මේ කතාව මන් දැක්කේ 2012-02-05 වෙනි ඉරිදා රාවය පත්තරේ තියෙන නාලක ගුණවර්ධන ලියන සිව්මංසල කොළුගැටයා ලිපියේ. සති පතා පලවෙන කොලමට වසරක් සපිරීම නිසා කතුවරයා විසින් තමාවම විවේචනය කිරීමක් තමා එහි තිබුනේ.
බ්ලොග් ලියන්න පටන් ගන්න සමහර බ්ලොග් කරුවන්ටත් මේක වෙනවද කියලා වෙලාවකට මට හිතෙනවා මුල් කාලයේ ඉතා රසවත් ලිපි ලියන බ්ලොග්කරුවන්ගේ ලිපි කාලයක් යනකොට මුල්කාලය තරන්ම හොඳ නොවීමට මේක හේතුවක් වෙන්න ඇති. කමෙන්ට් හරහා ඇත්තම තත්වයට වඩා ඉහලින් ඔසවා තබන බ්ලොග් කරුවන් පසුව ඔවුන්ගේ ලිපියට වඩා තමාව රැක ගැනීම කෙරෙහි අවදානය යොමු කරන්න පටන් ගන්නවා, එවිට වෙන්නේ ලිපිය අසාර්ථක නිර්මාණයක් බවට පත්වීම. කමෙන්ට් අඩුවීම හරහා මෙය නිර්ණය කරගන්න අමාරුයි මොකද දවසින් දවස බ්ලොග් ලියන්න අලුතින් පිරිසක් එකතුවෙන නිසා.
හිතන තරන්ම මේක ලේසි කටයුත්තක් නොවෙන්න පුළුවන්. බ්ලොග් ලිපියක් පලකලාට පසු ඒක කියවන අය තමන් ගැන මොනවා හිතයිද. මේක කොහොම තේරුම් ගනීද කියවන අය තරහා වෙයිද වගේ නොයෙක් දේවල් හිතන්න පටන් ගත්තාම ඇත්තටම අපේ අවධානය යොමු වෙන්නේ ලියමින් සිටින ලිපිය ගැන නෙමෙයි අපි ගැන. ලිපිය හරහා අපි අපේ තත්වය රැක ගන්න උත්සාහ කරනවා මිසක් ලිපියේ ගුණාත්මක භාවය වැඩි කිරීම කියන එක ගැන නෙමෙයි ඊට පස්සේ හිතන්නේ.
කමෙන්ට් කරන සෑම විටම අපි සැබෑ ආදහස් ප්‍රකාශ කරනවද? පහුගිය දවස් වල ෆේස් බුක් එකේ කවි ගැන විචාර කිරීම කියලා ගිය සංවාදයක බොහෝ දෙනෙක් ප්‍රකාශ කරලා තිබුනේ ඔවුන් බොහෝ විට කවි වලට අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ මොකද ඒවා දැම්මහම ඒ ලියපු අය ඔවුන්ව මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කරනවා බැනලා පණිවිඩ එවනවා වැනි දේ නිසා. ඒක නිසා ඔවුන් ලයික් එකක් පමනක් දමා යනවා කියලා. කවි වලට නම් කිසියම් රාමුවක් තිබ්බට බ්ලොග් වලට එහෙම්මම කියන්න බැහැ නමුත් කවි හෝ බ්ලොග් හෝ වේවා ඒවායේ සැබෑතත්වයට වඩා වැඩි තත්වයක් තිබෙන බව පැවසීමෙන් ඇත්තටම වෙන්නේ ලියන කෙනාගේ හැකියාවන් තවත් දුර්වල වීම.
මම හිතන්නේ බ්ලොග් කියවන අයත් බ්ලොග් ලිපි ගැන සැබෑ අදහස් දක්වන්න පටන් ගත්තොත් අනාගතේ දැනට තියෙනවටත් වඩා හොඳ නිර්මානාත්මක දේවල් බ්ලොග් හරහා අපිට කියවන්න ලැබේවි.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන

- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
නම් කිරීම් :
අනං මනං,
විකාර
අදහස් (42)
Feb
6
නම් කිරීම් :
අනං මනං,
බඩු මිල,
විකාර
අදහස් (56)
ජීවන වියදම දවසින් දවස ඉහල යනවා. බලමුකෝ ඒකෙත් හැටි
සංස්ථා ඔල්ඩ් අරක්කු බෝතලයයි | : | 810/= |
ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් එකයි | : | 264/= |
අලියා සෝඩා පොඩි බෝතලයයි | : | 65/= |
පොඩි කොකා කොලා එකයි | : | 85/= |
රටකජු ග්රෑම් 100 | : | 40/= |
කඩල ග්රෑම් 100 | : | 40/= |
බුලත් විටයි | : | 10/= |
ඔක්කොම | : | 1314/= |
2008 ඔක්තොම්බර් ඔය ටිකට ගිහින් තියෙන්නේ 1022
2009 මැයි මේ ටිකටම 1091 ගිහින්
මේ දවස් වල 1314ක් යනවා.
ඉතින් මේක කරන්න බැහැනේ අපි වියදම් අඩු කිරීමක් කලා
සංස්ථා ඕල්ඩ් නැතුව ගල් බොන්න පුරුදු උනා | : | 730/= |
සිගරට් 12ක් නැතුව 6ක් විතර ගත්තා | : | 132/= |
සෝඩා ලොකු බෝතලයයි | : | 125/= |
වඩේ 25 | : | 50/= |
මුළු වියදම | : | 1037/= |
සෙල්ලං නැහැ දැන්
Subscribe to:
Posts (Atom)