මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

Apr
21

අදට අවුරුදු අවුරුද්ද උදා වෙලා සතියක්. මට තාම අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න (බොන්න) බැරි උනා. වෙන අවුරුදු වලනම් 14 වෙනිදම වැඩ පටන් අරන් මේ වෙනකොට හතර පස් වතාවක්ම කටයුතු වල නිරත වෙලා. ඒත් මේ පාර තාම නැහැ. මටත් පුදුමයි ඒ ගැන. මේකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ අපේ පවුලේ සමීපම හිතවතුන් කිහිප දෙනෙක්ම පහුගිය කාලයේ රට හැරයාම. ඒක නිසා දැන් සෙට් වෙන්න උදවිය නැහැ. තනියම ඔය කටයුත්ත කරන එකේ කිසිම ගතියක් නැති නිසා වැඩ කල් දදා ඉන්නවා.

ඒ අස්සේ අද ප්‍රවෘත්තියකට කියවුනා ඡන්දේ හින්ඳා 25,26 බස්නාහිර පළතේ සියළුම බාර් වහල කියලා. ඕකෙන් ඉතින් බස්නාහිර පළාත මායිමේ තියෙන වෙන පළාත් වලට අයිති වෙන බාර් වලට හොඳ වෙළඳාමක් තියෙයි. ඒ කියන්නේ මේ සතිඅන්තයෙත් මට වැඩක් කරන්න බැරිවෙයි වගේ.

5 අදහස්:

කලින්ම බඩු ‍ටික ගෙනත් තියලා ජන්දෙ‍‍‍් දාලා ඇවිත් වැඩ අල්ලන්න හික්...

කලින් ගෙනාවම කලින්ම ඉවර වෙනවනේ

අපෝයි උඹ ගැන ඊරිසියයි බන්

අලුත් අවුරුද්දට මම වැඩ ඇල්ලූ වාර ගණන මෙසේය.

14 වැනිදා දහවල් ලෙමන් ජින්. රාත්‍රියේදී ගල්.බීල බීල මදිවෙල අන්තිම ගල් බෝතලේ ගෙනාවෙ රෑ 12ට රු1000ක් දීල.

16 රොක්ලන්ඩ් බ්ලැක් ඇරැක් කියලා එකකට අහම්බෙන් සෙට් උනා. මලම ජරාවක්.
18 මමයි තව එකෙකුයි ඩ්‍රයි ජින් බෝතලේකට වග කිවුව

ඊට පස්සෙ මම බොන එක නැවැත්තුව(ඔය කිවුවට කවුද දන්නේ..හික් හික්)

බෝ ඔය මදෑ බන් මේ අවුරුද්දටම
අපෝ රොක්ලන්ඩ් අරක්කු නම් චාටර් සේරම එකයි
මට නම් මන් ගැනම කනගාටුයි
මම තවම වැඩක් ඇල්ලුවේ නැහැනේ

Bloggers.com - Meet Millions of Bloggers