මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක හත
ඔන්න ලියන්වා ගොඩක් දෙනෙකුට ප්‍රසිද්ධියේ දැක්කම කලන්තේ හැදෙන දෙයක් ගැන (හොරෙන් එහෙම දැක්කොත් බලනවා).

මුලින් නම් මාත් හිතාගෙන හිටියේ නිල් චිත්‍රපටි කියන්නේ නිල් පාට එවා කියලා, අනේ එහෙම එකක් නැහැ රඟපාන නළු නිළියන්ගේ ඇඳුම්වල පොඩි අඩුපාඩුවක් ඇරෙන්න වෙන කිසිම වෙනසක් නැහැ අනික් චිත්‍රපටි එක්ක බැළුවම.

ඉස්සරනම් මේවා පෙන්නන පොඩි පොඩි තැන් තිබ්බලු නගරවල ඒත් පරිගනකයයි VCD Player නුයි ප්‍රචලිත උනාට පස්සේ එවා නිකම්ම නැතිවෙලා ගිහින්. දැන් මිනිස්සු මෙවා බලන්නේ ගෙවල්වල.

අපි හිතනවට වඩා මේක ලොකු කර්මාන්තයක්. මෙවාට සම්බන්ඳ අයට සම්මාන උළෙලක් පවා පැවැත්වෙනවා. මේවැනි සුපිරි තරු තරඟත් තියෙන්වා (මෙහෙත් තියයිද දන්නේ නැහැ ). මෙවායේ රඟපන නළු නිළියන් කරන්නේ ඉතාම අසීරු කටයුත්තක් කියලා මට හිතෙන්නේ. බොහෝවිට ඔවුන් මත්ද්‍යව්‍ය වලට ඇබ්බැහි වූවන් ලෙසත් හිතන්න පුළුවන්.

හතරපෝයට සිල් අරන්, සුදු ඇඬ්හ්ගෙන අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ගසාකන සිල්වතුන්ට වඩ මේ කර්මාන්තයේ නියැලෙන අය නම්බුකාරයි කියලා මට හිතෙන්නේ

කවුරු හරි කොල්ලෙක් කිව්වොත් මම කවදාවත් මේවා බලලත් නැහැ, බලන්නෙත් නැහැ කියලා ඒක නම් මට පිලිගන්න බැහැ.

5 අදහස්:

BLUE කියලා ෆිල්ම් එකක් ඇත්තටම තියනවා. ඒක RED සහ WHITE කියන චිත්‍රපටි තුන ඇතුලත් THREE COLORS චිත්‍රපට ත්‍රිත්වය.

කොහොම උනත් අපේ අය මේවට බ්ලූ කිවුවට පිට රට අය කියන්නෙ පෝර්න් කියල. කවුද දන්නෙ නෑ ඔය නම මුලින්ම දැම්මෙ.

දැනටමත් ශ්‍රී ලංකීය අභිමනේ එකක් තියනවනේ (එකත් ඔවා වගේ තමා )
මෙන්න වතුර

ගෙවල් වල පරිගනක නොතිබුනු අපි පාසල් ගිය කාලෙ මේව බලන්න තිබුනෙ පොඩි කාමර වල බංකු දාල. මේ තැන් වලට යනවට කියන්නෙත් බංකුවක් බලන්න යනවා කියලා.

මරදාන පැත්තෙ හැම film hall එකක් ලගම (central, Ruby, Olympia) මේ වගේ තැන් එකක් හරි දෙකක්ක් හරි වරදින්නෙ නැහැ.

මේවට ගියහම film එකට අමතරව සිගරට් 4-5 ක් නොමිලේම බොන්න (අක්‍රිය දුම් පානය) ලැබෙනවා.

දැන්නම් නිදහසේ ගෙදරට වෙලාම තමන්ට ඕන වෙලාවට මේව බලන්න පුලුවන්.

තාක්ෂණයේ දියුනුවක තරම.!!

මේ 21 වන සියවස කියන්නෙ නිකන්යැ!!

"මුලින් නම් මාත් හිතාගෙන හිටියේ නිල් චිත්‍රපටි කියන්නේ නිල් පාට එවා කියලා"

මමත් හිතාගෙන උන්නෙ එහෙම නේන්නම්.
:)

Bloggers.com - Meet Millions of Bloggers