වසරක මතකයන්

Written by ම on Wednesday, September 9, 2009 at 6:00 AM

ඉතින් ඔන්න මාත් අවුරුද්දක්ම බ්ලොග් ලීවා ආරම්භය ගැන නම් මට හරියටම මතක නැහැ ඒත් මතක හැටියට ඒක උනේ මෙහෙමයි .

දවසක් මගෙ යාලුවෙක් ගූගල් චැට් එකේ සිංහලෙන් දැම්මා මන් හිතුවේ සිංහල ෆොන්ට් වලින් දැම්ම කියල මාත් කැරැක්ටර් මැප් එකෙන් කොටලා දැම්මා, මෙන්න බොලේ එනවා සලකුණු ගොඩක් ඔන්න ඒ වෙලාවේ අරූගෙන් හූ පාරකුත් කාල කරන හැටි අහගත්තා ඒ පාර තමා මේක දුන්නේ. එදා ඉඳලා මන් ලියපු හැම සිංහල යුනිකෝඩ් අකුරක්ම ලිව්වේ මේකේ පිහිටෙන් තමා.

ඔය අස්සේ ඉතින් දැන් ඕකෙන් සිංහල ගගහා ඉන්නකොට මේ වගේ වැඩක් කරන්න ගිහින් කොහෙමෙන් හරි ගියා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට. ඕකේ ඒවත් බල බල ඉන්නකොට මට හරියටම මතක නැහැ කොහොම හරි මලීගේ තොසේ කතාවත් දැක්කා. ඒක තම මටනම් මතක විදිහට මන් දැකපු මුල්ම සිංහල බ්ලොග් ලිපිය ඒකට තමා මන් මුලින්ම කමෙන්ට් එකකුත් දැම්මේ. මන් මේ කියන්නේ අවුරුද්දකට විතර කලින් උන දේවල් ඒක නිසා හරියටම මතක නම් නැහැ ඕන්. ඒ දවස් වලම වගේ ඉඳන් දැන් වැඩිය ලියන්නේ නැති හරේ ගේ ජීවත් වෙනකොට බ්ලොග් එකෙත් සැරි සැරුවා.

මේවා දැකලා තමා මට සිංහල යුනිකෝඩ් බ්ලොග් එකක් ලියන්න හිතුනේ. ඊට කලින් සිංහලෙන් ටයිප් කරලා ඉමේජ් හදලා බ්ලොග් එකක් කලා. ඉංග්‍රිසි බැරි උනත් බැරි මරගාතේ ඉංග්‍රීසි එකක් කරන්නත් හැදුවා ගූගල් සල්ලි හොයන්න ඒත් මේක විතරයි මට හරියට කරගන්න පුළුවන් උනේ සහ ආසාවක් ඇති උනේ.

වැඩිපුරම මන් අතින් ලියැවෙන්නේ අරක්කු (ගූගල් වල මගේ අනන්‍යතාවයත් මේක තමයි) ගැන ඒ ඇරෙන්න ගංජා වගේ සමාජයේ නරක යැයි කියවෙන දේවල් ගැන (දැන්නම් වැඩිය බීම ගැන ලියන්න බැහැ බලධාරියා විසින් දෝෂාරෝපනය කරන නිසා ) ඒක නිසාම මම මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට දාලා නැහැ ඒත් කොත්තුවට නම් දැම්මා. සිංහල බ්ලොග් කියවනයට හැම වයසකම අය එන නිසා ඒකට එන අයට මන් ලියන ඒවා නරක් වෙන්න පුළුවන් උනාට (එහෙම කවුරුත් කිව්වේ නැහැ මන් හිතුවා මිසක්) කොත්තුවට ඒක එච්චර ගැටළුවක් නැහැ කියලා මන් හිතන නිසා ඒකට දැම්මේ.

මේකේ නම ගැනත් කියන්න ඕනේ. කොහොමත් මන් වැඩිය ජීවත් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි මන් කැමති මාව මැරෙනවනම් ඒක නිසා මන් කැමතිම දේ නිසා මන් මේකට මගේ මරණය කියලා දැම්ම. මේ නමට නම් මන් හරිම ආසයි.

සිංහල බ්ලොග් ප්‍රචලිත කරන්න සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයෙන් නම් ලොකු මෙහෙයක් සිද්ධ වෙනවා. සමහරු ඒකට මොන විදිහේ චෝදනා කලත්. සිංහල බ්ලොග් අවකාශයතුල හැමෝම එක්ක හොඳින් ඉන්න ඕනේ නිසා මන් අකමැති දේවල් ලියන බ්ලොග් අඩවි වලට මන් නොගිහින් ඉන්නවා මිසක් ඒවාට ගිහින් ලියන අයට බැනලා එන එකනම් මන් කිසිම වෙලාවක කරන්නේ නැහැ.(ෂේප් න්‍යයාය ). හැමෝම තමන්ට කැමත් දේවල් ලියයි අපිට අනුමත කරන්න බැරි උනත් ඒ ලියන කෙනාගේ සතුටට බාධා කරන්න හොඳ නැහැනේ. මොකො මන් මගේ බ්ලොග් එකේ ලියන එකෙන් ලොකු සතුටක් ලබන නිසා.

මේක වෙන්න ඔනේ මන් ලියපු දිගම ලිපිය. කොහොමත් ලිපි පුළුවන් තරම් කෙටියෙන් තමා මන් ලියන්නේ, මාත් දිග ලිපි කියවන්න එච්චරම කැමති නැති නිසා තමා එහෙම කරන්නේ. ඉතින් වෙන මගේ බ්ලොග් කෙරුවාව ගැන ලියන්න තියෙන්නේ, මට දිගටම ලියන්න හිතුනේ මගේ බ්ලොග් එක බලලා කමෙන්ට් දාන අය නිසාම තමයි නැත්නම් ඉතින් ලියවෙන්නේ නැහැ. මට බැනලා නම් කවුරුත් දාල නැහැ. මට කමෙන්ට් අයින් කරන්න නම් සිද්ධ වෙලා නැහැ තාම නම්.

ඉතින් මාත් එක්ක හිටපු හැමෝටම බොහෝම ස්තූතියි!!!

චියර්ස්ස්ස්ස්ස්ස්....!!!!

30 Responses to "වසරක මතකයන්"

Comment by දිසා
September 9, 2009 8:45 AM #  

මචන් මම මුලින්ම උබට මෙ බ්ලෝග් එක තව බොහෝ කල් කරගන යන්න ලැබෙවා! කියලා සුබ පතනවා .මම දකින විදියට උබ මෙ අවුරුද්දට ගොඩක් දියුණ තියුණු වෙලා තියනවා මරණයෙ ඇති වැදගත්ම දෙ තමයි අප්පිරියාවක් කම්මැලිකමක් නැතුව ආතල් එතේ කියවන්න හැකිවිම අනික උබ මෙක සින්ඩියට දානවානම් හොදයි

උබට ජය හා සතුට !

Comment by පොතේ ගුරා
September 9, 2009 8:46 AM #  

ෂා..අවුරුද්දක්ම ලියල නේද..සෙල්ලම් නෑ! තව කල්ප කාලාන්ත‍්රයක්ම ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව! :P :D

Comment by දුකා
September 9, 2009 9:36 AM #  

digatama liyapan . . . ! jaya weawaa. . . .!

Comment by neon
September 9, 2009 10:20 AM #  

ජයවේවා !

Comment by Thilina
September 9, 2009 11:08 AM #  

එළ එළ. දිගටම ලියන්න. අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක්, අවුරුද්දක් දිගටම ලියාගෙන ආවා කියන්නේ මැක්සා. අරක්කු ගැන තව විස්තර කියලා අපිව දැනුවත් කරන්න ශක්තිය ධෛර්යය ලැ‍බේවා. ජය.

Comment by Charith Weerakkody
September 9, 2009 5:15 PM #  

මාත් හරිම ආසාවෙන් කියවන බ්ලොග් එකක් මේක.මගෙ බ්ලොග් එකටත් දැන් අවුරුද්දක් වෙන්න ලගයි..:)

තව ගොඩක් කාලයක් බ්ලොග් එක ලියන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!!

Comment by
September 9, 2009 7:30 PM #  

හැමෝටම ගොඩක් ස්තූතියි ඉතින්
කොහොම උනත් මගේ මරණය හම්බ වෙනකම් ඉඳලා හිටලා හරි ලියනවා.
චියර්ස්ස්ස්ස්ස්....!!!

Comment by Supun Sudaraka
September 9, 2009 8:14 PM #  

ආ.... එහෙනං මරණයටත් සුබ උපන්දිනයක් වේවා! :) එළ එළ දිගටම ලියමු!

Comment by chamila_dealwis
September 9, 2009 9:24 PM #  

මචන් මේක පට්ට සීන් එක. උඹයි මමයි එකම දවසේ මේ කෙරුවාවට බැහැලා තියෙන්නේ. තව අවුරුද්දකිනුත් මේ විදියෙම සටහනක් ලියමු. සුබ උපන්දිනයක් "මගේ මරණයට"

චියර්ස්ස්

Comment by
September 9, 2009 9:31 PM #  

චමිල
ඔව් බන් සිරාවට
:-D
චියර්ස්.. චියර්ස්..


September 9, 2009 10:35 PM #  

ෂුහ්... නියමයි ඈ... මට නම් මගේ උපන්දිනේ කරන්න වුනේ නෑ. කොහොමත් දැන් මට ලියන්න බඩු නෑ. තියෙන වෙලාවට වෙලාව නෑ. කොහොම හරි ඉතිං හිතෙන දේවල් හැමදාම රෑ දෙගොඩහරියක් වෙනකල් ෆෝන් එකට දොඩවල එතනින් තෘප්තිමත් වෙනව.

සුභපැතුම් මචං. පොත් ප්‍රදර්ශනේ 19 පටන්ගන්නවා. අපි 19 හෝ 20 තමයි යන්නේ... ;)

Comment by .::පිස්සා::.
September 10, 2009 12:06 AM #  

එළ එළ.... දිගටම ලියහං මචං....

Comment by -බිன்ku-
September 10, 2009 1:59 AM #  

සුභ උපන්දිනයක් වේවා මචෝ, දිගට දිගටම ලියපං මචෝ. ජය ශ්‍රි!

Comment by නලින් (Boman)
September 10, 2009 10:58 AM #  

මමත් පුලුවන් හැම වෙලේම ගොඩවදින බ්ලොග් එකක්. ස්තූතියි මචන් අපි ආසාවෙන් කියවපු සටහන් වලට. ජයවේවා ඇන්ඩ් චියර්ස්!!!

Comment by The Chinthaka
September 10, 2009 11:27 AM #  

ඕං එහෙනං ඈ...

Comment by ආගන්තුකයා
September 10, 2009 5:15 PM #  

හහ් හහ් හා.. එහෙනම් මෙන්න මගෙනුත් සුබක්.. මමත් අනිවා ඇවිත් යන මුලින්ම බලන්න ගත්ත බ්ලොග් එකක් තමා. ගහමු අඩියක්..

Comment by ගෝමස්
September 10, 2009 5:40 PM #  

මගේ පලවෙනි ෆලෝවර්.. සුබ පතනවට වඩා දිගට ලියන්න කියලා ඉල්ලන එක හොඳයි වගේ.. මම නම් පරක්කු වෙලා හරි කියවනවා..

Comment by angel
September 10, 2009 6:49 PM #  

සුබ උපන් දිනයක් වේවා...!!! මම ගොඩක් ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි මෙක... මගෙත් පලවෙනි ෆලොවෙර් ඔබතුමා තමයි ඉතින්... මගේ බ්ලොග් එකේ මුල්ම comment එක දැම්මෙත් ඔබතුමා තමයි... ජයවේවා...!!!

Comment by Prabath
September 10, 2009 9:32 PM #  

නියමයි තව තවත් ලියන්න හැකිවේවා

Comment by chathuraw
September 11, 2009 12:18 AM #  

ටික දවසකින් බ්ලොග් කියවන්න වුනේ නැති හින්දා මම පරක්කුයි වගේ... ඒ උනාට ඉතිං මරණයට චියර්ස් පාරක් නොදා බෑනේ... තවත් ‍හොඳට ගොඩක් කල් ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... චියර්ස්!!!! :)

Comment by
September 11, 2009 8:30 PM #  

හැමෝටම බොහෝම ස්තූතියි

Comment by malee_msg
September 14, 2009 12:39 PM #  

මගේ බ්ලොග් උඵන්දිනයට ‍මටත් කලින් විෂ් කලේ මරේ ඔයා.. ඒත් සොරි මචෝ මට ඒ දේ කරන්න බැරි උනා... බට් විෂ් යුවර් බ්ලොග් අ හැපී බර්ත් ඩේ..! හික් හික්.. මම හැමවෙලේම හරිම ආසාවෙන් කියවන බ්ලොග් එකක්..!!! මට කවදාවත් මේක අස්සේ නොගැලපෙන දේවල් පෙනිලා නෑ,. බ්ලොග් සින්ඩියට මේක නොයන එකම මේක විශේෂත්වයක් වෙන්න ඇති.. කොහොම උනත් දිගටම ලියන්න සුභ පැතුම්!!!!

Comment by සරදියල්
September 15, 2009 9:58 PM #  

අහා කොලුවෝ මාත් බ්ලොග් ලියන්න කලින් ඉදන්ම බලපු බ්ලොගක් මේක. කොමෙන්ට්නම් මචෝ නොලියවෙන්න ඇති. මම් පොඩ්ඩක් වැඩ අදික බුවෙක්නේ.. එල එල. දිගටම යන්කො.. ගම්පහ කොල්ලෙක්නේ....

Comment by මුචලින්ද
September 17, 2009 8:38 AM #  
This post has been removed by the author.
Comment by මුචලින්ද
September 17, 2009 8:38 AM #  

me dawas wala computer eka kadila nisa hadissiyata thamai comment danneth.ithin sinhalen kotanna wela na.monawa unath ubata thawath awurudu gaanak blog maranayakin thorawa idiriyata yanna suba pathanawa.

meeta sadaadaraneeya mucha...

Comment by ම.ම.ගි
September 18, 2009 3:31 PM #  

ඔන්න එහෙනම් මාත් සුභ පැතුවා කොල්ලො!

චියර්ර්ර්ර් ස්ස්.....ආ!

වන් ටුවෙන්ටියට වන් ‍ෆි‍ෆ්ටියක් ආ‍යුබෝවේවා!

Comment by janakanuwan
October 4, 2009 10:09 PM #  

දිගටම ලියපන් මචං. මම ලගදි බ්ලොග් වලට සෙට් උනෙ . මට එච්චර ලියන්න බරි උනාට මම ආසයි කියවන්න. උබලගෙන් ගොඩාක් දෙවල් තියෙනවා ඉගෙන ගන්න.

Comment by chaturi
October 5, 2009 7:58 PM #  

"මගේ මරණය" දැක්ක ගමන් හිත ගිය බ්ලොගය. මම කියවපු මුල්ම බ්ලොගය. මම මැරෙනකන් මේක කියවන්න ආසයි. "මරණය" ඔබ අමරණීයයි.

Comment by පහන්
October 18, 2009 8:24 PM #  

පරක්කු වෙලා හරි මෙන්න මගේ සුභ පැතුම්!!!
මම නං බොන්නෙ නෑ. ඒත් මේ බ්ලොග් එක නං කියවනවා :D

Comment by ඉන්දරේ
October 29, 2009 3:41 PM #  

ලිපිය දැක්කෙ නං පරක්කු වෙලා. හේතුව ඉතින් මේක සින්ඩියේ නැති වීමත් මම කොත්තුවට යන්නේ කලාතුරකින් වීමත් නිසා තමා.

එහෙනම් මෙන්න අපෙනුත් සුබ පැතුම්, වසරක මතකයන් වෙනුවෙන් !

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates