මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සිකුරදා රෑ නුවර ගිහින් මන් සෙනසුරාද උදේ අපහු ගම්පහ අවා. එනකොට නුවරින්ම නැග්ග නිසා ඉඳ ගන්න ආසනයක් නම් ලබුනා. උදෙට කාලා හිටියෙත් නැහ මග දිගට තිබ්බ දුම් රිය නැවතුම්පොලවල් වල ආපන ශාල තිබ්බත් මට ආසනය නැති වෙයි කියල බයට බැහැල මොකුත් ගන්න විදිහක් තිබ්බෙ නැහැ. ආසනය තිබ්බෙ දකුණුපැත්තෙ ඒත් කඩුගන්නව හරියෙ සුන්දර දරිශනය තිබ්බෙ වම් පැත්තෙ ආසනය නිසා එක බලන්නත් නැති උනා .ආසනය අහිමි කරගන්නත් බැහැ ගම්පහට එනකම් එන්නත් එපායැ. ආසනය නැති අයනම් නිදසේ හැම තැනම ඇවිද්ද ලස්සන දැක්කා කාලා බීල ජොලියෙ අවා මන් කිසිම ජොලියක් නැතුව ආසනය බදාගෙන බඩගින්නයි වතුර තිබහයි එක්ක කිසිම සුන්දර දෙයක් දකින්නෙත් නැතුව පැය තුනකට කිට්ටු කාලයක් විඳෝ විඳෝ ආවා කිසිම රහක් නැහැ හරියට ජීවිතය වගේ. සමහරු ජීවිතේ හරිම සාර්ථකයි ඒත් එයාල ජීවිතේ විඳිනවද? සාර්ථකත්වය බිඳ වැටෙයි කියල අමුතු මොකුත් කරන්නෙ නැහැ හැමදාම එකම විදිහට ඉන්නව. හැබැයි ජීවිතෙන් අසාර්ථක අය ඉට වඩ සතුටින් ඉන්නව කියල මට නම් හිතෙන්නෙ

5 අදහස්:

සරල සිද්ධියකින් ලොකු කතාවක් කියල නේද? ඇත්ත. මේ අසුන අපි හදාගත්තු බැඳීමක්. බැඳීම් ඕන ජීවත් වෙන්න. නමුත් ඒවටත් වහල් වුනොත් විඳින්න තියෙන බොහොමයක් සුන්දර දේවල් මගඇරෙනව. වැ‍ඩේ කියන්නේ ඕක අතිශය පුද්ගලානුබද්ධයි. ඔයා සීට් එකක් නැතිව හිටගෙන ආවනම් ඔයා මේක නොලියනව වගේම සමහර විට අසුනක් තිබුණ නම් ෂෝක් නේද කියල විඳවමින් එයි.

සම්පූරණ ඇත්ත. සීට එක තිබ්බ නිසා මෙහෙම ලියනව නොතිබ්බනම් හිතෙන් බැන බැන එයි.

ආ මේ ඉන්නේ මරණය තවමත් ජීවතුන් අතර ඉදන් ජිවිතය විදිනවා / විදවනවා ... හික් අපරාදේ ලස්සනම දර්ශන ටික නැති වෙලා ආසනයක් හින්දා ඒත් හිටගෙන එන්න උනා නම්...මේ විදවීම නෑ..දැක්ක දර්ශණය වැඩකුත් නෑ කියයි...

මචෝ.. අකුරු ටිකක් විතර අළු පාට කලා නම් කියවන්න ලේසියි. දැන් අර සුදුපාට කළු පසුබිමේ glow වෙනවා. ඇස් වලට අමාරුයි ටිකක්.

සහතික ඇත්ත ඕයි....