මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මගේ ජීවිතේ එක එක කාලේට මන් එක එක දේවල් වලට අසා කල. කොච්චර ආස දෙයක් උනත් එක දිගට දීර්ඝ කාලයක් පැවතිලා නැහැ. මන් හිතන්නේ වැඩිම කාලයක් තියෙන එකම ආසාව තම පොත් වලට තියෙන ආසාව. ඒකනම් මට මතක ඇති කාලෙක ඉඳන් තාමත් තියෙනවා.අවුරුදු දහයක් දොලහක් වෙනකම් මන් මොනවටද ආස කලේ කියල මට මතක නැහැ. අවුරුදු දහතුන දාහතර වගේ කාලෙ මට පුදුම හින්දි උනක් තිබ්බ. ඒකලෙ තමා රූපවාහිනියේ හින්දි චිත්‍රපටි පෙන්නන්න පටන් ගත්තේ. ඒ කාලෙ මම ඒව බලනව ඊට පස්සෙ සින්දු කැසට් වල පටිගත කරගන්නවා නළු නිළියන්ගේ පින්තූර එකතු කරනවා.කොටින්ම හින්දි සිනමාවට ඇබ්බැහි වෙලා හිටියේ

අපොස සාපෙ කරන කාලෙ වගේ නම් ප්‍රේමයට ඇබ්බැහි වෙලා හිටියා. ඊට පස්සේ උසස් පෙළ කරන කාලේ කොළඹ තිබ්බ හැම ෆිල්ම් හෝල් එකකටම ආපු ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා හිටියා. දෙපාරක්ම බොරුවට උසස් පෙළ කරල යන්තම් පාස්වෙලා පරිගණක අධ්‍යපනය පටන්ගත්ත කාලේ ඉඳලා අන්තර්ජාලෙට ඇබ්බැහි උනා හැබැයි එක එක විශය වලට. මුලදිම ඇබ්බැහි උනේ එකම අකුරේ අකුරුතුනේ වචනෙට . වෙනදෙයක් නැහැ අන්තර්ජාල සම්බ්න්ධතාවයක් එක්ක පරිගණකයක් හම්බ උනාම ගූගල් ගෙන් අහන්නේම ඕක ගැන. එක බොහොම ටික කාලයයි ඊටත් පස්සේ ඔන්ලයින් චැට් රූම් වලට ඇබ්බැහි උනා මෙලෝ සිහියක් නැහැ චැට් කරනවා. ආයි කාලයක් මොකුත් නැතුව ඉඳලා එහාට මෙහාට ඊමේල් ෆෝවඩ් කරන්න ඇබ්බැහි උනා. පහුගිය ටිකේ බ්ලොග් වලට ඇබ්බහි වෙලා හිටියා එක තාම ටිකක් තියෙනවා. මේ දවස් වල මුහුණු පොතට ඇබ්බැහි වෙලා ඉන්නේ. එකත් දැන් දන් එපා වේගන එන නිසා තව ටික කාලෙකින් ඉවර වෙයි. ඊට පස්සේ තව දෙයක් හොයා ගනී.

හැබැයි කවදාවත් වැඩකට ඇති දෙයකටනම් මම ඇබ්බැහි වෙලා ඉඳල නැහැ.

6 අදහස්:

ඕක කාටත් පොදුයි මචෝ

මමනම් අවුරුදු ගානක් තිස්සේ මේ යන්ත්‍රයට ඇබ්බැහි වෙලා ඉන්නේ... ප්‍රේමයට ඇබ්බැහි වුනේ අවුරුදු දෙකකට විතර කලින්.. ඊට කලින් තිබ්බේ ගාය නේ...

එක දෙයක් කියන්නම්... උඹ තරම් පිස්සෝ මම දැකලා තියෙන්නේ මම බොහෝම අතලොස්සයි... පිස්සා කි‍ව්වේ තරහකට නෙවෙයි.. වර්ණනා කරන්න..මම හිතන විදියට පිස්සු අදහස් තිබ්බ මිනිස්සු තමයි බොහෝම නිර්මාණශීලී.... උඹට හිතෙන දේවල් නම් නියමයි... ඔය නිර්මාණශීලිත්වයෙන් හොඳ වැඩක් කරන්න.. ජය!!!

හික් හික්.. ඔයාගෙ පෝස්ට් එකම කොපි කරල කමෙන්ට් කලා නම් හරි වගේ. මමත් ඔය වගේ කාලීන ආසාවල් පස්සෙ තාමත් යනව. හැමදේම මට එපා වෙනව ඒක තුල මම තවදුරටත් අළුත් වෙන්නෙ නැත්නම්. කාලයක් මම දවසකට එක ගානෙ ෆිල්ම් එකක් බැලුව. දැන් ඕන නම් මාසෙකට හතරක් පහත් බලයි. නැවත ඒ නැතිවුණ ආසාවල් එනව හැබැයි කාලෙකට පස්සේ. කොහොම වුණත් ඕක හැමෝගෙම ඇත්ත. කොයි දේත් හැමදාම පවතින්නෙ නෑ. නැති වෙල තියෙන්නෙත් නෑ... ;)

පොත් කියවන එක නම් මටත් තාම නවත්තගන්න බැරි පුරුද්දක් තමා..අලුත් වැඩක් ඕනිනම් කියන්නම් "දිවයින" පත්තරේ අලුතෙන් ඇමුණුමක් එනවා.. "සියපත" කියලා.... පුලුවන් නම් බලන්න....

පුදුමයි! මටත් එමම තමයි. මට හිතෙන්නෙ මේ බ්ලොග් එක අරක්කු ඇරෙන්න අපි හැමෝගෙම අදහස් වල පොදු කුලකයක් වගේ. තව මේ ටිකට එකතුකරන්න පුළුවන් ප්‍රසිද්ධියෙ කියන්න බැරි ඒවත් තියෙනවනෙ.

ඔව් මචං. ඒවානම් හිතේම තියෙයි.