මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉස්සර මන් ගාව ජංගම දුරකතනයක් තිබ්බේ නැහැ. ඒ කාලේ කාගෙ හරි දුරකතන අංකයක් දුන්නම ඒක කොහේ හරි ලියා ගන්නවා. ඒ නොම්බරේට දෙතුන් පාරක් කතා කලාම නිකම්ම ඒ නොම්බරේ මතක හිටිනවා ඒ වගේ දැනට අවුරුදු 4 , 5 කට කලින් කට පාඩම් කරපු දුරකතන අංක බොහොමයක් මට තාමත් කට පාඩම් ඒත් මන් ජංගම දුරකතනය පාවිච්චි කරන්න පටන්ගත්තට පස්සේ හම්බ උන එකම එක නොම්බරයක් වත් මට මතක නැහැ. ගොඩක් ඒවා තියෙන්නේ ෆෝන් එකේ විතරයි කොහෙවත් ලියාගෙනත් නැහැ. කොච්චර හරි මන් වැඩියෙන්ම අමතන අංකේ වත් මට මතක නැහැ. කොහේ හරි ගිහින් ෆෝන් එක බැට්රි බැහැපු වෙලාවක කාට හරි ඇමතුමක් ගන්න ඕනේ උනොත් එහෙම ඉවරටම ඉවරයි.

මන් වැඩ කරන්න පටන් ගත්ත තැන නීතියක් වගේ උනා හැමදාම මොනා හරි ඉගෙන ගන්න එක පොතක ලියන එක. ඒකෙන් මට ඒ කාලෙ ඉගෙන ගත්ත දේවල් ගොඩක් තාම මතකින් ලියන්න පුළුවන් ඒත් දැන් සමහර දේවල් තියෙනවා ගූගල් නැත්නම් මට කරගන්න බැහැ කිසිම දෙයක් ගැන හොඳ මතකයක් නැහැ.

තාමත් මට යන්තම් එකයි එකයි දෙකයිවගේ එවා හිතෙන් එකතු කරන්න පුළුවන් ඒත් ඒ වගේ ඒවත් කැල්කියුලේටරයෙන් හදන අය කැල්කියුලේටරය නැති නම් එහෙම එකක් වත් හදා ගන්න බැරි තරමට අසරන වෙන වෙලාවල් තියෙනවා.

ගාමන්ට්වල වැඩකරන ගෑනු ලමයින්ගේ ගාන ලක්ෂ ගානක් වෙන්න ඇති ඒත් මේ අයගෙන් බහුතරයකට සම්පූර්ණ ඇඳුමක් මහන්න පුළුවන් ඇති කියලා මන් නම් හිතන්නේ නැහැ. එයාලා දන්නේ එක කොටසක් මහන්න විතරයි . බොත්තමක්, සක්කුවක්, කොලර් එකක් වගේ.

අපි ගොඩක් වෙලාවට පාස්වර්ඩ් එහෙම මතක තියාගන්න එක මෘදුකාංග වලට පවරනවා අන්තිමේදි අපිට පාස්වර්ඩ්නුත් අමතක වෙලා යනවා. වර්ඩ් වැඩ කරන්නේ නැති වෙලාවක අතින් ඉංග්‍රීසියෙන් ලියුමක් ලියලා දෙන්න කිව්වොත් වචන 10ක අකුරු හරියට ලියා ගන්න පුළුවන් වෙයිද?

මේ වගේ නොයෙක් විදි මගින් අපි අපේ කටයුතු යන්තර වලට පවරල වැඩ පහසු කරගන්නවා එකන් වැඩේ නම් ඉක්මන් වෙනවා ඒ ගමන් ම අපි කම්මැලියො වෙනවා. ඒ යන්තර සූත්‍ර නැතුව මොකුත්ම කරගන්න බැරි තත්වෙට අපිව පත් වෙලා තමා නවතින්නේ.

පාවිච්චි නොකරන අවයව ටික ටික අඩුවෙලා යනවා වගේ තව කාලයක් යනකොට අපි මොලෙත් නැති අය වෙලා නවතීද මන්දා

24 අදහස්:

අම්මපල්ල........

සහතික ඇත්ත කොල්ලෝ....

අර හිත මිස කය නැති බ්‍රහ්ම ලෝකයක් වගේ වෙයි.

ඔය ටෙලිෆෝන් කතන්දරේ නම් මටත් අදාලයි. ඒකේ පාඩම හොඳටම ඉගෙන ගත්තේ ගෙදර දොර වැහිලා ෆෝන් එක නැති උනාම මේ පාර ලංකාවට ආවම.. හොඳ වෙලාවට එකම එක නොම්මරයක් මතක තිබුනා...

මේ ළඟදි මම ආන්ඩුවේ කන්තෝරුවකට ගියා එතන හිටපු උන්දැ බොහොම බලගතු කෙනෙක්. අපි දෙන්නට කරන්න තිබුනෙ අතින් ලියන වැඩක්. එවුන්දැට ඒක අතින් ලියාගන්න බැරිව පට්ට දුකක් විඳින ගමන් මට කියනවා බලන්නකෝ මේ ජිජ්ජෙත්ති හින්දා අපිට වචන දහයක පේලියක් ලියාගන්න බෑනේ කියලා. මමත් මටත් ඕකෙමයි නේ කියලා හිත හදා ගත්තා...

කාලයක් අපිට තිබ්බ වලිගෙ නැතිවෙලා ගියා වගේ මොලෙත් නැතිවෙලා ගියොත් පුදුමයක් නෙවෙයි,හොදකට තියෙන්නෙ එතකොට අපිට ඒක ගැන හිතල කනගාටු වෙන්න ඔනෙ නෑ,ඇයි හිතන්න මොලයක් නෑනෙ.
කොටින්ම කිව්වොත් මට මගේ ටෙලිපෝන් නොම්බරෙ වත් මතක නෑ,කවුරු හරි ඉල්ලුවොත් මන් කරන්නෙ එයගෙ නොමබරෙ ඉල්ලගෙන මිස් කෝල් එකක් දෙන එකයි,එක අතකින් තාක්ශනය තියාගෙන මොලේට මොකටද වද දෙන්නෙ?

ඇත්ත කතාව. කොටින්ම කිව්වොත් එකෙක් මේ ලඟදි උන්ගේ ගෙදර නම්බර් එක මොකද්ද කියල මගෙන් ඇහුව. බුද්ධාගමේ මානසික පරිණාමය ගැන තියෙන විස්තර වලට අනුව නම් කාලයක් යනකොට ලොකු වෙනසක් වෙයි. මානසික පරිණාමය ශාරීරික පරිණාමයට බලපානවනෙ.

ඇත්තනේ බලාගෙන ගියාම ඒ කථාව. මේ කියලා තියෙන දේවල් බොහොමයක් මටත් අදාලයි අඩුවැඩි වශයෙන්

සහතිකෙන් ම ඇත්ත බන් කතාව. ඉස්සර ටෙලිපෝන් නම්බර් කීයක් මතකද. අදටත් මත ඒ ටික විතරයි. කොටින්ම පාවිච්චි කොරන පෝන් දෙකෙන් එකක් නම්බර් එකවත් මට මතක නැහ.

වර්ඩ් නැතුව ටයිප් කරොත් ස්පෙලිම් මිස්ටේක් අම්බානෙක.

හපොයි අපට උනු දෙයක්

සිරාවට..

සහතික ඇත්ත කතාව. ඔය කියපු ටෙලිෆෝන් කතන්දරේ නම් මට සෑහෙන්න අදාලයි. කොටින්ම මගේ මොබයිල් නොම්බරයවත් මම දන්නේ නැහැ. ඒකත් කවුරුහරි ඇහුවොත් ෆෝන් මෙමරි එක චෙක් කරලා තමයි කියන්නෙ. නැත්නම් ඒ කෙනාගේ නොම්බරය අහලා miss call එකක් දෙනවා.

අනේද කියන්නේ.. මේ වැඩ පහසු කර ගැනීමේ හැටියට කාලෙකට අත පය අනං මනං ඔක්කොම ක්ෂය වෙලා ගිහින් අන්තිමේදි අපි (මනුස්ස වර්ගයා) ඇමීබාවෙක් වෙයිද දන්නෑ..

අපොයි මමනම් තාමත් වැඩි හරියක් මගේ මොලෙන්ම තමයි වැඩ ගන්නෙ. මගෙ ෆෝන් බුක් එකේ අංක මට කට පාඩම්. අලුතින් අංකයක් දාගන්නකොට මං හොඳට අංකය හිතට ගන්නව. දැන් මට අංකය දැක්කම පුද්ගලයව හඳුනගන්න පුළුවන්. මං ඒ ක්‍රමයට හරිම ආසයි.
මේ ළඟදි මගෙ හොඳම යාලුවට එයාගෙ ෆෝන් අංකය දන්නැතුව මට කතා කරලයි දැනගත්තෙ.

සම්මා සතියනම් හරිම වැදගත් ළමයිනේ.

අම්මපා ඈත්තම ඈත්ත............. එල කිරි වදනක්.....

සහතික ඇත්ත බන්... SMS ගහලා පුරුදුවෙලා දැන් ලියුමක් ලියන්න ගියාමත් ලියවෙන්නේ කෙටියෙන්....දැන් දුරකථනය, අන්තරජාය නැතුව දවසක්වත් ගතකරන්න බැරි වේලා....

පාරෙදි යාලුවෙක් හම්බ වුනාම හිනා වෙනවා වෙනුවට ලොල් කියන්න එහෙම හිතෙන්නෙ නැද්ද

සිරාවටම ඇත්ත කතාව මචෝ!!

සිරාවටම.. එළ එළ..

අවාසනාවට ඇත්ත කතාවක්... මටත් ඔය අවුල තියෙනවා...
අතින් ලියද්දි වැරදුනොත් undo කරන්ට හිතිලා නැද්ද...

This comment has been removed by the author.

අම්මප කතාව ඇත්ත නොවෙද කියලා මේ මොල ගෙඩියට තේරුනෙත් දැන් තමයි. අපට නොදැනි අප අපටම නැති වෙලා යනවා. අපොයි!

අනේද කියන්නේ..Googling නැති උනොත් එදාට දෙයියන්ගේම පිහිට තමයි.එතකන් අපි හැමෝන්ටම google සරණං ගච්චාමි.හොද වෙලාවට හුස්ම ගන්න එක auto වෙන්නේ.

හැබෑව හැබෑව... ෆෝන් කතාව මටත් අදාලයි. වැඩේ කියන්නේ අහවල් නොම්මරේ ෆෝන් එකේ තියනවා කියලත් අමතකයිනේ බං. තියෙන්නේ මොන නමින්ද කියලත් අමතකයි. මේ මේ නොම්බර් මේ මේ නං වලින් ෆෝන් එකේ සේව් කරලා තියනවා කියලා වෙනම කොහේ හරි ‍ලියලා තියාගන්න වෙනවා බං. ඊට පස්සේ වෙන්නේ කොහේද ලියලා තිබ්බේ කියලා මතක නැති වෙනවා... ;ඩී

වෙනකක් තියා. ඉස්කෝලෙන් අස් වුනාට පස්සේ අතෙන් ලියනවා කියලා කරන්නේ උදේ හවස සයින් කරන එක විතරයි ;-)

ඒත් සිංහල වාක්‍යයක් අතෙන් ලියපු කාලයක් මතක නෑ. සිංහල බ්ලොග් කෙරුවාව නැතිවෙන්න "ලියන මවු බසත්" මෙලහකටත් අමතක වෙලා බං.

පට්ට පට්ට... (මෙහි පට්ට යනු මල්ටිපල් මීනින් ඇති වචනයකි. ඒනිසා හොඳට නරකට දෙකටම යොදා ගත හැකිය ;-)

හැමොටම ස්තූතියි!!!!!

මන් හැමදාම හිතාගෙන ඉන්නවා ෆෝන් එක තියෙන නොම්බර ටික පොතක් අරන් ලියලා තියන්න ඕනේ කියලා ඒත් ඒකට වඩා ඒවා බැකප් එක ගන්න එක ලේසියි කියලා හිතෙනවා. ඒත් අන්තිමට ඉතුරු වෙන්නේ තාක්ෂනික පිටපතක්ම තමා :-D

අ‌‌‌‌නේ අම්මපා ‌මේ කතාව නම් සහතිකම ඇත්ත. ඉස්සරත් අත් අතුරැ අන්නිම කැත උනාට පිටු 65 ක් 70 ක් ලියා ගන්න අමාරැවක් තිබු‌නෙ නෑ. දැං ‌ටෙලි‌පෝන් ‌නොම්බරයක් තියා උ‌දේ හවස ‌කෝල් කරන අ‌පේ අම්ම‌ගේ ‌නොම්බ‌රේ වත් මතක නෑ.ඒකට අ‌පේ මහත්තයා. එයා ‌පෝන් එ‌කේ ‌නොම්බ‌රේ තිබුනත් ඩයල් කරන එක තමා කරන්‌නේ. ‌‌මොකද එයාට ‌ගොඩක් ‌නොම්බර මතකයි. එයා ඒකට ‌හේතුව විදියට කියන්‌නේ මම ‌කොම්පියුට‌රේ ඔන් කරගන්නවත් දන්‌නේ නැති එ‌කේ ‌හොද තමා ‌මේ කියලා.....

Bloggers.com - Meet Millions of Bloggers