ලෝකයේ අනික් රටවල් වල ආර්ථිකයන් කඩාගෙන වැටෙද්දී අපේ රට එම අභියෝගයන්ට මුහුනදෙමින් නොසැලී ඉන්නවා කියලා තමා අපේ දේශපාලකයෝනම් කියන්නේ ඒත් ඒ කතාවේ ඇත්ත නැත්තනම් මම හරියටම දන්නේ නැහැ ඒත් අපේ රටේ විශාල වශයෙන් සේවකයන් රැකියාවල නියැළුනු කර්මාන්තශාලා කීපයකම වසාදමා හා සේවකයන් අඩුකරමින් සිටින වගනම් මට අහන්නට ලැබුනා.
මේ බොහොමයක් ආයතනවල ඉවතකරන සේවකයන් හරියට යන්ත්‍ර වගේ ඒ අය දන්නේ එකම එක කාර්යයක නියැලෙන්න විතරයි උදා: දියමන්ති කපන අය එය කිරීමට පමනක් දනී , විද්‍යුත් පරිපථ හෝ වෙනත් උපකරන වල කිසියම් කොටසක් සවිකිරීමට පමනක් තවත් පිරිසකට හැකියාව ඇත. ඇඟලුමකට බොත්තම් ඇල්ලීම, වාටියක් මැසීම , සිප් එකක් ඇල්ලිම රෙදි මැදීම, අසුරන වලට දැමීම, ලේබල් ගැසීම වැනි මෙකී නොකී කාර්යයන් එකක් හෝ දෙකක් පමනක් දන්නා පිරිස් දහස් ගනනක් මේ දිනවල ගලවා ඉවත් කරන යන්ත්‍ර මෙන් රැකියාවෙන් ඉවත් කරනු ලබයි.
එකම කාර්යයකට පමනක් හැකියාවක් ඇති මෙම පිරිසට වෙනත් රැකියාවක නියැලීමට හෝ ස්වයං රැකියාවක් කිරීමට හැකියාවක් නැහැ. විශාල වශයෙන් සෙවකයන් ඉවත් කලත් ඒ ආකාරයෙනම අපේ රටේ රැකියා අවස්ථා අළුතින් ඇතිවන්නේ නැහැ.
ඉතින් මේ අයට සහ එයාලගෙන් යැපෙන අයවෙනුවෙන් මෙච්චර කාලයක් මේ උදවිය නිසා සැප විඳපු අයගෙන්නම් මොනවා හරි වෙයි කියලා මටනම් හිතන්න බැහැ. මේක සැබැවින්ම කනගාටුදායක තත්වයක්.
අයින් වෙනකොට මාස දෙක තුනක වැටුප දුන්නත් ඒ දෙන්නේ මූලික වැටුප පමනයි බොහෝ විට කමහල් වල සේවය කරන අයගේ මූලික වැටුප රුපියල් 3000ක් ඉක්මවන්නේ කලාතුරකින් ඉතිරි සියල්ල ඔවුන් ලබන දීමනා ඉතින් රුපියල් හත් අට දහසක් එකවර ලැබුනා කියා ඔවුන්ගේ ජීවිතවලට වෙන සෙතක් නම් නැහැ.
මේකත් නිකන් බලන්න
අයින් කරන මැෂින්
Written by ම on Tuesday, April 28, 2009 at 8:08 PM
7
අදහස්
Categories:
අනං මනං
Share this post - Email This
i
Subscribe to:
Post Comments (RSS)

7 Responses to "අයින් කරන මැෂින්"
April 28, 2009 8:48 PM #
මොකද බං මේ? උඹේ ජොබ් එකට එහෙම අවුලක් නෑ නේද? ම්.... සෑහෙන්ඩ බොන්න ඕනෙ ප්‍රශ්නයක්
April 28, 2009 8:51 PM #
අපොයි නැහැ. අපිටනම් තාම එකක් නැති උනාම වෙන දෙකක් විතර හොයා ගන්න පුළුවන්. මට දුක මේ කර්මාන්තවල මැෂින් වගේ වැඩකරන ලමයි ගැන.
April 28, 2009 8:59 PM #
අනේ මන්දා බන් මෙ යන හැටියට කසිප්පු පෙරලාවත් ගොඩ එන්න පුලුවන්ද මන්දා
April 28, 2009 9:01 PM #
ඇත්ත "මරණය" අයියා. ඕක නම් මාර ප්‍රශ්නයක් තමයි. විරැකියාව වැඩිවුනොත් තව ඉස්සරහට හොර මැරකම් වැඩි වෙලා ත්‍රස්තවාදය හා සමාන විශාල අර්බුධ ඇති වෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ වහාම විකල්ප ක්‍රියාමාර්ග ගන්න සූදානම් වන එකයි. ඉතාමත් වැදගත් ලිපියක්...
April 28, 2009 9:02 PM #
මොනා කරන්නද? මිනිස්සුන්ම හදාගත්තු ක්‍රමය ඇතුලෙමයි මිනිස්සු හිර වෙලා ඉන්නේ. හැබැයි අර අපේ BF ගෙ උතුරුකුරු දිවයිනේ නම් මෙහෙම නෙවෙයිලු.
April 29, 2009 12:20 AM #
සුද්දා අපිට දුන්න අධ්‍යාපන ක්‍රමේම යැපිමේ ප්‍රතිඵලය මේ. ඒ ක්‍රමයේ තියෙන්නේ බොහෝවිට ඒකාකාරි බවක්නේ.
April 29, 2009 10:05 AM #
මේකනේ ඉතිං දේශපාලකයෝ කථා කරන්නේ රාජ්‍ය අයාතන ගැන නේ.. ඒවට තම තමන්ගේ ගෝල බලයන්ව ඉවක් බවක් නැතුව පුරව ගන්නවානේ. මොකද ඒ ආයතන ලාබ නොලැබුවත් ගාණක් නෑ මොකෝ රාජ්‍ය අයතනනේ. නමුත් පුද්ගලික අංශය එහෙම නෙවෙයිනේ. වැඩි සේවක පිරිසක් තියාගෙන පාඩු ලබන්න හෝ ලබන ලාභය අඩු කරගන්න එයාලා කැමති නැහැ. ඉතිං දේශපාලනයට අනූව ප්‍රශ්ණ නෑ.. ඒත් සමාජයට අනූව දවසින් දවස ගැටළු අළුත් වෙනවා. අනේ මන්දා මමත් දන්න ගාමන්ට් බොහෝමයක් සේවක කප්පාදු කිරීම් කරලා සමහර ඒවා වැහිලා. කණගාටුම කාරනාව තමයි මේ ආයතන වලින් දොට්ට විසි වෙන අය පවුල් බර සම්පුර්ණයෙන්ම කරට ගත් ගම් වලින් ආපු අය වීම. මං හිතන්නේ අපිට ආපහු මුලටම යන්න වෙයි වගේ ඒ කිව්වේ ගොවි යුගයට.
Post a Comment