මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මෙවන් පුදගලයෙකු ගැන ලිවීමට තරම් මට ඔහුගැන දැනුමක් නැත. ඔහුගේ චිත්‍රපට සමහරක් මා නරඹා ඇතත් ඒවා ගැඹුරින් තේරුම් ගෙන නැත. පිටගම්කාරයෝ ටෙලිනාට්ටියා බැලුවා වගේ ලාවට මතකයක් ඇත. ඒත් එය තෙරුම් ගත්තේනම් නැති බව මට විශ්වාසය. ඔහුගේ මා විසින් කියවා ඇති ඔහුගේ එකම පොත "අයාලේ ගිය සිතක සටහන්" යන්න පමනි. එහි ඇති රසවත් බව නිසාම මම ඔහුට අතිශයින් ප්‍රියකරමි. ඔහු ගැන හෝ ඔහු සමග කල සාඛච්ඡා ඇසුරින් ලියූ පුවත්පත් ලිපිනම් හමුවූ සෑම විටම මා විසින් කියවා ඇත.

සාමාන්‍යයෙන් මෙරට ප්‍රසිද්ධ පුදගලයන් මියගිය විට මට ඒ ගැන කිසිම කනගාටුවක් නැත්තේ ඔවුන්ගෙන් මෙරටට සිදුවන සෙතක් නැති නිසාය එහෙත් මෑත්දී මියගිය කේමදාසයන්ගේ සහ මෙතුමාගේ අභාවන් සැබවින්ම මා සසල කලබව මට සිතේ. මන්ද යත් මොවුන් මියගියපසු ඔවුන් සතුවූ ඒ මහා දැනුම් සම්භාරය, හැකියාවන් ඔවුන් සමගම දැවී අළුවී ගිය බැවිනි. අනාගතයට සුරැකිව ඇත්තේ ඒ ගැන මතකයන් පමනි.

ඔහු ගැන ලිපි කිහිපයක්

සුදුර්ලභ මිනිසා
තිස්ස අභිමානවත් පිටගම්කාරයා
විශිෂ්ඨයෙකුගේ සමුගැනීම
නිල් අහස් තලේ නෑ වලාකුළු...
අයාලේ ගිය සිනමා වන්දනාකාරයා
රණකාමය, ජාතිකත්වය හා කලාකරුවා
සමසමාජකාරයා කවදත් හිස කෙළින් තබාගෙන නිවැරිදි දේ නිර්භයව කළ අයෙක්

8 අදහස්:

ඇත්තම කියනවා නම් මට පුද්ගලයෙකු වශයෙන් (මං කිව්වේ කලාවට සම්බන්ද දේවල් වලදි) මේ කෙනා ගැන වැඩි මතක් නෑ. ඇත්තම කියනවා නම් හේතුව මට කතන්දර ඒවා මේවා නම් ගම් මතක තබා ගැනීමේ පොඩි බැරියාවක් තියනවා.

මටත් ගොඩක් අයගැන කිසිම මතකයක් නැහැ ඉඳලා හිටලා කෙනෙක් ගැන විතරයි.

This comment has been removed by the author.

පස්සෙන්එන්නෝ කියල එකක් නැත්තෙ ඇයි

එහෙම එකක්නම් මම අහලා නැහැනේ

Followers

වම් පැත්තේ පල්ලෙහා තියෙන්නේ. ඒක ගැනද අහන්නේ?

ඔහුගේ කලා කෘතින් බොහොමයක් ඇසුරැ කරන්න මට වාසනාවක් කිබේබේ නෑ, එයත් කේමදාස මාස්ටර්ටත් පොදු වුවාසේම ඔවුන නැති අඩුව අදට වඩා හෙට මටත් ඔබටත් අපිටත් දැනෙවි. මෙහෙම කිව්වත් ඔහු නැවත නො උපදීවි, අපේ රටේ නො හිටින්නට ඔහුට ජාත්‍යන්තර ප්‍රකටත්වයක් පිලි ගැනිමක් ලැබෙන්න තිබ්බා.

ඇත්තටම අපේ රටේ අගයක් තිබෙන අය අඩු වෙනවාද මන්දා?

Bloggers.com - Meet Millions of Bloggers