ජංගම දුරකථනය

Written by ම on Sunday, July 5, 2009 at 4:54 PM

මම ඉස්කොලේ යන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඉස්කොලේ ගියේ ස්කූල් බස් එකේ. ඊට පස්සේ පංතිවලටත් ගියා වෙන නොයෙක් ගමන් බිමන් බොහොමයක් බස් එකේ ගියේ. 88-89 කියන්නේ මේ රටේ භීෂණයක් තිබ්බ කාලයක් ඒ කාලෙදිත් මන් බස් එකෙ ඉස්කොලේ ගියා. කවදාවත් මට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. බස් නැතුව පරක්කු උන දවස් තිබ්බත් ඒ වෙලාවට ගෙදරට පණිවිඩයක් දුන්නේ නැහැ කියල ගැටළුවක් ඇති උනේත් නැහැ.රැකියාවක් කරන කාලෙ වෙනකම්ම මට ජංගම දුරකථනයක් අතට ලැබුනේ නැහැ එහෙම උනා කියලා මට කිසිම පාඩුවක් වෙලාත් නැහැ.

ඒත් දැන් කාලෙ වෙනස් තාලෙ අළුත් මොන්ටිසෝරි යන ළමයින්ටත් මොබයිල් ෆෝන්. ඉස්කෝල වලින් මොන තහනම්ක් දැම්මත් ඉස්කොලෙ යන ලමයි ගාවත් මොබයිල් ෆෝන් වැහි වැහැලා. සමහර අය ගාව දෙක තුනක්. හැබෑටම ජංගම දුරකථනය කියන්නේ අපිට නැතුවම් බැරි දෙයක්ද? මේක ඒ තරමටම වැදගත්ද? මේ වෙනකොට මාත් ඒකට ඇබ්බැහි වෙලා.

මට කිසිම වැදගත් පණිවිඩයක් ජංගම දුරකථයට ලැබුනේ නැතත් ඒක නැතුව ගෙදරින් එලියට බැස්සොත් හරියට අයිඩෙන්ටි කාඩ් එක නැතුව කොළඹ යනවා වගේ දැනෙනේ. මේ වෙනකම් ජංගම දුරකථයක් තිබ්බ කියලා හදිස්සි අවස්ථාවකදි මට සිද්ධ උන වාසියක් නම් නැහැ.මන් මේ වෙනකොට ජංගම දුරකථන සමාගම් දෙකකට ගෙවලා තියෙන බිල් වල එකතුව දැක්කම මටම හිතෙන්වා මේ සල්ලි වලින් වෙන මොනා හරි කලානම් කොච්චර ප්‍රයොජනවත්ද කියලා.

සමහර පිරිමි සහ කලාතුරකින් ගැහැණු අයත් ජංගම දුරකථන්යෙන් ගන්නේ මොන වගේ වැඩද කියලා ලංකාවේ තියෙන සමහර සයිට් වලට ගියාම බලාගන්න පුළුවන්. සිංදු අහන එක ඇරුනම ටීවී බලන්න, ගේම් ගහන්න, ෆොටො ගන්න, වීඩ්යෝ කරන වගේ දෙවල් තමයි ගොඩ දෙනෙක් ජංගම දුරකථනයෙන් වැඩිපුරම කරන්නේ. කලාතුරකින් කෝල් ගන්නවා නැත්නම් ඉතින් SMS හරි Miss Call හරි තමා.

මන් නම් හිතන්නේ මේක එක්තරා විදිහක තේරුමක් නැති වසංගතයක් කියලා. අවාසනාවට මාත් ඒකට ගොදුරු වෙලා

14 Responses to "ජංගම දුරකථනය"

Comment by Thilina
July 5, 2009 6:14 PM #  

හික් හික් පෝන් තියෙන්නේ මල් කඩන්නනේ. අනික රටේ කලබලයක් වුනොත් (උදා: සුනාමි) ෆෝන් එකකින් කාටවත් පණිවිඩයක් දෙන්න හෝ ගන්න බෑ.

Comment by
July 5, 2009 6:17 PM #  

අප්පේ ඒ ගැන නම් කියලා වැඩක් නැහැ

Comment by niroshinie
July 6, 2009 6:38 PM #  

ඇත්ත. අද ජංගම දුරකථන කියන්නෙ විලාසිතාවක්. හැබැයි මට නම් ප්‍රයෝජන නැතුවත් නෙවෙයි - ගෙදර එන්න රෑ වුනොත් පාරට එන්න කියන්න, වෑන් එකට පරක්කු නම් දාල යන්න එපා මග එනව කියන්න - මේ හැම එකටම ජංගම දුරකථනය ඕන වෙනව.
නමුත් සරලව ඇමතුමක් ගන්න/දෙන්න විතරක් පුලුවන් කම නෙවෙයි අද බලන්නෙ සිංදු, ෆොටෝ, ටී වී, අන්තර්ජාලය වගෙ දේවල්නෙ. ඒකත් එක්තරා ආකාරයක තමන්ගෙ තත්වය පෙන්වන දෙයක් වෙලා - ඉතින් පුදුම වෙන්නෙ දෙයක් නෑ - හැම දෙයක්ම එහෙමයිනෙ. :)

Comment by උන්මත්තක
July 6, 2009 9:42 PM #  

නිරොෂිනීගේ ම‍තය සමඟ එකඟ තරමක් දුරට එකඟයි.
විනාඩි 5ක් phone එක off උනොත් ජීවන සහකාරී වෙන්න ඉන්න කෙනාට උත්තර බඳින්න වෙනවා. අද කාලේ සමහරුන්ට තියෙන්නේ ෆොන් යැ කෝල් යන්න පුළුවන් වොක්මන් නැත්තං කෝල් ගන්න පුළුවන් TV නැත්තං කෝල් ගන්න පුළුවන්නේ කැමරා වගේ phone. මොකද කොල් ගන්නවට වැඩිය කරන්නේ ඒවනේ.
තිළිණ කිව්ව වගේ සුනාමි වගේ කලබල වෙලාවක ඔය එක ඉටිගෙඩියක්වත් වැඩ කරන්නේ නෑ. බඩු මිල, තෙල් මිල බඩු මිල කොච්චර ඉහල ගියත් ෆොන් මිල දුරකතන ගාස්තු නං අඩුවෙනව මිසක් වැඩිවෙන්නෙ නෑ.

Comment by malee_msg
July 7, 2009 10:06 AM #  

සහිතික ඇත්ත.. බෑග් එකට ලාවට හරි බරක් මිසක් ඇති හොදක් නම් නෑ..රෑවෙන දවසට ගෙදරට කියන්න හෝ මගින් අරං එන්න දෙයක් තියනවා නම්‍ කෝල් එකක් දීලා කියන්න තමයි ඉතිං ගෙදර අයට මගේ ෆෝන් එක වටින්නේ.. ඒ හැර ඉතිං බදුල්ලට සෑහෙන්න දුර නිසා දවස ගානේ යන්න වෙලා තියෙන්නේ දුරකතන තරංග දිගේ තමා.. ඉතිං ජංගම දුරකථන යෙහෙන් වැජබේවා..! ජයවේවා..!!!

Comment by
July 7, 2009 10:23 AM #  

බිල එනකම් සේරම හොඳා

Comment by මම මචන් ගින්දර
July 7, 2009 4:56 PM #  

මටත් ෆෝන් එකක් නම් නැතුවම බෑ...
මොනා නැතත් කම්මැලි වෙලාවට බටන් ටික හරි ඔබ ඔබ ඉන්න පුළුවනිනෙ.

මොනව උනත් මොබයිල් ෆෝන් එක නම් නියම සොයාගැනීක් ආ...

Comment by ආගන්තුකයා
July 9, 2009 1:58 PM #  

මටත් එහෙමම තමා ඕක හින්ද තියෙන ප්‍රශ්න තව වැඩිවුනා මිසක් අඩුවුනේ නම් නෑ... කට්ටිය සෙට් කර ගන්න ඉන්න තැන දැනගන්න වගේ වැඩවලට නම් ඕක මරු....

Comment by Supun Sudaraka
July 10, 2009 8:26 PM #  

හොඳට නරකට දෙකටම ෆෝන්මය... ;)

Comment by -බිன்ku-
July 12, 2009 12:48 AM #  

පෙම්වතියෙක් ඉන්න කාලේ බැරිම වුණේ ෆෝන්මය දැන් වෙලාව බලන්න මිස ඕනේ නැත්තේ ෆෝන්මය!

Comment by කුෂාන් ඇස්. වන්නිආරච්චි
July 13, 2009 12:08 PM #  

කැමරා ෆෝන ටීවී ෆෝන් අරවා මේවා වැඩකටද? මම මේ වොෂින් මැෂින් එකක් හරි AC හරි තියෙන ෆෝන් එකක් හොයනවා ;D

@මලී -- හා හා මොකද්ද අර බදුල්ලේ කතාව? සම කර්තෘ ඉන්නේ බදුල්ලේවත්ද? කිව්වනම් අපිටත් දැකබලා ගන්න පුළුවන් නෙව...

Comment by Niranjan ~ නිරන්ජන්
July 15, 2009 12:39 AM #  

මට තියෙන්නේ dual සිම් phone එකක්.මට මල් පෙම්වතියක් නැති නිසා එච්චර අවුලක් නෑ.මම ඒ ෆොන් එක use කරන්නේ ජංගම දුරකථන සමාගම් වල නිරුවත හොයා ගන්න.ඒ කියන්නේ උන් ගේ සිග්නල් strength එක හොයන්න.සිග්නල් weak වුනාම නිකන් හරි customer care කතා කරලා බනින එක දැන් පුරුද්දක් වෙලා! මං ගාව hutch ඇරෙන්න අනික් හැම සිම් එකක්ම තියෙනවා. (2 Upahara sims,1 Dialog blaster,4 Airtel prepaid,2 Smart5,1 tigo)

Comment by deeps
July 15, 2009 1:44 AM #  

ෆෝන් තියෙන්නේ මල් කඩන්නයි, ඉන්ටර්නෙට් යන්නයි ගේම් ගහන්නයි, ෆොටෝ ගන්න්යි, සින්දු අහන්නයි ඔය වැඩ හැම එකටම. එක භාණ්ඩෙකින් ඔක්කොම කරගන්න පුලුවන් වෙන එක කොච්චර දෙයක්ද?

Comment by
July 19, 2009 9:00 AM #  

කැමතිනම් මේකත් කියවලා බලන්නකෝ නියම ලිපියක් ජංගම දුරකතන ගැන

http://www.divaina.com/2009/07/19/feature02.html

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates