මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉතින් ඔන්න අපේ මහ ආණ්ඩුවෙන් වෙනදා විදිහටම උදාවන අළුත් අවුරුද්ද වෙනුවෙන් 13,14 සියළුම බාර් වහනව. අද ඉතින් හෙන දිග පෝලිමක් තියෙයි හැම බාර් එකක් ගාවම.

මම නම් කියන්නේ ඔය බාර් වහන වැඩේ කිසිම තේරුමක් නැහැ. මේ විදිහට බාර් වහන එකෙන් වැඩිම වාසියක් වෙන්නේ බාර් කාරයන්ටම තමා. මොකෝ හෙටයි අනිද්දයි උන් බෝතල් විකුනන්නේ වෙනදා විකුනන ගාන වගේ දෙගුණයකට. අනික බොන්න ඕනේ අය අද අරගෙන දවස් දෙකටම හරියන්න බඩු ගෙනිහින් තියාගන්නවා. බැරි උන අය කීය දීල හැරි හෙට අනිද්දට තමන්ට ඕනෙ කරන ඒව හොයාගන්නවා.

අන්තිමේ කෙලෙවෙන්නේ පාරිභෝගික අපිටම තමා. අනික ඉතින් අවුරුදු කියලා විසේසයෙන් බොන්න ඕනේයෑ ඔය තියෙන වෙලාවක හිමීට බොන්න බැරියෑ.

ඒ අතින් නම් සිංහල මිනිස්සු හරි මෝඩයි අවුරුදු කියලා අතේ තියෙන සල්ලි ටික සේරම දවස් දෙකට වියදම් කරලා මාසෙ ඉතුරු ටික වේලෙනවා

ඉතින් හැමෝටම සුභ අළුත් අවුරුද්දක්!!!!!

19 අදහස්:

හික් හික්..ඔව් බන් මේකෙන් වාසිය බාර් කාරයටමයි..ඒත් ඉතින් බාර් එකේ බාගෙට ඇරපු පස්සෙ දොරෙන් ගිහින් බඩු ගන්නකොට ගතියක් නැත්තෙමත් නෑ..

ආයිත් අහලා ඒ ගැනනම් කතා කරලා වැඩක් නැහෑ.

වෙසක් පෝය දවසට බෝතලයක් ගත්ත කියන එක ඉතින් ඉස්තරම් නේ

ඔව් ඔව් බොන්න ඕනි අය මේ වෙනකොට ගෙනත් ති‍යාගෙන ඉවරයි මයේ හිතේ ‍

මේ මරේ VSOP කියලා එකක් තියනවා ට්‍රයි කලාද?

මගෙන් වෙන කවුදත් ඇහුවා ඕක ගැන. ඔය කියන්නේ මේකද?
ආයි ආර්පිකෝ ගියාම අහලා බලන්න ඕනේ

නෑ මචන් ඔය මලී කියන්නේ මගේ පෝස්ට් එකකට නෝන්ඩියකට

napolean brandy ජාතියක්. තාත්තාගේ බෝතල් බාගයක් තිබිලා අම්මා ගෙදර නැති දවසක ගැහුවා. Very Special Old Pale

අම්මෝ Cognac එකක්නේ???

මාත් ආසම ආසයි ඒත් ඕක මාර ගනනේ ඒකනිසා පිනට හම්බ උනොත් විතරයි බොන්න ලැබෙන්නේ

මගේ අවුරුද්ද නම් අමද්‍යප. ඒකටත් හරියන්න ලබන සතියෙ මොනා හරි කරන්න ඕන.

“මේ මරේ VSOP කියලා එකක් තියනවා ට්‍රයි කලාද?”

හපොයී , කරටි කඩාගෙන , කන සාක්කුවේ දාගන්න වගේ යන්නේ...

මම ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි මේකත්.
කලින් කොමෙන්ට් දාල නම් නෑ.
ගොඩාක් වෙලාවට ඔයාගෙ irony වල තියෙන ඇත්ත එක්ක මම ආසයි.

මේ වගේ දෙයක් මම සහ මගේ යාලුවන්ට උනා අ.පුර බෞද්ධ ගමකදි පොය දවසකදි. හැම තැනම බාර් වහලා. ඒත් තේ කඩෙන් පවා ''මහත්තයා ඔනෙ වර්ගයක් තියෙනවා.වල් මසුත් තියෙනවා'' කියන රටකයි අපි ඉන්නේ. එතකොට මේ නීති හදන මිනිස්සු ඔය දේවල් දන්නෙ නෑ කියල හිතන්නද ? අපි අපිටම හිනස්සව ගන්නවද මේ?
(තව එකක් අර පහල ලියපු ගනන් cognac නම් සල්ලි ඩීල ලන්කාවෙ කඩවලින් ගන්න එක තේරුමක් නෑ.. ගෙවපු සල්ලි වලටම බනින්න තමයි වෙන්නෙ... හි හි)

අර පිටස්තරයා කිව්ව එක තමයි.. වැඩියම ගණන් නෑ 725 ක් හෝ 750 ක් වෙන්නේ.. පෙට්ටිය හරි ලස්සනයි.

හප්පා මම දන්නේ නෑනේ ඔච්චර ගානක් කියලා.

සුභ අලුත් අවුරුද්දක් වෙිවා!!
හැමදාම බාර් වැසී පවතීවා!!! :D

ඔය දවස් දෙකක් අමද්‍යප උනට කමක් නැහැ හරේ තව කොච්චර දවස් තියෙනවද

ඉඳලා හිටලා කරටි කැඩුනට කමක් නැහැ ප්‍රියංකර

Il mondo di una povera pazza
(The world of a poor crazy)
ගූගල්ට කියල පරිවර්ථනේ කරගත්තා
ස්තූතියි

එච්චරනම් ගනන් අඩු වෙන්න බැහැ මලී. මම කියන එකනම් අඩුම ගානේ 5000+ වත් වෙන්න ඕනේ

එසේම වේවා!!!
එයනම් හීනෙකවත් නොවේවා!!!!
බාර් වැහුවට බොන්න නැති වෙන එක නෙමෙයි ගැටළුව කාන්ච්, වියදම වැඩිවෙන එක

කෝ... මේක සින්ඩිකේටරේ තියෙන එකක් යැ. දැනුයි දැ‍ක්කේ... එහෙනම්...

ඔන්න "මරණය" අයියාටම විශේෂ වෙච්ච අවුරුදු සුබ පැතුම...

හිසට රන්පත් පයට බෙන්සන් තබා, තැබෑරුමක් දෙස බලා. ඕල්ඩ් රිසරව් මිශ්‍ර නානු බී කබරයා දැමීම මැනවි. සුභ අළුත් අවුරුද්දක් වේවා!

;)

ඔයාට ඒවා හරි යන්නේ නැහැනේ
ඒක නිසා හිසට ටියුට් ද
පයට වතුර බේසමක්ද තබා
උ.පෙ ට තියෙන සියලු විෂයන්ගෙ මිශ්‍රනයක් හිසට වත්කරගෙන ( හිසට කිව්වට මොලේට ) විශ්ව විද්‍යාලෙට යන්නම නාගන්න

සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!

මං හිතන්නේ ඔයා කියන්නේ වෙන එකක්. මං කිව්වේ vsop එකේ ගාණ

අහ් දැණුයි දැක්කේ අනේ පිටස්තර අයියේ එහෙම එකක් නෙවෙයි.. ඔයාගේ පෝස්ට් එක මට මතක් වුනේ පස්සේ..

මලීයෝ උඹත් බොනවද මචී...? චිකේ කැතයි හොදේ?

ආහ් මචෝ උඹේ කතාව ඉතිං ඇත්ත තම.

කොහොම වුණත් සුබ අලුත් අවුරැද්දක් වේවා!

Bloggers.com - Meet Millions of Bloggers