉතින් අපේ රටේ මකුළුවෝ කැරපොත්තෝ ගෝනුස්සෝ වගේ හොඳ ගුණ කෑම ජාති සේරම අත ඇරලනේ තියෙන්නේ.

ඇත්තටම අපි බය වෙලාඉන්නේ බය වෙන්න ඕනේ සත්තුන්ටද? අපිට වැඩියෙන්ම හානිකර කිසිම සතෙක් නැහැ මිනිහා කියන සතා තරම්. ලෝකෙම ගත්තත් සත්තු අතින් මැරෙන මිනිස්සු ගාන් මිනිස්සු අතින් මැරෙන මිනිස්සු ගාන එක්ක බැළුවම් නොසැලකිය හැකි තරම් පොඩියි කියලා මන් හිතන්නේ.

හරිනම් අපි උඩ පැනලා දුවන්න ඕනේ මකුළුවෙක් දැක්කම නෙමෙයි මිනිහෙක් දැක්කම කියලා තමා මටනම් හිතෙන්නේ

ඡායාරූපය මෙතනින්

මේ (late twenties) කතාව ගූගල් වල ගැහුවම මෙහෙම එකක් ආවා. ඔය ඉංගිරිස් ගැන නම් මට වැඩිය තේරුමක් නැහැ මන් මේ කියන්න හදන්නේ මන් දැන් ජීවත් වෙන අවදිය ගැන.

දැන් මන් ඉන්නේ ජීවිතේ තුන්වෙනි දශකයේ අන්තිම හරියේ ලබන අවුරුද්දේ හතරවෙනි දශකයත් උදා වෙනවා. හැබැයි මගේ මානසික තත්වයනම් තාම තියෙන්නේ දෙවෙනි දශකයේ මැද හරියේ වගේ. මේ ලඟදි කෙනෙක් කිව්වා විසි ගනන් ඉන්නකොට හිතෙන්නේ තාම ඉස්කෝලේ ගිහින් ඉවර උනා කියලා විතරයි වගේ කියලලු ඒත් තිහ උන ගමන් මතක් වෙනවලු දැන් වයසයි කියලා මොකෝ ඊලඟට එන්නේ 40 නිසා මාත් හිතන්නේ ඒ කතාව නම් ඇත්ත.

දැන් ඉතින් පිලිවෙලක් වෙන්න එහෙමත් නැත්නම් ස්වාධීන ජීවිතයක් ගතකරන්න සිද්ද වෙන කාලය උදා වේගන එනවා. තාමත් මන් මගේ ෆෝන් බිලයි, ADSL බිලයි ව්තරක් ගෙවනවා ඇරෙන්න ගෙදරට කියලා හාල් ඇටයක් වත් ගේන්නේ නැහැ. ඒත් ඉස්සරහට එන්නේ ලයිට් බිල් , වතුර බිල් , ෆෝන් බිල් එක්ක ගෙදරටත් විය හියදම් කරන්න වෙන කාලයක්. එච්චර වගකීම් සහිත ජීවිතයක් ගතකරන්න මම සූදානම්ද කියන එක නම් ගැටළුවක්.

අපොයි දෙයියනේ, පවුලක් පංසලක් වෙලා ගෙයක් දොරක් නඩත්තු කරගෙන, ඊට පස්සෙ තව ලමයි බමයිනුත් එකතු උනොත් මොන්ටිසෝරි, ඉස්කෝලේ, ටියුෂන් විස්ස විජ්ජාල්, පෙලවහක් කොරන්න අනේ මන්දා මේ ජීවිතය නම්......................

අනේ මොකට වයසට යනවද මන්දා............................

ඕන් ආයෙත් මගේ ප්‍රියතම මාසය උදාවෙලා. දෙසැම්බර් කියන්නේ ඉතින් මන් වැඩිපුරම බොන මාසය. ඉතින් කාලෙකට කලින් ලංකාවෙන් ගිය මගේ මචං ඕන් තව දවස් දෙක තුනකින් ආයි එනවලු. මන් මේ ඒක අහපු දවසේ ඉන්නදලා ඇඟිලි ගැන ගැන ඉන්නේ. ඇත්තම කියන්වනම් එයාලා මෙහෙන් ගිය දවසේ ඉඳන් අපි ප්ලෑන් කරන්නේ ආපහු ආපු දවස්ට සෙට් වෙන විදිහ ගැන.

ඔන්ලයින් ස්කයිප් එක හරහා බොන්න සෙට් වෙන්න හිතාගෙන හිටියත් ඒක උනේ නැහැ මේ වෙලාවේ වෙනස නිසා. මොකො රටවල් දෙක අතරේ තියෙන වෙනස නිසා එක්කෙනුට බොන්න වෙන්නේ අවේලාවේ . එක්කො මන් උදේ 7 ට 8 ට බොන්න ඕනේ එහෙම නැත්නම් එයා මහ රෑ බොන්න ඕනේ. ඒක නිසා ඒ වැඩේ කරන්න ලැබුනෙම නෑ.

අපි කොහේ හරි කෑමකට යනකොට නම් කියන්නේ කලින් දවසේ ඉඳන් නොකා ඉන්න කියලා ඒත් අපිනම් කතා උනේ නොවැම්බර් ඉඳලම ටික ටික බීලා දෙසැම්බර් බොන එකට අක්මාව පදම් කරගන්න ඕනේ කියලා මොකො නැනම අක්මාවට උනත් දෙසැම්බර් වල ලොකු ප්‍රමානයක් දරාගන්න බැරි වෙන නිසා.

මන් හිතන්නේ දැන් අවුරුදු 4 , 5 ක ඉඳලම අපි දෙන්නා දෙසැම්බර් 24 පටන් ගන්න බීම නවත්තන්නේ 26 රෑට (එක දිගට එහෙම නෙමෙයි දවල් රෑ දවල් රෑ ). ඉතින් මේ පාරත් ගානට නිවාඩු එහෙම සෙට් වෙලා තියෙනවා ඒ කටයුත්ත බාදාවක් නැතුව අපිට කරගෙන යන්න. ඉතින් හැමෝටම චියර්ස්ස්ස්ස්ස්............!!!!!!!!!

බලාපොරොත්තුව දෝත දරා
මම බලා ඉඳී අපි බොන තුරා...

ඉතින් ඕන් කලින් එක කෑම ගැන මේක බීම ගැන. මේක (In High Spirits) බලපු ගමන්, මට මන් හදන එකේ නිවේදිකාව හැටියට තෝර ගත්තේ මෙයාව. 100%ක් ම මගේ තේරිම හරි කියලා මට නම් විශ්වාසයි. ඒත් වැඩේ තියෙන්නේ මේකට නම් පිටපත ලියන්න අය හොයා ගන්න අමාරුයි අනික මේක අපේ රටේ පෙන්නන කොට තනිකරම පෙන්නන්න වෙන්නේ කොටු විතරයි ඒක නිසා වීඩියෝ එක ගැන නම් වද වෙන්න කිසිම දෙයක් නැහැ.

අනික් අය කන බොන වෙලාවට කෙල ගිල්ලම බඩේ අමාරුව හැදෙනවා කියන කතාව ඇත්ත නම් මන් Highway On My Plate සහ In High Spirits බලනකොට ගිලපු කෙල ටික ඇති මේවා ඉදිරිපත් කරන අයට ජීවිත කාලෙම බඩේ අමාරුව හැදිලා තියෙන්න.

කෑම ගැන කියන්න, ලියන්න අය හිටියට බීම හදන හැටි රසවිඳින හැටි ගැන ලියන්න අය හොයා ගන්න අමාරුයි. අරක්කුයි කොකා කෝලයි හරි සෝඩයි හරි කලවම් කරලා බොන්නනේ අපි ගොඩක් අය දන්නේ. ඕක බීල කඩල ඇටයක් කාලා දානවා මිසක් වෙන ඒකේ රසක් ගුණක් ගැන කියන්න මටනම් ඒ හැටි තේරුමක් නැහැ. වෙරිද නැද්ද කියලනම් ටික වෙලාවක් ගියාම කියන්න පුළුවන්.

මම මේක දැක්කේ නම් එක පාරයි එදා ගියේ වොඩ්කා වලින් හදන බීම ගැන. ඇත්තටම ඒක බීමක්ද කෑමක් ද මන්දා. තක්කාලි ජූස්, සෝස් තව මොනාද කොල ජාති, ඔය වගේ ජාති ගොඩක් දාලා අන්තිමට හැන්දෙන් කෑවේ. කොහොම උනත් මේක කරන්නත් ටිකක් අමාරුයි මොකෝ දෙතුන් ජාතියක් රස බැළුවට පස්සේ ඉදිරිපත් කරන කෙනා වෙරි වෙන නිසා.

මෙන්න මෙතනින් පුළුවන් In High Spirits එකේ වීඩියෝ ටිකක් බලන්න.

කාලෙකට පස්සේ, ඉස්සර වගේ බ්ලොග් ලියන්න ලොකු උනන්දුවක් දැන් නැහැ. මගෙ වැඩ හැම එකම ඔහොම තමා. මුලදි පුදුම උනන්දුවක් තියෙන්නේ පටන් අරන් ටික දවසකින් උනන්දුව කැලේ. හැබැයි බීම ඇරෙන්න.

පහුගිය දවසක බලන්න ලැබුන මේ වැඩසටහන (Highway On My Plate) බලද්දි මතක් උනේ ලඟදි කියවපු මේ ලිපියයි කාලෙකට කලින් කියවපු මේ ලිපියේ ප්‍රතිචාරයි තමා. දවස් දෙක තුනක්ම කන වෙලාවට කෑම එකත් අතේ තියාගෙන මේක බලන එක නියම වැඩක්.

Highway On My Plate වැඩසටහනේ ඉන්න නිවේදකයෝ දෙන්නා ඉන්දියාව පුරා තියෙන කෑම කඩවල් වලින් කන කෑම ගැන , කඩේ ගැන, කඩෙන් දෙන සේවය වගේ දෙවල් ගැන විස්තර තමා මේ වැඩ සටහනේ යන්නේ. බලා ඉන්නකොට කටට කෙල උනනවා. කාලෙකින් ලංකාවේ රූපවාහිනී චැනල් එකක් බලපු නැති නිසා මේ වගේ එකක් අපෙ රටේ රූපවාහිනී චැනල් වල යන්වද කියලා නම් මන් දන්නේ නැහැ. ඒත් මෙහෙත් කරන්න බැරි එකක් නම් නෙමෙයි. ඉන්දියාව කියන්නේ ලොකු රටක් වෙනස් ප්‍රන්ත වල ඒවාට ආවේනික උන විවිධ කෑම වර්ග තියෙනවා. අපේ රට එච්චරම ලොකු නැතත් අපෙ පළාත් වලත් විවිධ කෑම ජාති තියෙනවානේ.

මේකේ මන් බලපු ගොඩක් ඒවාගේ පෙන්නුවේ පාර අයිනේ තියෙන පොඩි පොඩි කඩවල් වල කෑම. ඒවායේ ගනනුත් දානවා එච්චරම ලොකු ගනන් ඒවාත් නැහැ. එක තැනකදි කියනවා කෑමක් ඉස්තරම් වෙන්න නම් ඒකේ මිල ඉහළ වෙන්න ඕනේ නැහැ කියලා. ඒක නම් ඇත්ත.

ඉතින් මේ වගේ වැඩසටහනක් මටත් කරන්න ආස හිතුනා. මට වැඩසටහන ඉදිරිපත් කරන්න දෙන්නෙක් නම් හම්බ උනා මේ ඉන්නේ මෙයයි මෙයයි පිටපත ලියන එකත් මේ අයම හොඳට කරයි . ප්‍රශ්නෙකට තියෙන්නේ කන කෑම වලට ගෙවන්නේ කව්ද කියන එක තමා. මොකො ඉතින් කොච්චර කයිද කියලා දන්නේ නැහැනේ....

මෙන්න මෙතනින් පුළුවන් Highway On My Plate එකේ වීඩියෝ ටිකක් බලන්න.

Bloggers.com - Meet Millions of Bloggers