මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අන්තර්ජාලය කියන්නේ ලෝකෙ තියෙන ලොකුම ශ්‍රව්‍ය දෘශ්‍ය පුස්ථකාලයක්. ඕනෙම කෙනෙකුට ඕනෙම දෙයක් ගැන ඉගෙන ගන්න ඕන කරන ලිපි, පාඩම්, වීඩියෝ පට අන්තර්ජාලයෙන් හොයාගන්න එක එච්චරම අපහසු දෙයක් නෙමෙයි. උනන්දුවෙන් කැපවෙලා හොයන කෙනෙකුට අන්තර්ජාලය හරියට ප්‍රයොජනයට ගන්න කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍ය රැකියාවක් උසස් අධ්‍යාපනයක් අන්තර්ජාලයෙන් ලබාගන්නත් බැරිකමක්ම නැහැ ඒත් කනගාටුවට කාරනේ කියන්නේ මෙච්චර වටින කියන අන්තර්ජාලය මම නම් පාවිච්චි කරන්නේ කාලය කාදැමීමේ අංගයක් හැටියටයි.

මම විතරක් නෙමෙයි බොහෝදෙනෙක් අන්තර්ජාලයෙන් හරියට ප්‍රයොජන ගන්නවද කියලා මටනම් සැකයි. Facebook,hi5, forums, email, news, mp3, film අඩවිවල ගතවෙලා තියෙන මගේ කාලය මන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න යෙදෙව්වනම් මේ වෙනකොට ඒකෙ ප්‍රවීනයෙක් වෙන්න තරමට කාලයක් මන් නාස්ති කරලා තියෙනවා කියල මටනම් හිතෙන්නේ.

18,20 ඉන්නකොට නාස්තිවෙන කාලය ගැන හැඟිමක් නැහැ හැබැයි 25,30 වෙනකොටනම් ඒ ගතවුනු කාලය ගැන කනගාටුවක් ඇති වෙනවා ඒක නිසා මන් මේ කියන්නේ අළුතින් අන්තර්ජාලෙට එකතුවෙන උදවියට. අන්තර්ජාලය ප්‍රයොජනවත් විදිහට භාවිතා කරන්න විනෝදය ටිකක් තිබුනම ඇති ගොඩක් වැඩ වලට යොදා ගන්න.

7 අදහස්:

සිරාම කතාව මචන් මම නෙට් එකට සෙට් වෙලා දැන් මාස 10 විතර වෙනවා මම මෙ මගුලට එන්නේ උදෙ 5 ඇදෙන් නැගිටපු ගමන් වැනි වැනි උදෙ 7 වෙනකම් මෙතන. මුණ හොදුවා ආය මෙ මගුලට එනවා මෙක අන්ලිමිට් හින්දා මෙකේ නොකරන මගුලක් නැ කාටහරි චැට් එකක් දාලා උන්ට මල ඇනයක් වෙනවා හරියට කන්නේ නැ බොන්නේ නැ නිදියන්නේ නැ හැමදාම රැ 1 පහුවෙනවා නිදියනකොට විභාගෙත් ලගයි හැමදාම හිතනවා හෙට ඉදලා මෙ මගුලට එන්නේ නැ කියලා එකත් බාලගිරි දොසේ වගේ ගෙදර අය හිතිගන ඉන්නේ මම මෙකේන් නිදිවරාගන පාඩම් කරනවා කියලා මම නම් මෙ ලගක් වෙනකම් ඉගන ගන්න දෙයක් තියන සයිට් එකකට ගිහින් නැ.දවසතට film එකක් බලා බලනවාමයි . මම හිතන්නේ කවුරු හරි මට හුනියමක් කරලා වගේ (හික්ස්)

හූනියමක් කරලා නෙමෙයි බන් සල්ලි දීල හුනියමක් අරන්. ගෙදර ඉන්නකොට මාත් මේකෙම තමා අපේ ගෙදරත් හිතන් ඉන්නේ මන් මේ වැඩ කරනවා කියල. මන් තමා දන්නේ කොරන වැඩ මොනාද කියලා

මගෙත් කතාව ඕකමයි, හික්... මම අවු 1 1/2 ක් විතර සන්ටෙල් පාවිච්චි කළා ඒ දවස් වල නම් ඉන්ටර්නෙ‍ට් යන්නේ ඉදල හිටල. ඒත් දැන් මොබිටෙල් නිසා මේකෙම ඇලිලා ඉන්නවා. හොද වෙලාවට මේක අන්ලිමිට් එකක් නෙවේ. හික්...

හ්ම්ම්... ඇත්ත කතන්දරේ....

ඇත්ත තමා! :(

අම්මපා! ඇත්ත කථාව.. මං මේ ලගදි කම්මැලි කමට කරන්නම දෙයක් නැති තැන මම මේ දවස් වල ආසාවෙන් කරන වැඩක නමක් නිකමට ටයිප් කලා. මං හිතුවේ ඒවා ගැන නෙට් එකේ නෑ කියලා. ඒ උනාට සයිට් පන්සීයකට වඩා තියනවා.. මටත් ඒ වෙලාවේ හිතුනා.. මම මොන තරම් මෝඩ
කාලය ආහාරයට ගන්නෙක්ද කියලා

..::: ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි :::.. වලත් මේ මාතෘකාවෙනම ලිපියක් තියෙනව මම ඒක දැක්කේ දැන්. ඒකත් බලන්න. හැබැයි මම එයාගෙ එකෙන් නම් නෙමෙයි මාතෘකාව අරගත්තේ.

Bloggers.com - Meet Millions of Bloggers