අද වැඩට ආවේ මගේ පාපැදියේ. මීටර් 100ක් වත් පදින්න හම්බ උනේ නැහැ මට හොඳටෝම හති. ආපහු බයිසිකලය ගෙදර දාල බස් එකේ එන්න හිතල ආපු එකෙ ඒකෙම එනව කියල බයිසිකලය පැදගෙනම ආව.මට මගේ කාර්යාලයට එන්න තියෙන්නේ කිලෝමීටර් තුනක් විතර කොහොමහරි ඔය ටික එනකොට මගෙ හොඳ පන ගිහිල්ල. දාඩිය පෙරාගෙන අවිත් වැඩ පටන් ගත්තා. මේකෙන් මට මගේ ශරීර ශක්තිය ගැන හොඳ අවබෝධයක් ලැබුනා. මන් වගේම දුර්වල නැතත් අනික් බොහොමයක් පරිගනක ආශ්‍රිතව වැඩකරන අයගේ තත්වය මීට සමානයි කියල මටනම් හිතෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් යතුරු පුවරුවට කොට කොට ඉන්නවා මිසක් ශාරීරික ව්‍යායාම වල යෙදෙන්න කාටවත් වෙලවක් නැහැ.
බොහෝ වෙලාවට පරිගනක වෘත්තිකයන්ගේ රැකියාවල් සුරක්ෂිත නැහැ. ලොක්ක යන්න කියපු ගමන් එලියට බැහැලා යන්න වෙනවා. ඒ වගෙම සෞඛ්‍යා රක්ෂන වගේ දේවලුත් නැහැ. ඉතින් මේ වගෙ රැකියාවක නියැලෙන අපි ගොඩක් වෙලවට ඉන්නේත් මානසික පීඩනයෙන් ඉතින් ඔය අතරට ශරීර සෞඛ්‍යත් පිරිහිලා ලෙඩෙක් වෙලා යන එන මන් නැති උන දවසක බලගනන කියන්න වෙන්නේ කාටද මන්දා.
වර්තමානයේනම් පරිගනක වෘත්තිකයන් විශාල් වශයෙන් මුදල් උපයනැවා හැබැයි අනාගතයේ අපේ රටේ ඉතුරු වෙන ලෙඩ්ඩු ටික සනීප කරන්න මේ උපයන මුදල් ප්‍රමානවත් වෙයිද මන්දා.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
Subscribe to:
Post Comments (Atom)
8 අදහස්:
මටනම් හිතෙන්නේ ලොකේ තියෙන හොඳම රස්සව ගොවිතැන කිරීම කියල. ලොකු සල්ලියක් ඇරේන්න හැමදේම ඒකෙන් හම්බවෙනවා මිනිහෙකුට ඕනේ කරන.
හෆ්ෆා...මමත් මේ අoශයට යොමුවෙන්නයී හිතාගන ඉන්නේ , නමුත් දෑන් දෙපාරක් හිතන්න්න වේනවා....
ගොවිතෑන නම් හොදයී...කාටවත් බාල්දු නොවී හම්බ තමුන්ගේ දහඩිය මහාන්සියෙන් හම්බු කරන්න පුලුවනි...නමුත් ලoකාවේ මනුස්සයෙක් ගොවිතෑන කලොත් ඌ ගොඩයා...කලිසමක් ඈන්දොත් ඌ මහාත්තයා....මේ හින්දයී ලන්oකාව දියුනු කරන්න බෑරි......
හෆ්ෆා...ඔය බ්ලොග් ලියන කොයි කවුරුත් මේ ලිපියට අවදානය යොමු කලොත් හොදයි මේ මාත් ඇතුළුව :P
මරණය අනාගතේ ගොවිතැන හොද ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් හැබැයි අර ගොඩයා/ මහත්තයා පට්ටම නම් අනේ මන්දා නැති වෙයි තමයි
ඔව් ඔව් මාත හිතාගෙන ඉන්නෙ නම් දිගටම බයිසිකලේ එන්න ඒත් එකා හිතන තරම් ලේසි නැහැ. පොඩි ගැටළුවක් තියෙන්නේ මගේ ජංගම බාර් එක වහන්න වෙනවා මේ නිසා. මොකො බයිසිකලේ සීට් එකයට ඉඩක් නැහැ බෝතලයක් දාන්න
දැන් බලන්න ඔය චීනෙ ජපානෙ වගේ රටවල කිලෝමීටර් 2-3 වගේ දුර යන්නෙ බයිසිකල් වලින් තමයි. අනෙක් කාරණය බලශක්ති අර්බුදයටත් විසඳුමක් මෝටර් බයික් වෙනුවට පුෂ් බයිසිකල් පාවිච්යට ගැනීම. කිව්වහම මොකද මමත් නවාතැනේ ඉඳලා ඔෆිස් එකට වැඩට එන්නෙ යන්නෙ පුෂ් සයිකලේ තමයි.ඒකනම් බලශක්ති අර්බුදේ ගැන හිතලා නෙවෙයි (ඒක මගෙ ආර්ථිකක අර්බුදේ) ඉස්සරහට ගැහැනු ළමයෙක් එහෙම එන වෙලාවට නම් හිතෙනවා මොටර් බයික් එකක් ලීසින් එකක් හරි දාලා ගන්න තිබුණනම් හොඳයි කියලා :)
අපේ රට කොහොම දියුණුවෙයිද අපි වගේ කම්මලියො ඉන්නකම්.මන් දන්න ගොඩක් අය ඉන්නවා මෝටර් බයිසිකලයට පුරුදු වෙලා පයින් යන දුරත් යන්නේ ඒකෙ. මටත් ඒකම තමා වෙලා තියෙන්නේ. කොහොම හරි ආපහු නිකං බයිසිකලේට පුරුදු වෙන්න ඕනේ. හැබැයි මටත් ඕක නිකම්ම පුරුදු වෙනවා පෙට්‍රල් ගාන තව ටිකක් වැඩි උනානම්. සේරමත් හරි කාල ඉන්න බැරි අර සීට් එක යට තියෙන පෙට්ටිය. සෙට් වෙන්න බැහැ ඒක නැතුව. අඩුම කුඩුම සේරම දාන්නේ එකටනේ
අනේ දෙවි පිහිටයි... මට නම් තාම ඔය ඉරණම අත් වෙලා නෑ.. බස් එකේ හවස ගියොත් අත්ට ව්‍යායාම නොගියොත් කකුලට ව්‍යායාම.. පාපුවරුවේ යනවට වඩා හොඳයි පයින් යන එක... ඉතිං පයින්ම යනවා.....
මරේ මමත් හිතන් ඉන්නෙ ඔය සබ්ජෙක්ට් බහින්න තමාය.. (මම කිවුවෙ පරිගනක ;) )
ඇල්කොහොල් වලට හා සිකරට් වලට ෆිට්නස් බහිනවා යැයි මා අසා තිබේ... එම නිසා සති අන්තයේ වත් පරණවිතානෙ පිට්ටනියේ මැච් එක ගහන්ට වත් සෙට් වුනා නම් යෙහෙකි....
නමුත් මම නම් දැන් එතන සෙට් වන්නේ නැත..... :D
ඔතේ අම්බලමට වී ටින් එකක් මරා මදි වූ විට නැවත කවුඩංගහට පයින්ම ගොස් තවත් ටින් දෙකක් රැගෙන ඒමට යාමද හොඳ වියායාමයක් ය....
:D
Post a Comment