පහුගිය දවසක කොන්ඩේ කපන්න ගිය වෙලාවක පොඩි ලමයෙකුත් කොන්ඩේ කපන්න ඇවිත් හිටියා, ඒත් ඒකා අපි පොඩි කාලේ වගේ කොන්ඩේ කපන්කොට එක යුද්ධයක් කලේ නම් නැහැ සමහර විට අපේ කාලේ පාවිච්චි කරපු මේ ජාතියේ කොන්ඩේ උගුල්ලන මැෂින් දැන් පාවිච්චි කරන්නේ නැති නිසා වෙන්න ඇති.
ඉස්සර අපි ගිය සැලූන් එකේ මේ වගේ උස පුටුවක් ලමයින්ට තිබ්බත් දැන් නම් එහෙම එකක් නැහැ ලොකු අය ඉන්න පුටුවකම තමා ලමයින්වත් ඉඳවන්නේ.
පොඩි කාලේ කොන්ඩේ කපන එක කොච්චර එපා කරපු කටයුත්තක් වෙලා තිබ්බද කියන්වනම් එදාට ඒ කාලේ තිබ්බ ඉස්තරම්ම කෑමක් වෙච්ච පළතුරු (ජෙලි)යෝගට් එකක් හම්බ වෙනවා කොන්ඩේ කපලා ඉවර උනාම. කොන්ඩේ කපන එක එපාම වෙන්න ලොකු හේතුවක් උනේ එයාලා කොන්ඩේ කපන්න භාවිතා කරන උපකරන. කොන්ඩේ උගුල්ලන මැෂින් එකයි, අනිවාර්යෙන් බෙල්ල පොඩ්ඩක් කපන හරියට කැපෙන්නේ නැති දැලි පිහියයි වෙන්න ඇති. ගොඩක් වෙලාවට් පාවිච්චි කරන්නෙත් මොට්ට කතුරු. ඒවත් වෙලාවකට කොන්ඩේ කපනවා නෙමෙයි උගුල්ලන්නවා. ගාස්තුව නම් මට මතක නැහැ මන් හිතන්නේ රුපියල් 10ක් විතර ගන්න ඇති දැන් නම් 60- 150 අතර ගානක් තමා ගන්නේ. ඊට වඩා ලොකු ගනන් 500 - 1000 දීල නම් මන් තාම කොන්ඩේ කපලා නැහැ.
ලංකාවේ අය ගොඩක් පිටරට ගියාම , තමන්ම කොන්ඩේ කපන්න පුරුදු වෙනවා කියලා මන් අහලා තියෙන්නේ. මෙහෙ රුපියල් 100ක් විතර දීල කොන්ඩේ කපල පුරුදු වෙලා එහෙ ගිහින් එක පාර ඩොලර් 10ක් 20 ක් දීලා කොන්ඩේ කපන්න හිත හදා ගන්න බැරුව ඇති.
එදා ඉඳලා අද වෙනකම් සැලූන් වල වෙනස් වෙනස් වෙලා නැති එකම අංගය තම කෙස්කොට පිරිච්ච මාස ගානකින් හෝදලා නැති බෙල්ල වටේ ඔතන සුදු රෙද්ද. මේක නම් පිරිසිදුව තියෙන කිසිම සැලූන් එකක් මට තාම හම්බ වෙලා නැහැ
ඡායරූප 1 මෙතනින්
ඡායාරූප 2 මෙතනින්




