මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පහුගිය දවසක කොන්ඩේ කපන්න ගිය වෙලාවක පොඩි ලමයෙකුත් කොන්ඩේ කපන්න ඇවිත් හිටියා, ඒත් ඒකා අපි පොඩි කාලේ වගේ කොන්ඩේ කපන්කොට එක යුද්ධයක් කලේ නම් නැහැ සමහර විට අපේ කාලේ පාවිච්චි කරපු මේ ජාතියේ කොන්ඩේ උගුල්ලන මැෂින් දැන් පාවිච්චි කරන්නේ නැති නිසා වෙන්න ඇති.


ඉස්සර අපි ගිය සැලූන් එකේ මේ වගේ උස පුටුවක් ලමයින්ට තිබ්බත් දැන් නම් එහෙම එකක් නැහැ ලොකු අය ඉන්න පුටුවකම තමා ලමයින්වත් ඉඳවන්නේ.

පොඩි කාලේ කොන්ඩේ කපන එක කොච්චර එපා කරපු කටයුත්තක් වෙලා තිබ්බද කියන්වනම් එදාට ඒ කාලේ තිබ්බ ඉස්තරම්ම කෑමක් වෙච්ච පළතුරු (ජෙලි)යෝගට් එකක් හම්බ වෙනවා කොන්ඩේ කපලා ඉවර උනාම. කොන්ඩේ කපන එක එපාම වෙන්න ලොකු හේතුවක්  උනේ එයාලා කොන්ඩේ කපන්න භාවිතා කරන උපකරන. කොන්ඩේ උගුල්ලන මැෂින් එකයි, අනිවාර්යෙන් බෙල්ල පොඩ්ඩක් කපන හරියට කැපෙන්නේ නැති දැලි පිහියයි වෙන්න ඇති. ගොඩක් වෙලාවට් පාවිච්චි කරන්නෙත් මොට්ට කතුරු. ඒවත් වෙලාවකට කොන්ඩේ කපනවා නෙමෙයි උගුල්ලන්නවා.  ගාස්තුව නම් මට මතක නැහැ මන් හිතන්නේ රුපියල් 10ක් විතර ගන්න ඇති දැන් නම් 60- 150 අතර ගානක් තමා ගන්නේ. ඊට වඩා ලොකු ගනන් 500 - 1000 දීල නම් මන් තාම කොන්ඩේ කපලා නැහැ.

ලංකාවේ අය ගොඩක් පිටරට ගියාම , තමන්ම කොන්ඩේ කපන්න පුරුදු වෙනවා කියලා මන් අහලා තියෙන්නේ. මෙහෙ රුපියල් 100ක් විතර දීල කොන්ඩේ කපල පුරුදු වෙලා එහෙ ගිහින් එක පාර ඩොලර් 10ක් 20 ක් දීලා කොන්ඩේ කපන්න හිත හදා ගන්න බැරුව ඇති.

එදා ඉඳලා අද වෙනකම් සැලූන් වල වෙනස් වෙනස් වෙලා නැති එකම අංගය තම කෙස්කොට පිරිච්ච මාස ගානකින් හෝදලා නැති බෙල්ල වටේ ඔතන සුදු රෙද්ද. මේක නම් පිරිසිදුව තියෙන කිසිම සැලූන් එකක් මට තාම හම්බ වෙලා නැහැ

ඡායරූප 1 මෙතනින්
ඡායාරූප 2 මෙතනින්

20 අදහස්:

අප්පා සැලුන් එකේ රෙද්ද ගැන නම් කතා කොරන්න එපා......:)...

මට නම් සැලුන් ගැන එතරම්ම ගැටලු නැහැ.
ඔව්, පිට රට ගිය කාලේ, මගේ කොණ්ඩේ කපා ගත්තේ මම මයි. පවුම් 30ක් තමයි අවම ගාස්තුව තිබ්බේ එහේ. ඉතින්, එච්චර ගානක් දෙන්න කොණ්ඩේ මහ ගොඩක් තියේයැ. මම ඔන්න ඔහේ කපා ගත්තා.

කොහොම උනත් පිරිමි පක්ශයට කොණ්ඩය කැපීමට ගැහැණුන්ට සාපේක්ශව යන වියදම 1:5 වගේ අනුපාතයක්. සෑහෙන්න අඩුයි. ඕක මම දැන ගත්තේත් පිරිමි කෙනෙක් ගෙන්ම තමයි.
:D

ඔව් ඔව් මටත් මතකයි මමත් පුචි කාලෙදි තාත්ත මාව එක්ක යනවා කොණ්ඩෙ කපන්න හරියට මරන්න ගෙනියන එළුවෙක් වගේ. පස්සෙ කාලෙදි ඉස්ස්කෝලෙන් කොණ්ඩෙ කපන්න පටන් ගත්ත ඔය මයිකල් ජැක්සන් එහෙම නැගල එන කාලෙදි. මොකද කොල්ලො එක එක විච්චුරණ දාල කපන හින්ද ඉස්කෝලෙන් නීතියක් දැම්මා අනිවාර්යයෙන්ම මාසෙකට සැරයක් ඉස්ස්කොලෙන් කොණ්ඩෙ කපන්න ඕනෙ කියල. ඉතින් කොල්ලන්ට නෝ සේ. ඔක්කොම එක කුස උපන් අයියල මල්ලිල වගේ තමා ඒ කාලේ. ඇයි ඔක්කොගෙම කොණ්ඩ එකම වගේ.

මටත් පොඩි කාලේ කොන්ඩේ කපනව කියන එක මරණවා වගෙ වැඩක්... විඳවන්නෙම නැත්තේ බාබර්කාරයා කනක් කපන්ටද කියලා අහද්දි වටෙ ඉන්න එවුන් හිනා වෙන එක...

අප්පා... ඔය රෙද්ද මතක් වෙද්දිත් බඩ දඟලනවා... හැබැයි දැන්නම් තත්වය ටිකක් වෙනස් සමහර තැන්වල... දැන් අඟලක් එකහමාරක් විතර මහත පොඩි ඇදෙන රෙදි කෑල්ලක් බෙල්ල වටේ ඔතනවා.. එකෙක්ගෙ කපලා ඉවර උනාම ඒක විසි කරනවා... ඒක හින්ද දැන්නම් ලොකු ප්‍රශ්නයක් නෑ...

@දුමී: එළුවා hik hik

හපෝ ලxකාවේ නම් අඹ ගහයට සුදේෂ් පිරිසිදුවට කොණ්ඩේ කපලා මසාජ් එකකුත් දෙනවා...සුපියල් 70 ට... බජාර් එක රන් කරන උඩු රැවුලටත් පොඩි ට්‍රිම් එකෙක් දෙනවා...
ඒකට මෙහේ... ලංකාවේ සල්ලි වලින්ම සුපියල් 450/= මලයාලි ටී වී ප්‍රොග්‍රෑම් බලන්නත් එපායෑ..
Ansh නංගී පවුම් 30 කිව්වහම...දෙයියෝ සාක්කි කියවුනා..!!!

හප්පේ ඒ දවස් වල මරණවා වගේ තමා ඔය වැඩේ. පොඩි කාලේ තාත්තා එක්කං ගියා එයාගේ යාළුවෙක් ගේ සැලුන් එකක‍ට බස්ටෑන්ඩ් එක ගාව. අනේ හුරතල් කොලු පැටියා කියලු බාබර් කිවුවා. එන්න කලින් පොර මාව මතක් වෙන්න කනේ කෑල්ලක් තියා ගත්තා. ඊට පස්සේ ගෙවිච්ච අවුරුදු විසි ගානටම මං ඌ ලඟට ගිහිල්ලා නෑ.
අනික් දැං මම කන විතරක් නෙමේ අවුරුද්දකට හමාරකට සැරයක් මිසක කොන්ඩේ කපන්නෙත් නෑ ;-)

ඉතාලියෙ මම ඉන්න පැත්තේ ඉතාලි අය සාමාන්‍ය විදියට කපන්න යූරෝ 15ඉඳන් වගේ ගන්නවා. අපේම අය පොඩියට අටවන් හොරෙන් කරන තැන් වල 7-10 අතර ගානක් ගන්නවා. හැබැයි කියන විදියට කොට කරන කිව්වට කරන්නේ නෑ. මොකද ආපහු ඉක්මනට ගෙන්න ගන්න ඕනනෙ. මම නම් කරන්නේ යූරෝ20 ට මැෂින් එකක් අරගෙන කපාගන්න එක. හරිම සිම්පල් පෑලෑනක් ඒක. :)

ඉතාලියෙ මම ඉන්න පැත්තේ ඉතාලි අය සාමාන්‍ය විදියට කපන්න යූරෝ 15ඉඳන් වගේ ගන්නවා. අපේම අය පොඩියට අටවන් හොරෙන් කරන තැන් වල 7-10 අතර ගානක් ගන්නවා. හැබැයි කියන විදියට කොට කරන කිව්වට කරන්නේ නෑ. මොකද ආපහු ඉක්මනට ගෙන්න ගන්න ඕනනෙ. මම නම් කරන්නේ යූරෝ20 ට මැෂින් එකක් අරගෙන කපාගන්න එක. හරිම සිම්පල් පෑලෑනක් ඒක. :)

අපට අවුරුදු 12-13ක් වෙනකල් මල්ලිගෙයි මගෙයි කොණ්ඩ කැපුවෙ අම්මා... ඒත් කාලෙන් කාලෙට ස්ටයිල් වෙනස් වෙද්දි අපිටත් කඩෙන් කපන්න ඕන වුණා...

පස්සෙ කාලෙකදි කොණ්ඩෙ වවන්න ගත්තම ආයෙත් අවුරුදු දෙක තුනක් කපන්න ඕන වුණේම නෑ. දිග මේන්ටේන් කරගන්න ඕන නිසා අම්ම මාස කීපයකට සැරයක් අගින් කැපුවා...

ආණ්ඩුවෙ රස්සාවත් එක්ක කේෂකලාපය කපන්න වුණාම මම ගියපු සැලුන් එකේ යාළුව තමයි ඊට පස්සෙ අවුරුදු දෙකක් විතර දිගටම මගෙ කොණ්ඩෙ කපන්නේ...

මගේ දිග කෙස් වැටිය දැන් අපේ ඥාති නැන්දල සෙට් එකක් උත්සව අවස්ථාවලදි පළඳිනව කියල තමයි ආරංචිය :P

කොණ්ඩෙ කපනවාද කොණ්ඩෙ වවනවාද කියන එකත් අද ආර්ථික හා සමාජීය ප්‍රශ්නයක් වෙලා.කාලයක් AIDS ප්‍රශ්න නිසා සැලුන් වලින් කපන්න බය වුණා. දැං නං ඊට වඩා භයානක ගාන.කෙල්ලන්ගේ කොණ්ඩත් ලේසි නෑ මේන්ටේන් කරන එක අද කාලේ තාලේ බැලුවම.

ගයන්තය කොන්ඩෙ කපන්නෙ වීදියවත්ත හන්දියෙ ස්පොට් එකෙන්.. රුපියල් 80යි ගන්න.. :D

කියන්න අමතක වුණා.. බදුල්ලෙ බන්ධනාගාරෙ රැඳවියන් විසින් කොණ්ඩය කපන සුභසාධන බාබර් සාප්පුවක් බදුල්ල බන්ධනාගාරයේ තියෙන බවත්.. ඒකෙන් සැලකිය යුතු තරමේ අඩු මිලකට කොණ්ඩය කපාගන්න පුළුවන් බවත් අහල තිබුණට කවදාවත් ඒතනට යන්න මතක් වෙලා නෑ....

ඇමරිකාවේ කොන්ඩේ කපන්න සාමාන්‍යයෙන් ඩොලර් 15 ක් විතර යනවා..මම කපන්න යන තැන මසාජ් එකකුත් එක්ක කොන්ඩේ කපන්න ඩොලර් 25 යි..මසාජ් දාන්න නම් යන්නේ නැහැ දැන්...හැබැයි එක පාරක් දැම්මා මොකෝ කොණ්ඩෙ කැපුවේ චූටි නංගි කෙනෙක්..මෙහේ හුඟක් සැලූන් වල කාන්තා පාර්ශවය වැඩ කරනවා....ඔය ගාන හින්දා කොන්ඩේ කපන්නෙත් මුළු අවුරුද්දටම 3-4 පාරක්...
පේරාදෙනිය කැම්පස් එකේ සති දෙකකට සැරයක් හරි කොණ්ඩෙ කපන්න පුළුවන්..මොකෝ රුපියල් 15..මසාජ් එකත් එක්ක 35... අනේ කියල වැඩක් නෑ ඒ කාලේ ගැනනම්...(දැන්නම් කොහොමද දන්නෙ නෑ ගනන් ..2008 දිත් මේ ගනන් ම තමයි )

අපොයි මමත් පොඩි කාලෙ ගමේ බාබර් සාප්පුවකින් කොන්ඩෙ කැපුවෙ. ඒක හරිම මාරාන්තික අත්දැකීමක් :-O බාබර් මොට්ට කතුරකින් කොන්ඩෙ උගුල්ලනව වගේ කරනව. ඊළඟට රෙද්දකින් ආවරණය කරපු කුටියකට යනව දැලි පිහිය මුවහත් කරන් එන්න. ඒ අතරෙ මට එතනින් පැනල දුවන්නමයි හිතුණෙ. ඒත් ඒ මිනිහ පුටුව ඉස්සරහිනුත් ලීයකින් හරස් කරනවනෙ වාඩි වුණාම. අපේ තාත්ත තමයි එතනට එක්ක යන්නෙ. ඒ කාලෙ දැන් වගේ බියුටි සැලොන් නෑනෙ.

කාලෙකට පස්සෙ අම්ම එක්ක ගියා ටවුමෙ ටිකක් හොඳ සැලොන් එකකට. ඒත් 12 වසරෙ ඉඳල මට කොන්ඩෙ වවන්න සිද්ද වුණෙත් ඒ මිනිහ නිසාමයි. මම A/L class එකේ ඉඳලත් ඒ මිනිහ මට කතා කළේ බබා කියලයි. බබා කොහොමද කපන්නෝනි අහනවා. මං ඒකට ආසම නෑනෙ. ඒ මං අම්ම එක්කම යන නිසා වෙන්නැති:-P

සිංගප්පූරුවෙ සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුගෙ කොණ්ඩය කපන්න $8ත් $10ත් අතර ගාණක් යනව. අපේ ලංකාවෙ සෙට් ඒක පුරුදු වෙලා ඉන්නෙ මැෂින් එකක් අරගෙන එක් කෙනෙක් තව කෙනෙකුගෙ කොණ්ඩෙ කපන විදිහට සහයෝගයෙන් ඔය වැඩේ කරගන්න.

වැඩිය style නැතුව කපනවනම් තනියම කපාගන්නත් පුළුවන්!

මම නම් පොඩි කාලෙ ඉඳන්ම කොන්ඩෙ කපලාම ඉන්න නිසා මට මේ ගැන අත්දැකීම් වැඩියි.

මතක විදියට පොඩි කාලේ මම කොන්ඩේ කැපුවේ එකම විදියට. ඔක්කොම මට කොල්ලෙක් කියලා කියනවත් මතකයි.
පස්සේ කාලෙක නම් මම සැලොන් එකින් ලොකු ගානක් දීල කෙස් ගස් දෙක තුනක් කපන් එනවා කියල මගේ යාළවෙක් හරි මමත් කපන්නම්කෝ කීව පලියට එයාව විශ්වාස කරලා මට ලොකු ඇබ්ද්දියක් උනා. ඒ මදිවට අන්තිමට යන්න උනෙත් සැලෝන් එකකට. ඒ විතරක්ද බොරු දාහක් කියන්න උනා ඇයි එහෙම කොන්ඩේ කැපුවේ කියලා. ඔය අස්සේ ලංකාවට එන්න උනා හදිස්සියෙන්. අම්මෝ... මතක් වෙද්දිත් හිනා. මේ ලෙඩක් හින්දා කෙස් ඔක්කොම කැපුවා කියලා යම්තම් සේෆ් උනා... එදායින් අද වෙනකම් මම ආයේ හොඳම හෙයා ස්ටයිලිස්ට් කෙනෙක්ගෙන් මිසක් කොන්ඩේ කපන්න බාර දුන්නෙ නෑ. බයවෙච්ච පාරට.
දැන් නම් මට කොන්ඩේ කපන්න 50€ වගේ ගානක් යනවා. කොහොමත් සැලෝන් එකට ගිහින් ඔක්කොම කරන්න තියෙන ටික කරන් එනකොට 100€ ක් 150€ ඉවරයි. හොඳ වෙලාවට මට පොඩි කොන්ඩයක් තිබ්බේ නැත්නම් ඔයිට වඩා ඒ වෙනුවෙන් වියදම් කරන්න වෙනවානේ.
ලංකාවට ආවාම නම් මම රමනි සැලෝන් එකෙන් කොන්ඩේ කැපුවේ 1500ල්ක‍්ර ද කොහෙද. කපපු කෙනාට චිට් එකයි එක්ක 2000 මෙයිට කලින් අවුරුදු වල. ඒ මදිවට මාසෙකට දෙසරයක් කපනා හින්දා ඕක ඩබල් උනා.
මේ පාර නම් මට හොඳ හෙයා ස්ටයිලිස්ට් කෙනෙක් හම්බා උනා. සාධාරණ මිල අයකිරීම් කලේ. ඉතින් මම නිතරම සැලෝන් එකේ පදිංචි වෙලා හිටියේ... හික්ස්...
ඒක කොයි තර්ම්ද කියනාව නම් මොකක්ද හලෝ ඕකෙ කපන්න තියෙන්නෙ කියලා අපේ මල්ලිගෙන් බැනුම් අහපු පාරවල් අනන්තයි...

මටත් මතක් වුණා හොද සිද්ධියක්. මම පොඩි කාලේ මම කොණ්ඩේ වවන එක අම්මට හරි ම වදේ.ඉතින් තාත්තා ගෙදර ඉන්නව නමි ඇති මාව තාත්තාගේ සයිකලේ ඉස්සරහ ඉන්දලා යවනවා කොණ්ඩේ කපන්න.එදා ට ඉතින් ගෙදර හරි යුද්දේ.සතියක් විතර යනකන් ඉතින් හිතට හරි නෑ.පස්සේ පස්සේ මම හැන්ගෙනවා අම්මා ඉතින් බලෙන් යවනවා මාව.දවසක් මම බෑම කීවා හොදටම ඇඩුවා.හැමදාම මෝඩයා වෙන්නත් බෑනේ.සැලුන් එකට ගිහිනුත් ඇඩුවා.එ පාර කාත්තා කියනවා අද කොණ්ඩේ කැපුවොත් කොණ්ඩේ හොදට දික් වෙනවලු.කොණ්ඩේ කපන කෙනත් ඒ කතවට හූ මිටි තියනවා.මමත් කල්පනා කළා.මටත් පාඩු නෑනේ.මමත් කොණ්ඩේ කැපුවා කතා දෙකක් නැතුව ම.කපලා ඉවර වෙනකොට කිවත් වගේ කොණ්ඩේ දික් වුණා.කොණ්ඩේ දිගයි පිටිපස්ස ටම.ඉස්කෝලේ ගියෙත් ආඩම්බරෙන්.කොණ්ඩේ ට එක එක ජාති කරනවා.අම්මට ත් කිසි කරදරයක් නෑ කියන දවසක් ඇත්නම් මමත් ගිහින් කොණ්ඩේ කපා ගන්නවා.ඇයි කොච්චර කැපුවත් කොණ්ඩේ දිගයිනේ.පස්සේ තමා තේරැණේ අනේ කැප් තොප්පියකට අල්ලලා මහපු බොරැ කොණ්ඩයක් දාලා මාව මෝඩයා කරලා කියලා.

ඒයි මරේ... 10 වසරෙ වගේ කාලෙ එක දවසක් එක යාලුවෙක් ආව අමුතු ස්ටයිල් එකක් දාගෙන. හරියටම දකුණු පැත්තෙ කණට උඩින් හරියෙ එක තැනක විතරක් (අඟල් 1 1/2 ක විතර ) තනිකරම තට්ටෙ පේනව. එහෙම පිටින්ම කොණ්ඩ තලියක්ම නෑ. ඉතින් දකින දකින හැම එකාම අහනව "අඩෝ උඹේ කණ ගාවින් මෝටාර් එකක් ගියාද" කියල. මූ පස්සෙ අපිට කිව්ව සීන් එක. ඒ කාලෙ තමයි අර කොණ්ඩෙ කපන ඉලෙක්ට්‍රික් මැසිම අම්බානක ජනප්‍රිය වෙලා තිබ්බෙ. ඉතින් මුගෙ කොණ්ඩෙත් ඒකෙන් කප කප ඉන්නකොට මූ කණ්නාඩියෙන් දැකල සුන්දර තරුණියක් යනව. කොණ්ඩෙ අමතක කරපු මූ ටක් ගාල හැරිල බලල.

Bloggers.com - Meet Millions of Bloggers