මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ගොඩක් දවසට මන් කන්න යන්නේ එකම කඩේට, ඔය කඩේ ගාව ඉන්නවා මට පෙන්නන බැරි මිනිස්සු තුන් දෙනෙක්. මේ තුන්දෙනා මාත් එක්ක හරිම හොඳට කතා බහ කරනවා ඒ වගේම මට කිසිම වැරැද්දක් කරලා නැහැ ඒත් මේ තුන්දෙනාව මට පෙන්නන්න බැහැ. මේ ගොල්ලෝ කිසිම නීති විරොධී කටයුත්තක යෙදෙන අයවත් කාටවත් කරදර කරන අයවත් නෙමෙයි ඒත් මේයාලගේ රස්සාව තමා බ්‍රොකර් වැඩේ. මන් කලින් දැනගෙන හිටියේ වාහන , ඉඩම් බ්‍රොකර්ලා විතරයි එත් මේ තුන්දෙනාම වගේ ගස් බ්‍රොකර්ලා.

කොහේ හරි හොඳට හැදිලා තියෙන මොනා හරි ගස් ටිකක් තියෙනවනම් ඒක කපලා ලොරිවලට පටවනකම් මේ අයට නින්ද යන්නේ නැද්ද කොහෙද. ඉතින් ඔන්න ඔය මහ අපරාදේ කරන නිසා මයි මට මේ අයව පෙන්නන බැරි. කියන්න හැදුවේ මෙයාලා ගැන නෙමෙයි මේ අය කියන ගල් බේගල් ගැන.

ඕන් දවසක් කියනවා. සිංහල වෙදකමේ තියෙන බලගතු බව ගැන. ඕන් දවසක් හොඳටම අමාරු ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනිච්චලු ගිහින් ඉස්පිරිතාලේ ඉන්න දොස්තර මහත්තුරු ලෙඩා බලා කිව්වලු ලෙඩ මැරිලා කියලා, ඉතින් ඔය වෙලේ ලඟ හිටපු කෙනෙක් කිව්වලු අහවල් දිහෑ ඉන්නවා දක්ෂ වෙද මහත්තයෙක් එයා ගාවට අරන් යමු කියලා ඉතින් ඕන් අර මැරිච්ච මිනිහත් අරන් අර වෙද මහත්තයා ගාවට අරන් ගියාම වෙද මහත්තයා ගුලියක් දුන්නලු අර මල මිනියට පොවන්න ඔන්න ඔය ගුලිය පොවපු ගමන් ලෙඩ නැගිට්ටලු. මන් මේ පාරම්පරික සිංහල වෙදකමට අපහාසයක් කරනවා එහෙම නෙමෙයි ඒත්  මට හිතා ගන්න බැරි මැරිච්ච මිනිහෙක් මරණ සහතිකේ ගන්නේ නැතුව ඉස්පිරිතාලෙන් පිටට අරන් ගියේ කොහොමද කියන එක. අනික මන් අහලා තියෙන විදිහට මල මිනී නිකන් වාහන වල ගෙනියන්න තහනම් ඒවා ගෙනියන්න ඕනේ ඒ සඳහා තියෙන වාහනයක. ඉස්පිරිතාලෙන් මැරුනයි කියපු මිනියක් මෙහෙම අරන් යන එකම වැරැද්දක් ඒත් කොහොම හරි ඒක කරලා මිනිහාට පණත් දුන්නා. ඊටත් වඩා පුදුමේ තමා මැරිච්ච මිනිහෙක්ට බේත් ගුලියක් පොවපු එක. ඒක කොහොම කලාද කියන එක නම් එතන හිටපු කෙනෙක් ගෙන්ම තමා දැන ගන්න වෙන්නේ.

තව දවසක් දැන් සර්පයෙක් කාලා මැරුන කෙනෙක් වලලන්න පාංසකූලේ එහෙම දීලා පෙට්ටිය උස්සන්න කිට්ටුවෙලා එතනට ආව කෙනෙක් කිව්වලු මිනිය බලන්න ඕනේ කියලා එහෙම කියලා. කිව්වලු මෙයා මැරිලා නැහැ එයාට සනීප කරන්න පුළුවන් කියලා ඔන්න බෙහෙත් ගුලියක් පොවලා මැරිච්ච මිනිහා නැගිට්ටුවලු. මේ මිනිස්සු මිනී වලලන්නේ එම්බාම් කරන්නේ නැතුවද එතකොට. මේකට නම් විහිළු කතාවක් තියෙනවා, දවසක් ඔහොම පෙට්ටියේ හිටපු කෙනෙක් සනීප කරන්න පුළුවන් වෙද මහත්තයෙක් ගාවට කිට්ටු උන තරුණයෙක් ඇහුවලු දැන් මේ ලෙඩාට ඔය බෙහෙත් පොවන්න නම් මේ ලෙඩගේ බඩවැල් එහෙම තියෙන්නේ ඕනේ නේද කියලා. වෙද මහත්තයා ඔව් කිව්වම කොල්ල කිව්වලු එහෙනම් මන් ටක් ගාලා මල් ශාලාවට ගිහින් ඒවා අරන් එන්නම් මොකෝ සේරම ඇඟේ ඇතුලේ කෑලි ටික එතන කියලා.

මේ වගේ ටිකක් වයසක පහේ උදවිය ඇස් දෙකෙන් දැක්කා වගේ විශ්වාස කරන්න බැරි කතන්තර හරියට කියනවා, ගොඩක් වෙලාවට මේවායෙන් කාටවත් හානියක් නැහැ ඒ වගේම අහන් ඉන්නත් ආස හිතෙනවා. ඉතින් කොහොම උනත් ඔය කතන්දර කියන්නේ අහන් ඉන්න අයගේ හැටියටනේ ඒ වගේ මේ කන වෙලාවට මට ඇහෙන්න ඕවා කියන්නේ එක්කෝ මේ අය හිතන් ඇති මන් අමු මෝඩයෙක් කියලා වෙන්න ඇති. සමහර විට දැක්කම එහෙම පේනවත් ඇති මගේ හිතේ

28 අදහස්:

ගජබින්නාලංකාරය වනපොත් කොරාපු ඈයො වෙන්ඩෑ මයෙ හිතේ...:))))....

ඕවා පිලිගන්න අයත් රටේ ලොකේ ඉන්නවානෙ

කොහොම හරි උඹ අවසානෙට කියලා තියන එකනම් හරි.... :D
ඔව් එහෙම තමයි.... :D

Shadow/හේමලයා
මටත් එහෙම හිතෙනවා බන්

පුබුදුවා
අපොයි ඔව්, පිළිගන්නවා විතරක් නෙමෙයි ඔය වෙද්දු හොයාගෙන යන අයත් ඇති සමහර විට

චමිදේවා
මටත් වෙලාවකට එහෙම හිතෙනවා බන් :-D

මැරිච්චි මිනිස්සු ගැන මරණෙට උගන්නන්න කවුද ඉන්නෙ xD

Thameera
හ්ම්ම් ඒත් මුන් මටමනේ කියන්නේ ඔය බේගල් ඉස්ටොරීස් සේරම :-D

මම වාසල සහෝ කිවුව දේ අනුමත කරනවා. උන් ඔය ඕනෙ බේගලක් උඹට ඇහෙන්න කියනව ඇත්තෙ ඒ නිසාම තමා... හික්෴... :D

Uditha Umesh
අනේ පලයන් බන් යන්න :-D

ඔය type එකේ ඩයල් නම් කොහෙත් ඉන්නවා.. :D

ඔය වගේ උන්දැල මළ ගෙවල් වල දානෙ ගෙවල් වල එහෙම ඕනි තරම්... හි හි..

අර කිව්ව වගේ මරනේ ට මරනේ ගැන කියන්න උන් කවුද කිව්වලු...

මේකනේ සහෝ... ඔය වයසක අය‍ කොහොමත් කැමති නේ කොල්ලො කුරුට්ටෝ ළමා ළපටි වට කරගෙන කතන්දර කියන්න. පොඩි ඈයෝ කටවල් ඇරං බේගල් අහං ඩද්දි එයාලට ෆුල් ෆිට්. ඉතින් ඔයාවත් පොඩි එකෙක් වගේ පේනවද දන්නෑ ඔයාටත් කතන්දර කියන්න එන්නේ.. හිකිස්!

කතාව ඇත්ත. ඔහොම උං කොහෙත් ඉන්නවා. එතෙක්දිත් උඹ ලියලි තියෙන්නේ මිනී ගැනනේ :ඩී

ඇයි බන් මැරිච්ච මිනිස්සුන්ට පන දෙන්න ගත්තොත් මගේ මරණයට මොකද වෙන්නේ :-D

ගල් පැලෙන බොරු සමහරු ඇත්ත කරලා කියන්නේ හරියට දැක්ක වගේ. හැබැයි අන්තිමට කිව්ව එක ඇත්තම ඇත්තක්ද කියන එක සැකහැර දැනගන්න එක අනාගත අභිවෘදියට හොඳයි. හික්....:)

හුහ්! උඹ ඔය බේගල් අපට කියන්නෙ අපිත් උඹ වගේ කියල හිතුවද?

@h කියන එක හරි මරේ. මෙදා පාරට විතරක් මම ඌ එක්ක එකඟයි ඔන්න.
:D :D

මරු මරු.... මට දවසක් ත්‍රී වීල් රියදුරු මහතෙක් සෙට් වුනා. පොර කිව්ව මිනිහගේ ත්‍රී වීල් එකේ බොඩියක් අරගෙන රත්නපුරේටම ගියා කියල පොලිස්සියටත් අහු නොවී.

එන්.දී
ඔවු ඒ ගැන හොයලා බලන්න ඕන නැත්නම් හැමෝම මාව රවට්ටන්න හදයි.

එච්
ඔව් බන් උඹලා මටත් වඩ හපන් නිසානේ මන් වගේ උන් ආසරේ කොරන්නේ :-D

අන්ෂ්
ඇයි ඒකට විතරක් උඹ වෙන ඒවටත් එකඟ වෙයන්කෝ :-D

නොදරුවා
මාත් පත්තරේ දැක්ක එකපාරක්, දුප්පත් මිනිස්සු ටිකක් ලෙඩෙක් එක්ක යනවා වගේ බස් එකේ අරන් ගිහින් මැරිච්ච මිනිහෙක්. මගදි අහු වෙලා කියලා

උඹ අවසානෙට කියලා තියන එකනම් හරි.
JOKE ah..!!

මොනවා උනත් උන් ටික ෂේප් එකේ තියා ගනින්....:D

මට මතක් වෙන්නෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ "අපේ ගම" පොතේ එන "බේගල්" කියන කතාව :-D

This comment has been removed by the author.

මෙහෙමයි, ලංකාවෙ බටහිර වෙදකමින් හොඳ කරන්න බැරි දේවල් පාරම්පරික වෙද කමින් හොඳ කරන්න පුළුවන්.

මේ කියන කතා නම් බොරු වෙන්න පුළුවන්, ඒත් ගොඩක් වෙලාවට කැඩුම් බිඳූම්, සර්ප වෙදකම වගේ දේවල් වලදි ලංකාවේ බටහිර වෙදකමට වඩා සිංහල වෙදකමේ ප්‍රභලයි.

මම දැනුවත්වම මේ වගේ දේවල් කීපයක් වෙලා තියෙනවා අපේ පවුලේ අයට. මම නුවර පැත්තේ පාරම්පරික සිංහල ‍වෙද කම කරපු පවුලක කෙනෙක්.

ඔය වෙදා ළඟ අජරාමර වෙන්න ගුලියක් නැති වෙන්න බෑ. පොඩ්ඩක් අහල බලල අපිට කිව්වනම් නරකද?
(මමනම් ඒ ගුලි බොන්නෙ නෑ. ඒත් බිස්නස් එකක් පටන් ගන්න පුඵවන්නෙ මැරෙන්න නෑ වගේ ජීවත් වෙන් එවුන් එක්ක)

ඔය වගේ හොර වෙද්දු ලංකාවේ ඕන තරම් ඉන්නවා..

මේ.. ඇහුනද? බේගල් කියවන එක පැත්තකින් දාලා බ්ලොගේ ඇනිවසරිය‍ට දාමුද බ්ලොගේම ඔන්ලයින් පාටියක්... :) ලියපං අළුත් ලිපියක්...

නියම මිනිස්සු තුන්දෙනෙක් නේ... බැරිද මට මුණ ගස්සවන්න...

මචන් ඔය කතා වල වැඩි හරියක් තාර ඇරීයාම පොඩි පොඩි ඇත්තවල් නැත්තෙමත් නෑ,මම අහල තියෙනවා සර්පයෙක් දෂ්ඨ කලාම සිහි මුර්ජා වෙනවා ඒ වෙලාවට හර්දය වස්තුවේ ස්පන්දය ඉතාම පහල අගයක් ගනන්වා, ඒ වෙලාවට සමහර දක්ෂ පාරම්පරික වෙද මහත්තුරු ගාව තියෙනව ප්‍රතිකාර.ඔය සූරිය ලී වලට සර්ප විස බහිනව කියල කතවකුත් තියෙනව...එත් ඉතින් එම්බාම් කරපු මිනිස්සුන්ට නම් එ ප්‍රතිකාර හරියනවයි කියන කතාව නම් ටිකක් ජුජුප්සා ජනකයි තමා.මිනී එම්බාම් නොකරන කලේ නම් ඔය වගේ සිද්දි වෙච්ච අවස්ථා තිබුනා.ඒ කලේ මිනිස්සු මලා කියලා සිහිය නැති මිනිහව ගෙනිච්චාම වෙද මහත්තය සනීප කරනවා.එත් එම්බාම් කරපු මිනීයක්.....

Bloggers.com - Meet Millions of Bloggers