මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේ තරම් සුන්දර සතෙක් මන් හිතන්නේ මුළු ලෝකේම නැතුව ඇති.


වෙන රටවල් ගැන නම් මන් දන්නේ නැහැ හැබැයි ලංකාවේ නම් හැමැ පළාතකම වගේ සුලබව දකින්න පුළුවන් සතෙක් තමා මදුරුවා කියන්නේ. අනික් පළාත්වලට සාපේක්ෂව සීතල පළාත් වල ටිකක් අඩු උනත් මදුරුවො නම් නුවර එළියේ උනත් නැත්තේම නැහැ.

හරක්, ඌරෝ, කුකුල්ලු වගේ සත්තු හදල මසට හරි කිරි, බිත්තර විකුනලා හොයන සල්ලියට වඩා සල්ලියක් මිනිස්සු මදුරුවන්ගේන් හම්බ කර ගන්නවා ඇති. නිදහසේ නිදාගන්නවත් නොදී අන්තිමේ මිනිස්සුන්ව වල පල්ලට යවන්න තරම් මදුරුවා කියන සතා දරුණු වෙලා තියෙන්නේ ඇයි කියලා මන් නම් දන්නේ නැහැ.

කනට මිහිරි වාදනයකින් සුව නින්දකට අපිව පත්කරන ගමන් චීන කටු චික්සාවක් වගේ පුංචි රිදුමක් එකක් නින්ද යන්න ඉන්ජෙක්ෂන් එකක් දීලා අපේ සෞඛ්‍ය රැක දෙන්න තරම් මදුරුවා හරිම කාරුනිකයි.

ඉස්සර නම් අපේ ගෙදර එච්චර මදුරුවො හිටියේ නැහැ ඒත් ලස්සන මල් ගසුත් එක්ක වතුර පිරිච්ච් පෝච්චි වල මදුරුවෝ අපිම ඇති කලා නැත්තනම් පාළු හින්දා. අපේ සීයලෑ ගෙවල් වල එහම නම් මඩ පුවක් එක්ක තමා මදුරුවෝ හදන්නේ. එහෙ ඉන්න උන් නම් පොඩි සයිස් කුරුල්ලෝ වගේ.

කොච්චර සුන්දර සතෙක් උනත් මදුරුවො ඈත් කරන්න මිනිස්සු විවිධ දේවල් කරනවා. මාත් ඔය එක එක දේවල් කරලා තියෙනවා. මට නම් හිතෙන්නේ සාරථකම විදිහ තමා මදුරු දැල්. මදුරු කොයිල්, මැට් සහ වෙනත් බෙහෙත් ජාතිවලින් නම් කිසිම වැඩක් නැහැ. මාසෙකට සැරයක් විතර සමහර නගර සභාවලින් ඇවිත් රුපියල් දහයක විස්සක සපෝර්ට් එකක් අරන් ගහන් මදුරු තෙලත් , තෙලක් ද නැත්නම් වතුරක් ද මන්දා. මොකෝ එදාට වෙනදටත් වඩා මදුරුවෝ ඉන්න නිසා. පොල් තෙල් පිඟාන, මදුරුවෝ මරන විදුලි රැකට් එක කොච්චර සාර්ථක උනත් රෑ එළි වෙනකම් වන වනා ඉන්න කෙනෙක් හොයා ගන්න එක එච්චර ලේසි නැහැ.

සමහර ගෙවල් වල නම් කජු ලෙලි පත්තු කරනවා. ඒ දුම නම් මදුරු කොයිල් තරම් අප්‍රසන්න නැති ඇත්තටම මදුරුවෝ එලවන දුමක්. ඒත් ඒක හැමදාම කරන්න පුළුවන් කමක් නැහැ. මදුරු වදේ ගැන කියන්න ටීවී එකේ පත්තරේ නම් ලොකු ලොකු අය ලොකු ලොකු කතා කියන්වා ඒත් මුළු රටේම මිනිස්සු මදුරු වදෙන් දුක් විඳිනවා.

හැබෑටම මදුරුවන්ට කරන්න දෙයක් නැද්ද? අර දීපාල් සිල්වා කියන මල් පැණි බොන්න පුරුදු කරනවා වගේ ඉස්තරම් පිළියමක්.

ඡායාරූපය මෙතනින්

10 අදහස්:

"මාසෙකට සැරයක් විතර සමහර නගර සභාවලින් ඇවිත් රුපියල් දහයක විස්සක සපෝර්ට් එකක් අරන් ගහන් මදුරු තෙලත් , තෙලක් ද නැත්නම් වතුරක් ද මන්දා. මොකෝ එදාට වෙනදටත් වඩා මදුරුවෝ ඉන්න නිසා. පොල් තෙල් පිඟාන, මදුරුවෝ මරන විදුලි රැකට් එක කොච්චර සාර්ථක උනත් රෑ එළි වෙනකම් වන වනා ඉන්න කෙනෙක් හොයා ගන්න එක එච්චර ලේසි නැහැ."

haofi . . marenna hinaa meka kiyawalaa . . ..

"කනට මිහිරි වාදනයකින් සුව නින්දකට අපිව පත්කරන ගමන් චීන කටු චික්සාවක් වගේ පුංචි රිදුමක් එකක් නින්ද යන්න ඉන්ජෙක්ෂන් එකක් දීලා අපේ සෞඛ්‍ය රැක දෙන්න තරම් මදුරුවා හරිම කාරුනිකයි"
මරු කතාව, ලංකාවෙදි හෙවනැල්ල වගේ පස්සෙන් ඉන්න මදුරු සංගීත කණ්ඩායම් මෙහේ නැති එකනම් පුදුම සහනයක්.

මදුරුවා ගැන මම හිතන් හිටියෙ වෙනස් විදියට.. නියමයි ඇයි මෙ මිනිස්සු මදුරුවොත එක්කෙ මෙච්චර තරහා, නිමල් සිරිපාල මහත්තයා දැක්ක නම් මෙක... මාර වැඩක් වෙන්නෙ...

අපිනම් මදුරුවෝ මරන්නෙ නෑ. වෙන කාට හරි කියල මරවනව. අපි ඉතින් ඇල් වතුරත් නිවල බොන ජාතියෙනෙ.

මේ පැත්තෙ නම් මදුරුවො නෑ..
මහ රෑ (ඒ කියන්නෙ, අනිත් අයට උදේ) ඉන්නවද කියල නම් දන්නෙ නෑ. මොකද, මට නින්ද ගියාට පස්සෙ ඇහැරවන්න මදුරුව ලොකු මදි.. ;)

දන්නවද මරණේ,
ලෝකේ භයානකම සතා විදියට සැලකෙන්නේ මදුරුවා.
අවුරුද්දකට ලොකේ වැඩිපුරම මරණ සිද්ද වෙන්නේ මදුරුවන්ගෙන්.
මිලියන 2-3 ප්‍රමාණයක් විතර.
ඒත් පිරිමි මදුරුවා හොඳ එකා. ඒකා ලේ බොන්නේ නෑලූ. ශාක යුෂ බොනවලූ.

@ගයන්ත,
ඔව් ඔව්, උඹේ රූපේ දැක්කම මදුරුවෝ වැඩිය කෑගන්නේ නැතුව ඇති.


/බිඟුවා...!

දෙයියනේ කියල අපේ ගෙදරට හවස 6න් පස්සෙ මදුරුවො හත් අට දෙනෙක් එනව. ඒ ඇවිල්ල සින්දුවක් දෙකක් කියල අට නමය වෙද්දි යන්ඩ යනව. එයාල ආයෙත් ඊළඟ දවසෙ හවස 6ට තමයි එන්නෙ:D

උඹලට නම් හිනා අපිනේ දනෙනේ මදුරුවො එක්ක විඳින දුක.

මදුරු සංගීතේ නැතුව නිදා ගන්න එකත් හීනයක් මෙහෙනම්.

මන් නම් මදුරුවෝ එක්ක තරහා නැහැ මදුරියෝ එක්ක මිසක්.

අනේ වාසනාවන් හැබෑට වෙන කෙනෙක් ලව්ව මැරෙව්වම පව් නැද්ද? අපේ ඔය ලොකු ලොකු ඈයෝ කරන්නේ

උඹටනම් ගයන්ත මදුරුවෙක් තියා දෙබරෙක් විද්දත් දැනෙයිද මන්දා

අනේ හැබෑට මේ ගෑනු සත්තු නම් මදුරුවෝ කියලත් වෙන්සක් නැහැ.

හැබෑට උන් ගිය ආත්මේ වෙලාවට වෝඩ් රවුන්ඩ් ගිය දොස්තරලද දන්නේ නැහැ

මදුරුවෝ ගැන මම කියවලා තියන ලස්සනම නිර්මාණය තමයි දුක්ගන්නාරාළගේ ආලවක නරක නෑ පොතේ තියන මුදුරු ප්‍රේමය (නම හරියට ෂුවර් නෑ) ‍කියන කෙටිකතාව.. අපේ දිහාත් මදුරුවෝ ඉන්නවා.. ඒ වුනාට නින්ද ගියාම උන් මාව උස්සන් ගියත් මම නම් දන්නේ නෑ.

හැබෑට ඔහොම නිදියන්නේ කොහොමද අප්පා?? මට නම් හොඳට බීපු වෙලාවක් ඇරෙන්න මදුරුවෝ කනවා හොඳට දැනෙනවා

Bloggers.com - Meet Millions of Bloggers