මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ජීවන වියදම දවසින් දවස ඉහල යනවා. බලමුකෝ ඒකෙත් හැටි

සංස්ථා ඔල්ඩ් අරක්කු බෝතලයයි :810/=
ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් එකයි:264/=
අලියා සෝඩා පොඩි බෝතලයයි:65/=
පොඩි කොකා කොලා එකයි:85/=
රටකජු ග්රෑම් 100:40/=
කඩල ග්රෑම් 100:40/=
බුලත් විටයි:10/=
ඔක්කොම:1314/=

2008 ඔක්තොම්බර් ඔය ටිකට ගිහින් තියෙන්නේ 1022
2009 මැයි මේ ටිකටම 1091 ගිහින්
මේ දවස් වල 1314ක් යනවා.

ඉතින් මේක කරන්න බැහැනේ අපි වියදම් අඩු කිරීමක් කලා

සංස්ථා ඕල්ඩ් නැතුව ගල් බොන්න පුරුදු උනා :730/=
සිගරට් 12ක් නැතුව 6ක් විතර ගත්තා :132/=
සෝඩා ලොකු බෝතලයයි :125/=
වඩේ 25 :50/=
මුළු වියදම :1037/=

සෙල්ලං නැහැ දැන් කාලා බීලා ඉන්න එකත්

56 අදහස්:

ඔය මොකවත් නෑ නොබී හිටියනම්....

බොන කොට දුමක් ඕන කියන එක මට නම් තේරෙන්නෙ නෑ. ඒ මනස්ගාතයක්.අර සමහරුන්ට වැසිකිළි යන්ට දුමක් ඕන වගේ. බොන්ට සිගරට් ඕන නෑ. තව 132/- ක් ඉතුරුයි

ඒ උනාට බන් උබලා මේ විදිහට අඩු වියදම් දෑ පාවිච්චිය ශරීරයට හොද නෑ, ඒත් මොනා කරන්නද වැල යන අතට මැස්ස ගහන්නත් එපෑයි නේද

ඔය තියෙන්නේ ඒකට විසදුමකුත් හොයාගෙනම..

ඔය විදියට හැම අනෙක් දේවලුත් පාලනය කරන්ට පුලුවන් උනා නම් හොඳයි ඉතින්..:D

හ්ම්ම් ගෙදර අනිත් වියදනුත් මේ විදියට අඩු කලාද ඉතින්?

ලේසි නැහැ..ලේසි නැහැ...

සිගරට් වඩේ තියෙන නිසා සෝඩා ඕන නෑ. ඇල්වතුර පංකාදුයි...

කොච්චර අඩු කලත් ගල්නම් බොන්න බෑ බන්.....

සෙට් වෙන තැන් වලින් උඹ හැමදාම බිල සාක්කුවට දාගන්න එකේ රහස දැන් තමයි තේරුනේ. උඹ මේ පෝස්ට් එක ලියන්න අවුරුදු ගාණක් ඉඳන් ප්ලෑන් කරලා තියෙනවා ඒ කියන්නෙ.....!

තව තියෙනවා ගානක් අඩු කර ගන්න ක්‍රමයක්. ඔය බයිට් එක ඕන වෙන්නෙ ස්ටයිල් එකට ටික ටික බොන කොට. එක හුස්මට බීල දැම්මම එක වඩයකින් ෂේප්. බෝතලේට හතර දෙනෙක් සෙට් වෙනව නම් වඩේ 4 යි.

@ හිරු ප්‍රභා - අපොයි ඒක නම් කරන්න බැහැ

@ nihalw - ඔව් දැන් දැන් ඕක සැහෙන්න අඩු වෙලා තියෙන්නේ.

@ ItalyDilan- මිට වඩා නම් අඩුවට බොන්න ජාතියක් නැහැ මචන් එහෙනම් යන්න වෙනව කසිප්පු හරි රා හරි බොන්න ඒ දෙකම හරියන්නේ නැහැ

@ Dinesh- ඔව් වියදම වැඩි වෙනක්කොට වෙන විකල්ප වලට පුරුදු වෙනවා

@ පොඩ්ඩි - ඔව් ඉස්සරහට මේකත් අඩු වේවි සමහරවිට

@ ගිම්හානි - මට තාම ගෙදර වෙන වියදමක් නැහැ නේ

@ මාරයාගේ හෝරාව - කියලා වැඩක් නැහැ

@ මාතලන් - නීටම ගහන්න තමා හිතාගෙන ඉන්නේ එතකොට බොන ප්‍රමානෙත් අඩු කරන්න පුළුවන්නේ වැඩිය බොන්න අමාරු නිසා

@ අභීත - දැණ් ගල් වලට පුරුදු වෙලා නිසා ගානක් නැහැ

@ දුමී - පෙබරාවාරි 4 සෙට් උන වෙලේ මන් ෆුඩ් සිටියේ බිල ඉල්ලුවාම ලසියා අහනවා උඹ බිල් එකතු කරන්වද කියලා. මන් ගාව අපි සෙට් උන ඒවායේ බිල් ගොඩක් එකතු වෙලා තියෙනවා

@ nihalw -මන් දන්න අයියා කෙනෙක් එකපාර එක වඩයක් එක්ක බෝතලයක් බීලා තිබ්බා. වඩේ එක කඩලා පරිප්පු වලට වෙන් කරලා එක පරිප්පු ඇටය ගානේ බයිට් එකට අරන් තියෙන්නේ

සෝඩා වෙනුවට වතුර සහ වඩේ වෙනුවට රටකජු වගේ ලාබ දායක දේවල් ගත්තා නම් තවත් ඉතුරු කරන්න තිබ්බා . .

බලපන් මේ ආන්ඩු කරන උන් (එදා ඉඳන් මේ වෙනකම්) සාමාන්‍ය ජනතාව එක්ක පුදුම තරක්නේ බන් තියෙන්නේ . . .

හොඳ වැඩේ සාමාන්‍ය ජනතාවට කතිරේ ගහලා ඒ උන්ව ඒ තැන් වලට යවනවාට . .. !

තව වැඩි කරපන් . . තව වැඩි කරපන් . .

එතකොට කස්ටිය කස්ට වලට පුරුදු වෙලා ඉක්මනට වලකජ්ජ ගහයි . .

එතකොට ජනගහනය අඩු උනාම ඒක පුද්ගල දල ජාතික ආදායම වැඩි අගයක වෙනවා . . .

එතකොට අපේ රට තව දුරටත් දියුනු වෙමින් තියෙන මෙව්වා එකක් නෙමේ දියුනු මෙව්වා එකක් . .

හුරේ . . .

(මැක්කා අලුත්ම වර්ෂන් එක . . හික්ස්)

ලබන අව්රුද්දෙ කසිප්පු වලට බහින්න වෙයිද?

මම නම් පටන් ගත්තා ගෙදරදිම පෙරන්න....! (වයින් ) ලංකාවට ආවට පස්සෙ ස්වයං රැකියාවක් වත් විදිහට කරගන්න බැරියෑ ටිකක් සැර වැඩි කරලා අරගෙන....!

සාදුකින්, සොරි බොන දුකින්, පෙළෙනවුන්, දැන් ඉතින් නැගිටියව්.....!!!

පොඩි සෝඩඑකෙන් පිරිමහගන්න දැනගන්න ඕන. අනිත්එක බුලත්විට අත්හරින්නත් එපා. බීල වාහනේක යනකොට එහෙම ඒක වැදගත්. (කට ඉඹින අයගෙන් බේරෙන්න)

බලනකොට මෙහෙ ලාභනෙ බං!

නැපෝලියන් බ්‍රැන්ඩි 1 - ඩිනාර් 3
රෝස් චිකන් 1 - ඩිනාර් 1.2
ගෝල්ඩ් ලීෆ් 20 - ඩිනාර් 0.4
සෝඩ කෑන් 4 - ඩිනාර් 0.8

එකතුව = ඩිනාර් 5.4 ( ඒ කියන්නෙ රු 1624/=)

තව තවත් මේවා ගණන් වැඩි වෙයන්...

හික් හික්....

ඔය මොකුත් නෑ ගල් භාගයයි පාං වාටියයි කැප්ටන් පැකට් එකයි සැන්ඩි නැත(ඕනේමනම් වතුර).. රු 500කින් වෙරි යමරෙට..

ජොබ් කරන උඹලට ඕක ඔහොම දැනෙනවනම් හිතහංකෝ ඔය එහෙං මෙහෙං එකතුකරන් සෙට් වෙන අපිට කොහොමද කියලා :D

ෂික් විතරක්... අපි වගේ හැදියන්කෝ.

මගේ ඇහැ ගැටුනු බ්ලොග් අතර මේක ටිකක් විශේෂයි. දෙපාරක් හිතන්න පුරුදු කරන අදහස් ගැලපීමක්. මං මේ පළමු වරට ආවේ. අනික ගම්පහ කිව්වාම මාත් දන්න කියන පැත්තනේ.

බඩුමිල කිව්වාම ඉතිං සෙට් වෙන වෙලාවල් වලට නම් කීය ගියත් මොකද

මචං මේක පොඩ්ඩක් හිතට ගනින්.මේ දේවල් කරපන් පුරුදු වෙන්න ආමාරුයි.ඒත් හිමිහිට කරද්දී ඉබේම පුරුදු වෙනවා.

සාමාන්‍ය විස්කි එකක් ගන්න අයිස් කියුබ් එකක් ගන්න විස්කි එකට අයිස් දල බොන්න.සැන්ඩි නැ බයිට් නැහැ.ඇඟට එකතුවෙන විස වලින් දෙකක්ම අඩුවෙනවා.ගැනත් ටිකක් හරි ඉතුරු වෙනවා.මං දැන් කරන්නෙත් එහෙමයි.

බොනපාට් කෙනෙක් විදියට මගේ ප්‍රබල විරෝධය මේ අධික මිල පිළිබඳව.

මේ තවත් විකල්පයක්. ගල් භාගෙකට ලුණු බින්දුවක් දැම්මාම හොඳ ගණන්. භාගෙකින් ෂේප් වෙන්න පුළුවන්. බයිට් වලට හොඳයි රෝස් පාන්.

රා ගැලුමක් ගහන්න පුලුවං පාං රාත්තලයි ලුනු කැට ටිකකුයි එක්ක . . . . ඒක ලාබයි

අඩෝ මෙහෙ බෙන්සන් ලයිට් පැකට් එකකටම යන්නේ ලංකාවේ සල්ලි වලින් 160යි :D

හප්පේ ජිවන බර පොලොව යටට.. තව ටිකක් පඩි වැඩි උනානම්..එතකොට තරාදියේ අපි ඉන්න පැත්ත උඩ අපි ගොඩ...

ගල් බොන්න බෑ ඕයි...

බොනවානම් ඉතින් ගල් තමා.. අපි සමහර හන්ටර් දවස්වලට රෑට කන බත් එකත් එක්කත් බොනවා.. හැබැයි ඉතින් ඒකටත් සෝඩා තියෙන්න ඕනි.. කොහොමත් ඉතින් බොන්නේ වෙරිවෙන්නනේ. ඒක ඉතින් ඔය සැන්ඩි වලින් බයිට් වලින් එහෙම බොන්න ඉදිරියට ඉතුරුවෙලා තියෙන කාලය වැඩිකරලා දෙනවා..

ලිස්ට් එකේ අගුණම දේවල් 3 තමයි ගනං වැඩිම.

ශික්.. අපි නම් බොන්නේ නැහැ. ඕන නම් ඉතින් ඔය බයිට් එකක් තිබ්බ දාට දෙකක් දාගත්තොත් මිසක්..

@දුකා - එක්කෝ ගනන් ගොඩක් අඩුකරලා වැඩි පිරිසක ඉවර කලරා දාන්න ඕනේ. රටකජු වැඩිය කන්න හොඳ නැහැ කියන්නේ :-D

@Raigama - මේ යන විදිහට නම් එහෙම වෙයි වගේ

@දුමී - වැඩේ හරිගියොත් අපිටත් කියන්න

@Observer - වැඩක් නැහැ ඔබා මාමේ අපි නැගිට්ටට කවුරුත් ගනන් ගන්නේ නැහැ

@ රාජ් - වැඩි දුරක් බයිසිකලේ පදින්න නැති නිසා ඒක අතෑරියා. වැඩ ඇරිලා විටක් කකා ගෙදර ආවම ඒක ගෙදර උදවියට ප්‍රශ්නයක් වගේ

@ ඉන්දික උපශාන්ත - ඔහේ හරි ලාබනේ මේහේ බ්‍රැන්ඩි බෝතලයක් ගන්නත් බැහැ ඔය ගානට

@ පිණිබිඳු... - අපි ගෙවන බදු සල්ලි වලින් තමා ඔයාලට සහනාධාර ලැබෙන්නේ

@ හසී - හිනා නෙමෙයි බලන්න අපි කොච්චර දුක් විඳින ජනතාවක්ද කියලා

@ අපේ කනියා - වතුර වැඩේ එච්චර හරියන්නේ නැහැ. මට නීට් බොන්නත් බැහැ . බයිට් එකට පාන් නම් තාම කාලා නැහැ

@ පූසා - ජොබ් නොකරන උන්ට වියදම ටිකක් අඩුයි නේ බන්

@ පැණි දොඩම් - උඹ වගේ බොන්න මට බැහැ බන් තාම

@ දයානන්ද රත්නායක - හැමෝම සල්ලි දානවනම් එච්චර දැනෙනේ නැහැ ඒත් ඉතින් හැමදාම වියදම් කරන උන් විතරනේ වැඩිය දායක වෙන්නේ එතකොට ටිකක් අමාරුයි ගනන් වැඩි වෙන එක

@ අසරණයා - විස්කි ගනනේ බන් අරක්කු වලටත් වඩා

@ nihalw - අරක්කු වලට ලුණු දාලා බීලා නැහැ හැබැයි රා වලට නම් ලුණු ගම්මිරිස් සහ රතුළුණු දානවා කියලා අහලා තියෙනවා. රා තැබෑරුමේම තියෙනව ලුනු ගම්මිරිස් එකතුවක් දාගෙන බොන්න.

@ඕනයා - හොඳ රා හොයාගන්න නැහැ බන් මේ අහල පහලා. නැත්නම් ඒකට නම් මාත් කැමතියි. රා බෝතලයක් අන්තිමට ගන්නකොට නම් 40/= දැණ් ඕනේ නම් 60/=ක් විතර ඇති

@Sabith - ඔහේ තරම් මෙහේ ලාබ නැහැ මචන්

@Raj - ඒකනේ මේවා වැඩි උනාට පඩි එහෙම වැඩි වෙන්නේ නැහැ නේ

@පොඩි මෑන් - බෑයි කියලා බෑ ඕයි

@ආගන්තුකයා | Stranger - ගල් නොබොන එකෙක් හිටියොත් ඌටත් හරියන්න එක්ක සංස්ථා ඕල්ඩ් වලට යන්න වෙනවා. බත් එක්ක බොනකොට එච්චර බොන්න බැහැ මට නම්

@nikki - අපිත් හරි කැමතියි ඒවා ලාබ වෙනවනම්

@සරත් ලංකාප්‍රිය - අපිත් ඔය ඉඳලා හිටලා සෝඩා ටිකක් බොන්න ඕනේ උනාම තමා මෙහෙම සෙට් වෙන්නේ

කන්න ඕන වෙලාවට කබරයත් තලයා වෙනව ලු.... :D

මරණේගේ.. මුල් සංසංදනය මං කලිං බැලුවා.. කොහොම වුණත් ඔය සිගරැට් 6ත් අයිං කොරලා දාපං.

මේ ලිපියේ කියලා තියෙන විදිහට නං සෝඩා හරි වතුර හරි තමයි සැන්ඩි විදිහට පාවිච්චි කොරන්ට ඕන. ලාබ හින්දා වතුර යොදා ගත්තා නං අහකයි.. හැබැයි ඒ ලිපියේ තියෙන විදිහට කන්ට ගියොත් නං අනාතයි..

ඔහොම යං.. ඔහොම යං..
අපි නං මේ දවස් වල අමද්‍යප..

බ්ලැක් ඕපල් රු:760
ඩන්හිල් බ්ලූ 6 රු:150
සොසේජස් කරල් 6 රු. 160
වතුර

එකතුව රු:1070

මම නම් කැමති නෑ ඇත්තටම බොන එකට... මතට තිත නම් හොදයි...

හෆෝයි...

ඇත්තටම පාලනයක් ඇතුව ඕක කොච්චර කල් කරන්න පුළුවන්ද....?

අය්යෝ... මේවා බොනපාට් කතානේ.. මම යනවා... :)

ලෝකල් බඩු පැකට් 1 ක් - 250
සව් කොලයක් - 5
ආතල් - ලෝකයයි

බොන වෙලාවට ගනන් හදන්නෙ නැතුව බීපං. පස්සෙ පුක විකාගෙන මාසෙ ඇදපං ;-)

හපොයි මරේ...!!!
:D

@සෝරෝ - ආයිත් අහලා, කපුටා උනත් චිකන් කරගන්න පුළුවන්

@චතුර - ඒ 6ත් නිකන්ම නැති වෙලා යන පාටක් තියෙන්නේ

@ලකී - බ්ලැක් ඕපලුත් හොඳ බීමක්, ඩන්හිල් නම් හරියන්නේ නැහැ

@පුංචි කුමාරිහාමි - තිතම තියන්න නම් ටිකක් අමාරුයි වගේ

@නිසපුගේ ලෝකය.... - අනේ මදා, හැබැයි දැන් අවුරුදු 10කටත් වැඩියෙන් මෙහෙම ගියා

@Shani - මගේ බ්ලොග් එකේ නම් වැඩිය තියෙන්නේ ඒවා

@රමේෂා - හොයා ගන්න එක තමා අවුල්, අනික ඉතින් කොච්චර උනත් බොන එක නීත්‍යානුකූල නේ :-D

@රංග - මගේ ලෝකය - බැහැ බන් සේරටම කලින් ගනන් හිලව් හදන එකනේ මගේ ගතිය

@Ansh Lucky Sri Jay - ඔව් ඔව් මේ මන් තමා

මෙහෙම ගියොත් කසිය තමා බෝන්න වෙන්නේ...

සාමාන්‍ය විස්කි ගැන පොස්ට් එකක් දාහන්...

රංග කියන දේට මාත් එකගය් බොන වෙලාවට නය වෙලා හරි බීලා පස්සේ අමාරුවෙන් ජීවත් වෙනවා . මොනා උනත් මේ තියෙන බදු මිලත් එක්ක සෙට් වෙන්න
ලේසි නෑ එත් ඉතින් බෑ කියලා පුලුවන්ද

ithin mokatada ochchara amaruwen bonne.. angatath narakai.. salli deela leda weemak ...

Waha kuppiyak keeyada bolaw?

හ‌‌‌පොයි ‌මේවා ‌‌‌මෙච්චර ගනන් ද? අ‌පේ මිනිහට අදම ගනන් හදවල ‌‌පෙන්නන්න ඕ‌නේ... අද තමයි හරියටම මීටර් උ‌නේ 1000 මාරැ කලාම ඉතුරැ සල්ලි ටික අතුරැදහන් ‌වෙන්‌නේ ‌මොකද කියලා.. ආ‌දෙන්‌‌‌කො අද උන්දෑ ‌‌‌ගෙදර......

අර වර්ගපූර්ණිකාවෙ මී ගොයිය කියන්න වගේ මේ සිරි ලංකාවෙලුනෙ අඩුම ගුරුත්වාකර්ශණය ද මොකක්ද එක තියෙන්නෙ මේ මුලු ලෝකෙන්ම එක නිසා වෙන්න ඇති මේ තරම් බඩු මිලයි ජීවන වියදමයි ඉහළ යන්නෙ.. :P

machan set wela wiyadama dekata beda gamu. rate prasna genath katha karanna beriya....

කාට කියන්නද මේ දුක.......?

ඇයි අප්පේ මේකේ තාම එම්බෙඩඩ් මෝඩ් දාලා නැත්තේ කමෙන්ට් වලට. අපිව වටේ යවන්නද.. ලියහංකෝ බං මක්ක හරි..

ඔය ජරාව බොන්න එපා. මැරෙයි! :P

මේක ලියන්නැද්ද දැං....

Bloggers.com - Meet Millions of Bloggers