පහුගිය සති අන්තය

Written by ම on Monday, June 29, 2009 at 7:09 PM

මේ දවස්වල නිතරම වැස්ස ඒක නිසා සතිඅන්තයේ කොහේවත් යන්න හිතුනේ නැහැ. ගෙදරට වෙලා නිදා ගන්න එක තමා වැඩිපුරම කලේ. ඊයේ (ඉරිදා)ටිකක් පායලා තිබ්බ නිසා දවල් ගියා නෑදෑ ගෙදරක ගිහින් ටික වෙලාවකින් එයාල එක්ක එහෙ දවල්ට කන්න හදලා තිබ්බ කෑම භාජනත් එක්කම අරන් ගියා මීගමුවේ වෙරළ උද්‍යානයට නාන්න.

ඇතුලට යන්න වාහනේටම රුපියල් පනහක ටිකට් එකක් නම් කඩනවා. හැබැයි ඇතුලේ නඩත්තුව නම් අන්තිමයි. හැම තනම කුණු. කුණු දාන්න එකම එක තැනක් විතරයි මන් දැක්කේ ඉතින් මිනිස්සු හැමතැනම් දාලා. එක ටැප් එකක් තියෙනවා ඉතින් එතන දිග පෝලිමක් මිනිස්සු බෝතල් වලට වතුර එකතු කරන් තමා මුහුදේ නාලා ඇවිත් නාන්නේ (අපේ මාමා කෙනෙක් නම් කිව්වා මුහුදේ නෑවම ලුණු වතුර පිටින් ඉන්න ඕනෙලු නැත්නම් මුහුදේ නාපු එකෙන් වැඩක් නැහැ කිව්වා ඒකත් ඇත්ත එක අතකට).

ඒ අස්සේ මගේ අතේ තිබ්බ ඉස්සො වඩේ එකක් කවුද එක පාරටම උදුර ගත්තා. බැලුවහම කපුටෙක් අවිත් උරහිස්සේ වහල අතේ තිබ්බ වඩේ කෑල්ල අරන් ගියා. වඩේ කෑල්ල ගැන නම් අවුලක් නැහැ ඒත් කපුටන්ගේ නියපොතු පාර වැදුනම තරු පේනවා. මීට කලින් දවසකත් කපුටෙක් මගේ ඔළුවේ වහගෙන ගියා (මගේ ඔළුව කපුටු කූඩුවක් වගේ නම් නැහැ යන්තම් කොන්ඩේ තියෙන්නේ). එදත් නියපොතු පාර මතක හිටින්නම ඔළුවට වැදුනා.

කනගාටුදායකම තත්වේ තමා මිනිස්සු බීලා බොතල් දාලා සමහර එවා බිඳලා ඉතින් වීදුරු කටු හැම තැනම මුහුදු වෙරළට යනකොට ලොකු පොඩි හැමෝම සෙරෙප්පු සපත්තු ගලෝලා යන්නේ ඉතින් කකුල කැපෙන්න තියෙන ඉඩ නම් හරිම වැඩියි.ඒක නම් හරිම ජරා වැඩක්.මිනිස්සු බිව්වට කමක් නැහැ ඒත් ආයිත් දවසක ඇවිත් ආපහු බොන්න බීපු තැන ඉතුරු කරන්න ඕනේ කියන එක නම් හිතේ තියා ගන්නම ඕනේ

9 Responses to "පහුගිය සති අන්තය"

Comment by Thilina
June 29, 2009 8:42 PM #  

මම නම් එක පාරයි මුහුදෙ නාලා තියෙන්නෙ. මීගමුවට ගියපු එකේ hospital එකේ තිබුණු වෛද්‍ය ප්‍රදර්ශනයත් බලන්න එපායැ.

Comment by
June 29, 2009 8:54 PM #  

උඹ ඔච්චර ලඟ ඉඳලත් එක පාරද ගිහින් තියෙන්නේ?
මන් නම් හරිම ආසයි මුහුදේ නාන්න
ඒකට යන්න ඕනේ කියලා අපි එක්ක ගිය පොඩි උන් නම් කිව්වා. ඒත් ලොකු අය කාටවත් ඕනේ කමක් තිබ්බේ නැහැ

Comment by malee_msg
June 30, 2009 10:03 AM #  

අපි නම් මූදේ නාන්න එහේ මෙහේ යන්නේ නැහැ..ගගේ නාන්න ඕනි උනාම තමා කොහේ හරි යන්නේ... මූදේ නාලා ලිදේ වතුර නාන්නේ ලූණු ගතියට කොණ්ඩ වලට ඒ තරම් හොද නැති නිසා.. මොකද වේලෙනකොට කොණ්ඩේ පොඩ්ඩක් හයිය ගතියක් එනවා..

Comment by
June 30, 2009 3:58 PM #  

මුහුදේ නාන එක ගඟක නානවට වඩා ජොලි. මන් කලින් පාර මුහුදේ නාලා ගොඩක් කාලයක් යනකම් ඔළුවේ ඉස්හොරි නැති වෙලා තිබ්බා. කොන්ඩෙ ගැන නම් වද වෙන්න තරම් කොන්ඩයක් මට නැති නිසා අවුලක් නැහැ.

Comment by malee_msg
July 1, 2009 10:10 AM #  

ඔව් ඔව් මං දන්නවා.. අපි ඉන්නේ මුදට කිට්ටුවෙන් නිසා මුද හොද‍ වෙන කාලෙට කොහොමත් නිවාඩු දවසට නාන්න යනවා.. මූදේ නෑවම හෙම්බත් හොද වෙනවා

Comment by Priyankara Perera
July 2, 2009 3:00 PM #  

මොන සබන් ජාතිය ගාලද නෑවේ ?

Comment by Priyankara Perera
July 2, 2009 3:01 PM #  

malee...
එක තමයී කාලයක් පානදුර පෑත්තේ මුහුදු ජලය අපවිත්‍ර වෙලා තිබුනේ !

Comment by yasitha
July 2, 2009 5:50 PM #  

සුනාමියෙන් පස්සෙ මුහුදෙ නාන්න අමරුයි හෑම තෑනම අැනෙනවා සිප්පි කටු!

Comment by Niranjan ~ නිරන්ජන්
July 15, 2009 12:49 AM #  

අම්මෝ මම ඔය වගේ තැන් වලින් නාන්න බයයි! shower එකෙන් නාන එක මට ඇඟට සනීපයි; ඉල්ලන් ප්‍රශ්ණ හදා ගන්නේ නැතිව!
@ Priyankara Perera - තාම පානදුර වෙරළ හොඳයි! අපවිත්‍ර නැත.

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates