සල්ලි

Written by ම on Saturday, July 18, 2009 at 4:46 PM

මේ ලොකේ තියෙන භයානකම දේ මොකද්ද කියලා කවුරුහරි ඇහුවොත් මම නම් කියන්නේ ඒ තමා සල්ලි කියල. මොකද මීට වඩා මොනතරම් භයානක දෙයක් ලෝකේ හැදුවත් ඒකටත් මිලක් නියම කරන්න සල්ලි වලට පුළුවන් නිසා සල්ලි තමයි ලෝකේ තියෙන භයානකම දේ.

සල්ලි නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි ඒත් සල්ලි තිබීම ජීවිතේ නැති වීමට හේතුවක් වෙන වෙලාවල් නැත්තෙමත් නැහැ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේම වෙන මිනීමැරුම් ගත්තෝත් මේවායේ කෙලවරේ ගොඩක් වෙලාවට තියෙන්නේ සල්ලි.

අපි අපිට කැමති විදිහට ජීවත් වෙන්න සල්ලි ඕනේ තමා ඒත් සල්ලි තියෙන කොට අපිට අපි කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්ද මන්දා. සල්ලි කියන්නේ මහ පුදුම ජාතියක්, සල්ලි වලට කරන්න බැරි ජාති තියෙන්න පුළුවන් ඒත් සල්ලි වලට නොකරන්න බැරි ජාති හරි අඩුයි.

ප්‍රේමය, සහෝදරකම්, නැදෑකම්, යාළුමිත්‍රකම්, මාපිය දූදරු සම්බඳතා සල්ලි වලට ඇති කරගන්න බැහැ ඒත් මේවා සුණුවිසුණු කරලා දාන්න සල්ලි වලට යන්නේ අපිට හිතා ගන්නවත් බැරි තරම් සුළු කාලයක් විතරයි.

මෙච්චර භයානක සල්ලි හොයන්න මේ ලොකේ ඉන්න හැම කෙනෙක්ම දිවා රෑ නොබලා මහන්සි වෙන එකත් මහ පුදුම වැඩක් බලාගෙන ගියාම. බල්ලොත් නොකන සල්ලි කියල කතාවට කිව්වට සල්ලි වලට මිනිස්සුන්ව නම් බල්ලන් ටත් වඩා පහත් තත්වෙකට පත් කරවන්න පුළුවන්.

අපි හැමොටම ජීවිතේ එක පාරක් හරි සල්ලි , ප්‍රශ්නයක් ඇති කරවලා තියෙන්වා ඒත් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන නිසා ඒ ප්‍රශන ඇති කරන සල්ලිම හොයන්නම වෙලා තියෙන ඒකත් මහ පුදුම වැඩක් ......

7 Responses to "සල්ලි"

Comment by chathuraw
July 18, 2009 5:43 PM #  

උඹටත් හිතෙන ඒවා.. මොනවා උනත් කතාව නම් ඇත්ත.. සල්ලි හින්ද මිනිස්සු කොච්චර ජරා වැඩ කරනවද... ඒත් ඉතිං සල්ලි නැතුවත් ඉන්නෙ කොහොමද.. සල්ලි වලට බැන බැන අපිත් සල්ලි පස්සෙ දුවනවා...

Comment by Thilina
July 18, 2009 6:31 PM #  

අද උඹට මොකද වුනේ? පර්ස් එක කවුරුහරි ඉස්සුවද? හික් හික්.... අපි හැමෝම සල්ලි වලට යට වෙලා. ඒත් සල්ලි වලට කරන්න බැරි වැඩ ගොඩක් තියෙනවා.

Comment by 'පිස්සා'-
July 19, 2009 2:01 AM #  

ඒත් , සල්ලි වලට කරන්න පුළුවන් වැඩ වැඩියි.. සල්ලි නැති උනාම මැරෙන්න හිතෙන්නේ ඒක නිසා තමයි..

Comment by
July 19, 2009 8:35 AM #  

මගේ පර්ස් එක ඉස්සුවට වැඩක් නැහැ බන් , එහෙම එකක් නිසා නෙමෙයි නිකන් වගේ ලිව්වේ

ඒ කතාවත් ඇත්ත පිස්

Comment by rachiyo~රචියෝ
July 19, 2009 11:02 AM #  

සල්ලි වලට වගේම ජනප්‍රියත්වයටත් ඔයදේම කරන්න පුළුවන් ( මම අදහස් කරේ මිනිස්සු බලු කිරීම )

Comment by malee_msg
July 20, 2009 10:04 AM #  

අහෝ සල්ලි..! තුක් නොදකින් කථා කරලා වැඩක් නෑ..!

Comment by කුෂාන් ඇස්. වන්නිආරච්චි
July 26, 2009 12:31 PM #  

මචෝ මමත් ඔහොම හිතුවා... කාළයක්... ඒත්... අනේ මන්දා... අන්තිමේ සල්ලි නැතිව අසරණ වුණු තරම... ඒ නිසා මගේ දැන් අරමුණ සල්ලි විතරම වෙන්න ඇති... සමහර විට මං වැරදිත් ඇති. ඒත් කරන්න දෙයක් නෑ... ඒත් මම එක දෙයක් දන්නවා, උඹ ඔය කියන කතාව සහතික ඇත්ත...

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates