මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මම මේ අපේ ධන රින ඇමතිතුමා වගේ ආර්ථික විද්‍යාව ගැන කතා කරන්න  යනවා එහෙම නෙමෙයි ඒත් මගේ සිහිනය සැබෑකරගන්න ණයක් ගන්න ගියාම සහ පහුගිය දවසක කියවන්න ලැබුන පොතක් නිසා හිතුන දේවල් ටිකක් මේ.

පොත ගැන විස්තරේ පහල තියෙනවා. මන් හිතන්නේ අපේ රටේ ඔය ආර්ථිකේට සම්බඳ ලොකු ලොකු තනතුරුවල ඉන්න අය ටිකක් පෙරලලාවත් බැලුවොත් හොඳයි මේ පොත.

අපේ රටේ බැංකුවකින් ණයක් එහෙම ගන්න යනවනම් අපි ගන්න යන මුදල වගේ දෙගුණයක්වත් වත්කම් අපිගාව තියෙන්න ඕනේ එහෙම තිබිලත් ගන්න ණය වගේ දෙතුන් ගුණයක් අපි ආපහු ගෙවන්නත් ඕනේ. අතේ මිටේ සල්ලි නැතිකෙනෙක්ට නම බැංකුවකින් ණයක් ගන්නවා කියන එක හීනයක්. හම්බ කරපුවා ඉතිරි නොකිරීමේ වරද නිසා මටත් ඉතින් සිහින සැබෑකරගන්න නම් පොඩි පහේ ණයක්ගන්න උනා. ණයක් ගන්න ඕනෙ කරන කිසිම සුදුසුකම්ක් මට නැති නිසා ඊට වඩා වැඩිමුදලක් ඇපේට තියලා තමා ණය ගන්න උනේ. අන්තිමේ ඇපමුදල තියෙනවා කියෙලා හිතුන නිසාත්, මන් හරියට ණය ගෙව්වත් ඒක එකතු කරන එක නම් නොකරන නිසාත් ඒ වෙලාවේ නම් ඒක හොඳයි කියලා හිතුනත් දැන් ගෙවනවා ගෙවනවා ඒත් ණයෙන් අඩුවෙන්නේ ඉතාම සුළු කොටසක් වගේ පේන කොටනම් කරගත්ත මෝඩ කමක් කියලා නොහිතෙනවාම නෙමෙයි.

බංගලිදේශයේ ග්‍රාමින් බැංකුවනම් ණයදෙන්නේ දුප්පත් අයට කිසිම ඇපයක් නැතුව තමා මේ ණය මුදල් ඔවුන් දෙනවා කියන්නේ. පොතේ තියෙන විදිහටනම් ණය ආපහු ගෙවන ප්‍රතිශතයත් ඉහල අගයක තියෙනවා. අපේ උනත් බැංකු වලට වැඩියෙන්ම පොලු තියෙලා තියෙන්නේ සල්ලිකාරයෝ මිසක් දුප්පත් අය නෙමෙයි දුප්පත් මිනිහෙක් පොල්ලක් තිබ්බොත් ඒ මිනිහාව එල්ලයි ඒත් කෝටිපතියෙක් පොල්ලක් තිබ්බොත් එයාට තව ණයක් දෙයි.

ලෝක බැංකුව වගේ ආයතන දුප්පත්කම තුරන් කරන්න කියලා දුප්පත් රටවල් වල ඉන්න සල්ලි තියෙන අය තවත් පොහොසත් කරනවා වගේ වැඩ ගැන මේ පොතේ හොඳ විස්තරයක් තියෙනවා. අනික මේ ග්‍රාමින් බැංකුව වැඩිපුරම ණය දෙන්නේ කාන්තාවන්ටලු. මොකද එයාලා පිරිමින්ට වඩා වගකීමකින් ණය මුදල පාවිච්චි කරනවා වගේ හේතු නිසා.

පොහොසත් අයට කෝටි ගනන් ණය ඕනේ උනාට දුප්පත් අයට ණය ඕනේ ඉතාම සූළු මුදලක් අනික ඔවුන් එය ගෙවන්නෙත් සති පතා වාරික වලින් එතකොට ආපසු ගෙවන ප්‍රමානයත් පොඩි ගානක් වෙන නිසා ණය මුදල ඉබේම පියවෙන බවක් තියෙනවාලු. මේ ක්‍රමේ අපේ රටේ අයත් කරනව කියලා මට අහන්න ලැබුනා. ණයට රුපියල් පන්දාහක් දුන්නම් දවසට සීය ගානේ දවස් හැටකින් ගෙවන්න ඕනේලු. ඒ විදිහට ණය දෙන අය ගොඩක් ඉන්නවා කියලා මට අහන්න ලැබුනා.

අපේ රටේත් ග්‍රාමීන් බැංකුවක් තියෙනවා. නමේ අග ටික ග්‍රාමින් උනාට මුල ටික ලොකුම ලොකු මුදල් වංචාවල් වලට සම්බන්ද නිසා මට නම් ඒ බැංකුව ගැන කිසිම විස්වාසයක් නැහැ. කොහොම උනත් පොතේ කියැවෙන හැටියට ඇත්තටම දුපත්කම නැති කරන්න නම් ඔය ලොකු ලොකු කර්මාන්ත ආරම්භ කරනවාට වඩා දුප්පත් අයට ණය දීලා ඒ අයව තමන්ගේම කිසියම් ස්වයං රැකියාවකට උනන්දුකරන එක හොඳයි කියලා මටත් හිතුනා

Banker to the Poor
Micro-Lending and the Battle Against World Poverty
by Muhammad Yunus

මුහම්මත් යුනුස්, ඇලන් ජොලිස් සමග
දුප්පතාගේ බැංකුකරු
ග්‍රාමීන් බැංකුවේ කතාන්දරය

පරිවර්තනය සරත් කැල්ලපත
සරසවි ප්‍රකාශනයක්
මිල රුපියල් 650

13 අදහස්:

මේ බංගලිදේශයේ බැංකු ණය ක්‍රමය ගැන මාත් කියවලා තියෙනවා පත්තරේකින්...

අනුන්ගේ කසි කබල් දේවල්, කරපින්න ගත්තට..හොඳ දෙයක් අනුගමනය කරන පුරුද්ද අපේ අයට නෑනේ..යාලුවා.

මේ වගේ එකක් මෙහෙ කරන එකක් නැහැ මොකද ඉතින් ගසාකන්න තියෙන ඉඩ කඩ අඩු නිසා.

ඔය පොත ලියපු කෙනාට නොබෙල් තෑග්ගද කොහෙද හම්බ උනා නේද. ලංකාවෙත් ඔය වගේ සාර්ථක ක්‍රම ක්‍රියාත්මක වෙනව සුලු පරිමාණෙන්. සර්වෝදය බංකුව ඒ වගේ එකක්.

ඔව් 2006 නොබෙල් සාම තෑග්ගත් හම්බ උනා. එකපාරක් ලංකාවටත් ආවා මන් හිතන්නේ.
http://en.wikipedia.org/wiki/Muhammad_Yunus

ම‍රණේ Yes Man ෆිල්ම් එක බලලා තියනවා නම්.. එකේ ඉන්න බැංකු නිළධාරියාට උසස් වීමකුත් ලැබෙනවා පස්සේ කාලෙක ඔය වගේ සුළු ණය දීලම.. මොකද ඒ බැංකුවේ ලොකු ණය විතරයි දෙන්නේ ලොකු වැඩ වලට. බැහැයි කියන්න බැරි හින්දා අර මනුස්සයා හැ‍මදේටම යස් කියනවා.. ඒ වගේ අය අපේ රටේ හිටියා නම් හරි.
කොහෙද ඉතිං නැති එකාවම කනවා මිසක් ඔළුව උස්සන්න දීමක් අපේ රටේ පුරුදු වෙලා නැහැ නේ.

අපේ ඉතින් නැති එකාගෙන් අරන් ඇති එකාට දෙන එකනේ කරන්නේ

මේ පැත්තෙ තියෙන (තිබුන) ඔය 'ග්‍රාමීන්' type බැංකුවෙ මැනේජර් ඇන්ටි, එයාගෙ ගෝල ඇන්ටිත් එක්ක එකතු වෙලා නොමිලේම සේප්පුව අතුගාලා දුන්නා.. :P

ඒවා ග්‍රාමීන් ටයිප් නෙමෙයි බන් සක්විති ටයිප්.

Yes, this concept of Muhammad Yunus is very interesting. As far as I know the repayment percentage goes upto about 95-98% and as you said most who repay better are women. This is why Prof. Yunis won the nobel peace price as well. Good article.

niyama post eka mare. . . .ela . . . meka newspaper eke danna watina lipiyak . . . (habai dan minissu newspaper nobalana nisaa blog eka tamai hodama tana)

මේක නම් හරියන්නේ නැහැ ඒත් කවුරුහරි ඒ පොතෙන් කරුණු උපුටගෙන හොඳ ලිපියක් පත්තරේට දානවානම් සෑහෙන්න වටිනවා.

ලංකාවේ මේ ක්‍රමය හොඳටම ක්‍රියාත්මක වෙන්නේ 'සණස' සමිති හරහා. ටිකක් හොයලා බලන්නකෝ.

ආර්ථික අවපාතයේදී දියුනු රටවල බැංකු කඩාගෙන වැටුණට අපේ වගේ රටවල් වල එහෙම වුණේ නැත්තේ මේ ණය දෙනකොට පොරොන්දම් 20 ම බලන ක්‍රමය නිසා කියලයි පණ්ඩිතයෝ කියන්නේ. බලාගෙන ගියාම ඒකෙත් හොඳ පැත්තක් තියෙනවා!