පොඩිකාලේ ඉස්කොලේ යන්න පටන් ගන්න කොට නම් මොකටද ඉස්කොලේ යන්නේ කියලා කිසිම අවබෝධයක් තිබ්බේ නැහැ. කවුරු හරි ඇහුවාම ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල හැමෝම කියන නිසාද කොහෙද ඇහුවොත් කියන්නේ දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙනවා. කියලා. ඒ කාලේ නම් පරිගණකය කියලා එකක් තියෙනවද කියලවත් දැනගෙන නොහිටපු නිසා කීයටවත් දැන් කරන රස්සාව නම් කරන්න හීන මවපුනැති බව මට 1000%ක් විස්වාසයි.
අනික් අය ගැන කෙසේ වෙතත් මම නම් රස්සාවක් කරන්නේ සල්ලි කීයක් හරි හම්බ කරගන්න. මොකද ඔය මොනා කිව්වත් ජීවත් වෙන්න සල්ලි ඕනේ නිසා. අපොස උසස් පෙලත් හරියට පාස් උනේ නැති උනාට පස්සේ තමා රස්සවක් කරන එක ඉලක්ක කරගෙන එක එක පාඨමාලා කොරන්න පටන් ගත්තේ. කොහොමින් කොහොම හරි අන්තිමේ මෙතන නැවතිලා ඉන්නවා.
මන් මේ කියන්න හදන්නේ මගේ එදිනෙදා වියහියදම් ගැන මට හිතුන දෙයක්. ගිය අවුරුද්දේ මේ කාලෙදි මන් උපයපු මුදලට වඩා ටිකක් වැඩි මුදලක් මේ අවුරුද්දේ මේ දවස් වල මන් උපයනවා ඒත් පුදුමේ කියන්නේ ගිය අවුරුද්දේ මේ කාලේ මාසේ අන්තිමට මගේ අතේ ඉතුරු උන මුදල වත් දැන් මගේ අතේ ඉතුරු වෙන්නේ නැහැ. ඒක නම් පුදුම වැඩක්. මන් හිතන්නේ ඕකට හේතුව බඩුමිල ඉහල යාම ම නෙමෙයි. උපයන මුදල වැඩිවෙනකොට අපි වියදම් කරන මුදලත් ඉබේම වැඩි වෙන එකයි. (ඒ කාලේ සංස්ථා ඕල්ඩ් බිව්වත් දැන් ඊටත් වඩා ගනන් අඩු ගල් බොන්නේ ඒත් ඉතුරුවක් නැතිහැටි ).
දැන් ඉතින් මන් ඉන්නේ ජීවිතේ හතරවෙනි දශකයේ නිසා හම්බ කරන සේරම කාලා බීලා හරියන්නේ නැහැනේ. ඒ කාලේට වඩා මට අලුතින් එකතු උන වියදම් නම් නැහැ ඒත් මටම හිතා ගන්න බැරි විදිහකින් මගේ ආර්ථිකය කඩා වැටිලා. කොහෙන් කොහෙන් හරි නිස්කාරන වියදම් ටිකක් ඇවිත් වගේ.
බ්ලොග් ලියන ගොඩ දෙනෙක් වැඩිය පවුල්බර එහෙම නැති අය ඉතින් ඒ අයට තමා මන් මේ කියන්නේ. සල්ලි කියන දේ අපේ අනාගතයේදි සෑහෙන්න වැදගත් කමක් උසුලනවා ඒක නිසා තම තමන් උපයන මුදල් ටිකක් අරපරිස්සමින් වියදම් කරන්න. තමන්ටම කියල මොකක් හරි කරන්න ගියාම තමා ඒ ඉතුරු කරපු සල්ලිවල අගේ තේරෙන්නේ. හැමෝගෙම දෙමව්පියන්ට සේරම කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට තමන් ගාව තියෙනවා නම් පිට කාගෙවත් රැස්පොට් බලන්නේ නැතුව තමන්ගේ දේවල් බලා කියා ගන්න පුළුවන් (අනික් අයට කිව්වට මටත් මේක තාම හරියට කර ගන්න බැරි උනා ඒත් මට ලැබුන අත්දැකීම් වලින් මේ කියන්නේ)
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
Subscribe to:
Post Comments (Atom)
20 අදහස්:
මං බ්ලොග් ලෝකයට වගේම, ඔයාගේ නවාතැනටත් අලුත් කෙනෙක්. නිල් අහසට ඇවිත් තියලා ගිහිපු, සලකුණු තමයි..මට මෙහාට පාර කිව්වේ.
මාත් ඔය කාරණය ගැන, හිත හිත ලතවෙන තෙනෙක්. මටත් තේරෙන්නේ නැහැ, මේ අවුරුද්දේ ..සල්ලී මදි, උනේ ඇයි කියලා. මම නං පොඩි බිස්නස් පාරක් නේ කරන්නේ...මේ අවුරුද්දේ බිස්නස්..සෑහෙන්න අඩුයි..
ඔයා හරි..කියන්නේ... හරියටම හරී.
ආදායමේ හැටියට.. වියදම් කරාමත්..ඔහොම වෙනවා තමයි. මටත් ඔය කලාවෙන් මිදෙන්න බැරුවයි මේ.. ඉන්නේ. ඉතිං නොහොමද ඉතුරු කරන්නේ.....
වෙන කාගෙවත් නෙමෙයි "මගේ මරණය" වෙත සාදරයෙන් පිළිගන්නවා.
හැමදාම මන් හිත හිතා ඉන්නවා මේ මාසේ නම් කීයක් හරි ඉතුරු කරනවා කියලා. දැන් අවුරුදු තුන හතරක් තිස්සේ තාම හිතනවා විතරයි
ඒකේන භෝගේ භඤ්ජෙය්‍ය - ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංච නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති
අනේ මචං අපොස සාපෙට පාලි ලියලා යන්තම් පාස් උනාට මේවායේ තේරුම් තේරේන්නේ නැහැ ඒක නිසා පොඩ්ඩක් සිංහලෙනුත් දාපන්
හපොයි සමාවෙන්න. මේ දවස් වල එකා එකා මමත් මහණ වෙලා හිටියා කියන නිසා ඉතින් මට අමතක වෙනවා මහණ නොවිච්ච අයත් ඉන්නව කියල.
තේරුම- එක කොටසක් කෑම බීමට, දෙකක් කර්මාන්තයන්ට යොදවන්න. අනිත් කොටස ඉතිරි කරන්න. මේක ඉතින් පොතක් ලියල තේරුම් කරන්න ඕන ගාථාවක්. මොනා උනත් ගන්න තියෙන අදහස හතරෙන් එකක් ඉතුරු කරන්න කියන එක. කොච්චර දුරට ප්‍රායෝගිකද ඒ ප්‍රතිශතය කියන එක මට එච්චර පැහැදිලි මදි මේ කාලය අනුව. අවශ්යතා එන්න එන්න උවමනා වෙම මේ කාලේ ඒ ප්‍රතිශතය ඉතුරු කරන එක නම් අමාරුයි
හරියට හරි බං. මේ අතින් ගත්ත අනික් අතින් ගියා. දැන් සල්ලි හරියට පිල්ලි වගේ.නැති වුණාම කනප්පු යවලවත් හොයා ගන්න බෑ.
"තමන් ගාව තියෙනවා නම් පිට කාගෙවත් රැස්පොට් බලන්නේ නැතුව තමන්ගේ දේවල් බලා කියා ගන්න පුළුවන්..."
ඔන්න ඔය කතාවනම් හරියට වටිනවා මරණේ. ඕකට පැන්ෂන් එකකුත් තියන ජොබ් එකකුත් තිබුණනම් තවත් හොඳයි:D
එක කොටසකින් කන බොන එක මේ කාලේ නම් කරන්න ටිකක් අමාරුයි වගේ
මේ අතින් අරන් අනික් අතට දෙන කොටත් ටිකක් අඩු වෙලා බන්.
ඔව් ඔව් පැන්සොන් එකකුත් තියෙන එකක් උනානම් හරි :-P හැබැයි එහෙම එකක් හම්බ වෙනකම් බලා ඉන්නකොට වයසට ගිහින් එහෙම නැති එකක් වත් දෙන එකක් නැහැ. ඒක නිසා දැම්ම මොකක් හරි කරලා කීයක් හරි හොයාගෙන ඒකෙන් ටිකක් වයසට ගියාම ගන්න ඉතුරු කරගන්න. :-P
අනේ සහතික ඇත්ත කතාව.. මාත් ඉතිං කාලයක්ම හම්බ කලානේ.. අනේ මන්දා මගේ සල්ලි නම් මොනාට වියදම් උනාද කියලා මං තියා සල්ලිවත් දන්නේ නැතුව ඇති මං හිතන්නේ..
ආයේ නම් එහෙම කරන්නේ නැහැ කියලා හිතන් නම් ඉන්නවා.. ඒ වුනාට ඉතිං අනේ මන්දා..
මට නම් දැන් රුපියල් දෙසීයක් ඉතුරු කරන්නත් මාසයක් විතර යනව!!අපි ඉතිං පොකට් මනි ඉතුරු කරන අය නෙ තාම.හ්ම්ම්...මටත් ඉක්මනටම රස්සාවක් ඕනේ!!
කියල වැඩක් නෙහෙ ඔය ගැන නම්... මන් 2006 / 2007 හම්බ කල ගානම වගෙ හම්බ කරනව දැනටත්.. අ කාලෙ නම් ඉගෙන ගන්නත් ඉතුරු කලා.. ඊත් දන් එහෙම වියදමකුත් නෙ.. ඒත් ඉතුරුවකුත් නෙහෙ... කොහෙන් මොකට වියදම් වෙනවද කියල හිතා ගන්න බෙහෙ...
ලියල කරල බලද්දි ඉතින් වියදමුත් වෙලා....
හික්! හොඳ වෙලාවට මට පැන්සොං තියෙන ජොබක් සෙට් වුණා. මේ කතාව උඹ වසරක් පාසා එක එක විධියට ලියන කතාවක්නේ මචෝ. හැමදාම කිව්වත් උඹටවත් මේක කරගන්න බැරි එකත් දන්නවනේ. හේතුව ඉතිං අපි අද දවසෙ ඉන්න මිනිස්සු වීමයි. හෙටක් ගැන වැඩිය නොහිතන නිසා වියදම් ගැන හිතන්නෙ නෑ. ඒත් කිව්වත් වගේ හම්බවෙන පඩිය විතරක් තියෙන මිනිස්සු වුණාම පරෙස්සමින් වියදම් කරන්න වෙනවා.
සිරාවට...ඇත්ත කතාව. පඩි ගත්තට ඉතුරු වෙන්නෙ නැහැ...ඒ මදිවට ගත්තු ණය ගෙවල ඉවර වෙද්දි පඩි ඔක්කොම ඉවරයි...
මාත් හැමදාම හිත හිතා විතරයි ඉන්නේ මලී
පොපීට රස්සාවක් හම්බ උන්නම හිතෙයි පොකට් මනි වලි හිටිය නම් හොඳයි කියලා. රස්සාවක් කරනකොට එච්චරවත් අතේ සල්ලි නැති වෙනවා
අපි මොකක් හරි වියදමක් ඉතුරු උන ගමන් කරන්නේ ඒකට හරියන වෙන වියදම හොයා ගන්න එක මන් හිතන්නේ කූල්
වසරක් පාසා නෙමෙයි හරේ දිනපතා ලිව්වත් හරි යන්නේ නැහැ බන්. හැබැයි උඹටත් ඔන්න පිළිවෙලක් වෙන්න හිතුවම තේරෙයි ඉතුරු කලේ නැහැ නේද කියලා
මටත් ණයකට සලකියයුතු ගානක් යනවා බන්
එහෙමද,හ්ම්...ඒත් ණය ගත්තම තමා හිර වෙන්නෙ.අපේ අයිය අවුරුදු තුනකට කලින් ගත්ත housing loan එක ගත්තෙ ලක්ෂ 10යි.මෙච්චර කල් ගෙවලත් දැන් මුලු ගාණ ලක්ෂ 12ක් වෙලා!(ගෙවන්න බැරි උන වාරිකත් ණයටම එකතු වෙනවලු නේ?.dntknw.)හැබැයි දැන් නම් එයා ඉස්සර වගේ නැතුව ඉදිරිය ගැන හිතල වැඩ කරනව.
බොන එක අඩු කරපං.. :P
වැඩක් නැහැ බන් ඔය මන් කිව්වේ ලාබ එකක් බීලත් ඉතුරුවක් නැහැ. කසියා තම ගහන්න වෙන්නේ
ඔයාගේ කතාව නම් හරියටම හරී
මාත් මේ දුක් විදින්නේ මන් වෙනුවෙන් එකම එක රුපියලක් හරි ඉතුරු කරගන්න
එත් කො තාම නැනේ රස්සාවක්
රස්සාව ලැබුනාම නම් කොහොම හරි ඉතුරු කරලා
කාටවත් බරක් නොවි
මගේ පාඩුවේ ජිවත් වෙනවා
පඩිය අතට ගත්ත ගමන්ම කොටසක් බැංකු ගිණුමක දමන්න.(මුලින්ම සුලු මුදලක්). ඉතිරි වෙන මුදලින් මාසෙ ගෙවාගන්න..
You can get all the books freely. Visit
http://www.sandakirana.com/
Post a Comment