මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපේ රටේ බොනව කියන එක සැලකෙන්නේ මහ ලොකු අපරධයක් හැටියට බැරි වෙලාවත් රූපවාහිණියේ බොන දර්ශනයක් එහෙම ගියොත් කොටු පුරෝනවා ඒත් පහුගිය දවසක Discovery Travel & Living Channel එකේ ගියා සිංගප්පූරුවේ පැවති බියර් උත්සවයක දර්ශන වගයක්. අවසාන්යේ පෙන්නුවා බියර් ජාති හතරක් බොනවා ඒ හතර බොනකොට කටගැස්මට ගන්නෙත් වෙන වෙන විදිහට පිළියෙල කරපු කෑම ජාති හතරක්. ඇත්තටම ඒ මිනිස්සු නම් බීම වල රස නියම විදිහට විඳිනවා. අපේ අයියලා කොහෙද බියර් බොන්නෙත් අරක්කු ටිකක් සැන්ඩි වලට දාලනේ.

බියර් විතරක් නෙමෙයි මන් අහලා තියෙන විදිහට වයින් බොන්න විවිධ හැඩයේ වීදුරු භාවිතා කරන්නෙත් ඒ වයින් වල සුවඳ හරියට දැනෙන්නලු. ඔන්න ඔය වගේ විවිද දේවල් මිනිස්සු බොනකොට අනුගමය කරන්වා. ගොඩක් බීම ජාති නීට් බොන්න කියන්නෙත් එහෙම නැත්නම් අයිස් විතරක් දාල බොන්නෙත් ඔය බීම වල තියෙන නියම රස විඳින්න ඕනේ නිසා.

අපි ඉතින් සේරටම කොකාකෝලා දාල රස මරලා රස විඳිනවා. මට නම් ඕනේ මෙහෙත් බීම ප්‍රචලිත කරන්න හැබැයි හැමදාම හැන්දෑවට කනමදයා වගේ බොන්න නෙමෙයි . බීම වල නියම රස විඳින්න. අරක්කු වලට ස්ට්‍රෝංග් බියර් කලවම් කරන්න නෙමෙයි ගැලපෙන වෙන දෙයක් දාලා ඒකේ රස වැඩි කරලා රස විඳින්න.

මෙහෙත් බියර් උත්සවයක් තිබ්බනම් නියමයි අප්පා

ගිය සතියේ ලක්බිමේ මානිගේ තීරුවෙ මෙහෙම කතාවක් තිබ්බා. දියුණු වෙන්න නම් කරන්න තියෙන හොඳම දේ තමා යූ. එන්. පී. එකේ ඉඳලා ආණ්ඩුවට එකතු වෙන එක කියලා ඉතින් දැන් ආණ්ඩුවෙ ඉන්න කෙනෙකුට ඒක කරන්න නම් ගිහින් ආපහු ආණ්ඩුවට එකතු වෙන්න වෙනවා.

අපේ සමහර කාර්යාලත් ඒ වගේ තමා. ඉන්න අයට හොඳට සකලන්නේ නැහැ හැබැයි අළුතින් එන අය උඩින් පිළිගන්නවා ඒත් ගොඩක් වෙලාවට වැඩියෙන් වැඩ කරන්නේ නම් අර පරණ හිටපු අයම තමා.

පහුගිය දවසක අහන්න ලැබුනා අපේ රට ජපානේ වගේ දියුණු නොවෙන්නේ මේ රටේ ඉන්න මිනිස්සු රස්සාවල් මාරු කරන එක නිසා කියලා. කතාව නම් ටිකක් ඇත්ත. තැන් තැන් වලට යනකොට වැඩිය වගකීමකින් හිතන්නේ නැහැ වැඩේ අටෝන එක තමා කරන්නේ ඒත් ගොඩ දෙනෙක් මේක කරන්නේ (මාත් ඇතුළුව ) හරි හමන් සැලකීමක් පාලකයන්ගෙන් නොලැබෙන නිසා. අපි කොම්පැණි ගැන හිතුවත් උන් අපි ගැන හිතන්නේ නැහැනේ. අනික කොම්පැණි කාරයෝ නම් කීයටවත් රට ගැන හිතන්නේ නැහැ. උන් කොහොමත් හිතන්නේ ලැබෙන ලාබේ ගැන විතරයි රට නෙමෙයි ලෝකෙටම හෙන ගැහුවත් උන්ට වැඩක් නැහැ. ජපානේ තත්වෙ ගැන නම් දන්නේ නැහැ. හැබැයි මෙහෙ අයත් ජපන් යන්න පොරකන්නේ එහෙ සමාගම් සමහර විට මෙහෙට වඩා හොඳට වැඩකරන මිනිසුන්ට සලකනවත් ඇති.

පහුගිය දවසක මන් වැඩකරන සේවාදායකයෙක් කියනවා ඔයාගේ වැඩේ ලස්සනට ඉදිරිපත් කලොත් ඒකේ වාසිය ඔයාට කියලා. ඒකනම් ඇත්ත. මන් කරන්නේ Web Development ඉතින් එක Design එක ගැන වැඩිය හිතන්නේ නැහැ. ඒත් අපි කොච්චර හොඳට Development එක කලත් පාවිච්චි කරන කෙනාට පෙන්නේ Design එකනේ ඉතින් ඒක කැතනම් අපේ වැඩෙත් වැඩි වටිනාකමක් නැහැ.

IT Field එකේ විතරක් නෙමෙයි ඕනෑම Field එකක වැඩකරන හැමෝටම තමන්ගේ තැන රැක ගන්න නම හැමදාම අළුත් වෙන්න වෙනවා. මොකෝ අද දේ නෙමෙයි හෙට. කොච්චර අවුරුදු ගානක් අත්දැකීම් තිබ්බත් වැඩක් නැහැ අළුත් දේවල් ගැන දන්නේ නැත්නම්.

මන් හිතන්නේ අනික් ඒවටත් වඩා IT Field එකේ ඒ තත්වේ වැඩියි . ඉතින් අළුතෙන් මේකට එන්න හිතාගෙන ඉන්නවනම් හරි මේකෙ දැනටමත් නාන මන් වගේ කෙනෙක් හරි නම් අළුත් දේවල් ගැන හිතන්න නැත්නම් ඉතින් අනාගතේ අනතුරේ.

අරක්කු
කිසිම සැලසුමක් නැහැ හදිස්සියෙම වගේ කට්ටිය එකතු වෙනවා. ඔන්න ඉතින් එක්කෙනා රුපියල් සීය දෙසීය දාල අමාරුවෙන් රුපියල් හත්සීයක් විතර එකතු කරලා ගේනවා අරක්කු බෝතලයක්. ඕක බොන්න යන්තමට ඇති වෙන්න සෝඩයි හපන්න ලාබෙට මොනා හරිත් අරන් ඇවිත් ඉන්න ගානෙන් බාගයකට ඇති වෙන්න කෝප්පත් හොයා ගන්නව ඉතින් එකම කෝප්පේ (ගොඩක් වෙලාවට ප්ලාස්ටික් ) මාරු කරකර බෝතලේට වග කියනවා. කෝප්පෙට ටිකක් දාලා යන්තම් සෝඩා දාලා බොන්නේ එක උගුරට. ඔය අතරේ යන කතා බහ හරිම විනෝදයි. කතා බහ සරලයි අනිකා මොනා හිතුවත් ඔහේ කියලා දානවා. අරක්කු බොන කොට නම් වින්දනේ උපරිමයි හපන එකෙන් අතේ ගෑවෙන ඒවා පිහදාන්නෙත් කඩදාසියක...

විස්කි
ඔන්න ඉතින් වෙනම සැලසුමක් හදලා කට්ටියට ආරාධනා කරනවා. පිරිසිදු වීදුරු කෝප්ප අයිස්, සෝඩා හපන්න සොසේජස්, ඩෙවල්, ඔම්ලට්. පිඟන් වලට දාලා ගන්නේ ගෑරුප්පුවෙන්.වැරදිලාවත් වීදුරුවක් එහෙම මාරු වෙන්න දෙන්නේ නැහැ. වීදුරුවට ටිකක් දාලා ඒ වගේ දෙගුනයක් සෝඩා දාලා අයිස් පුරෝලා බොන්නේ උගුර උගුර. කතා බහ බරපතලයි අනික් කෙන මොනා හිතයිද දන්නේ නැහැ කියලා කියන දේවල් කියන්නේ හරිම පරිස්සමින් (අරක්කු බීලා ගහගන්නත් විස්කි බීලා සාමෙන් ඉන්නෙත් මේ නිසා වෙන්න ඇති ). ඉඳුල් ටිකක් හරි අතේ ගෑවුනොත් පේපර් සවියට් එකකින් තමා පිහ දාන්නේ. ඇත්තටම මේලෝ රහක් නැහැ .....

මොන වින්දනයක් නැතත් විස්කියි අරක්කුයි එකට තියලා බොන්නේ මොනාද කියලා ඇහුවම නිතර බොන්න නොලැබෙන නිසා තියෙන පෙරේතකමට මාත් තෝර ගන්නේ ඉතින් විස්කි කියන එක තමා

මන් හිතන්නේ පළවෙනි වතාවට මන් පොත් ප්‍රදර්ශනේට නොගිහින් හිටියා.
ගන්න පොත් 4ක් 5ක් හිතේ තිබ්බ ඒත් ගනන් ගැන හොයලා බැළුවම නොගිහින් ඉන්න එක හොඳයි කියලා හිතුනා පොත් වල ගනනුත් අරක්කු වල ගනන් වගේ හැමදාම වැඩි වෙනවද කොහෙද???

කවුරු හරි ලිබර්ටි සිනමාහලේ තියෙන Love Aaj Kal ෆිල්ම් එක බැලුවද?
කොහොමද හොඳයිද?

ඉතින් ඔන්න මාත් අවුරුද්දක්ම බ්ලොග් ලීවා ආරම්භය ගැන නම් මට හරියටම මතක නැහැ ඒත් මතක හැටියට ඒක උනේ මෙහෙමයි .

දවසක් මගෙ යාලුවෙක් ගූගල් චැට් එකේ සිංහලෙන් දැම්මා මන් හිතුවේ සිංහල ෆොන්ට් වලින් දැම්ම කියල මාත් කැරැක්ටර් මැප් එකෙන් කොටලා දැම්මා, මෙන්න බොලේ එනවා සලකුණු ගොඩක් ඔන්න ඒ වෙලාවේ අරූගෙන් හූ පාරකුත් කාල කරන හැටි අහගත්තා ඒ පාර තමා මේක දුන්නේ. එදා ඉඳලා මන් ලියපු හැම සිංහල යුනිකෝඩ් අකුරක්ම ලිව්වේ මේකේ පිහිටෙන් තමා.

ඔය අස්සේ ඉතින් දැන් ඕකෙන් සිංහල ගගහා ඉන්නකොට මේ වගේ වැඩක් කරන්න ගිහින් කොහෙමෙන් හරි ගියා සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට. ඕකේ ඒවත් බල බල ඉන්නකොට මට හරියටම මතක නැහැ කොහොම හරි මලීගේ තොසේ කතාවත් දැක්කා. ඒක තම මටනම් මතක විදිහට මන් දැකපු මුල්ම සිංහල බ්ලොග් ලිපිය ඒකට තමා මන් මුලින්ම කමෙන්ට් එකකුත් දැම්මේ. මන් මේ කියන්නේ අවුරුද්දකට විතර කලින් උන දේවල් ඒක නිසා හරියටම මතක නම් නැහැ ඕන්. ඒ දවස් වලම වගේ ඉඳන් දැන් වැඩිය ලියන්නේ නැති හරේ ගේ ජීවත් වෙනකොට බ්ලොග් එකෙත් සැරි සැරුවා.

මේවා දැකලා තමා මට සිංහල යුනිකෝඩ් බ්ලොග් එකක් ලියන්න හිතුනේ. ඊට කලින් සිංහලෙන් ටයිප් කරලා ඉමේජ් හදලා බ්ලොග් එකක් කලා. ඉංග්‍රිසි බැරි උනත් බැරි මරගාතේ ඉංග්‍රීසි එකක් කරන්නත් හැදුවා ගූගල් සල්ලි හොයන්න ඒත් මේක විතරයි මට හරියට කරගන්න පුළුවන් උනේ සහ ආසාවක් ඇති උනේ.

වැඩිපුරම මන් අතින් ලියැවෙන්නේ අරක්කු (ගූගල් වල මගේ අනන්‍යතාවයත් මේක තමයි) ගැන ඒ ඇරෙන්න ගංජා වගේ සමාජයේ නරක යැයි කියවෙන දේවල් ගැන (දැන්නම් වැඩිය බීම ගැන ලියන්න බැහැ බලධාරියා විසින් දෝෂාරෝපනය කරන නිසා ) ඒක නිසාම මම මගේ බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට දාලා නැහැ ඒත් කොත්තුවට නම් දැම්මා. සිංහල බ්ලොග් කියවනයට හැම වයසකම අය එන නිසා ඒකට එන අයට මන් ලියන ඒවා නරක් වෙන්න පුළුවන් උනාට (එහෙම කවුරුත් කිව්වේ නැහැ මන් හිතුවා මිසක්) කොත්තුවට ඒක එච්චර ගැටළුවක් නැහැ කියලා මන් හිතන නිසා ඒකට දැම්මේ.

මේකේ නම ගැනත් කියන්න ඕනේ. කොහොමත් මන් වැඩිය ජීවත් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි මන් කැමති මාව මැරෙනවනම් ඒක නිසා මන් කැමතිම දේ නිසා මන් මේකට මගේ මරණය කියලා දැම්ම. මේ නමට නම් මන් හරිම ආසයි.

සිංහල බ්ලොග් ප්‍රචලිත කරන්න සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයෙන් නම් ලොකු මෙහෙයක් සිද්ධ වෙනවා. සමහරු ඒකට මොන විදිහේ චෝදනා කලත්. සිංහල බ්ලොග් අවකාශයතුල හැමෝම එක්ක හොඳින් ඉන්න ඕනේ නිසා මන් අකමැති දේවල් ලියන බ්ලොග් අඩවි වලට මන් නොගිහින් ඉන්නවා මිසක් ඒවාට ගිහින් ලියන අයට බැනලා එන එකනම් මන් කිසිම වෙලාවක කරන්නේ නැහැ.(ෂේප් න්‍යයාය ). හැමෝම තමන්ට කැමත් දේවල් ලියයි අපිට අනුමත කරන්න බැරි උනත් ඒ ලියන කෙනාගේ සතුටට බාධා කරන්න හොඳ නැහැනේ. මොකො මන් මගේ බ්ලොග් එකේ ලියන එකෙන් ලොකු සතුටක් ලබන නිසා.

මේක වෙන්න ඔනේ මන් ලියපු දිගම ලිපිය. කොහොමත් ලිපි පුළුවන් තරම් කෙටියෙන් තමා මන් ලියන්නේ, මාත් දිග ලිපි කියවන්න එච්චරම කැමති නැති නිසා තමා එහෙම කරන්නේ. ඉතින් වෙන මගේ බ්ලොග් කෙරුවාව ගැන ලියන්න තියෙන්නේ, මට දිගටම ලියන්න හිතුනේ මගේ බ්ලොග් එක බලලා කමෙන්ට් දාන අය නිසාම තමයි නැත්නම් ඉතින් ලියවෙන්නේ නැහැ. මට බැනලා නම් කවුරුත් දාල නැහැ. මට කමෙන්ට් අයින් කරන්න නම් සිද්ධ වෙලා නැහැ තාම නම්.

ඉතින් මාත් එක්ක හිටපු හැමෝටම බොහෝම ස්තූතියි!!!

චියර්ස්ස්ස්ස්ස්ස්....!!!!

මේ දවස් වල ඉතින් එක එක ඒවට තිත් තියාගෙන යන්වනේ. ඔය අතරින් ජන්ප්‍රියම එක තම මේ තිත.
දැන් කසිප්පු හෝගාලා අල්ලනවලු ඒකනම් හොඳ වැඩක්. ඒත් මේක කොච්චර සාර්ථකද කියලනම් මන් දන්නේ නැහැ. දන්න දන්න අය කියන්නේ කසිප්පු දැන් නැහැ කියලා. විකුනන අයත් කියන්වා දඩ වැඩි නිසා විකුනන්නේ නැහැ කියලා.

පෙරන්නෙත් නැහැලු , විකුනන්නෙත් නැහැලු ඒත් කසිප්පු කාරයෝ සේරම ඉන්නෙ බීලා. ඒක වෙන හැටිනම් මට හිතාගන්න බැහැ.

ඊයේ උදේ 10 ටත් කලින් උදෙට කන්න ගියාම එතන හිටිය ප්‍රදේශයේ ග්‍රාමසේවක මහත්තයා කොච්චර බීල හිටියද කියනවනම් කඩේ මුදලාලිගෙන් අහනව කෑවෙ මොනාද කියලා, මේ මිනිහා කාපු පිඟානත් මේසෙ උඩ තියෙද්දිම.
තව දෙන්නෙක් හිටියා අයියකෙනෙකුයි මල්ලි කෙනෙකුයි අයියට කෙලින් ඉන්නත් බැහැ මල්ලිට බනිනව කසිප්පු බීලා වැනි වැනි යනවා කියලා.

ඉස්සර නම් හැන්ඳෑවට සරුංගල් අරින්න ගියාම කට්ටිය යන්නේ පෝලිමේ දැන් එහෙම නැහැ ඒත් ගමේ ඉන්න සුපුරුදු බේබද්දො ටික ගානට වෙලාවට වැනි වැනි යනවා. මුන් එක්කෝ පුරුද්දට වෙරි වෙනවා එහෙම නැත්නම් මොන තිත තිබ්බත් බොන එකා බඩු හොයා ගන්නවා.

ඉතින් මේ තිත් තියන වැඩේ කොච්චර සාර්ථකද මන්දා.

පොඩි කතාවක්, අද කන්න හම්බ උනා ගෙදරක වවලා ගෙදර තම්බලා කොටපු වී වල බත්. සම්බා උනාට කඩේ තරම් සුදු නැහැ. කවුදෝ කිව්වා ඔය හාල් සුදු වෙන්න අළු හුණු දාල මොකද්ද කරනවා කියලා. මන් නම් හරියට දන්නේ නැහැ ඒත් ඒ කතාව බොරුම වෙන්නත් බැහැ. සුදු හාල් උනත් රතු හාල් උනත් ගෙවල් වල තම්බල කෙටුවහම එන හාල් වල බත් කඩේ හාල් වල බත් වලට වඩා පාටෙන් වෙනස්.

වෙළෙන්ඳෝ මොනාට මොනා දැම්මත් කමක් නැහැ ඔය කනබොන ජාති වලට වස විස නොදා. ඒත් ඉතින් අපි කන බොන හැම එකටම වගේ මොකක් හරි වසක් කලවම් කරලනේ මේ මිනිස්සු අපිට විකුනන්නේ.

මමත් ගියා ආකාස කුසුම් බලන්න. වැඩිපුරම යන්න හේතු උනේ මෙන්න මේ සිංන්දුව නිසා. ඒත් ඉතින් අන්තිමට උනේ බිල්ලු බාබර් බලන්න ගිහින් උන දේම තමා. අනේ මේ සිංදුව ෆිල්ම් එකේ නැහැ අඩුම ගානේ නම් දානකොටවත් තිබ්බනම්. අනික තියෙන මුල ටිකත් දෙබස් එක්ක පසුබිමෙන් යන්නේ.

මම ගියෙ ඊයේ (22) මේක පටන් ගත්තේ 21 ඒත් සෙනඟ නම් හිටියේ බොහොම ටිකයි. රීගල් එකෙත් එහෙමනම් අනික් ඒවායේ ඊටත් අඩු ඇති. කාලෙකට පස්සෙ හොඳයි කියලා හිතෙන ෆිල්ම් එකක් වගේ ආවත් සෙනඟ නම් නැහැ.

ඉස්සර හිටපු ජනප්‍රිය සිනමා තරුවකගේ වර්ථමාන ජීවිතය, එයාගේ අතීත සිදුවීම් වර්ථමානයට කරන බලපෑම්, පොදුවේ කාන්තාවන්ට පිරිමින්ගෙන් වෙන අසාධාරණයන් වගේ දේවල් තමා මේකෙන් කියැවෙන්නේ. (මට තේරුන විදිහටනම්)

මටනම් එච්චරම ඇල්ලුවේ නැහැ ෆිල්ම් එක.

වැඩි විස්තර

නිළ වෙබ් අඩවිය

IMDB

ඡායාරූපය උපුටා ගැනීම මෙතනින්


පර්ල් එස්. බක් ගේ Hidden Flower කියන පොතේ සිංහල පරිවර්ථනය තමයි සකායි කියන්නේ. මේක පරිවර්ථනය කරලා තියෙන්නේ මගේ කැමතිම ලේඛිකාවක් වෙන සුනේත්‍රා රාජකරුණානායක. සුනේත්‍රාගේ පොත් ඕනේ එකක් මන් ගන්න නිසා මේ පොත ගත්ත මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි ගත්තේ නම්. 1992 දි ප්‍රථම මුද්‍රනයේදි පොත් 2 ක් හටියට තිබිලා දැන් 2006 තුන්වෙනි මුද්‍රන්යේදි එක පොතක් හැටියට තමා තියෙන්නේ.

මගක් කියවද්දිම බ්ලොග් එකේ දාන්න හිතුනේ මේකේ කතාව යන්නේ දෙවෙනි ලෝක යුද්ධයට පස්සේ කාලේ ජපානයේ ජීවත් උන නම්බුකාර විදිහට ඉන්න හදන සාම්ප්‍රදායික ජපන් පවුලක යුවතියක් වන ජෝසු සකායි සහ ඒවගේම ඉන්න ඇමරිකානු පවුලක ජපානයේ සේවය කරන හමුදා නිලධාරියෙක් වෙන ඇලන් කෙනඩි අතර ඇතිවෙන ප්‍රේමය ගැන.

මේක කියවද්දි මට මතක් උනේ අපේ රටේ අනාත කඳවුරක ඉන්න වැදගත් දෙමළ පවුලක් අනාගතේ දවසක ගෙවල් වල පදිංචි උනාම එහෙම පවුලක ද්‍රවිඩ තරුණියක් සහ අපේ සිංහල හමුදා නිලධාරියෙක් අතර ප්‍රේමයක් ඇති උනොත් මේ වගේ වෙයිද කියලා.

යුද්ධෙන් දිනලා නිසා ඇමරිකානුවන් ජපන්නුන්ට සලකන්නේ පහත් විදිහට. යුද්ධෙන් පැරදුන නිසා ජපන්නු ඇමරිකානුවන් දිහා බලන්නේ වෛරයකින්. මේවා මේ විදිහටම නැතත් අපේ රටේත් අඩු වැඩි වශයෙන් නැත්තෙමත් නැහැ. (දැන් කට්ටිය කියයි ඒ යුද්ධෙයි මේ යුද්ධෙයි වෙනස් කියලා මටනම් කොහෙ උනත් යුද්ධේ යුද්ධෙම තමා). කොහෙදි හරි මන් දැක්ක ඉතිහාසයේ සිදුවීම් නැවත නැවත සිදු වෙනවා කියලා කවුද කියලා තියෙනවා.

ගිය පාර පොත් ප්‍රදර්ශන්යෙදි ගත්තත් අද තමා කියවන්න පටන් ගත්තේ තාම පිටු 320 න් 153 කියෙව්වේ.

මිල නම් ටිකක් වැඩියි 390/= පොත් ප්‍රදර්ශනයෙදි ගත්ත නිසා මන් හිතන්නේ 20%ක විතර වට්ටමක් ලැබෙන්න ඇති.

Bloggers.com - Meet Millions of Bloggers