මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අද ජනවාරි 30 , ඉතින් හෙටින් 2010 වසරෙත් පලවෙනි මාසෙම ඉවර වෙනවා. පුදුමාකර විදිහට පලදායී විදිහට ගතකරපු මාසයක්. සත පහක ප්‍රයෝජනයක් තියෙන කිසිම වැඩක් කලේ නැහැ. මේ මාසේ මන් උපයපු මුදල වගේ තුන් ගුනයක් මන් වියදම් කරලත් තියෙනවා.

මේ අවුරුද්දේ ගතවුනු මාසය තුල මම අළුතින් යමක් ඉගෙන ගත්තද? නැහැනේ, එතකොට අළුත් යමක් කලාද? ඒත් නැහැනේ එතකොට මොකද්ද දෙයියනේ අළුත් අවුරුද්දට කියලා කලේ. එකම එක දෙයයි ඒ තමා 2009 කැලැන්ඩරේ ගලෝලා 2010 එකක් ගැහුවා. හෙට ඒකෙත් පිටුවක් කඩලා අළුත් මාසෙට ආයිත් නැවුම් විදිහට මන් සූදානම් වෙනවා. ගොඩක් වෙලාවට මගේ ජීවිතේ නම් දවස් ගෙවෙන එක දැනෙන්න සාක්කුවටයි කැලැන්ඩරේටයි විතරයි. වෙන ලොකු වෙනසක් ඒකේ නැහැ.

දැන් ජනවාරි ඉවර උනා වගේ එහෙ හැරිලා මෙහෙ බලනකොට අප්‍රේලුත් එයි, ඊලඟට ඉතින් අළුත් අවුරුද්ද කියලා තවත් එක කෙලියක්. ඊට පස්සේ වෙසක් පොසොන්, ඒවාට ඉතින් ෆුල් බැතියෙන් බරව කලෙක්ෂන් දාල දන්සැල්. ඊලඟට නම් ඉතින් නත්තල් වෙනකම් විශේෂ මොකුත් නැහැ. මේ විදිහට අපිත් නොහිතනා වේගෙකින් තමා අපේ කාලේ ගත වෙලා යන්නේ.

ඉතින් මේ විදිහට කාලෙ කන මන් දවසෙන් දවස දියුණු වෙයිද නේ.

13 අදහස්:

හා හා හා....
ඔහොම තමා බං ජීවිතේ...
සට සට ගාලා යනවා සීග්‍රගාමී දුමිරියක් වගෙයි.
බලාන හිටියොත් ඉතින් බඩුම තමා...
කොටම මාසේ මොනවහරි අලුත් දෙයක් කලොත් ඒකවත් දාපන්කෝ එහෙනම්.
ඕං අපි ගියා....


/බිඟුවා...!

සිරාවටම එක මාසයක් ඉවරයි නේද? තව 11 යි

ඇත්ත... මේ මාසෙටම මම කලේ ගිය මාස හයක් කරපුවා කට පාඩම් කරන්න ට්‍රයි කරපු එක විතරයි.... දැන් එපා වෙලා ඉන්නේ..

එකම ෆන් එකකට තිබුනේ ජනාධිපතිවරණය විතරයි.

මමනං හැමදාම වගේ ඔහේ උඩ බලාගෙන බඩ පැලෙන්න කාල,කන පැලෙන්න බීලා කාපු බීපුවා බහිනකන් හිනාවෙවී ඉන්නවා!

මට හිතෙන්නේ ඔය ලෙඩේම මටත් හැදිලා. බිගුවා කිව්වා වගේ නගින්න හදනකොට කෝච්චිය ගිහින් ඉවරවෙයිද?

ඒකනේ..කාලේ යන ඉක්මන..

හරි හරි උත්සාහවන්තයා ගුටි කයි කියලා කතාවක් තියනවනෙ... දිගටම උත්සහා කරන්න අලුත් දෙයක් කරන්න.. මම නම් වෙනස් උනා මෙ අවුරුද්දෙ ගොඩක්. අන්තගාමී ප්‍රතිපත්ති අයින් කරලා ටිකක් වලට, පිරිහිමට හෙතුවන දෙවල් ලං කරගත්තා. එවා ඇත් කරලා තිබුනෙ අවුරුදු 2 විතර....

Hey,

Lets celebrate!

KK

කතන්දරයක වගේ ජීවිතයකත් වටිනාකම තියෙන්නෙ ඒක කොච්චර දිගද කියන එක මත නෙවෙයි, කොච්චර හොඳද කියන එක මත. කාලය අපතෙ යනවා කියල, ජීවිතය නිකරුනේ ගෙවිලා යනවා කියල දුකක් පසුතැවිල්ලක් කෙනෙකුට ඇතිවෙනවනම් ඒ මනුස්සය කාළකන්නියෙක් නෙවෙයි. කිසිම හැඟීමක් නැතුව තමුන්ගෙයි අනුන්ගෙයි කාළය කාල දාන අය කොයි තරම් රටේ ලෝකෙ ඉන්නවද? නීල් ආම්ස්ට්‍රෝංට හැමදාම හඳට ගොඩ බහින්න බෑ... ඒ නිසා අවස්ථාවක් ලද ගමන් ආයෙත් ඵලදායී වෙන්න බලමු... එතෙක් හීනියට අරක්කු ටිකක් හෙම බීලා ඔහොම යමු...

අපොයි මමත් නම් කරපු කිසිම වැඩක් නෑ,.. නැගිටිනවා.. නිදියනවා විතරයි..

මරණෙ දියුණු වෙයි. ඔය තේරෙන්නෙ කාලෙ කනව කියන එකත්. දැන දැන ඒ වරදෙම ඇලෙන හැටි. ඒත් සමහරවිට කාලෙ කනව කීවට ඒ කාලය තුළ මොකක් හරි අර්ථයකුත් සිද්ද වෙන්නැති නොදැනීම. ඔහොම දෙයක් හිතිච්ච එකම වටිනවනෙ :-D

මටත් ඉස්කෝලෙ නිවාඩුව නිසා මුළු දවසම ගෙදර තට්‍ටු දෙකක් තිබුනට මොකද මෙලෝ වැඩක් නෑ. හොඳ වෙලාවට අපේ අයියා බ්ලොග් ලියන්න කියා දුන්නෙ.

මට නම් හැමදාම එහෙමයි

Bloggers.com - Meet Millions of Bloggers