මදුරුවෝ

Written by ම on Saturday, April 18, 2009 at 7:15 AM

අංක විසිදෙක
ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්.
වෙන රටවල් ගැනනම් මන් දන්නේ නැහැ ඒත් ලංකාවෙ මන් ගිහින් තියෙන හැම පළාතකම වගේ මදුරුවෝ ඉන්නවා. ඉස්සරනම් නුවරඑළියේ එහෙම මදුරුවෝ හිටියේ නැහැ ඒත් දැන්නම් මෙහෙ තරමටම නැතත් මදුරුවෝ ඉන්නවා.

නුවරඑළියේ ඉන්න උන් සීතලට මොකක් කරනවද කියලා නම් මන් දන්නේ නැහැ (අපි වගේ බොනවා ඇති හැබැයි මත්පැන් නෙමෙයි වැඩි වැඩියෙන් අපේ ලේ)

මෙච්චර මදුරු මර්දන ව්‍යාපාර ක්‍රියාත්මක වෙද්දිත් මදුරුවො හැදෙන්නේ කොහෙද මන්දා. එහෙම නැත්නම් මදුරු නාශක විකුනන මුදලාලිලා මදුරුවෝ ඇති කරලා එලියට දානවද කොහෙද.

කඩේ නම් එක එක ජාතියේ මදුරු මර්දන් තියෙනවා. ඔය හැම එකක්ම වගේ මන් පාවිච්චි කරලත් තියෙන්වා. මටනම් හම්බ උන හොඳම ක්‍රමය තම මදුරු දැල

මදුරු දැල් ශරීරයට අහිතකරත් නැහැ. එක පාර ටිකක් වැඩි මුදලක් වියදම් වෙන එක විතරයි ඊට පස්සේ හැමදාම නොමිලේ සේවය. ඉඳලා හිටලා හේදුවහම ඇති ඒ නැතත අවුලක් නැහැ

2 Responses to "මදුරුවෝ"

Comment by C4
April 29, 2009 9:03 AM #  

මමනම් බන් මදුරුවෝ මරන්නේ නැ මගේ කැවොත් මදුරුවා හදාගන්න හිතාගන් පොඩ්ඩක් ගහනවා රිදෙන්න අනේ උ විහින් මැරෙනවා උට මැරෙන්න ගැහැවුවොත් කොහොම හිටිද බන් ?

Comment by
April 29, 2009 12:52 PM #  

මදුරුවට මැරෙන්න ගැහුවොත් උඹට ටිකක් වැඩිපුර රිදෙයි මගේ හිතේ

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates