මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක පහ
අද හැඳෑවේ මැෂිමෙන් තණකොළ ටිකක් කැපුවා. ඉස්සරනම් විසි කැත්තෙන ඒ වැඩේ කලේ ඒත් දැන් ඒකටත් මැෂිමක් අරන් තියෙන්නේ.

විසි කැත්තෙන කරන එක ඇඟටත් හොඳයි වියදමක් යන්නේත් නැහැ ඒත් මැෂින් එකට පෙට්‍රල් යන්වා. ඉස්සරනම් මැෂින් ගොඩක් ගනන් ඒත් දැන් ජපානෙන ගෙන්නන පාවිච්චි කරපුවා තියෙන නිසා එච්චරම ගනන නැහැ රුපියල් 5000 විතර ඉඳන් තියෙන්වා. එවා විකුනන තැනකට ගියාම හිතෙනවා ජපානෙ කුණුගොඩ ලංකාවද කියලා ඒ තරම් නානාප්‍රකාර යන්ත්‍ර. සමහර ඒවා ලංකාවට ඕනේ වෙනවද මන්දා.

හැම එකක්ම පුළුවන් උපරිමේටම භාවිතාකරන එක පරිසරයට හොඳයි ඒත් දැන් අපි පාවිච්චි කරපුවා කොහටද දාන්නේ මොකො අපෙ කුණු ජපානේ ගන්නේ නැහැනේ. අපි ඒවා ප්‍රථිචක්‍රීකරණය කරන්නේත් නැහැ සේරම මෙහෙම එකතු වෙයි.

වාහන ගෙන්නද්දි නම් මන් හිතන්නේ ගොඩක් පරන ඒවා ගේන්න දෙන්නේ නැහැ ඒත් මේ යන්තර සහ පරිගනක වලට මේක අදාල නැහැ. නැතනම් පෙන්ටියම් I,II,III එවා මෙහෙ ගෙනත් මොනා කරන්නද. කුණුගොඩවල් එකතු වෙන එක විතරයි.

දියුණු රට්වලට තියෙන මේ කුණු ප්‍රශ්නෙට විසඳුම තමා අපි වගේ දුප්පත් රට්වලට පටවන එක. අපිත් මොකෙ ඉතින් ලාබෙට දෙනවනම් ඒඩ්ස් උනත් කමක් නැහැනේ

3 අදහස්:

"අපිත් මොකෙ ඉතින් ලාබෙට දෙනවනම් ඒඩ්ස් උනත් කමක් නැහැනේ"

හික් හික් නියමයි...

අන්තිමට කියපු කතාව නම් මරු!

නියම කතාව.
හික්.
:)

Bloggers.com - Meet Millions of Bloggers