මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

1992 දි සින්ග්ලංකා ලේබලෙයෙන් "කාලෝචිත ගී" කියල කාලෝ ෆොන්සේකාගේ ගීත එකතුවක් තිබ්බ ඒ කාලේ ඉඳලම දැන් අවුරුදු 18ක් විතර තාමත් මන් අසාවෙන් අහන සිංදු එකතුවක් තමා මේක. ඒ කැසට් එකේ සිංදු ටිකත් එක්ක තව අලුත් සිංදු කීපයක් එකතුවෙලා "රත්තරන් දුවේ" කියලා සීඩී එකක් ඊට පස්සේ නිකුත් උනා. කැසට් එකනම් දැන් අහන්න විදිහක් නැහැ ඒක නිසා දැන් නම් සීඩී එක තමා ඇහෙන්නේ.


කාලයක් එෆ් එම් නාලිකා වල පට්ට ගහපු දැන් මගුල් ගෙවල් හැම එකම වගේ ජෝඩුව පිටත් වෙලා යනකොට දාන රොහන වීරසිංහ එක්ක නන්දා මාලනී කියන "රත්තන් දුවේ.." සිංදුවත් සුනිල් එදිරිසිංහ ගේ "රුදුරු තුරු වදුලේ..." කියන සිංදුවත් මේකේ තියෙනවා. ඒ ඇරුනම අමරදේව කියන "සම්බුද්ධ රාජ..." එඩ්වඩ් ජයක්කොඩිගේ "පදාර්ථයට පන කවා....",  "ආසිරි වන්න ආයුබෝවන්න.." රෝහන වීරසිංහ, "ජීවිත ගමනේ..." ඉන්ද්‍රාණි පෙරේරා, "පෙම් සිනා...." වික්ටර් රත්නායක කියන සිංදු ටිකට මන් වැඩියෙන් කැමතියි මේ අතුරිනුත් "සම්බුද්ධ රාජ.." සහ "පෙම් සිනා.." කියන දෙකට තමා මන් වඩාත්ම ආස.

දැන් තියෙන සිංදු ගොඩක් දෙතුන් පාරක් ඇහුවට පස්සේ අහන එක එපා වෙනවනේ ඒත් මේ සිංදු නම් මට තාම නම් අහලා එපා වෙලා නැහ. ආයි ආයි අහන්න හිතෙනවා.

මේකේ සිංදුවල mp3 නම් මට හම්බ වෙලා නැහැ
මේකේ මිල රුපියල් 350

අපේ දුකාත් ලියලා තියෙනවා දැක්ක සිඩී එකක් ගැන මේ ලඟදි , ඒකත් කියවලා බලන්නකෝ.

13 අදහස්:

ස්තුතියි ඔත්තුවට......:)

හ්හ්ම්ම්ම්... සින්දු කිව්වම දැන් නම් මට හිනා යනවා මරේ.
මුකුත් නිසා නෙමෙයි අපි අර ඊයේ හුවමාරු කර ගත්තු සින්දුවේ අග මුල මතක් වෙලා.
කෝක නමුත් මේ ගීත නම් හැමදාමත් අහන්න පුලුවනි තමයි. දැන් තියෙන ඉන්ස්ටන්ට් ගීත වග් නෙමෙයි.

රත්තරං දුවේ ගීතය ගැන කියනවා නම්, ඒක මගේ අම්මා බෙහෙවින් ප්‍රිය කරපු ගීතයක්. ඒක නිසාම දැන් මම ඒක අහන්න බොහෝම අකමැතියි.

මටනම් ඔය CD එක අහන්ට සෙට් වෙලා නෑ මචං.. ඔය රත්තරන් දුවේ සිංදුව ලඟදි බලපු සංගීතෙකදි නන්දා මාලිනි කිව්වා.. ඉතින් ඕක කියන්ට කලින් ගීතය හඳුන්වලා දෙද්දි එතුමිය කියනවා ඔය සිංදුව ලිව්වට පස්සේ කාලෝ ෆොන්සේකාට මරණ තර්ජණ ආව හින්දා ලංකාව අත හැරල යන්ට වුනාලු... මට නම් ඔය රත්තරන් දුවේ සිංදුවේ මරණ තර්ජණ එන තරම් වචනයක් තියෙනවා කියල තේරුනේ නෑ.. සමහර විට ඔය CD එකේ ආන්ඩුව විවේචනය කරන වෙන සිංදුවක් තියෙනවද දන්නේ නෑ...

කොල්ලෝ මේ ලිපිය දැක්කාම මටත් මේ සී ඩී එක අරගෙන මගේ සී ඩී එකතුවට දාගන්න හිතක් පහල වුනා. . . ලබන පාර නිවාඩු ආවහම ගන්න ඕන . . අහ් වික්ටර්ගේ ගැහැනු ළමයි සී ඩී එකත්, සරත් දසනායකයේ ෆිල්ම්ස් වල සිංදු තියෙන ටූ සී ඩී පැක් එකේත් කේස් එක මගේ ලඟ ඉතුරු වෙලා සී ඩී මිසින් වෙලා ඒවත් ගන්න ඕන . . තැන්කූ වේවා ඔත්තුවට කොල්ලෝ . ..

රුදුරු තුරු වදුලේ... මං ආසම සින්දුවක්... නෑ නෑ ගීතයක්... සීඩීවලට ආදරේ නැති උන්ට ඔවා දෙන්න එපා. උන් ආතල් එකට එක පාරයි අහන්නේ. පස්සේ සීඩීඑක විනාස කරලා අයිතිකාරයා ඉල්ලුවොත් විතරයි දෙන්නේ...
ඒ නිසා ඔය කලෙක්ෂන් පරිස්සමින් තියා ගනින් සහො...

(මේක ලියන වෙලාවේ උඹ බීලද හිටියේ. උඹට තහනම් චවනය ගැන කියන්න අමතක වෙලා :ඩී නිකමට කිව්වේ හොඳේ... ඒ වචනය නැතුව ලිව්ව එක ගැන සංතෝස වෙනවා... මෙන්න 5ක්)

අද ඇහෙන ගීත ආන්නදයෙන් කෙසේ වෙතත් පටන් ගන්නෙම ලේ ටික බොයිල් කරලනේ. ඉතින් ඉවරවෙන කොට ඉහේ ඇම්ම.වින්දනයත් විඳවන කාලයක්. මේ ආරංචිය සහා දැනුවත් කිරීම කෝටියක් වටිනවා.

රුදුරු තුරු වදුලේ මගෙත් ආසම සිංදුවක්.. කොහොමත් ඔය 90 දශකයේ සිංදු වලින් ‍අයින් කරන්න තරම් සිංදු හොයාගන්න අමාරුයි.. දැන් වගේ චක බක මියුසික් නැති හින්දා අහන් ඉන්නත් අමාරුවක් නැහැ නේ..

කාලෝ ගේ සින්දුවක එනවා පදාර්ථය කියන වචනය. ඒ වගේ විද්‍යා පාරිභාෂික වචනයක් සින්දුවකට සෙට් කිරීම ඉතින් කාලෝට විතරක් ප්‍රලුවන් දෙයක්.

මේක දැක්කද?
http://kathandara.blogspot.com/2009/07/blog-post_11.html

මමත් මේ කියන සින්දු ගොඩක් අහල තියෙනවා සහ ඒවට සෑහෙන්න කැමතියි. හැබැයි ඔය රත්තරන් දුවේ කියන සින්දුව ආපු දවස්වල ටීවී එකේ පතුරුගහපු නිසා මට එපා වුණා. දැනටත් ඒක මට ඒ තරම් දිරවන්නෙ නෑ හොඳ සින්දුවක් වුණාට...

රත්තරන් දුවේ,පුංචි නංගියේ...වගේ සිංදු මඟුල් ගෙවල් වල දාන්නෙ මනමාලිව අඬවන්න.ඒක හින්දාද මන්දා ඔය සිංදුව ඇහෙද්දි මට මතක් වෙන්නෙ කඳුලු පෙරාගෙන අඬන මූණු.ඉතිං මම ආසා නෑ.හැබැයි මමත් classics වලට ආසයි.සිංහල,English,විශේෂයෙන් හිංදි.අඟහරුවාදා රෑට ටීවී එකේ භාරත ගී වින්දන බලන්නෙ නැද්ද ඔයාලා?ලස්සන පැරණි හිංදි සිංදු යනව

අ‌නේ ‌මේ පරණ ‌පොස්ට් කියව කියව ‌‌කොමෙන්ට් දාන එකට කට්ටිය තරහ ‌වෙයිද දන් නෑ. ඒත් ‌මේක නම් කියන්නම ඕ‌නේ. ‌මේ ව‌ගේ ගීත වලට ආස කරන තරැණ පරපුරක් ඉන්න එක ගැන හරිම සතුටුයි. හැබැයි අ‌පේ ළමයින්ට නම් ‌මේවා අහන්න පුරැදු කරන්න මාර ‌ගෙමක් ‌දෙන්න ‌වෙයි ව‌ගේ. රත්තරන් දු‌වේ ගීතය හරිම ලස්සනයි තමයි. හැබැයි ම‌ගේ ‌වෙඩි‌මෙදි මම ඔය ගීතය කියන්න එපා කියලා වි‌ශේෂ නි‌යෝගයක් කලින්ම දුන්නා. ඕක ඇහු‌වොත් අඩලා ‌මේකප් එකට ‌කෙල ‌වෙනවා‌නේ.

ford focus titanium - TIBC - Titaniumarts
TITIAN is a titanium trimmer brand brand founded in 1982, titanium hair dye in the United mens titanium earrings States with a long history and mens titanium wedding rings recognition 2020 ford edge titanium for sale for producing quality and premium equipment to make it

Bloggers.com - Meet Millions of Bloggers