මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක අට
ගෑනු ඉස්කෝලෙකින් පටන් අරන් පිරිමි පාසැලකින් අවසන් කරපු මගේ පාසැල් කාලය ඉස්කෝල හතරකම ගෙවුනා (අනික් පැත්තට උනා නම් මරු). දෙවෙනියට මම ගියේ මිශ්‍ර පාසැලකට ඉල්ලඟ දෙකම පිරිමි විද්‍යාල. අපරාදේ සාපෙට මිශ්‍ර එකත් උපෙට කාන්තා පාසැලත් හම්බ උනා නම් මරේ මරු. (අවාසනාවට එහෙම උනේ නැහැ)

පොඩිකාලෙ යන පාසැල්වලට වඩා අවසාන කාලෙ යන පාසැල් වලදි වෙන සිදුවීම් රසවත්. උපෙ කරනකොට තමා නියම ජොලිය තියෙන්නේ. ඉතා වැදගත් විදිහට හැසිරෙන ජරා මිතුරනුත් චාටර් විදිහට හැසිරෙන හිත හොඳ කොල්ලනුත් අඩුවක් නැතිව අපේ පංතියේ හිටියා.

දැන්නම් පාසැලෙන් සමුඅරන් වසර 10ක් විතර වෙනවා. කලාතුරකින් හමුවන් එක් අයෙක් දෙන්නෙක් ඇරෙන්න පාසැල් මිතුරන් දැන් වැඩිය හමුවන්නේ නැහැ. හමු උනත් පෙරමෙන් සුහද තාවක් අපි අතර ඇතිවන්නේ කලාතුරකින්. ඉතින්, හලෝ, කොහොමද යන වදන් කිහිපයකින් නැවත් වෙන්වීයන්නට සිදුවෙනවා.

1 අදහස්:

පාසල් කාලෙ නම් මතක් වෙනකොටත් ආසයි..ත‍රගෙට දුවනව වගේ..චියර්ස්ස්ස්ස්...