මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මන් මේක අහලා තියෙන්නේ ස්වාධීන රූපවාහිනියේ සහ ගුවන් විදුලි සංස්ථාවේ වෙලඳ සේවයේ හරි ලක් හඬේ හරි ස්වදේශීය සේවයේ හරි විතරයි.

මට ලාවට මතක හැටියටනම් මේක කියන්නේ ජයවර්ධන කියලා නම තිබ්බ ටිකක් වයසක ගායකයෙක්. ජනකවියක් කියනවා වගේ සිංදුව කියන්නේ. රුප පෙල තියෙන්නේ ඉර බැහැගෙන යන වෙලාවක ගඟක ඔරුවක් පදින එකක්.

දන්න කෙනෙක් ඉන්නවා නම් මට mp3 එක හරි Youtube එකේ හරි Link එකක් දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා .

සිංදුවේ මට මතක ටික මේකයි

මහියංගනේ රන් කොත වාසනාවන්...
මහවැලි ගඟේ දියවර වාසනාවන්...
තුන්යම දුටුව සිහිනය වාසනාවන්....
බාල නඟෝ නුඹ මට වාසනාවන්.....

ඉරගල නුවර ඉරගල පවතිනා තුරූ....
සඳ ගල නුවර සඳ ගල පවතිනා තුරූ....
අපහද බැඳුනු සෙනෙහස පවතිනා තුරූ....
මේ ගඟ ගලයි දියවර පවතිනා තුරූ.....

(පද නම් හරියටම හරිද දන්නේ නැහැ මට මතක විදිහට තමා ඔය)

15 අදහස්:

මේක පරණ ගීයක් නම් හද ගී පොතේ තිස්ස අයියා ගාව නම් ඇති මචන්. පොඩ්ඩක් කමෙන්ට් එකක් දාල අහන්න. තිබ්බොත් අනිවා දෙයි.

Singer is Piyasiri Wijerathne. No Youtube entries. Visit Miyurugee. There are number of songs by him including very popular awurudu song - Bedda puraa...

http://www.infolanka.com/miyuru_gee/art/piyasiri_wije.html

බොහොම ස්තූතියි!!!

You are welcome.
Btw you seems have different music taste. I mean it is little bit off-taste compared to so-called popular music! There is another song this type. By TM Jayarathne ..Sanada eliyay paalu makanne.. (cant remember first line)
(Texted in kadda not because of its amba sira. I dont have the font and i dont used to type in Sinhala)

මං මේක කොටන අතරෙ ඔයාට උත්තරේ හම්බවෙලානෙ. කමක් නෑ දැන් ඉතින් ලියපු එකේ ඔහේ දානව. හැබැයි ඉතින් මේක blog post 1ක් තරම් දිගයි.
පියසිරි විජේරත්න කියන්නෙ බොහොම නිහඬ, මං ගොඩක් අගය කරන කලාකරුවෙක්. ඔහුගේ කටහඬේ පුදුමාකාර සෞම්‍ය ගතියක් තියෙනව. ඔය වගේ කටහඬක් තව තිබුණෙ සෞම්‍ය කුමාර යාපා බණ්ඩාරට විතරයි මං හිතන්නෙ.
ඒ වගේම පහුගිය කාලෙ හැමෝම කලා කරයො සල්ලි වලට විකිණෙද්දි සල්ලි වලට හොල්ලන්න බැරිඋනු, 'කලාකාරයගෙ අභිමානය' රැක ගත්තු, තවත් එක විරල කලාකාරයෙක් විදියට තමයි මං ඔහු දකින්නෙ. ගමේ ඉස්කෝලෙක සංගීත ගුරුවරයෙක් විදිහට තමයි මට මතක ඇති කාලෙ ඔහු වැඩ කලේ. මීට අවුරුදු කීපයකට කලින් ඒ හඬ නැත්තටම නැතිවෙලා ගියා. ගුවන් විදුලියෙ ප්‍රවෘත්ති වලට ඔහු මියගියා කිව්ව ඇරෙන්න ඊට වැඩි දෙයක් තිබුණෙ නෑ. ඊට පස්සෙ එක දිගටම අපිට නැති උනු ඔයවගේ වැදගත් කලාකාරයොන්ටත් (එච්. ඒ. පෙරේරා, අබේවර්ධන බාලසූරිය )ලැබුනෙ ඔය සංග්‍රහයම තමා.

ජනකවි ආරට තමයි ඔහු වැඩිපුරම ගීත ගායනා කරල තියෙන්නෙ. වැඩිපුරම කිව්වට එයා ගයපු ඔක්කොම ගීත 20කටත් අඩුයි. හැබැයි ඒ හැම ගීතයක්ම වගේ ඒ කාලෙ අය අතරෙ හුඟක් ජනප්‍රිය වෙලා තියෙනව. "බැද්ද පුරා සුදු රෙද්ද වගේ" (අමිතා දළුගම එක්ක කියන්නෙ) නැත්නම් "උඹෙ මූණ පුරා දිලි සීදේවි කම හින්දයි හිත බැඳුණේ ඇහුණාද මුතු මැණිකේ" වගේ ඒව අදටත් අහන්න තියෙනව වෙළඳ සේවේ නැත්නම් ස්වදේශීය සේවෙ.
එයාගෙ හැම ගීතයකම වගේ තියෙනව ඇස් දෙක පියාගෙන රස විඳින්න පුළුවං ගතිය. හදවතට දැනිල හදවත සන්සුන් වෙලා මුළු ශරීරය පුරාමත් විහිදිලා යවන්න පුළුවන්, සන්සුන් ගතියක් ඇතිකරනවා ඒවයින්. ඉස්සර ස්වදේශීය සේවෙ ඔයවගේ සින්දු යනව රෑට. පුදුම සනීපයක් තියෙන්නෙ අහනකොට. මුළු දවසෙම තිබ්බ මහන්සිය නැතිවෙලා යනව.

ඔන්න අකුරක් වත් අඩු නැතුව සම්පූර්ණ පද ටික ඔක්කොම මෙතන තියෙනව.

මහියංගණේ රන් කොත වාසනාවන්
මහවැලි ගඟේ දියවර වාසනාවන්
තුන්යම දුටුව සිහිනය වාසනාවන්
බාල නඟෝ නුඹ මට වාසනාවන්

ඉර බාරයි ඉර වට යන ගිරවුන්ට
සඳ බාරයි සඳ වට යන සාවුන්ට
මල බාරයි මල වට යන බමරුන්ට
නුඹ බාරයි මතු මතුවත් නගෝ මට

මහියංගණේ රන් කොත…..

ඉරගල නුවර ඉරගල පවතිනා තුරු
සඳගල නුවර සඳගල පවතිනා තුරු
අපහද බැඳුණු සෙනෙහස මල් පිපෙන තුරු
මේ ගඟ ගලනු ඇත දුක සැප දෙකම හුරු

මහියංගණේ රන් කොත…..

මෙන්න ලින්ක් එක අහන්න.
http://www.infolanka.com/miyuru_gee/pp/p333.ram
හැබැයි බාන්න බෑ. ඇත්ත ධාවකයෙන් (real player) විතරයි අහන්න පුළුවන්. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් මේක ලියපු කෙනා සහ සංගීතය කාගෙද කියල කියන්න, මට හොයා ගන්න බැරිඋනා.

තිස්ස අයිය වගේ පරණ සින්දු ගැන කිව්වට මට එයාට තරම් වයස නෑ හොඳේ.
;-)
තිස්ස අයිය වගේ ගතියට ලියන්නත් බෑ.
:-(
තිස්ස අයියගෙ සින්දු මේ කාලෙටත් එහා ගිය ඒවනෙ. මේව 90 දශකයෙත් අහන්න තිබුණ ඒවා. (ඇටිකිච්ච කාලෙ තමා මං මේව ඇහුවෙ. ඔන්න ඔයාලට ඕනෙම නම් වයස හොයා ගන්න පුළුවං) අවුරුදු කාලෙට තමා ස්වදේශීය සේවෙන් උනත් මේව එළියට එන්නෙ.
මේ සින්දුව අහල තියෙන දෙන්නෙක් වත් ඉන්න එක ගැන මට මාර සතුටුයි.

මේ සිංදුව ස්වාධීන රූපවාහිනියෙ ගියා මටත් මතකයි. මං ගොඩක්ම ආස පියසිරි විජේරත්න මහත්මයගෙ "බැද්දට මල් වරුසාවක් වැහැලද" ගීතයටයි. ඒකනම් පුංචි කාලෙ ඉඳලම ආස සිංදුවක්. මේ අහිංසක ගායකයට මං හරිම කැමතියි.

@ Anonymous
ඔයා කියපු එක ටී. එම්. ගෙ ඔරුව වසා වැලි පුරවා සින්දුව.ඒක ගැනත් මට කියන්න දේවල් එමටයි.
ආයෙ තඩි කමෙන්ට් එකක් ලියන්නත් බෑනෙ. ඒඋනාට නොලියත් බෑ. ඒක හින්ද අකැමැත්තෙන් උනත් මට මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නම වෙනව. මං ඔය බ්ලොග් එක හැදුවෙ කමෙන්ට් දාන්නමයි. බ්ලොග් ලියන්න හිතල නෙවෙයි. මක් කරන්නද හිතට එනකොට එපා කියන්නයැ. ඕන කෙංගෙඩියක් වෙද්දෙන් කියල ඔන්න 'හා හා පුරා' කියල දැම්ම එහෙනම්. කැමති නම් ගිහින් බලන්නකො.
http://freedomsl.wordpress.com/2010/04/25/%e0%b6%9a%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9c%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%87%e0%b6%af/

බෝහෝම ගොඩක් තොරතුරු දුන්නට බෝහෝම ස්තූතියි freedom

කොහොමෙන් හරි බ්ලොග් ලිපියක් ලියපු එක ලොකු දෙයක්. මුල සිංදුව ගැන තියෙන එකත් බ්ලොග් එකටම දැම්මනම් හොඳයිනේ

hitapan ada ewannam, gedara athi, naththan ape gedara waren dennam paraNa sindu epaa wenna.

බොහෝම ස්තූතියි!!!
අපේ ලිෂාන් මහතා විසින් සිංදුවේ mp3 එකක් දුන්නානේ

මේ ගීතය මගේ ආසම ගීතයක්
වැඩිය හොයා ගන්න නැහැ
ඒත් මම පොඩි කාලේ වෙළෙද සේවයෙන් ඇහුනා
මගේ හිතේ මේ රිද්මය මම මැරෙනා තුරාවටම තියේවි
මේ ගැග හාර ඇවිස්සුවට පිං හැමෝටම

mama danna widihata meke music karala thiyenne.. Sarath Fernando kiala mahathmayek. Eya gena wageama piyasiri wijerathna mahthmaya genath honda wistharayak thienwa Thissa Abesekera mahathmayage 'Ayale giya sithaka satahan' kiana pothe.....

https://www.youtube.com/watch?v=2ZGmDzchh_A

Thank you Ashantha!
I found this blog post when looking for this song to share with a friend.
I have a CD where Jananath Warakaula sings this extremely beautifully.

Lovely deep voice of Piyasiri Wijeratne singing this song from "Dolos Mahe Ganga" a film based on Gamini Dissanayakes mahaweli project.
Ira gala udin puudina ira mala ganga- sanda gala udin puudina sanda mala ganga.....meda maha nuwara dalada himi wesena thuru. Mae ganga gallanne apa divi reka dennai....
I think it was a beautiful teledrama. Suddenly it went off. No record on u tube. I think Tissa Abeysekere directed. Probably on Rupavahini or ITN around 1995 or so. If any one can upload this song it is so meaning full and passionately sung by the wonderful deep echoing voice of Piyasiri Wijeratne. Thanks. I am Dhamitha Perera. gdvperera@yahoo.com
Sorry I do not have a sinhala font.

Bloggers.com - Meet Millions of Bloggers