මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මමත් ගියා ආකාස කුසුම් බලන්න. වැඩිපුරම යන්න හේතු උනේ මෙන්න මේ සිංන්දුව නිසා. ඒත් ඉතින් අන්තිමට උනේ බිල්ලු බාබර් බලන්න ගිහින් උන දේම තමා. අනේ මේ සිංදුව ෆිල්ම් එකේ නැහැ අඩුම ගානේ නම් දානකොටවත් තිබ්බනම්. අනික තියෙන මුල ටිකත් දෙබස් එක්ක පසුබිමෙන් යන්නේ.

මම ගියෙ ඊයේ (22) මේක පටන් ගත්තේ 21 ඒත් සෙනඟ නම් හිටියේ බොහොම ටිකයි. රීගල් එකෙත් එහෙමනම් අනික් ඒවායේ ඊටත් අඩු ඇති. කාලෙකට පස්සෙ හොඳයි කියලා හිතෙන ෆිල්ම් එකක් වගේ ආවත් සෙනඟ නම් නැහැ.

ඉස්සර හිටපු ජනප්‍රිය සිනමා තරුවකගේ වර්ථමාන ජීවිතය, එයාගේ අතීත සිදුවීම් වර්ථමානයට කරන බලපෑම්, පොදුවේ කාන්තාවන්ට පිරිමින්ගෙන් වෙන අසාධාරණයන් වගේ දේවල් තමා මේකෙන් කියැවෙන්නේ. (මට තේරුන විදිහටනම්)

මටනම් එච්චරම ඇල්ලුවේ නැහැ ෆිල්ම් එක.

වැඩි විස්තර

නිළ වෙබ් අඩවිය

IMDB

ඡායාරූපය උපුටා ගැනීම මෙතනින්

මෙවන් පුදගලයෙකු ගැන ලිවීමට තරම් මට ඔහුගැන දැනුමක් නැත. ඔහුගේ චිත්‍රපට සමහරක් මා නරඹා ඇතත් ඒවා ගැඹුරින් තේරුම් ගෙන නැත. පිටගම්කාරයෝ ටෙලිනාට්ටියා බැලුවා වගේ ලාවට මතකයක් ඇත. ඒත් එය තෙරුම් ගත්තේනම් නැති බව මට විශ්වාසය. ඔහුගේ මා විසින් කියවා ඇති ඔහුගේ එකම පොත "අයාලේ ගිය සිතක සටහන්" යන්න පමනි. එහි ඇති රසවත් බව නිසාම මම ඔහුට අතිශයින් ප්‍රියකරමි. ඔහු ගැන හෝ ඔහු සමග කල සාඛච්ඡා ඇසුරින් ලියූ පුවත්පත් ලිපිනම් හමුවූ සෑම විටම මා විසින් කියවා ඇත.

සාමාන්‍යයෙන් මෙරට ප්‍රසිද්ධ පුදගලයන් මියගිය විට මට ඒ ගැන කිසිම කනගාටුවක් නැත්තේ ඔවුන්ගෙන් මෙරටට සිදුවන සෙතක් නැති නිසාය එහෙත් මෑත්දී මියගිය කේමදාසයන්ගේ සහ මෙතුමාගේ අභාවන් සැබවින්ම මා සසල කලබව මට සිතේ. මන්ද යත් මොවුන් මියගියපසු ඔවුන් සතුවූ ඒ මහා දැනුම් සම්භාරය, හැකියාවන් ඔවුන් සමගම දැවී අළුවී ගිය බැවිනි. අනාගතයට සුරැකිව ඇත්තේ ඒ ගැන මතකයන් පමනි.

ඔහු ගැන ලිපි කිහිපයක්

සුදුර්ලභ මිනිසා
තිස්ස අභිමානවත් පිටගම්කාරයා
විශිෂ්ඨයෙකුගේ සමුගැනීම
නිල් අහස් තලේ නෑ වලාකුළු...
අයාලේ ගිය සිනමා වන්දනාකාරයා
රණකාමය, ජාතිකත්වය හා කලාකරුවා
සමසමාජකාරයා කවදත් හිස කෙළින් තබාගෙන නිවැරිදි දේ නිර්භයව කළ අයෙක්

අංක හත
ඔන්න ලියන්වා ගොඩක් දෙනෙකුට ප්‍රසිද්ධියේ දැක්කම කලන්තේ හැදෙන දෙයක් ගැන (හොරෙන් එහෙම දැක්කොත් බලනවා).

මුලින් නම් මාත් හිතාගෙන හිටියේ නිල් චිත්‍රපටි කියන්නේ නිල් පාට එවා කියලා, අනේ එහෙම එකක් නැහැ රඟපාන නළු නිළියන්ගේ ඇඳුම්වල පොඩි අඩුපාඩුවක් ඇරෙන්න වෙන කිසිම වෙනසක් නැහැ අනික් චිත්‍රපටි එක්ක බැළුවම.

ඉස්සරනම් මේවා පෙන්නන පොඩි පොඩි තැන් තිබ්බලු නගරවල ඒත් පරිගනකයයි VCD Player නුයි ප්‍රචලිත උනාට පස්සේ එවා නිකම්ම නැතිවෙලා ගිහින්. දැන් මිනිස්සු මෙවා බලන්නේ ගෙවල්වල.

අපි හිතනවට වඩා මේක ලොකු කර්මාන්තයක්. මෙවාට සම්බන්ඳ අයට සම්මාන උළෙලක් පවා පැවැත්වෙනවා. මේවැනි සුපිරි තරු තරඟත් තියෙන්වා (මෙහෙත් තියයිද දන්නේ නැහැ ). මෙවායේ රඟපන නළු නිළියන් කරන්නේ ඉතාම අසීරු කටයුත්තක් කියලා මට හිතෙන්නේ. බොහෝවිට ඔවුන් මත්ද්‍යව්‍ය වලට ඇබ්බැහි වූවන් ලෙසත් හිතන්න පුළුවන්.

හතරපෝයට සිල් අරන්, සුදු ඇඬ්හ්ගෙන අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ගසාකන සිල්වතුන්ට වඩ මේ කර්මාන්තයේ නියැලෙන අය නම්බුකාරයි කියලා මට හිතෙන්නේ

කවුරු හරි කොල්ලෙක් කිව්වොත් මම කවදාවත් මේවා බලලත් නැහැ, බලන්නෙත් නැහැ කියලා ඒක නම් මට පිලිගන්න බැහැ.

සති අන්තේ චිත්‍රපටියක් බලන්න ගියා ලිබර්ටි සිනමා හලට. මෙන්න මේ සිංදුව නිසයි මට ඒ චිත්‍රපටිය බලන්න ඕනේ උනේ ඒත් ඒක චිත්‍රපටියේ තියෙන්නේ මෙහෙම. අපරාදේ කියලා හිතුනා. චිත්‍රපටියත් එච්චරම හොඳ නැහැ. කම්මලි සමහර වෙලාවට. ගිය සිකුරාදා ඉඳන් පෙන්නන්න පටන් ගත්ත නිසා ටිකක් සෙනඟ.

ශාරුක් ඛාන්ගේ අළුත්ම චිතරපටිය Rab Ne Bana Di Jodi ලොවපුරා ප්‍රදර්ශනය කරන දවසෙම ලංකාවෙත් ප්‍රදර්ශනය ඇරඹුවා. තාම බලන්න නම් යන්න බැරි උනා ගිය සති අන්තයේ තිබ්බ පොලිම දැක්කම තව කාලෙකට සෙනඟ අඩුවෙන එකක් නැහැ කියලා හිතුනා. ඔය චිත්‍රපටිය බලන්න යන අදහසක් තියෙන නිසා මම සිංදු ටික Download කලා. එකක් දෙකක් තියෙන්වා හොඳ එවා. මුළු ෆිල්ම් එකටම සිංදු පහයි තියෙන්නේ. එකත් පුදුමයි. ෆිල්ම් එක බලන්න කලින් සිංදු ටික අහලා ගියාම ෆිල්ම් එක යන අතරේ සිංදුව ඇහෙනකොට මාර ගති . මන් හිතන්නේ ඒක වෙන්න ඇති ෆිල්ම් එක එන්නත් කලින් සිංදු ටික විකුනන්න දාන්නේ

ලිබර්ටි සිනමාහලෙ මේ ෆිල්ම් එකෙ අළුත් වැඩක් පටන් අරන්. සති අන්තෙට ගාන වැඩි. ලඟදි ලිබර්ටි එකෙ ෆිල්ම් එකක් බලපු නැති නිසා කලිනුත් තිබ්බද දන්නේ නැහැ. හැබැයි මේකෙනම් එහෙමයි. සති අන්තෙ බැල්කනි ටිකට් එකක් 360/= සතියේ දිනවල 340/= කොහොම උනත් ෆිල්ම් ටිකට් එකක් 360/= කියන්න්නේ නම් මාර වැඩි වගේ (අරක්කු බාගෙක ගාන අප්පා ). පුදුමයක් නැහැ මිනිස්සු රුපියල් 100/= දීලා DVD එක ගෙදර ගෙනියන්නම ගන්න එක.

දැන් බලන්නකෝ දෙන්නෙක් එක්ක ගිහින් සති අන්තයේ ෆිල්ම් එකක් බලන්න 720/= ෆිල්ම් ටිකට් වලට විතරක්. තව කන්න බොන්න මොනාහරි ගත්තොත් අඩුම ගානෙ 300/= ක් වත් යනවා ඊලන්ගට ෆිල්ම් බලල නිකන් එන්න පුළුවනෑ දවල්ට කන්නත් එපායැ ඒකටත් 1000/= ක් 1500/= ක් විතර ගියාම සතිඅන්තෙට විතරක් 2000/= ක් 2500/=ක් ඉවරයි. අනේ මන්දා කොහොම කරන්නද කියලා.

ශාරුක් ඛානුත් අපිටමනේ කෙලින්නේ!!!!!!

මචං ගැන ගොඩ දෙනෙක් බ්ලොග් වල ලියල තිබ්බ

මලී
ආගන්තුකයා
ප්‍රියංකර
පැතුම්
තිලිණ

මේ හැමෝම වගෙ කියල තිබ්බේ හොඳයි කියලා. මාත් කියන්නේ හොඳයි කියල තමා.
අබා ගැනත් බ්ලොග් ලිපි දකින්නට ලබුනා. ඒත් මචං තරම්ම ලිපි මම නම් දැක්කේ නැහැ.

සුපුන්
අදහස් අවකාශය
රජිත් විදානආරච්ච

මම කියන්න යන්නේ ඒක නෙමෙයි අපේ රටේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ අය අබා ගොඩක් වර්ණනා කලා. මචන් වලට එයාලගෙන් එහෙම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඒත් බලපු අපේ ප්‍රතිචාර අබා වලට වඩා මචං වලට වැඩී ඒ කියන්නේ අපි හරියට ෆිල්ම් බලන්න දන්නේ නැහැ කියන එකද නැත්නම් එයාල දන්නේ නැහැ කියන එකද?එහෙමත් නැත්නම් ඒ උදවිය චිත්‍රපටි වලට සහතික දෙන්නේ ඒකෙ ඉන්න අය හදපු කෙනා එහෙම දිහා බලා මිසක චිත්‍රපටිය බලන්නේ නැතුවද?එහෙමත් නැත්නම් අපි චිත්‍රපටියක් වත් හරියට රස විඳින්න දන්නේ නැති මෝඩයොද?

අනේ මන්දා

ඊයේ ගියා දෙමළ ෆිල්ම් එකක් බලන්න ගොඩකාලකෙට පස්සෙ තමා ගියේ ෆිල්ම් හෝල් එකට දෙමළ ෆිල්ම් එකක් බලන්න. ඉස්සරනම් මන් එන හොඳයි කියලා හිතෙන ෆිල්ම් සේරම වගේ බැලුවා. බෝයිස් බැලුවෙ පෝලිමේ පොරකාල ගිහින් ඉස්සරහම පේලියක ඉඳන්. මේකත් බැලුවේ එහෙම ඉස්සරහා ඉඳගෙන. සිංහල ප්‍රේක්ශකයෝ වගේ නෙමෙයි දෙමළ අය සජීවීවම සම්බන්ඳ වෙනව ෆිල්ම් එකේ අවස්ථා එක්ක. අප්පුඩි ගහනවා, විසිල් ගහනවා, හූ කියනවා සිංදු යනකොට නැගිටලා නටන අයත් නැත්තෙමත් නැහැ. මට දෙමළ තේරෙන්නෙ නම් නැහ ඒ වුනාට රූප බලා ඉඳල කතාව තේරුම් ගන්න පුළුවන්.

ෆිල්ම් එකනම් එච්චරම හොඳ නැහැ ඒ උනට බලාගෙන ඉන්න බැරි තරම් නරකමත් නැහැ. එක සිංදුවක් තිබ්බ ගොඩක් ලස්සන. මේන්න දෙමළ සිංදු අහනවනම් අහලම බලන්නකෝ.

ෆිල්ම් එක බැලුවෙ මරදානේ සිනෙ සිටි එකේ. මන් දන්න ෆිල්ම් හෝල් වලින් හොඳම එක තමා දෙහිවල කොන්කෝර්ඩ් ඊලඟට සිනෙසිටි. ගානනම් 300/= ක් තම ඒත් සැප පහසුව අතින් නම් හරිම ඉහලයි . සිංහල ෆිල්ම් පෙන්නන එක හෝල් එකක්වත් මේච්චර හොඳ නැහැ. මේ දෙකේම පෙන්නනේ දෙමල ෆිල්ම් විතරයි. සීට් පේලි දෙකක් අතර කකුල් සම්පූර්නයෙන්ම දිගාරින්න ඉඩත් ඉස්සරහ පේලියෙ කෙනගෙ ඔලුවට වැහෙන්නැති විදිහටත් තියෙන්නේ.

වැඩි විස්තර මේකෙ තියෙනවා

Vaaranam Aayiram

අපේ රටේ අනික් භාෂාව, මන් දන්නේ යන්තම් දෙමළ හෝඩිය විතරයි බ්ලොග් පොස්ට් එකක් ලියන්න තරම් වත් දෙමළ භාෂා දැනුමක් තිබ්බනම් මන් ගොඩක් සතුටු වෙනවා.

Bloggers.com - Meet Millions of Bloggers