මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉස්කෝලේ ගිහින් ඉස්සලම ර යනු ට යනු ම යනු ල යනු ඉගෙන ගෙන රට මල වගේ වචන ලියලා යන්තම් වගේ වාඛ්‍ය ලියන්න පුරුදු උනාම ඉස්සෙල්ලම ලියන්නේ මම ගැන රචනාවක්. හරියටම මට මතක නැහැ මන් හිතන්නේ 4 ,5 පංති වලදි තමා මන් මුලින්ම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. හෝඩිය ඉගෙන ගෙන වචන ඉගෙන ගෙන ඉංග්‍රීසියෙනුත් මුල්ම රචනාව ලියන්නේ My Self ගැන. ඊටත් පස්සේ 7 වසරේදි විතර දෙමල ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකත් සිංහල , ඉංග්‍රීසි වගේම තමා මුලින්ම ලියන්නේ நான் කියලා තමන් ගැන.

මම ගැන රචනාව ලියද්දි උපතින් අපිට අයිති නැති උනත් බලෙන් අපේ නම කියලා දාලා තියෙන හැඳින්වීම, මම කියන කෙනා ඒ කාලේදි කන්න කැමති බීම, කැම, ඇඳුම්, සත්තු, යාළුවා, අම්මා, තාත්තා, ඉන්න තැන ගැන ලියනවා. එදා ලියපු මම ගැන රචනාවේ තිබ්බ නම, අම්මා, තාත්තා සහ පවුලේ අය ඇරුනම අනික් හැමදෙයක්ම අද වෙනකොට එදාට වඩා වෙනස්. ඒ දේවල් ඒ කාලේ හිටපු දැකපු දේවල් විතරයි.

ඇත්තටම අපි මම ගැන ලියන්නේ මම කියන්නේ කවුද කියන එක හරියටම දැනගෙනද? එච්චර ලේසියෙන් තමන්ට තමන් කවුද කියලා දැනගන්න පුළුවන්ද? මම මම ගැන කතා කලාට ලිව්වාට, ඇත්තටම මම කවුද කියලා මමවත් දන්නේ නැහැ , ඒ ලියන කියවන වෙලාවට ඉන්න මම ගැන තමා මන් කතාකරන්නේ අනික් වෙලාවට ඉන්නේ මම ම උනත් ඒ මම හැම වෙලේම නැහැ.

පොඩි කාලේ ඉඳන් අපි හැමෝම ලියන කියවන මම කියන කෙනා  කවුරුවත් හරියටම දන්නවද කියලා මන් දන්නේ නැහැ.

2 අදහස්:

මරේගෙ කතාව සහතින ඇත්ත. මම කියන්නේ කාටවත් තේරුම් ගන්නවා තියා තමාට තමාවත් 100% තේරුම්ගන්න බැරි අමුතු චරියක්.

සහතික ඇත්ත... අපි "මම" ගැන කොච්චර කිව්වත්... අන්තිමට ඇත්තටම මම ගැන හිතල බලනකොට මම කියන කියන කෙනා තමන්ටවත් හරියට තේරුම ගන්න අමාරුයි.