මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මැරත්න් තියා මොක උනත් ඉතින් පටන් ගන්න ඕනේ කැමතිම මාතෘකාවෙන්නේ ඔන්න ඉතින් පටන් ගත්තා

මේ තියෙන්නේ මගේ ජීවිතේ මන් බීපු ඉස්තරම්ම අරක්කු ජාතිය. ආයි දෙකක් නැහැ මීට වඩා හොඳ අරක්කු එකක් නම් මන් හිතන්නේ ලංකාවේ නම් නැහැ. ගාන නම් ඉතින් දරන්න පුළුවන් එකක් නෙමෙයි ඒත් ඉතින් ජීවිතේට එක පාරක් හරි රස බලන්න ඕනේ ජාතියේ එකක් මේක.

මිල රුපියල් 2700.00 ඇල්කොහොල් 40% මිලි ලීටර් 700යි මේ තමයි මෙන්ඩිස් අවුරුදු 18ක් පරන අරක්කු එක.

මගේ මචං කාරයා ආයිත් පොඩි නිවාඩුවකට පහුගිය දොහේ ලංකාවට සැපත් උනා. ඉතින් එයාගේ නිවාඩුවෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න නම් හම්බ උනේ නැහැ මට නිවාඩු නැති නිසා. ඒත් හිටපු සති අන්ත දෙකම මුන ගැහෙන්න අපි අතපසු කලේ නම නැහැ.

වෙනද වගේම ඒකා මෙරටට සැපත් වෙනකොට තීරු බදු රහිතව රැගෙන ආපු, මන් මීට කලින් බීල තිබ්බේ නැති Absolut Tropics සහ Absolut Pears බෝතල් දෙකම ඉක්මනින් අවසන් උනේ අපිට තව බොන්න දවසක්ම ඉතුරු වෙලා තියෙද්දි.

ඉතින් මක් කරන්නද හැමදාම බොන ජාති පැත්තක දාල අපි දෙන්න හිතුවා අළුත් යමක් බොන්න ඕනේ කියලා. ඉතින් අපි දෙහිවල ආර්පිකෝ එකට ගිහින් ඇහුවා මෙන්ඩිස් ගැන. එහෙම අහලා දැනට විකුනන්න තියෙන ගනන්ම අරක්කු බෝතලෙන් ඉතුරුවෙලා තිබ්බ එකම බෝතලේ උස්සන් ගෙදර ආවා. ඇවිත් හරියට අළුතෙන් මනමාලියක් එක්ක ආවා වගේ හැමතැනම තිය තියා ෆොටෝ ගැහුවා ඒත් මන් ගහපු ෆොටෝ වලින් දෙකක් ඇරෙන්න අනික් සේරම ෆොටෝ ගහලා තියෙන්නේ බෝතලේ පිටිපස්සේ ලේබල් එකක්.(බෝතලේ දැකලම වෙරි). අපි දෙන්න බෝතලේ ෆොටො ගහනවා, වීඩියෝ කරනවා දැකලා අපේ අක්කා අහපි ඔය දෙන්නට පිස්සු හැදීගෙන එනවද කියලා. (පිස්සු නොහැදී තියෙයියෑ මේක දැක්කම). ඉතින් ඕක කඩලා අමුවෙන්ම ටිකක් බීලා බැලුවා. ෂා..... අමෘතේ වගේ (ඔය ඒ කාලේ අමෘතේ කියන්න ඇත්තේ පරන මත්පැන් ජාතියකට තමා ) ටිකක් සැරයි ඒත් මාර රසයි.  අමෘතේ උනත් බොනකොට පහසුවෙන් බොන්න ඕනේ නිසා අයිස් සහ ජින්ජ ඒල් දාගෙන තමා බිව්වේ ඊට පස්සේ. නියම බීම. ඕන් දවල් බාගයක් ඉවර කලා ඊට පස්සේ රෑ අනික් බාගෙත් ගහලා බෝතලේ (බෝතලේ කිව්වට අනික් බෝතල් වලට වඩා මිලි ලීටර 50ක් අඩුයි ඒත් සැර වැඩියි . අනික් අරක්කු ඇල්කොහොල් 33%-35% වගේ මේක 40% )ඉවර කලා අපි දෙන්නා එක්ක.

ඔන්න ඉතින් බීලා නිදා ගෙන පහුවදා නැගිට්ට කියමුකෝ මාර වැඩක්. කලින්දා බිව්වද කියලවත් නැහැ. මීට කලිනුත් අපි දෙන්නා ඔය වගේ එක එක ජාති දිවා රෑ පානය කරලා තියෙනවා ඒත් ඒ හැමදාම පහුවදා 10 විතර වෙනකම් කලින් දවසේ බීපුවා වැඩ කරනවා ඒත් මේක කොච්චර හොඳද කියන්වනම් බීපු වගක් වත් නැහැ.

මන් නම් හිතන්නේ මේක තමා ලංකාවේ තියෙන අපේ බීම ජාති වලින් හොඳම එක. ඉතින් කවද හරි රස බලන්න.

17 අදහස්:

දුවපන් පුතේ
මම දෙන්නන් උඹට වතුර.

අපිනම් අමධ්‍යප.

ටැන්කූ වේවා

හප්පා. දැක්කමත් වදිනව වගේ. හික්.
තව එකෙක්වත් සෙට් කරගෙන තමයි මේකක් ගන්න වෙන්නෙ. මෙන්ඩිස් වැඩිය පාවිච්චි කරල නැහැ.

පටන් ගත්තෙම බොහොම කැමති මාතෘකාවකින් වගේ.. ඔහොම යං..
:D

Johnnie walker Green lable එකත් 15යි නේ පරණ, මේක 18ක් කියන්නේ නියමෙටම ඇති... ආපු ගමන් test කරන්න ඕනේ.... :)ඔන්න මත් වතුරම ගැහුවා.... නා... පා.... න්....... දුවපා.......න්..... වෙරි වේවා................!!!

අරක්කු ගහන්න නම් සල්ලි නැතො... වතුර වලින් සප්පායම් වෙලා අදිමු...

හපොයි..... බෝතලේකින්ම පටන් අරන්..... දුවමු දුවමු... ඕව බීල වැටෙන්න එපා හොඳේ.....

මේක සිරා බීමක් වගේ.
ඉස්තූතියි ඔත්තුවට.

දුවමු........දුවමු...
මම හිතන විදිහට Johnnie Walker Blue Label එක සෑහෙන්න පරණයි. ඒ වගේම තමයි ගාණත්.. සෑහෙන්න ගාණක්!

බීමට මුල්තැන ව‍ගේ.. මෙන්න සැන්ඩි කරගන්න වතුර පාරක්.. :D

ලංකාවේ පරණ අරක්කු ඇත්තටම හදන්නේ මෙන්ඩිස් විතරයි. අනිත්වා මිශ්‍රණ (බ්ලෙන්ඩ් ). තේක්ක ලේගර වල පරණ කළ අරක්කු තමා යහපත් කියන්නේ. අනික තමා පොල් අරක්කු කියන්නෙ අතුරු ඵලයක් නොවෙන එක. (ගල් සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක්). අරමුණම ඩෝප් කරන එක. ජොනි වෝකර් කියන්නෙත් බ්ලෙන්ඩ් එකක්, සොඳුරු බොන්නන් ඒක අහලකට ගන්නෙ නෑ. ජැම්සන් බ්ලෙන්ඩ් අතරින් හොඳ අයිරිෂ් විස්කියක්. සුරාව රස වෙන්නෙ කට ගැස්ම හා 'එලවනය'(chaser) නිසා. (රතු වයින් - රතු මස්, සුදු වයින් - මාලු නැත්තම් විතරක් කුකුල් මස්)
වොඩ්කා කෝක් කියන්නේ අසික්කිත මුසුවක්. සෝඩා විස්කිත් ඒ වගෙම අසික්කිතයි.
සැර සුරා හා බියර් කළවමට බොන්නේ නම් මොකක් හරි ලෙඩක් තියෙන අය වෙන්න ඕනෙ.

සුරා බීමට වඩා යුතු වන්නේ රස බැලීම. (මගෙ අයිරිෂ් මිතුරෙක් කියනවා 'තනි මෝල්ට් විස්කි' කොකා කෝලා හා කලවම් කළ තමන්ගේ මල්ලිව එල්ලන්නෙ නැත්තෙ ඥාතීත්වය යන පදනම නිසා බව ) රස බැලීමට වඩා සුදුසු ක්‍රමය තමා 50ක්(ml) විතර එක අයිස් කැටයක් එක්ක හොලවන්නෙ නැතුව තොල ගෑම(බොන්නේ අපරාදකාරයෝ). නැත්තම් අයිස් පාවෙන වතුර වීදුරුවකින් උගුරක් සුරා බීවාට පසුව බීම. එතකොට දිව රසයට නිර්වින්දනය නොවී තියෙනවා.

ජින් ටොනික් මුසුව ඉපදුනේ ඉන්දියාවෙ. මැලේරියාවට ඒකාලේ දුන්නු සින්කෝනා පොතු කසාය වතුකාර සුදු මහත්තුරුන්ට ජින් හා බොන්න පුලුවන් වෙන්න තමා ටොනික් හැදුවේ.

ඔය හෝටල් වල කෑම හා බීම විෂයය බාර ඇමති කෙනෙක් අල්ලගෙන අහන්න. ලස්සන කතා තියෙනවා බීම වගේම සුන්දර.

"හරියට අළුතෙන් මනමාලියක් එක්ක ආවා වගේ හැමතැනම තිය තියා ෆොටෝ ගැහුවා.."
මේ උපමාවනම් නියමයි. හනේ ඉතින් අරක්කු ගැන මං මොනව කියන්නද?
කිවි පද බැඳුම් ගුණ දොස් කිවිඳුන් ම මිස
නැණ මද කුකවි දැන ගත හැකි කවර ලෙස - සුභාෂිතය
(කවි පබැඳීමේ ගුණ දොස් කියන්න දන්නෙ වියත් කවියන්මය. ඒ ගැන දැනුමක් නැත්තෝ කෙසේ ගුණ වනන්නද?) ඒ වගේ ඉතින් අරක්කු ගැනත් එසේමය:D

තිතටම මත ගැන කියන්නෙ
මරණය කවුදැයි නොදන්නෙ ;-)

mervin denagattanam iwarai

අම්මප මේ වගේ එකක් තියනව කියල දැනගත්තෙ අදමයි... බලමු චාන්ස් එකක් ආපු වෙලාවක ගසලා..තැන්ක්යූ මචන්....!!!

ඇත්ත.
මේ වගේ තව හොද බීමක් තමයි Old Reserve කියන්නෙත්. නියම විදිහට පොල් වල Blend එකක් කියලා තමයි මම හිතන්නේ. පහුවදාට කිසිම අප්සට් එකක් නැහැ

This comment has been removed by a blog administrator.
Bloggers.com - Meet Millions of Bloggers