මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මන් කතා බහ කරන්න ආසම මාතෘකා දෙකක් තියෙනවා එකක් තමා බීම අනික තමා පොත්. ඔය දෙකටම මන් හරිම ආසයි. බීම බොන්න, ඒවා ගැන කියවන්න, බීම ගැන යන වැඩසටහන් බලන්න, හදන හැටි දැනගන්න. බීම එක්ක අත්හදා බැලීම් කරන්නත් කොටින්න්ම බීම සම්බන්ද හැම දේටම මන් කැමතියි. ඉතින් බීම ගැන මගේ බ්ලොග් එකේ ලියන්නත් මන් කැමතියි.පොත් ගැනත් එහෙමයි.

මන් බීම ගැන ලියන්නේ මේ බ්ලොග් එකෙයි කමු බොමු එකෙයි විතරයි වෙන කොහෙවත් බීම ගැන එහෙමට ලියන්නේ නැහැ අනික මන් ලියන එවා කාටවත් කියවන්න බලකරන්නේ නැහැ. ලංකාවේ එෆ් එම් නාලිකා වගේ කාටවත් බලෙන් අහන්න සලස්සලත් නැහැ. කැමති නම් කියවන්න නැත්නම් Close Button  එක Click කරලා වෙබ් පිටුව වහලා දාන්න.

මන් ලියන ඒවා කියවලා කවුරුත් බීමට ඇබ්බැහි වෙන්නේ නැති බවනම් මට විශ්වාසයි. බීම ගැන ලියන්න තහනම්ද මන් දන්නේ නැහැ විකුනන්න හදන්න හොඳ දෙයක් ගැන ලියන්න සමහරවිට තහනම් ඇති. ඒත් මට මන් ආසදේ ගැන ලියන්න ඕනේ. මන් කාටවත් බොන්න නම් කියන්නේ නැහැ. මොකද අපිටත් මදි වෙන එක තවත් කෙනෙක් එකතු කරගෙන බෙදාගන්න මන් කැමති නැති නිසා.

මට මගේ ජීවිතේ හම්බ උන අනික් අයට අංචි අදින, උගුල් අටෝන, ඊරිසියා කරන , කමකට නැති ගොඩක් අය හතර පෝයට සිල් ගන්න අරක්කු බිංදුවක් කටේ තියන්නේ නැති අය හැබැයි මට හමබ උන බේබද්දෝ ගොඩක් දෙනා තමන්ට පුළුවන් උපරිමෙන් හිත හොඳ මිනිස්සු. නරක බේබද්දෝ නැත්තේමත් නැහැ ඒත් සාපේක්ෂව බොන අය හොඳයි.

මන් ලියන ඒවා දිරවන්නේ නැත්නම් මගේ බ්ලොග් එකට නාවට මට කිසිම ගැටළුවක් නැහැ. එකම එක මවුස් ක්ලික් එකකින් එහෙම අකමැති කෙනෙක්ට මෙතනින් ඉවත් වෙන්න පුළුවන් ඉතින් එහෙම කරන්නේ නැතුව මාව හදන්න එන්න එක තේරුමක් තියේවිද මන්දා.

අපේ තාත්තගේ පැත්තේ ඉන්නවා හොඳටම බොන නෑයෝ. බීලා බිලා නැති වෙච්ච අය ඉන්නවා. අම්මලාගේ පැත්තේ ඉන්නේ සේරම ගානට බොන අය ඉතින් අමුතුවෙන් බොන එකේ පල විපාක මට කවුරුත් කියන්න ඕනේ නැහැ මන් ඒවා ඇස් පනාපිටම දැකලා තියෙනවා. කොච්චරද කියන්වනම් මේ ලඟදි අපි බයිට් ගන්න කඩේ මුදලාලිත් බීලම මලා. කුණු වෙන්න බොන මිනිස්සු ඉක්මනට මැරෙනවා කියලා මන් දන්නවා. ඒත් වෙනස තියෙන්නේ මන් බීම ගැන ලිව්වට  එහෙම කුණු වෙන්න බොන්නේ නැති එකයි.

මන් පන්සිල් ගන්නේ නම් නැහැ ඒත් සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමනී සික්ඛාපදන් සමාදියාමී කියන එක දන්නවා (ගාථාව හරිද මන්දා ). මද පමනින් ගැනීම වේ රමනී කියන විතරක්ම එක තේරුම හැටියට මන් ගන්නේ නැහැ. මේ සිල් පදය තුල අනික් ඒවාට වඩා වෙනසක් තියෙනවලු ඒක තමා ක්‍රියාව සහ ප්‍රථිපලය යන දෙකම මේකේ තියෙන එක.

සුරාව- පැසවූ මත්පැන් මන් හිතන්නේ අරක්කු වගේ ඒවා
මේරය -  පදම් නොකල මත් පැන් - රා වගේ ඒවා වෙන්න ඕනේ.
මත් වීම - සිහිය විකල් වෙන
පමාව -  ප්‍රමාදයට හේතු වෙන - මේකනම් මන් හරියටම දන්නේ නැහැ මන් හිතන්නේ නිවනට පමා වෙන. කෙනෙක් හැම වෙලේම සිහියෙන් ඉන්නේ නැත්නම් ඒක නිවනට පමා වීමක් කියන එක කියලා මන් හිතන්නේ.
උපුටා ගැනීම බුදුමග (31/12/2009 - 18 පිටුව )

ඔය නොබොන අයගෙන් කීයෙන් කී දෙනාද සිහියෙන් ඉන්නේ? මත් නොවී ඉන්නේ , අඩුම ගානේ මත් වෙන්න දෙයක් නැත්නම් ටීවී එකේ යන මෙගා නාට්ටියකින් හරි මත් වෙලා ඉන්නේ ඉතින් මටනම් බොන නොබොන දෙගොල්ලොම එකයි.
(මගේ ධර්මයේ දැනුම පරීක්ෂා කරන්න හදන්න නම් එපා මන් දන්න තරමින් කියන්නේ කොහොමත් මේක බීම ගැන ලියන බ්ලොග් එකක් මිසක් බුද්ධාගම ගැන ලියන එකක් නෙමෙයිනේ)

සුරාව ගැන වගේම එකේ ආදීනව ගැනත් මන් ලියලා තියෙනවා මේකත් බලන්න.

මන් දිගටම මන් කැමති දේ ගැන ලියනවා මොකද අඩුම ගානේ මට මගේ බ්ලොග් එකේවත් මන් ආස දේ ගැන ලියන්න ඕනේ.

23 අදහස්:

ඉතිං ලියහන් බං.. උඹ කරන දේ කියන දේ හා කන බොන‍ දේ ගැන උඹ දන්නවා නම් අනිත් එවුන් මොන බයිලේ ගැහුවත් උඹට මොකෝ..? ඇගේ ඇලෙන එකක් යෑ..!

සුපිරිම සුපිරි! මචෝ.. ආයෙ අති විශේෂයි.

බීම ගෑවුණ ගමන් ඒ මනුස්සය ගැන වැරදි චිත්‍ර හදාගන්න එවුන් තමයි ගොඩක් ඉන්නෙ. හරියට බීම කියන්නෙ මිනිහෙක්ගෙ එකම වරද වගේ. උන්ගෙන් ඇත්තටම උන්ටවත් වැඩක් නෑ.

උඹ කරන දේවල් ඒ නිසා වෙනස් කරගන්න ඕන නෑ. එහෙම කරන්න පුළුවන් කියල හිතන අය ඉන්නවනම් මට උන් ගැන දුකයි. හැමදේම පමණ දැනගෙන කරන එක තම තමන්ගෙ වගකීම. ඒක පිටින් ඉන්න අයට තීරණය කරන්න බෑ.

ආහ්.. පොලිසියෙන් පැන්නද? බණ කියලා තියෙන්නේ කොහෙද බන්, අපිටත් කියපන්කො.

කොහොමත් කාලෙකට කලින් සිගරට් ගැනත් ඔය වගේම ගොන් ආතල් දෙන්න පටන් අරන් තියෙනවා කවුද මන්ද අපතයො ටිකක්. පස්සේ සින්දුව අනිත් අයට ගැලපෙන්නේ නෑ කියලා තේරුනාට පස්සෙ සද්ද නැතුව ලිස්සලා ගිහින්. දැන් ඔය ඉඳලා හිටලා එක එක දේවල් අස්සට ඔළුව දාන්න ඇවිත් බෙල්ල නොකපාගෙන ෂේප් වෙලා යනවා.

එක දෙයයි කියන්න තියෙන්නේ..

කැමති නැත්තන් අහවල් මගුලකට ද බලන්න එන්නේ?

මේ හාල්පාරුවොන්ගේ හිතේ බ්ලොග් වලින් බණ කියලා ධර්ම රාජ්‍යයට හබල් ගාන්න.

මචන් අපේ නිදහස පාලනය කරන්න කවරැහරි හිතනවනම් එක මෝඩ වැඩක්! මොකද කාටවත් බෑ අපිට අපිව නැති කරන්න..ඒ නිසා කවුරු මොනව කිව්වත් උඹ ලියපන්! අපි බලනවා..මේ web අවකාශයවත් අපේ නිදහස අපි ගන්න ඔනේ..

ඒක නෙමේ මම මේ බල ඉන්නේ දුම් බීම ගෑනත් වෙනස් විදිකහ දෙවල් කියවන්න..ඒ නිසා අපි කමු බොමු..ලියමු..

අයියෝ මරේ, ඇයි අද නිකං අමුතු කතාවක් ලියලා තියෙන්නේ.. බොන්නේ උඹේ සල්ලි වලින් නම්, බොන ප්‍රමානය ගැන උඹ දන්නවා නම්, ඇයි මේ හරක් කතා අහන්නේ.. උඹ උඹමනේ මචෝ.. ගණං ගන්න එපා ඕවා..

හපොයි සහෝ...ඕවා ගණන් ගනන් දෙයක් නෑ..

ඔයා කැමති දෙයක් නෙ ඔයා "ඔයාගේ " බ්ලොග් එකේ ලියන්නේ..අනිත් අය කැමති ඒවා ලියලා වැඩක් නෑනේ..


ඔයා ලියන ඒවා ආසාවෙන් කියවන්න ඕන තරම් අය ඉන්නවා..ඔන්න ඔහේ ඕවා අතෑරලා දාන්න සහෝ.....චියර්ස්

මොකද මේ පොඩි ළමෙක් වෙලා.

ඔයා මේ එක එක්කෙනාගෙ කතා අහල නොලියා ඉන්න එපා. ඒ අයට එයාලගෙ නොදැනුවත්කම ප්‍රදර්ශනය කරන එක නතර කරන්න ඕනෙ උනාම කරයි. මේ වගේ පිස්සෝ කියන ඒව ගනන් ගන්න එපා මරේ. මේ අපි ඉන්නේ කියවන්න ඔයා ලියන දේවල්. ගල් ගැන මම ඉගෙනගත්තෙත් ඔයාගෙන් කොයිතරම් කියනවා නම්. තව මට ඔයාගෙන් බීම ඉගෙනගන්න තියෙනවා. ඒක හින්දා මේක නතර කරන්න හෙම ලෑස්ති වෙන්න නම් එපා. ඔන්න අපි බලාන ඉන්නවා ඔයාගේ අලුත් බ්ලොග් එකක් එනකල්

@ බුරු - අඩේ උඹ මටද බැන්නේ????? හෙ හේ,,
නිකං පිස්සොන්ට අපහාස කරන්න එපා...

මේ ලෝකේ වැඩිපුර කනබෙන මිනිස්සු කියවන්නෙ නැත..නොදන්න ලබ්බවල් නොකරපු ලබ්බවල් රසකර කර කියනකොට හානිය වැඩිය..
මම උඹ බේබද්දෙක් නොවන බව දනිමි..
නමුත් මම බේබද්දෙකි..මම බොන්නෙ ආතල් ගන්න විදින්න නොව ඇගේ මහන්සියටය නින්දයන්නෙ නැති නිසාය මට තියන ප්‍රශ්න මට විසදගන්න බැරි නිසාය..සුදු පැත්තෙ ඉදන් කළු පැත්ත වර්නනා කිරීම අමුතුම ෆන් එකකි..

(ඒ මම කියපු කතාවක් නොව මගේ මිතුරකු කියපු කතාවකි..)

ආරි..

උඹ අවුල් ගන්නෙ නැතුව දිගටම ලියපන්...

බොන උන් ගොඩක් අවංකයි කියන කතාවනම් සහතික ඇත්ත මචන්...හිතේ හිරකරගෙන වදවෙන කොච්චර දේවල් අපි බොන්න සෙට්වුනාම කියනවද?
ඒත් මටනම් මල පනින දෙයක් තියෙනවා. බොන උන් එක්ක සෙට් වෙන කාබයිට්ල(බයිට් කකා ඉන්න උන්) පස්සෙ කියන කතා තමයි ඒ.මූ මෙහෙම කිව්ව මෙහෙම කලා කිය කිය අනිත් උන් එක්ක කියවද්දි හොම්බ රිවට් වෙන්න දෙන්න හිතෙනව. බොන්නෙත් නැතුව බොන තැන්වලට සෙට් වෙනවනම් කටයි ....යි වහගෙන ඉන්න ඕනෙනෙ. අපි ආතල් එකක් ගන්න එකට උන් හිතන්නෙ මේ බීල හොඳටම වැඩි වෙලා පිස්සු කෙලිනව කියල. උන්ටත් බොන්න කියල නෙමෙයි මම කියන්නෙ. නොදන්න මඟුල් කියවන්නෙ නැතුව ඉන්න කියලයි කියන්නෙ...

ඒකත් හැබෑව නේ.
දන්නැති දේවල් ගැන ලියන එකත් වැරදියි, බාගෙට දන්න දේවල් ගැන ලියන එක ඊටත් වඩා වැරදියී තමා.

කියලා වැඩක් නැහැ. ඇවිල්ල බයිට් එකත් ඉවර කරලා, තව කියවන්නත් එනවා. අපි නම් ඕකට හොඳ වැඩක් කරනවා. ආවෝත් බිව්වා නැතා සල්ලි ගන්නවා එතකොට නොබොන උන් වැඩිය එන්නේ නැහැ අතින් කයිට් නිසා

@indik, Well said.

මචන් මරණේ, මුල ඉඳන්ම මම අරක්කු, බීයර් නොබිව්වට ඒවාට ඇකැමති වුණාට මම කාටවත් ඒක එපා කියලා නෑ, කියන්නෙත් නෑ. මුලදී දුම්බීමට විරුද්ධ වුණත් දැන් ඒ ඒ අයගේ අයිතියට ගරු කරනවා නුත්වන පාර්ශ්චකට කරදරයක් නැතිතාක්. වොඩ්කා, ෂැම්පෙන්, විස්කි බිව්ව‍ට පරණ අවුරුද්ද අන්තිමේදී හොඳ හැටි බෝතල් දෙකක් බීලා මායි තව යෙහෙලියෙකුයි දෙන්නම කැමැත්තෙන් බොන ඒක නැවැත්තුවා, ඒ අපි අපේම තිබුණ වෙනස් හේතු දෙකක් නිසා. දැන් වයින් හැරෙන්න කිසිවක් නෑ.

මචන්, ඔය සින්හල බවුද්දකාරයෝ කියන දේ ගණං ගන්න එපා බන්. නියම සිංහල බෞද්ධයා ඔය වගේ ‍කතා කින්න එනේ නෑ මචං, එහෙම කරන අය කරන්නේ නිකං උන්ගේ වැරදි පීඩනය වහන්න වගේ තමා.

උඹේ හිත රිදිලද කොල්ලෝ. .. . මට ත් ටිකක් අප්සෙට් වගේ . . මාත් එක එක ජාතියෙ කමෙන්ට්ස් දැම්මනේ . .. උබව හදන්න නෙමෙයි මම නම් ඒව දැම්මෙ . . .නිකං ජොලියට . .. උඹව වෙනස් කරන්න ගියොත් අපරදී උඹෙන් වැඩක් නැති වෙයි . . හික් හික්. . . උඹ උඹම වෙලා උඹට කැමති දේවල් ලියපන් බං . . . මම නම් ආසයි උඹ ලියන ඒව බලන්න . ..

අපොයි නැහැ දුකා, එහෙම වෙනවද ඔයාලගේ කමෙන්ට් වලට

තමං හිතන විදියට, තමං දකින විදියට අනිත් එකා හිතන්න, දකින්න ඕනය කියලා - කොටින්ම තමන්ට හරිය කියල හිතෙන විදියට අනිත් එකා වැඩ කරන්න ඕනය කියලා හිතන එවුංගෙං මේ රට වැහිලා.

තම තමන්ට වෙන වෙනම මොළයක් පිහිටල තියෙන්නෙ තමන් කල්පනා කරලා වැඩ කරන්නයි කියලා මුං තේරුං ගන්නේ නෑ.

තව එකෙක්ගේ වැඩ නිසා තමංට යම් අපහසුවක් සිද්ධ වෙන්නේ නැත්තං ඒ යකා මොකක් කරගත්තම උන්ට මොකෝ?

අවුල වෙලා තියෙන්නෙ අපේ සින්හල බවුද්ද සංගෙලා ප්‍රමුඛ අන්ධයොන්ට ඕන වෙලා තියෙන්නෙ මේක පරමාදර්ශී ලෝකෙන් උතුම් රට කරන්න නෙව!

ගණන් ගන්න එපා මරේ, ඕක බීමට වගේම තව ගොඩක් දේවල් වලට සාධාරණයි.

උඹ ලියන ඒවා කියෝලා වෙන එකෙක්ට බොන්න හිතෙනවා නං, ඒක උගේ වැඩක්. ව්‍යංඝාර්තෙන් නැතිව බොලා සේරම බීපල්ලා කියලා උඹ කීවත් මොකෙක් හරි ඒක කරනවා හෝ නොකරනවා උගේ වැඩක්.

මටත් දැං මේ සිස්ටම් එක එපා...ආ වෙලා තියෙන්නෙ!

ෂිශ්... දෙකක් දාලම එන්නෝනෙ හරිහමං කමෙන්ට් එකක් දාන්න.

Änthräx, LMfAO niyama comment eka.

Buddhajeewa, extractly bro!

මාරය මොකෝ?

කවුරු හරි බොන්න එපා කියලවත් කිවුවද? :O

මුහුණු පොතෙත් විනෝදාශය කියලා දාලා තියෙන්නේ කෑම බීම නීදාගෑනීම කියලා නේද ?

machan ... api bonnne bebaddu wenna navi nee athal ekke ganna .. ekat dirawanne nati aya innawa oya owa ganan ganna epa meya

ඔන්න එක ගණිකාවක් ඇවිත් බුදු හාමුරුවන්ට මෙන්න මෙහෙම කියනවා.

"අනේ සාමිනේ... ඔබවහන්සේ කියනවා ඔක්කොටම පන්සිල් රකින්න කියල. ඒත් මම කොහොමද ඒක කරන්නෙ ? මගේ රස්සාව නිසා තුන් වෙනි සිල් පදේ කැඩෙනවනේ.."

එතකොට බුදුහාමුදුරුවෝ කියනවා.

"එහෙනම් ගිහින් ඉතුරු හතර රකින්න" කියල

රකින්න පුලුවන් එකනම් ඒක හරි පුලු පුලුවන් විදියට රකින එක වටිනවා.

බීම ගැන ලිව්වට බොහොම ස්තුතියි. ලංකාවේ ඉන්න බොරු උපාසකයෝ තමා මේවට බොරුවට විරුද්ධ වෙන්නේ. උන් බොන්නේ නැති බව ඇත්ත ඒත් කරන්න පුලුවන් අනිත් දහජරා වැඩ ඔක්කොම උන් කරනවා. ළග ඉන්න එකාට ඉරිසියා කරනවා, අනුනගේ ගෑනුන්ට බැල්ම දානවා, එක ඉඩම් අගලකට මරා ගන්න යනවා, අනිකාගෙ බෙල්ල කපලා හරි උඩට එන්න බලනවා අන්තිමට කෙල වුනාම ධර්මය දේශනා කරනවා.

ලෝකෙ රටවල් වලින් මම දන්න තරමට බීම කියන එක මහා ලොකු අපරාධයක් විදිහට දකින්නේනම් ලංකාවෙ විතරයි. බේබද්දෙක් වගේ බොන එකටනම් මම විරුද්දයි ඒත් සාමාන්‍යයෙන් වැඩ ඉවර වෙලා පොඩි ෂොට් එකක් දාගන්න එක මහ ලොකු වැරැද්දක්ද.

උන්ට පිස්සු. උඹ බය නැතුව ලියපං. අදහස් ඕනෙ වෙලාවට මටත් ටිකක් කියපං.

ඔව් මචං ඒකනම් එහෙම තමා.

Bloggers.com - Meet Millions of Bloggers