මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

බියර් ගැන කාලෙකට කලිනුත් ලිව්වා ඒත් ආයි ලියන්න හිතුනා පොඩි සිදුවීමක් නිසා.


පහුගිය දවසක අධික වෙහෙසකර කටයුත්තක නියැලෙන්න උනා. ඉතින් වැඩ කරලා වැඩකරලා හොඳටම මහන්සිවෙලා හිටියේ කොච්චරද කියනවනම් ඇවිදගන්නත් පන නැහැ වගේ.

මන් මේ පරිගනකයක් ඉස්සරහා ඉඳන් කරන රස්සවක් නිසා ශරීරය හොඳටම හොර වෙලා ඉතින් පොඩ්ඩක් ඇඟපත හොල්ලල වැඩක් කලොත් එහෙම පාන් කියාගන්න බැරුව යනවා. ඇයි ඉතින් මෙලෝ ව්‍යායාමයක් නැහැනේ.

ඉතින් කොහොම හරි වැඩ ඉවර වෙලා රෑට කන්න යනකොට ෆ්‍රිජ් එකේ තිබ්බ එකම එක කූල් බියර් බෝතලය අපි දෙන්නෙක් බෙදා හදාගෙන බිව්වා. දවස් ගානක් ෆ්‍රිජ් එකේ තිබ්බ නිසා නියම ගානට කූල්. පුදුමේ කියන්නේ ඊට පස්සේ අර ඇඟේ මහන්සිය කොහෙන් ගියාද නැහැ. බියර් වලට පුදුම බලයක් තමා තියෙන්නේ මහන්සිය නැති කරන්න.

මන් මේ කිව්වේ බියර් ගොඩක් ගැන නෙමෙයි උපරිම බෝතලයක් විතර ප්‍රමානයක් ගැන. ඉතින් ඒ බියර් බාගෙත් බීල හොඳට කාල නින්දට ගිය නිසා පහුවදා උදේ ෆුල් ෆිට් එකේ නැගිට්ටා.

අම්පාර වගේ කාෂ්ටක පැත්තක ගොඩක් ඇවිදලා හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවක මහන්සිය නිවන්න උනත්, නුවර එළිය වගේ හීතල පළාතක හීතලේ ගල් වෙලා ඉන්න වෙලාවක හීතල නැතිකරන්නත් හොඳට කූල් වෙච්චර බියර් වලට කරන්න පුළුවන් වීම මහ පුදුම වැඩක් (මන් කිව්වේ මේ මන් ගැන) මේ දේශගුණ දෙකටම මේ විදිහට ගැලපෙන වෙන බීම ජාතියක් නම් මට කල්පනා වෙන්නේ නැහැ.

(අද උදේ ඉඳන් හයියෙන් වහිනවා කූල් බියර් එකක් තිබ්බ නම් ටිකක් ඇඟ රත් වෙන්න මරු කියල හිතෙන නිසා බියර් ගැන ලිව්වේ.)

23 අදහස්:

හොද නම් හොදා‍‍‍...
චියර්ස්ස්ස්ස්ස්...
ඒවුනාට දැන් නම් රසත් මතක නෑ වගේ අප්පා..

අයියෝ එහෙම අමතක කරන්න එපා

මටනම් හොද බන් EGB තමා එක නැතුව කැම එපා

හික් හික්...එළ. මමත් බියර් බීලා තියෙනවා. ඒත් බියර් ටින්. බීපුවාම හොදට කන්න පුළුවන්.
තීම් එක නම් හොදයි.

theme එක නම් එල! බියර් ආතල් එකට ගන්න කාළේ අපි පාඩම් කරල එපා වුණාමත් බිව්ව. එතකොට ඒ පාඩම් කරපු මහන්සිය කොහෙන් ගියාද කියලවත් දන්නේ නෑ...

කූල් නැත්නම් බියර් තේරුමක්ම නැති ජාතියක්.. සමහර වෙලාවට මදි වුනාම සැන්ඩි වලටත් බියර් ගන්නවනෙ..

This comment has been removed by the author.

THEME එක එලකිරි හැබැයි අර පරණ අද්භූත ගතිය නෑ..

කූල් කියන්නේ හොඳටම කූල් නැත්නම් බියර් කිසි වැඩක් නැහැ තමා,

හොඳ සොහොනක් තියෙන තීම් එකක් මට තාම සෙට් උනේ නැහැ.

මට නං පරණ තීම් එක එල බං..මොනවා උනත් මෙදාපොටේ මාතෘකාවත් මරු.කූල් බියර් එකට වගේම කූල් නෙල්ලි එකටත් ඔය වැඩේම කරන්න පුළුවන්.මම අත්විඳලත් තියෙනවා.

මට නං පරණ තීම් එක එල බං..මොනවා උනත් මෙදාපොටේ මාතෘකාවත් මරු.කූල් බියර් එකට වගේම කූල් නෙල්ලි එකටත් ඔය වැඩේම කරන්න පුළුවන්.මම අත්විඳලත් තියෙනවා.

නෙල්ලි වලට සීතල නැති කරන්නත් පුළුවන්ද මචං? මන් නෙල්ලි නම් එහෙම බීල නැහැ.

කලින් තීම් එක ටිකක් කල් තිබ්බ නිස අයින් කලේ

කැම්පස් ඒෙක් ප්‍රැක්ටිකල් ඒකක් තිබ්බ බියර් හදන්න. ඒක ඉවර වුනාට පස්සෙ අපේ බැචියක් අ‍හපු මුල්ම ප්‍රශ්නෙ තමයි ‘අැයි බියර් තිත්තට හදන්නෙ’ කියල. වැරදිල හරි බියර් පැණි රසට හැදුව නම් ෙමාකක් ෙවයිද.

උඹ ගාව ඒ ප්‍රැක්ටිකල් එකේ නෝට් එක නැද්ද? මට මේල් කරපන්කෝ බන්

කාලෙකට කලින් මෙහෙ වික්කා පලතුරු රස බියර් ඒක අනික් ඒවා තරම් තිත්ත නැහැ. මන් හිතන්නේ ටාර්ගට් කරන්න ඇත්තේ කාන්තාවෝ ඒත් දැන්නම් විකුනන්න නැහැ. බියර් වල ඒ තිත නැති උනාම මටනම් අල්ලන්නේ නැහැ

ෙනා්ට් ඒක ෙහායාෙගන පටන් ගමුද බිස්නස් ඒකක්.

ඔව් බන් හොඳ ස්වයං රැකියාවක්නේ?

set wela bomu ban.....

mama mehe aparuwen hoyagatta special brew.... gindara tamaaa

ඔව් බන් ලිය ලියා ඉඳලා වැඩක් නැහැ බොමු බොමු...

තීම් එක නම් ලස්සනයි... ඒ උනාට පරණ එකේ ගතිය නම් නෑ.. මරණය නමට හරියට ගැලපෙන්නෙ නෑ ‍වගේ...

මම ටික කාලෙකට කලින් අරක්කු බොන එක අතඇරලම දැම්මා... දැන් ඉතිං බියර් බොන එක තමයි.. කට්ටිය සෙට් උනාම මම බියර් එකක් අරගෙන බොනවා.. අරක්කු බොනවා ‍වගේ නෙමෙයි බියර් එක නියම බීම... කිසි අප්පිරියාවකුත් නෑ නෙ...

අපි කට්ටිය ලබන සතියෙ සෙට් වෙනවා. ම එනවද?

එළ මචන්, පුළුවන් උනොත් මන් එන්නම්

This comment has been removed by the author.

ඒ කතාව නම් 100% ඇත්ත. හැබය් ඉතින් බඩ එනවා බීර් වලට

Bloggers.com - Meet Millions of Bloggers