මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ කියන්න යන්නේ අපේ හරේ කියපු කානිවල් අයිස්ක්‍රීම් වගේ මිල අධික අයිස්ක්‍රිම් ජාතියක් ගැන එහෙම නෙමෙයි. මීට අවුරුදු 20කට 25කට කලින් කාපු සත පනහේ අයිස් පලම් ගැන.


ඒකාලේ ඔය දැන් වගේ අයිස්ක්‍රීම් හැම තැනම තිබ්බේ නැහැ. සංගීතයක් දාගෙන අයිස්ක්‍රීම් විකුනන ත්‍රීවිලර් තිබ්බෙත් නැහැ. කඩවල් වල නම් අයිස්ක්‍රීම් තිබ්බෙම නැති තරම්.අපිට අයිස් පලම් කන්න තිබ්බ එකම විදිහ ඉඳලා හිටලා පාරේ පෙට්ටියකුත් බැඳන් නලාවකුත් සද්ද කර කර යන අයිස්ක්‍රීම් කාරයාගෙන් විතරයි. ඒ ඇරෙන්න මොකක් හරි උත්සවයක් තියෙනවනම් අයිස්ක්‍රීම් වෑන් එකක් එනවා ඒකේ අයිස් චොක්ස් සහ කෝන් තියෙනවා. ඒත් දැන් වගේ විවිධ ජාති නම් නැහැ අයිස් පලම් සේරම දුඹුරු පාටයි කෝන් සේරම කහපාටයි චොක්ස් ඉතින් කහයි දුඹුරුයි. මේවට වැනිලා චොකලට් කියලම කියන්න බැහැ ඒ වගේ රසක් තමා ආවෙ නම්.

ඒ ඇරෙන්න අපේ ගෙවල් කිට්ටුව තිබ්බ අයිස්ක්‍රීම් ෆැක්ටරියෙනුත් ගන්න පුළුවන්. එතනට ගියාම එන ගඳට නම් අයිස්ක්‍රිම්නුත් එපා වෙනවා. අපිට ඇතුලට යන්න තහනමක් නොතිබ්බත් මට ඒ කාලේ අයිස්ක්‍රීම් හදපු හැටි නම් මතක නැහැ.  හැබැයි ඉතින් දැන් වගේ ගනන් නොවුනත් අයිස් පලම් එකක් ගන්න සතපනහක් හොයා ගත්තේ නම් පුදුම අමාරුවකින්. අයිස් කෝන් එකක් රුපියල් දෙකකුත් චොක්ස් එකක් රුපියල් පහක් වගේ ගානකටත් තිබ්බා වගේ මතක. වැඩිපුරම කන්නේ පලම් නිසා පලම් වල ගාන විතරයි හරියට මතක.

මෑත කාලේ දවසකත් ගම් පළාතේ ගිය වෙලාවක පුරුදු අයිස්ක්‍රීම් ෆැක්ටරියට ගිහින් අයිස් පලම් අරන් කෑවත් ඒ කාලේ වගේ රසක් දැනුනේ නම් නැහැ. ඒ ඇරෙන්න ඔය වන්දනා ගමනක් වගේ යනකොට ඉන්න අයිස් ක්‍රීම් කරයෙක්ගෙන් අයිස් කෝන් එකක් අරන් කෑවත් ඒ කාලේ දැනුන රසනම් දැනුනේ නැහැ. ඒකට හේතුවක් නම් මට හිතා ගන්න බැහැ.

මටනම් දැන් තියෙන මොන අයිස් පලම් එකක් කෑවත් ඒකාලේ ඒ විඳ රසනම් කිසිම එකකින් දැනිලා නැහැ.

ඡායාරූපය මෙතනින්

18 අදහස්:

මටත් මේ අයිස් පලම් සම්බන්ධයෙන් හොඳ මතකයන් තියෙනවා. ඉස්සර මේ අයිස් පලම් ගේන මිනිස්සුන්ගෙ පෝං පෝං නලාවෙ සද්දෙට අපේ කටට කෙල උනනවා. ඒ වගේම පෙරහැර බලන්න ගියාමත් මෙයාලගෙන් පලමක් දෙකක් කන්න අවස්ථාව තිබුණා. මටත් මතකයි ගාන ශත පනහෙ ඉඳන් ටික ටික වැඩි වුණ බව.

ඒ එක්කම ආවනේ අර පොලිතින් පැකට් එකේ තිබුණ ඒවා. ඒවත් එක්ක මේ පලම් ටික ටික පේන්න නැතිව ගියා. ඔය දවස් වල තමයි ශීතකරණය කියන භාණ්ඩෙ ගෙවල්වල සාමාන්‍ය වෙන්න ගත්තෙ. ඉතිං හන්දියක් ගානෙ තියෙන ගොඩක් ගෙවල් වල කාඩ්බෝඩ් කෑලි එල්ලුණා 'අයිස් විකිණීමට තිබේ' කියල.

මම නම් ඔය පිංතූරේ තියන විදියේ අයිස් පලම් කාලා නැහැ..මම ආස අයිස් චොක්ස් වලට.. ඒවා නම් පොඩි කාලේ කාලා තියනවා ගොඩක්.. ඊට අමතරව අපේ ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් අලිපේරයි දිවුලුයි අයිස් ක්‍රීම් හැදුවා.. අර පොඩි කෝප්ප වගේ එවට කෝටු ගහලා තියෙන්නේ අන්න ඒවා.. ඒකාලේ හැටියටත් ඒවා රු.5ක් උනා.. හැබැයි ඒක හොද කොලිටි එකට තිබ්බා..
පස්සේ පස්සේ ඉතිං එළිෆන්ට් හවුස්වොන්ඩර් බාර් එකයි පැණි කජු එකයි වැනිලා කප් එකයි තමා...!

අපිත් ඉස්සර ඔය සෙල්ලම තමා...ඉන්ටර්වල් එනකම් බලගෙන ඉන්නෙ පලමා ගාවට ගොහින් පලමක් කන්න...

මට පොඩි කාලෙ - ඒ කිව්වෙ 4- 5 වසරෙදි, අයිස් පලම් කන්න ලොකු ආසාවක් තිබුනෙ. මොකද මට ඒ දවස් වල ඒව කෑම තහනම්. ඉස්කෝලෙ ඇරිල ඉන්න ගමන් හොරෙන් දෙක තුනක් කෑව මාර ආසාවෙන්! කොහොම හරි මම ශිෂ්‍යත්වෙ කරල ඉවර වුනු දවසෙ මොනවද ඕන කියල අම්ම ඇහුවම පැනගෙන ඉල්ලුවෙත් ලොකූ අයිස් චොක්ස් එකක් ඕනෙ කියල. ඇයි ඉතින් කන්න දෙන්නෙම නෑනෙ.
දැන් නම් ඉතින් එලිෆන්ට් හවුස් අයිස් පලම් තමයි :)

පෙරහැර බලන්නගියාම අපිට නම් යන්තම් කෝන් එකක් වගේ කන්නහම්බ උනා. අයිස් පැකට් නිසා වෙන්නත් ඇති මේ පලම් නැති උනේ. ඒ කාලේ යෝගට් අයිස් පැකට් එකක් තිබ්බ රුපියල් 2ට මන් ලඟදි කෑවා අයිස්පැකට රුපියල් 5 . හැබැයි මෙලෝ රසක් නැහැ

හැබෑට මලී මේ වගේ අයිස්ප්ලම් කාලා නැද්ද? ඕනේනම් ගෙදරමහදා ගන්න පුළුවන් දැන්. මන් දැක්කා ආපිකෝ එකේද කොහෙද ඕවා හදන අච්චු තියෙනවා විකුනන්න.

අපිත් ඒකාලේ ඉන්ටවල් එකට අයිස් පලම් පැකට්, අච්චාරු කන්න තමා බලන් ඉන්නේ ගෙදරින් ගේන කෑම එකටත් වඩා.

අපිටත් කන්න අවසර හම්බ වෙන්නේ කලාතුරකින් තමා. හොරෙන් කන්න බැහැ සමහර ඒවා කෑවම කට රතු වෙනවනේ

මටත් ලාවට වගේ මතකය් අය්ස් පලම්. තව අය්ස් ක්‍රීම් වැන් එක....
මන් නම් වැඩියම කාල තියෙන්නෙ බීම පැකට්. රුපියල් 1 ය් අ දවස් වල...

මතක් වෙද්දිත් රස දැනෙනවා. ඉස්සර හැමදාම ඉන්ටර්වල් එකට අයිස් පලමක් වරද්දන්නෙම නෑ. රුපියලට තිබුන පාට පාට පලම තමා වැඩිපුර කන්නේ. සල්ලි තිබුන දාට දෙකයි පනහේ චොක් එකක් කබවා. පොඩි කාලෙ මට හැමදාම හෙම්බිරිස්සාව. ඒ මේ අයිස් පලම් කෑම නිසාම වෙන්න ඇති. මගේ අයිස් පලම් කෑම කොච්චරද කියනවනම් මට ගමේ කොල්ලො අයිස් පලම් ජාතියක නමකුත් දාල තිබ්බා.

මටත් මතකයි 2,3 පන්ති වල ඉන්න කාළෙ ඉස්කෝලෙ ඇරිල ඔය අයිස් පලම් කනවා.ඒ කාළෙ එකක් රුපියලයි.චොක්ස් එකක් දෙකයි.
මම දෙකේ පන්තියෙ ඉන්නකොට දවසක් ඉස්කෝලෙ ඇරිල අයිස් පලම් එකක් කන්න යනකොට පන්තියෙ ළමයෙක් ඇවිත් බස් එකේ යන්න සල්ලි නෑ කියල කිව්වම මං මගෙ අතේ තිබුන රුපියල් දෙක දුන්න.මෙන්න ඊට පස්සෙ මේ ළමය අයිස් පලම් එකක් කනව ඒකෙන්. :( මට හරිම කේන්තියි.මොනා කරන්නද!
පුංචි ළමයින්ගෙ හිත් මල් වගේලු! ! !

දන්නවද වැඩක් මේ අයිස් ක්‍රීම් ගැන,

ආතතිය (Stress) ඇති උනාම නියම බේතලු.
තද උනාම නියම බේතලු.

ඉතින් දැන් තියෙන්නේ තද උනා හරි, ආතතිය හරි කියලා අයිස් කන්නයි තියෙන්නේ...

/බිඟුවා...!

හිත් මල් වගේ උනාට කරන්නේ නරක වැඩනේ.

හැබෑද ආතතියට හොඳයිද? එහෙනම් ටිකක් වැඩිපුර කන්න ඕනේ. කොහෙද වැඩියෙන් කාපුගමන් සෙම වැඩි වෙනවනේ

සෙම වැඩි වෙලා මලාම ආතතිය ඉවරයි!

එකපාර මැරෙනවනම් කරලා බලන්න තිබ්බ ඒත් ඉතින් සෙම වැඩි වෙලා දුක් විඳ විඳ මැරෙන්න බැහැ.

මටත් මදි නොකියන්න සෙම තියෙනව.. ඒත් හම්බ අයිස් ක්‍රීම් නම් නොකා ඉන්නෙ නෑ.. :D

උඹවනම් ඉතින් දැක්කම ඒ බව පේනවා :-p

ඇලරික්ස් අයිස් ක්‍රීම් නේද?
මටත් මතකයි සුදු පාට කරවැන් එකක් එනවා...
ඒකෙ ටොක ටොක සද්දයක් එනවනෙ...
හැබැයි අපේ අම්මා නං කවදාවත් ඒ වෑන් එකේ අයිස් පලම් කන්න දුන්නෙ නෑ... බඩේ අමාරුව හැදෙයි කියලා... බිම පැකට් හෙවත් අයිස් පැකට් වත් කන්න මම පින් කරලා තිබුනෙ නෑ... මොකද පොඩි කාලෙ මට හැමදාම සෙම්ගෙඩි හැදෙනවා... අයිස්ක්‍රීම් වලින් නම් මගෙ සිත් ගත්තෙ "එලිෆන්ට් හවුස් ෆෘට් ඇන්ඩ් නට් ෆියෙස්ටා" කොල පාටයි.. මාර රසයි...
ම්ම්ම්ම්ම්ම්ම්ම්

අයිස් පලම් මාත් පොඩිකාලෙ කාල තියනවා. සත පණහෙ එකේ වැඩිය තිබුණෙ දොඩම් රස එකයි දිවුල් රස එකයි. රුපියල් දෙකේ එක ලොකුයි.ඒකෙ එක එක පාටවල් රසවල් තිබුණා. ඉස්කෝලෙ ඇරිල මේව කකා පාර දිගේ යන එක හරිම විනෝදයි. පස්සෙ කාලෙක ආසාවට මං ඒ වගේ අයිස් පලම් ගෙදරදිත් හදල බැලුව දිවුල් වලිනුයි චොක්ලට් මිශ්‍ර කිරි වලිනුයි. ඒත් ලස්සන කෝටු තිබුන්නැහැනෙ ඒ හින්ද පොඩි කැට විදියට හදල සූප්පු කළා. ඒවත් රහයි :D

අපේ පැත්තේ තිබ්බ එකනම් Woodland ද කොහෙද මට නම නම් හරියට මතකනැහැ. Alaerix එවා තමා ගොඩක් දකින්න තියෙන්නේ නම්

ඉස්සර අපිත් ගෙදර හදන්වා. ලොකුපලම් හරියට මිදෙන්නේ නැහැ පොඩිකැට නම් හරි ගියා කෝට්ට වෙනුවට ඉරටු කෑලි තමා ගැහුවේ

පොඩි කාලෙ ඉදන් wheezing තිබ්බ නිසා අයිස් ක්‍රීම්1ක් කන්නෙ රෑට බොන්න ventolin එහෙම සූදානම් කරගෙන.ඒත් පුදුමෙ කියන්නෙ හොරෙන් කද්දි කවදාවත් අසනීප වෙන් නෑ.මට support1 දුන්නෙ එහා ගෙදර set එක.මම සල්ලි දුන්නම එලිෆන්ට් හවුස් ලීටර් 4එකක් ගේනව එහෙ මල්ලියා.බාගයකුත් ටිකක් එයාලට.ඉතුරු ඔක්කොම මගෙ බඩේ.මැරුණෙ නැතුව පුදුමයි!

Bloggers.com - Meet Millions of Bloggers