මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මීට කලින් පොත් ගැන ලියල තියෙන්නේ මෙන්න මේ ටික සහ මේක විතරයි. දැන් පොඩ්ඩකට කලින් අපේ හොඳ දරුවා (ඌ තමා එහෙම කියාගන්නේ [සුදාරක] අනේ මන් නම් දන්නේ නැහැ ඕවායේ ඇත්ත නැත්ත.) එක්ක පොඩි චැට් එකක් දැම්ම පොත් ගැන සහ පොත් කියවීම ගැන ඉතින් බීම ගාවට මන් ආසම පොත් ගැන තව මොනා හරි ලියන්න කියලා හිතුනා.

දැන් දැන් අන්තර්ජාලෙත් සිංහල පොත් බාගන්න තියෙනවා වගේ ඒත් පොතක් පොතක් වගේම අතේ තියාගෙන කියවනවා තරම් ඒකේ ගතියක් නැහැ කියලා මට නම් හිතෙන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා බාන පොත් කියවන්න ඒත් මටනම් මේකක මිල දරන්න බැහැ අනික ඒ සල්ලි වලිනුත් පොත්ම ගත්තම ඉවරයිනේ.

මම නම් පොත් කියවන්න කැමතිම ඇඳේ නිදාගෙන ඒ ඇරෙන්න කලාතුරකින් තමා වාහනයක යනකොට පොත් කියවන්නේ පොත කියවනකොට පොතේ කඩදාසි වලින් එන අමුතු සුවඳ විඳින්නත් කැමතියි. ඒකෙත් මාර ගතියක් තියෙනවා. අලුතෙන් පොත් ගෙනවාම ඉතින් ඉඹ ඉඹ ඉන්න එක තමා කරන්නේ(ඉඳලා හිටලා භූමිතෙල් ගඳ පොතුත් නැත්තේ නැහැ).

ඉතින් තව ටික දවසකින් සාහිත්‍ය මාසෙත් එන්වා, මේ පාර නම් එක පොතක් වත් ගන්න වෙයිද දන්නේ නැහැ ඒ තරමටම මගේ ආර්ථිකය අයහපත්. නිකන් ගිහින් බලලා එන්න බැහැ දැක්කොත් පොතක් ගන්නමයි හිතෙන්නේ.

කවුරු හරි මන් අසාම පොත මොකද්ද කියලා ඇහුවොත් ඒකට හරි උත්තරයක් දෙන්න බැහැ මොකො මන් ආස පොත් ගොඩක් තියෙන්වා. අනික එක එක කාලෙට ආස පොත් වෙනස් වෙනවනේ. කරුණාසේන ජයලත්, සුනේත්‍රා රාජකරුණානායක, චන්ද්‍රසිරි දොඩංගොඩ වගේ අයගේ පොත් වලට ටිකක් වැඩිපුර කැමතියි.පොඩි කාලෙනම් දොන් පීටර් පියතුමා, මාර්ටින් වික්‍රමසිංහ, ටී.බී ඉලංගරත්න, කුලසේන ෆොන්සේකා වගේ අයට තමා ගොඩක් කැමති උනේ.

පොත්වලට කොච්චර ආස උනත් දවසින් දවස ඉහල යන පොත් මිළ නම් අපිව පොත් වලින් ටික ටික ඈත් කරන එක නම් කරනවා. (හැබැයි බෝතලේ මිළ නම් අහස උසට ගියත් අපි ඈත් වෙන්නේ නැහැ ). ඒ ගැන නම් බළවත් කනගාටුව

ලිෂාන්ගෙත් ලිපියක් තිබ්බ.

දුකාත් පොත් ගැන ටිකක් ලියලා තිබ්බ මෙතන

22 අදහස්:

මේ ලියලා තියෙන්නේ පොත් ගැන! :D අර කියලා තියෙනවා වගේ ඊ-පොත් කියවන එක මටත් අල්ලන්නේ නෑ. අර පොතක් අතට අරගෙන පිටු පෙරළ පෙරළ කියවන එක තරම් ආතල් එකක් තවත් නෑ. ඇ‍ඳේ පෙරළි පෙරළි, නින්ද යනකම්, බත් කන ගමන්, පුටුවක් උඩ කකුල් දෙක තියාගෙන, මූන පොතට ඔබාගෙන පොතක් කියවනවා වගේ ආතල් එකක් තවත් කොහින්ද? :D

අනික ‍මොනිටරය ඉස්සරහට වෙලා කියව‍න එක ඇහැටත් හොඳ නෑ, හිතටත් හරි නෑ... :D

ඔව් ඔව් නිකන් පොත් කියවන එකට වඩා මොනිටරෙන් පොත් කියවන එක ඇස් වලට හොඳ නැහැ කියලා තමා මාත් හිතන්නේ.

ඊ පොත් නම් මටත් හරියන්නේ ම නෑ. "ම" , ඔබ වාගේම මමත් ආසයි පොත් කියවන්නට කලින් සුවඳ විඳින්නට.. පොත් මිල ඉහල ගියාට පොත් වලට තියෙන ආසාව අඩු උනත්.., අලුතින් පොතක් ගන්න තියෙනවා නම් පුංචි ආසාවක් එනවා ගන්න බැරි පොත අතගාලා හරි එන්න... මම අනන්තවත් සරසවියේ කරක් ගහන්න ඇති අතේ සතේ නැතුව පොත් බල බල.. [උසස් පෙළ කාලේ].. ස්තුතියි මගෙ ඇමිනුමක් ඔබ ලිපියට ඇතුලත් කළා ට....

@Lishwish

මම අනන්තවත් සරසවියේ කරක් ගහන්න ඇති අතේ සතේ නැතුව පොත් බල බල.. [උසස් පෙළ කාලේ]..

ආ... අපි හැමෝම එක වගේ නෙව ;)

අපිත් ඒකාලෙ සෙනසුරාදට ක්ලාස් ඉවර වෙලා සරසවිය වහනකම්ම ඒකේ තමා, හැබැයි කවදාවත් පොතක් නම් ගත්තේ නැහැ.

මමත් පොත් කියවන්න හරිම ආසයි... හොඳ පොතක් ගත්තම කෑම බීම නින්ද මොනවත් මතක නැති වෙනවා. මට නම් ඊ පොත් කියවන එක ප්‍රශ්නයක් නෑ හැබැයි එච්චර. මම යන එන හැමතැනම අරගෙන යන ෆෝන් එක තමයි ඒකට හේතුව. පොත් සේරම සාක්කුවෙ දාගෙන යනවා වගේ නෙ. අනික් එක ඇඳේ ඉඳගෙන කියවන්නත් කිසිම කරදරයක් නෑ... හැබැයි මොනවා උනත් පොතේ සුවඳට නම් මමත් ආසයි. ඊ පොත් කියවනකොට ඒ ගතිය නැහැ... සාහිත්‍ය මාසෙ එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නෙ ගිහිල්ල හොඳ පොත් ටිකක් උස්සන් එන්න... :D

ඔයාගෙ Phone එකේ Model එක මොකද්ද?
මගේ එකේ Adobe තිබ්බට PDF බලන්න බැහැ

ඇත්තටම මටත් ඊ පොත් එච්චර ගතියක් නෑ.ස්ක්‍රොල් කර කර,මොනිටරේට බෙල්ල දික් කරගෙන කියවන එක හරිම අමාරුයි.අනිත් එක කරන්ට් නැති වෙලාවක මිදුලට වෙලා හුලං වැදි වැදි ඊ පොත් කියවන්න බැහැනේ.

මමත් සාහිත්‍ය මාසේ එනකන් සල්ලි එකතු කරගෙන බලාගෙන ඉන්නේ..

මට E-books down load කරන විදිය තේරෙන්නේ නෑනේ..
ඒ කිව්වේ පොත තෝර ගන්න විදියයි තේරෙන්නේ නැත්තේ??????????

Search කරලා ඕනේ පොත හොයා ගන්න පුළුවන්නේ
මෙන්න මේකේ ටිකක් තියෙනවා
www.pdfchm.com

එළ එළ මටත් ඒ දවස් මත්ක් උනා. සිරාවටම දැන් නම් පොතක් කියවපු කාළයක් මතක නෑ...

ෙපාත් නම් ෙපාත්. ඊ බුක් කියන්ෙන ෙපාත් කියල හිෙතන්නෙ නැහැ. ෙපාතක පිටු ෙපරලන ෙකාට දැෙනන ෙද් මවුස් ඒක කරකවල බැලුවට දැෙනන්නෙ නැහැෙන.

තව ටික දවසකින් මතට තිත තියනවලුෙන. ඊට පස්ෙස ඒ සල්ලි වලින් ෙපාත් ගමු.

පොත්...!!!!!!!!!!!

යා... මමත් කැමති සුවදට තමා.. පොත් කියවන හැමෝම එහෙම තමා මං හිතන්නේ... අනික ‍පොතක පිටු ‍2ක් කියවලා අනික් පිටුවට පෙරලනකම් ගතවෙන මිනි තත්පර ගණනක ගතිය ඊ පොත් කියවද්දි එන්නේ නැහැ.. ඒ නිසා මම නම් ඊපොත් කියවන්නෙම නැති තරං.. ඒ නිසා හැකි හැම විටම සතෙන් සතේ එකතු කරලා කරලා පොත් ගන්න තමා කැමැත්ත.

ඇත්තම කියන්නද? මම නම් අවුරුදු දෙකහමාරකින් තුනකින් විතර පොතක් කියවල නෑ..ප්‍රධාන හේතුව අධික වැඩ සහ කාලය නොමැති වීම..කියවන එකම දේ අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති පත්තර ටිකයි,බ්ලොග් සහ අන්තර්ජාලයේ සැරිසරන කොට අහුවෙන එක එක විදියේ ලිපියි..

(කොහොමත් මම කියවල තියන පොත්ගණන බොහෝම අඩුයි..)

මේ... බුක් ප්‍රදර්ශනේට සෙට් වෙමුද දැනගන්නවත්...? නැත්තං සෙට් එකම ඇවිල්ල ඇ‍‍ඟේ හැප්පෙන ගානට එහෙ මෙහෙ ගිහිල්ල ආයෙ ගෙවල් වලට යයි.

ඒක නම් හොඳ අදහස
උඹලා නම් ගිය පාරත් සෙට් වෙලා නේද ගියේ?
හැබැයි මචෝ සති අන්තයේ විතරයි.

ගිය සෙනසුරාදා සුහද හමුව නැගලා ගියාද? මට මොකක් හරි වැඩක් වැටුනා බන් ඉරිදා තමා මතක් උනේ

@ ම - නැගල කියන්නේ හොඳටම... ප්‍රදර්ශනේ කවද වැටෙයිද දන්නෙ නෑනේ. කොහොසත් අපිත් සෙනසුරාද හරි ඉරිද හරි තමයි යන්නේ. ළං වෙලා කතා කරමුකෝ.

පොත් වල සුවඳ ගැන කිව්වම මට මෙහෙම හිතුනේ මම හිතාගෙන හිටියේ ඇත්තෙන්ම ඒ සුවඳට කැමති මම විතරයි කියල . . .

ගොඩගේ බුක් ශොප් එකේ . . දයාවංශ ජයකොඩි බුක් ශොප් එකේ . . . සරසවි බුක් ශොප් එකේ සති දෙකේ නිවාඩුවෙන් දවසක් දෙකක් විතර ගතකරනව මම ඒ අතල් එක විඳ විඳ . . .

උඹල සාහිත්‍ය මාසයට පොත් ගන්න සෙට් වෙන්න කතා කරනව දැක්කම මට උඹලා එක්ක හරිම ඉරිසියාවේ බෑ . . .

මට ඒ මාසෙ ලංකාවෙ ඉන්න වෙන එකක් නැහැ. . . අගෝස්තු අන්තිම ඉඳන් සැප්තැම්බර් මුල වෙනකම් විතරයි නිවාඩු . . .

"ම" උඹත් මම වගේම පොත් වලට ආදරේ කරන කෙනෙක් නිසා මට හිතෙනවා උඹට ගානක් එවන්න පොත් ටිකක් අරගන්න කියල . . . පස්සෙ උඹෙන් මට ඒ ටික ඉල්ල ගන්නත් පුලුවන්න්නෙ . . . උඹ කියවල ඉවර උනාම . . . !

මට ඊමේල් එකක් එවපන්කෝ . . .

හැබැයි උබ පොත් වලට වඩා බෝතල් වලට ආදරේ කරන නිසා ඒවා බෝතල් වලට වියදම් කරයිද දන්නෙ නැහැ. . . ! හික්ස්

ඇත්තෙන්ම හොඳයි මචන් සාහිත්‍ය මාසෙත් ලග එන එකේ මේ පොත් ගැන කතා කරන්න ගත්තු එක . . .

කොහොමත් වැඩියමත් මේ බ්ලොග් ලියන අය ඇතුලේ ඉන්නේ පොත් වලට ආදරේ කරන . . . පුන්චිකාලේ ඉදන් පොත් බලපු . . (දැන් මේ කොම්පූටරේ නිසා පොත් බලන්න වෙලාවක් නැති ) . . කට්ටිය කියලයි මට හිතෙන්නේ . . .

කියවීම මිනිසා සම්පූර්න කරයි කියනවානේ . . . බ්ලොග් ලියන්න ආභාශය ගන්න ඇත්තෙත් . . දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ පොත් බලපු එකෙන් වෙන්න ඇති . . .

මොකද හිතන්නේ . . . !

අනේ මචන් මගේ බ්ලොග් එකේ පොත් වලට අදාල ලිපි ගැන උබේ බ්ලොග් එකේ ලියල තිබුනෙ එකට ස්තූති කරන්න බැරි උනනේ . . . මෙන්න මචන් . . "තැන්කූ වේවා . . . ." චියර්ස්. . . !

අපොයි නැහැ පොත් වලට යන ගාන මන් කොහොමත් වෙනම තියාගෙන ඉන්නේ.

පොත් ප්‍රදර්ශනය තියෙන්නේ සැප්තැම්බර් මුල උඹටත් සෙට් වෙන්න පුළුවන් වෙයි

Bloggers.com - Meet Millions of Bloggers