මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

හරිනම් ඉතින් මේක දාන්න ඕනේ අපේ කමු බොමු එකට ඒත් ඉතින් ඒකේ කෑම ගැන ලියන්න වෙනම පිරිසක් ඉන්න නිසා මන් ඔය වැඩියම නොදන්න දේ ගැන ලියන එක හරි නැහැනේ ඒක නිසා මන් මේ මැරතන් එකට පාන් ගැන ලියනවා.

 
පාන් කියන්නේ ලෝකේ කෙසේ වෙතත් මන් හිතන්නේ ලංකාවේ අපේ නම් ජනප්‍රියම කෑමක්. පානුයි පරිප්පුයි නැති හෝටලයක් තියෙනවනම් ඒක හෝටලයක්ද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න වෙනවා. ඒ තරමටම මිනිස්සුන්ට පාන් කියන එක නැතුවම බැරි කෑමක්. පහුගිය කාලේ පාන් වෙනුවට බත් කන එක මිනිස්සු අතර ජනප්‍රිය කරන්න නොයෙකුත් වැඩ සටහන් කලත්, පාන් වල ඇති අගුණ ගැන කොච්චර කිව්වත් අපේ අය ගොඩ දෙනෙක්ගේ ප්‍රධාන ආහාරයක් වෙන්නේ පාන්.

මන් දන්න පාන් ජාති නම් තියෙන්නේ දෙක තුනයි. අච්චු පාන් , තැටි පාන් , රෝස් පාන් සහ සැන්විච් පාන්. ඔයටික ඇරෙන්න විවිධ නම් වලින් තියෙන විවිධ පාන් ජාති අපේ කඩවල් වල තියෙනවා. ඒත් ගොඩක් ඒවා මන් කාල නම් නැහැ. මන් වැඩියෙන්ම කන්න කැමති නම් තැටි පාන්. කොච්චරද කියෙනවනම් සතියේ දවස් පහේම උදේ තේ බොන්නේ තැටි පාන් බාගයක් කලවම් හොද්දකුත් එක්ක දෙසා බාලා තමා.

මන් ජීවිතේ රසම පාන් ජාතිය කෑවේ කොහෙන්ද කියලා මටනම් මතක නැහැ. ඉස්සර නම් අපි පාන් ගත්තේ හැමදාම උදේට ලොකු පෙට්ටියක පාන් දාගෙන බයිසිකලයක් පැදගෙන එන පාන් කාරයාගෙන්, ඒත් දැන් නම් පාන් අපි කඩෙට ගිහින් ගන්නවා. සමහර පැති වල නම් ත්‍රීවිලර් වලින් පාන් ලඟටම ගෙනත් දෙනවා. ඒත් අපේ පැත්තේ නම් තාම එහෙම එකක් දකින්න නැහැ.

පාන්පිටි වලින් හදන් පාන් අගුණයි කියලා හාල් පිටි වලින්, කුරක්කන් පිටි කලවම් කරපු පාන් පිටිවලින් හදන් පාන් ජාතිත් නැත්තේම නැහැ, ඒත් මන් හිතන්නේ ගොඩක්ම ජනප්‍රිය අපේ ශරීරයට අහිතකරයි කියන පාන් පිටිවලින්ම හදන් පාන් ම තමා. පාන් පිටි කිව්වට එකෙන් පාන් හදනව මිසක් පාන් පිටි කරලා ඒ පිටි හදනවා එහෙම නෙමෙයි ඕන්

පාන් කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියනවා නම් අපේ රටේ මැතිවරණ වේදිකාවල හිටන් කතා බහ වෙන දෙයක්, පාන් ගෙඩියේ බර සහ මිල එක එක ආකාරයෙන් වෙනස් උනාට අපේ අයගේ පාන් කෑම නම් එහෙම වෙනස් වෙලා නැහැ කියලා තමා මට නම් හිතෙන්නේ

තාම මට බයිට් එකට පාන් කන්න නම් බැරි උනා ඒත් එක පාරක් රෝස් පාන් ගෙඩියක් නම් බයිට් එකට කෑවා. එකත් නරකම නැහැ.

ඡායාරූපය මෙතනින්

14 අදහස්:

දැන් ටිකකට කළින් කාලා ආවේ.
බයිට් 1ට රෝස් පාන් නිකම්ද කෑවේ?
මොනා හරි කරලද කෑවේ?

බයිට් එකට සැන්විච් වගයක් නම් කෑව දවසක. මම දන්න එකෙක් ඉන්නවා රෝස් පාන් වතුරෙන් පොගවලත් කනව බයිට් ඉවර උනාම.

බයිට් එකට පාන් කෑවම වදින්නේ නෑනෙ බන්...

නිකම්ම බන් කෑවේ.

බස් එකේ චොරොප්පං වෙලා ඇවිත් මම දැං ඉන්නේ පාං කියාගන්න බැරුව..

මරුනේ..

පාන් ඉතින් ජාතික ආහාරෙ වගේනෙ........ කොටින්ම කියනවනම් ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් ආහාරයක්.....

ඇයි මාළු පාන්? ජෑම් පාන්? බිත්තර පාන්? ඒව ඉතින් පාන් කිව්වට 100% ම පාන් නෙමෙයිනෙ නේද? ඒත් ලංකාවෙ හැටියටනම් පාන්!

මෙහෙනම් (සිංගප්පූරුවෙ) තියෙනව මුද්දරප්පලම් දාල හදන පාන් ජාතියක්. ටිකක් ගණං; ඒත් පෙති හතරක් එක වේලකට ඇති!

අපේ පැත්තේ නං උදේට බයිසිකලේකින් පාන් කා‍රයෙක් එනවා.

ප්‍රංශයේ රැජිනකුත් කිව්වනෙ පාන් බැරිනම් කේක් කාපල්ල කියල

පාන් වලට ජය වෙවා

මරණෙ දුවල ඉවර වුනාට පස්සෙ තමයි මං වතුර ගහන්නෙ. පාන් වලින් මමනම් ආස අර රෝස් පාන් ගෙඩියෙම ලොකු model එකට තමයි. මං ඒව තේ එකෙත් ඔබාගෙන කන්න ආසයි. සීනි එක්ක කන්නත් ආසයි. ඒකනම් මාර රහයි. ඇතුළෙ හුළං පිරිච්ච පාන් වලට මං ආසම නෑනෙ.

පාන්,

ලංකාවෙනම් තියෙන්නෙ ඔය කියන පාන් වර්ග කීපය විතරයි, ඒත් ප්‍රංශයේ තමයි මම දන්න විදිහට ලෝකෙ හොදම පාන් හදන්නේ.

එවාගෙ තියෙන වර්ග බැලුවොත් පුදුම හිතෙනවා. අනිත් එක රස සහ විශේෂයෙන්ම පෙනුම. අපේ නම් තියෙන්නෙ ග්‍රෑම් 250 පාන් රාත්තල් නේ.

තව මම ආසම පාන් වර්ගයක් තමයි පරලු පාන් කියන්නෙ. ඒක නම් ලංකාවෙත් තියෙනවා.

This comment has been removed by the author.
Bloggers.com - Meet Millions of Bloggers