මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මේකට සිංහලෙන් කියන නම දන්නේ නැති නිසා මට පිංතූරයක් හොයාගන්න බැරි උනා. මන් මේ කියන්න යන්නේ අර පාර අයිනේ එල්ලලා තියෙන රෝස පාට ලොකු බෝල වගේ තියෙන බොම්බයි මොටයි ගැන නෙමෙයි පුන්චි සීනුවක් සද්ද කර කර පොඩි පෙට්ටියක් අස්සේ බොම්බයි මොටයි දාගෙන යන වයසක සීයලා විකුනන බොම්බයි මොටයි ගැන.

ඉස්සර ඔය සද්දේ ආවම පාරට දුවලා එන්නේ. දැන් වගේ කලාතුරකින් නෙමෙයි නිතරම වගේ ඔය බොම්බයි මොටයි විකුනන අය දකින්න හම්බ උනා. ඒ කාලේ නම් රුපියලක දෙකක ගත්ත ප්‍රමානේ අද නම් දෙන්නේ රුපියල් 20කට. ඒත් රස නම් ඒ කාලේ වගේම තියෙනවා.

ඒ කාලේ නම් ඕවා කන්න වැඩිය ගෙදරන් දුන්නේ නැහැ. දැන් නම් ඉතින් තහංචි දාන්න කෙනෙක් නැති නිසා දැක්ක වෙලාවට අරන් කනවා. මේ බොම්බයි මොටයි හදන විදිහ ගැන නම් මට කිසිම අදහසක් නැහැ ඒත් ඒ කාලේ අපි කන එක වලක්වන්න අපිට කියන්නේ ඕවා හදන්නේ ඔය ඒවා විකුනන අයගේ රැවුලේ කෙලගාලා කියලා. මොකද ගොඩක් වෙලාවට බොම්බයි මොටයි වික්කේ දිග රැවුලක් තියෙන මුස්ලිම් ජාතිකයෝ නිසා.

ගොඩක් කෑවොත්නම් දියවැඩියාව ඉස්තීරවම හදාගන්න පුළුවන් බොම්බයි මොටයි කාලම නැත්නම් පොඩ්ඩක් අරන් කාලා බලන්න

17 අදහස්:

සැහ් මරු කෑම! අපි නං ඉතිං ඕකට කියන්නෙ සීනි පොල්කොහු කියලා

සැහ් මරු කෑම! අපි නං ඉතිං ඕකට කියන්නෙ සීනි පොල්කොහු කියලා

ඔව් ඔව් අපිත් කියන්නේ සීනි පොල්කොහු...රසායි..!!

කාපු කාලයක් මතක නෑ. පොඩිම කාලෙ මම සුදුපාට බොම්බයි මුටයි කෑවෙ නැහැ මොකද නිකන් වයසක උදවියගෙ කොණ්ඩෙ වගේනෙ තිබ්බෙ.

මොකක්??? අදමයි බන් එහෙම එකක් ඇහුවේ

ආසම කෑමක්..... ඒත් ඉතින් දැන් අවුරුදු 5කින් විතර කෑවෙ නෑ...... :( දැන් බොම්බයි මුටයි සීයල හොයාගන්නත් නෑ........

candy floss..
මම හරිම ආසයි..
:)

කැන්ඩි පොලොස්.. :D

මම නං කාලා තියෙනවා. ඒත් පැණි රහ වැඩියි. තාමත් බොම්බයි මුටයි කාරයෝ පාරේ නං යනවා

මගෙත් පට්ටම ෆේවරිට්!

maru kama . . maath hena asai . .

එක පවුලේ වුනාට බොම්බයි මොටයි Candy Floss නොවෙයි. රස වෙනස්.texture එක සම්පූර්ණයෙන්ම වෙනස්. Candy Floss නිකං අපේ දේසපාලු උත්තමයෙක් වගේ, ලොකුවට තිබ්බට හුලං විතරයි. බොම්බයි මොටයි එහෙම නෑ, ඝනයි, නිකං ක‍ටු ක‍ටු වාගේ. අවුරුදු ගාණක බොම්බයි මොටයි දොලදුකකිං හිටිය මට, මේ ලගදි අහම්බෙන් සුපර් මාර්කැට්‍ටුවකදි බොම්බයි මොටයිව සෙට් උනා. ලස්සනට පැක් කරලා, මොකද්දෝ අප්‍රබංස ඉන්ඩියන් නමකින් හිටියෙ.හුහ්, camouflage කරගෙන හිටියට ,අපි අහුවෙයි ඕවට. මම වට දෙක් තුනක් කැරකිලා බැලුවා -පොරම තමා. ඊට පස්සෙ ගන්නවද, නැත්ද කියලා හිතෙන් දාං ඇදලා ( කලිං ඔහොම කරපු වැරදිලා, පැකට් පිටිං කුණු කූඩෙට ගිය අවස්තා නැතුවම නොවේ- ඒත් අර "අළුත් දේ නොසොයන ජාතිය , ලොව නොනගී කියනවනෙ) , ඔන්න ඔහේ ඕන එකක් කියලා ගත්තා. ගෙදර ඇවිත් බැලුවාම, වැඩේ සාර්තකයි. ඉතිං ඊට පස්සෙ, ප්‍රොමෝෂන් වෙලාවට ඔය බොම්බයි මොටයි කිලෝ එකක් දෙකක් අපේ ගෙවල් පැත්තෙත් එනවා. හොදට ඉදිච්ච කෙසෙල් එක්ක තමා , මේක නියමෙට නැගලා යන්නෙ.

Found a video about the traditional way of making Bombai-Motai.

http://www.youtube.com/watch?v=IiJU2CCs5v8

Indians called it "soan papdi."

මරණෙ වැටිලදෝ.... දුවපාං.. මෙන්න වතුර..

කැන්ඩි ෆ්ලොස් නං මෙලෝ වැඩකට නෑ ටෙක්ස්චර් එක අසික්කිතයි. බොම්බ මුටයි නම් මරු. පොඩි කාලේ මතක් උනා. මුස්ලිම් අය තමා හදන්නෙයි විකුණන්නෙයි. මස්කට් හා බූන්දි එක්ක එක පෙළට තමා ඉන්නේ. ඕවා ඔතාගෙන කන්න නයිස් කියලා රවුම් තිබුණා, දැකපු කාලයක් මතක නෑ.

අපේ පැත්තෙනම් ඔය බොම්බැයි මොටයි කාරය හැමදාම යනවා. හැමදාම ගේන්නෙ ලා රෝස පාට ඒවා. ගෙවල් ළඟ පොඩි ඉස්කෝලයක් තියන නිසා එයා ඒ අවට ගැවසෙන්නෙ. රුපියල් 10 කට තරමක් ලැබෙනවා. මමනම් ඉතින් රිස්ස යන්න බොම්බැයි මොටයි කනවා ඒ හින්දා :D

ඒවට කියන්‍නේ cotton candy කියල නේද? වසන්ත උදානය කාර්නිවල් එකේදි කෑවා....

Bloggers.com - Meet Millions of Bloggers