බ්ලොග් මැරතන් ගැන පසු වදනක්

Written by ම on Saturday, April 18, 2009 at 8:29 PM

ඉතින් ඊයේ රෑ අටට පටන්ගත්ත බ්ලොග් මැරතන් එක අද ඉවර උනා . පැය විසි හතරක් පැය කාලෙන් කාලට ලිපියක් ලියන එක එතරම් පහසු කටයුත්තක් නෙමෙයි ඉතින් අපේ පිස්සාගේ දුවන බ්ලොගය මේ කටයුත්ත ඉටු කලා.

මාත් ඇතුළුව තව කිහිප දෙනෙක් මේ කටයුත්තට සහභාගී උනත් ලිපි 96ක් ම ලියැවුනේ නැහැ වෙන අය අතින්.

බැලූ බැල්මට මේක පිස්සු වැඩක් වගේ පෙනුනත් මටනම් ඒක හරිම විනෝදාත්මක කාරියක් උනා. සිංහල බ්ලොග් ප්‍රචලිත කරන්න මේක අපූරු වැඩක්. ලියන්න උනන්දුව ඇති වෙනවා. ලියන්න ආසත් හිතෙනවා.

ලිපි ලියමින් අනික් අයගේ බ්ලොග් වලට අදහස් එකතු කරන එක හරිම ජොලි වැඩක්. එකිනෙකා අතර සුහදතාවත් ඇත්තටම වර්ධනය උනා.

මන් හිතන්නේ බ්ලොග් මැරතන් එකෙන් සංවිධායකයෝ බලාපොරොත්තුවෙන සේරම වගේ ඉශ්ඨ වෙනවා.

2 Responses to "බ්ලොග් මැරතන් ගැන පසු වදනක්"

Comment by Thilina
April 18, 2009 9:14 PM #  

ඒල. වතුර ගහන ඒන අාතල් වැඩක්. ලබන පාර මාත් ඒනවා... (මාත් post ඒකක් දැමිමා පොඩ්ඩක් බැලුව නං)

Comment by පොතේ ගුරා
April 18, 2009 9:18 PM #  

හික් හික්..එළම තමයි..උබත් මුල් ටිකේ එළට දිවුව! කොහොම උනත් දැන් ජය සම‍රන වෙලාව..චියර්ස්ස්ස්...

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates