මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක දහතුන

ගොඩක් දෙනෙක් කැමති නැති කෑමක්, විසේසයෙන් කාන්තා පාර්ශ්වේ අය චුයින්ගම් කන්න කමති උනාට බුලත්විට නම් පෙන්නන්න බැහැ. මේකට ගොඩක්ම හේතුව තමා බුලත් කාල හැම තැනම කෙල ගහන එක.

මම හැදුන ගොඩක් ගෙවල්වල ඉස්තෝප්පුවේ වරදින්නේ නැති දෙයක් තමා බුලත් හෙප්පුව. ගෙට ගොඩවෙන ඕනෑම කෙනෙක්ගෙන් අහන්නේ විටක් කමුද කියන එක තමා. පොඩි කාලෙනම් පොඩි තහනමක් තිබ්බත් දැන්නම් එහෙම එකක් නැහැ. අදවගේ නිදි මරන්න තියෙන දවසක ඒකට කියාපු දෙයක් තමා බුලත් විටක් කියන්නේ. මල ගෙවල් වල නිදිමරන අයට නියම අවුසද‍යක් විටක් කන එක.

හුණු සහ දුංකල කන එක සරීරයට අහිතකර උනත් බුලත් සහ පුවක් සමග අනික් කලමනා විටට ගැනීම අහිතකරයි කියලා මම නම් හිතන්නේ නැහැ.

මේකත් කියවලා බලන්න

ඔය කවුරු අකමැති උන අපේ ව්‍යත්සයින් (නම හරිද මන්දා ) නුත් මේකෙ ගුණ ගැන කියලා තියෙන්වා

1 අදහස්:

ලාබෙට ගන්න පුලුවන් ගතියක් තියෙන කෑමක්...සාර විටක් දෙකක් තියෙනව නම් එළිවෙනකම් උනත් වතුර ගහන්න බැරිය!

Bloggers.com - Meet Millions of Bloggers