මිනිස්සු

Written by ම on Wednesday, June 10, 2009 at 8:33 PM

මේ දවස්වල කඩේ කෑම වේලට කොස්, දෙල් වරදින්නේ නැහැ. දවසින් දවස බඩු ගනන් යන නිසා කෑම වේල ලාබේට හදා ගැනීමේ උපක්‍රමයක් හැටියට තමයි කෑමට ලාබෙට හොයාගන්න පුළුවන් දේවල එකතු කරන්නේ. කොස්, දෙල් තියන්වා ෂා මරුනේ කියල කෙනෙක්ට හිතෙද්දි මීට වඩා වෙනස් මොනාහරි තිබ්බනම් කියලා සමහර වෙලාවට මට හිතෙනවා. ගමේ ගොඩේ කෑම කන්න අකමැති නිසා නෙමෙයි ඒත් හැමදාම එකම කනවට වඩා වෙනස් දේකටත් ඉතින් ආසයිනේ

නගරේ ඉන්න සල්ලි බාගෙ තියෙන උදවිය ගමේ විදිහට හදපු කෑම වේලක් කන්න ආස කරනවා. ඒ උදවිය ඒ වෙනුවෙන් ඉහල මිලකුත් ගෙවද්දි ගමේ ඉන්න නැති බැරි අය තමන්ගේ වියදම් අඩුකරගැනීමේ ක්‍රමයක් විදිහට සරලම දෙවල් වලින් තමන්ගේ ආහාරය සකසා ගන්නවා. වෙන කරන්න දෙයක් නැති කමට මිසක් වෙන දෙයක් කන්න ආස නැති කමකටම නෙමෙයි.

කටු මැටි ගේක හැමදාම ඉන්න කෙනෙක්ගේ එකම හීනය තමයි සිමෙන්ති වලින් කාමරයක් හරි හදා ගන්න එක ඒත් සිමෙන්තිවලින් හදපු මාලිගාවක් වගේ ගෙදරක ඉන්න අය නිවාඩුවක් එනකම් ඉන්නවා ඉතාම ඉහල මිලක් ගෙවලා කටු මැටි පැලක රැයක් දෙකක් ගතකරන්න යන්න.

මිනිස්සු හරි පුදුම ජාතියක්....

9 Responses to "මිනිස්සු"

Comment by
June 10, 2009 9:10 PM #  

හැමදාම ගල් බොන අය විස්කි ටිකක් බොන්න ආසාවෙන් ඉන්නව ඒත් විස්කිම බොන සමහරු ගල් අරක්කු ටිකක් බොන්න බල බලා ඉන්නව

Comment by chathuraw
June 10, 2009 9:44 PM #  

එහෙම තමයි මිනිස්සුන්ගෙ හැටි... තමන්ට නැති දේවල් වලට තමයි ආසා කරන්නෙ...

Comment by -බිன்ku-
June 11, 2009 8:04 AM #  

Macho, meka minissuge swabawayak. budu dahame kiyana bandim ha thanhawa kiyanneth mekata thama, mewa thulin Marketing and Products nipadawanne. Alcohol wala wunath wenaskam saha jathi thiyenne ekai ;)

minissu thamn sathu de walata wada nathi sampath pasupasa diwa yanna palambila inne. eka wenak karanna ba.

Comment by malee_msg
June 11, 2009 9:28 AM #  

ඔහොම තමා ඉතිං හැමෝම.. ලද දෙයින් සතුටු වෙන්නේ කීයෙන් කී දෙනාද? වෙනස් වීම ඕනි වෙන්නේ ඒක තමයි.. හැමදාම කොස් තම්බන්නේ නැතුව එක එක විදියට හදන්න පුරුදු වුනා නම් හරි

Comment by පොතේ ගුරා
June 11, 2009 10:23 AM #  

හොද හොද බීම ජාති බොන්න පුලුවන් කම තියෙද්දි මටත් දවසක් ආව කසිප්පු බොන්න ආසාවක්..
"මිනිස්සු හ‍රි පුදුම ජාතියක් නේන්නම්"..

Comment by
June 11, 2009 10:31 AM #  

ඇයි බන් මට මොනා තිබ්බත් කසිප්පු ටිකක් බීල බලන්න පුදුම ආසවක්නේ තියෙන්නේ

Comment by Thilina
June 11, 2009 8:50 PM #  

උදේ වැඩට යනකොට බත් එකක් හදල දෙන්න පුළුවන් කෙනෙක් හොයා ගෙන බැද ගන්න. එතකොට කඩෙන් කන්න වෙන්නෑ...

Comment by The Chinthaka
June 11, 2009 11:23 PM #  

අන්න ඒක භයානකයි. කඩෙන් කාලා ඒපා වුෙනාත් ෙවන කඩයක් ෙහායා ගන්න පුලුවන්. හැබැය් බත් එකක් හදල දෙන්න පුළුවන් කෙනෙක් ෙගදර ෙගනා දා ඉදල හැමදාම එකම තමයි කන්න ෙවන්ෙන. බත් එක ගැන කමෙන්ට්ස් දාන්න ගිෙයාත් ඒකත් නැතිෙවයි.

Comment by
June 12, 2009 5:48 AM #  

අම්මලා ඕක කලාට වයිෆ්ලා ඕක කරයිද නම් මන්දා?
කඩේ මාරු කරන එක ලේසියි තමා

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates