මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

Apr
14

ජනවාරි පළවෙනිදට අපි සුභ නව වසරක් වේවා කියනවා අප්‍රේල් 14 සුභ අළුත් අවුරුද්දක් වේවා කියනවා. අළුත් සහ නව කියන්නේ එකම තේරුම ආවත් මේ දවස් දෙකේදි ඒක මටනම් තේරුම් දෙකක්.

ඉස්සරනම් අවුරුදු එනවට හරිම කැමතියි. මොකෙ නෑදෑ ගෙවල වල ගිහින් බුලත් දුන්නම බුලත් කොලේක ඔතලා සල්ලි කීයක් හරි හම්බ වෙන නිසා. ඒත් දැන් ඒකෙ අනික් පැත්ත. දැන් මන් වැඩිහිටියෙක්ම නොවුනත් පොඩි එකෙක් නෙමෙයි, මට පහලින් තවත් පරම්පරාවක් බිහිවෙලා ඉතින් එයාල බුලත් දුන්නම මට බුලත් කොලේක ඔතපු කීයක් හරි දෙන්න වෙලා ඒක නිසා දැන් අවුරුදු එනවා කියනකොටත් බයයි.

අවුරුදු දාට පොලිසියෙන් අල්ලන්නේ නැහැ කියලා මතයක් තියෙන නිසා ඉස්සර කැට ගැහුවා දැන්නම් කැටගහපු කාලයක් මතක නැහැ.

කාලෙකට පස්සෙ නෑදෑයො හම්බ වෙන එකයි, පොඩ්ඩක් වැඩිපුර පෙවෙන එකයි, අතේ තියෙන සල්ලි ටික වැඩිපුර වියදම් වෙන එකයි ඇරෙන්න අවුරුද්දේ විසේසයක් මටනම් නැහැ.

3 අදහස්:

අලුත් කිව්වට හැමදාම ඇල්මැරුණ අවුරුදු නිසයි මටත් එපාම වෙලා ප්‍රාර්ථනයක් දැම්මේ.

ඉන්බොක්ස් වැඩේ මේ පාර මට සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා. ඉන්න යාළුවෝ ටික අඩු වෙලා ඇති.

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

මචෝ උඹටත් සුභ අලුත් අවුරැද්දක් වේවා!

Bloggers.com - Meet Millions of Bloggers