මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉස්සර 10,11 පංතියේ ඉන්නකොට සිංහල සාහිත්‍යට කවි ගැන විචාර ලියන්න උනා ( මන් හිතන්නේ එහෙම එකක් කලා හරියටම ෂුවර් නැහැ ) විමලරත්න කුමාරගම කියන කවියාගේ අයියනායක කියන කවි පන්තිය ගැන තමා ලිව්වේ. ඉතින් ඕක ලියද්දි කවියක් දාල ඒක ගැන අලි බොරුටිකක් ලියන්ව මේකෙන කවියා මේක ගැන හොඳ විස්තරයක් කරනවා වගේ (අපි ලියපුවා ඒ විදිහටම එතුමා හිතුවද දන්නේ නැහැ. මන් ලියාපුවා ගැනනම් හීනෙකින් වත් හිතන්න නැහැ )

මේ දවස්වල ඇහුන සිංදුවක් ගැනත් මට අර වගේ විචාරයක් විචාරයක් වගේ ලියන්න හිතුනා
ඒ සිංදුව තමා මේක ලහිරු පෙරේරාගේ "රම්බරී".
-----------------------------------------------------------------------------------------
ලහිරු පෙරේරා ගායකාගේ විසින් ගයන "රම්බරී"
සිංදුව මේ කාලයට ගැලපෙන ගීතයකි එයින් ජාතික සමගිය ඇතිකිරීමට මනා පිටුබලයක් ලැබෙනු ඇත. වාකරේ ඉන්න අය ගැනත් අම්පාරෙ ඉන්න සහෝදරවරු ගැනත් ඔහු පවසා ඇත

සිංදුවට සවන්දෙන්නා තුල අපේ සහෝදරවරුන්ගේ අහාර ගැන මනා අවබෝධයක් ලබා දීමට ලහිරු සමත් වී ඇත , තන්දූරි චිකන්, පාන් බාගයක් සහ ප්ලේන්ටි ගැන ඔහු මේ ගීතය අසන්නාට පවසන්නේ කටට කෙල උනවන ස්වභාවයෙනි

ලංකාවේ විවිධ පලාත්වල අහාර ගැන සහ වතුර ගැන ලහිරු කියන්නේ මරදානේ පරාට කෑමත් හුම්මනේ වතුර බීමත් ගැනය

අවසානයේ ලහිරු අපට ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ගැන මනා අවබෝධයක් ලබාදෙයි. මුරලිගේ දුස්‍රා ගැනත් සනත්ගේ වේගවත් පිතිහරඹයත්, රෙස්ලින් ක්‍රීඩක ජෝන් සීනාගේ ගුටි කෑම ගැනත් අපව දැනුවත් කරන ලහිරු සිංදුව අවසානයේ කිසිවක් නොඇසූවන් බවට අපව පත්කරයි.

------------------------------------------------------------------------------------------

සිංදුවක් ඇහෙනකොට අහන අයට ගතියක් දැනෙනවනම් සහ ඒක කියන මනුස්සයට ඒක විකුනලා කියක් හරි අතටත් හම්බ වෙනවනම් ඒකේ පදවලින් කිසිම වැඩක් නැහැ මට හිතෙන විදිහටනම්.

ගිහින් බලන්නකෝ සුපුන්නුත් මේක ගැන කියලා තිබ්බ

8 අදහස්:

සිරාවටම. මහ පිස්සු සින්දුවක්. :D මොනවා වුනත් ඔය සින්දුවේ ශබ්ද රසයනම් ‍පොඩ්ඩක් විතර තියෙනවා වගේ කියලයි මටනම් හි‍තෙන්නේ...

පද කෙසේ වෙතත් සිංදුව අහන් ඉන්න නම් පුළුවන්. නියම තාලයක් නම් තියෙනවා.

"රමබරි" සින්දුව ගැන ගිය සතියෙ "රිවිර" පත්තරේ දාල තිබ්බ.මෙතනින් බලන්න.

http://www.rivira.lk/2009/04/12/rivisara16.htm

ඒක කියෙව්වම නම් සින්දුවෙ යම් කිසි තේරුමක් තියෙනව කියල තේරෙනව.

මටනම් ඔය විචාර කලාව මතකත් නෑ. හැබැයි මේ විචාරයනම් ෆට්ට.

මම මේ විචාරයක්ම නෙමෙයි ලිව්වේ. ඒ වගේ එකක්.
අපහාසෙකුත් නෙමෙයි ගීතය ගැන.

මට සිංදුවේ වචන බාගයක් විතර තාම පැහැදිලිව මතක නෑ හැබැයි මං සිංදුවට ආසයි ඒකේ තාලේ නිසා..මේකත් ඉතිං ටික දවසක් ඇහිලා ඇහිලා අපිටම එපා වෙලා යයි.ඊට පස්සේ මතකත් නෑ

ඒකෙ පොඩි අහන් ඉන්න ආසාවක් තියෙන ගතියක් තියෙනවා. හිනායන පිස්සු ගතියක්.
මම විචාරයක් ලියනවනම් මෙහෙම ලියයි : මේ ගීතයෙන් කියවෙන්නේ අපි ටී වී/ රේඩියෝ මාධ්‍ය වලින් ලාබෙට විකුණන හීන අනුභව කරන අතරෙ (ජෝන් සීනා ගුටි කන විට ගෙදර වහල ලීක් වීම ) අපේ ජීවිත වෙනත් පිරිසක් විසින් අනුභව කිරීමයි.

ඒත් මේක විචාරයක් නෙවෙයි නෙ. කවුරුත් මට ලකුණු දෙනවය.
නිකං නොනගතේ නිකං ඉන්න බැරිවට ලිව්ව එකක් :P

මරු විචාරේ. රිවිරේ තිබ්බ එකට වඩා හොඳයි. පත්තරේක තිබ්බා කියල සින්දුව හොඳයි කියල අපි උඩ දාගෙන අහන්න ඕන නෑ. TV එකේ නිතර දාලා බලෙන් අහන්න දුන්නට අපි හොඳයි කියන්න ඕන නෑ. අපේ සමහරු නිතර TV ‍එකේ යන කොට පත්තරේ විචාර ‍යන කොට සින්දුවේ තේරුමක් තියෙනවා කියලා තමුන්ගේ හිත තමුන්ම රවට්ට ගන්නවා. සින්දුවේ තාලෙ නම් අමුත් ගතියක් තියෙනවා.අලුත් සින්දු ගොඩක තත්වේ ඔහොම තමයි. ‍තේරුම් හිත හිත ඉන්න ගියොත් පිස්සු හැදෙයි.
එක සින්දුවක් තියෙනවා සපත්තු මල් ලා රතුපාටයි තුවක්කුවට ඔබ හැඩ පාටයි කියලා.
මේකට ඉතිං ලියන්න පුළුවන් මටත් මෙහෙම විචාරයක්.
-------------------------
බැලූ බැල්මට මේ පද දෙක අතර කිසි සම්බන්දයක් ඒ එවුනාට අනේ දැන්බලන්න ඔය කියන තුවක්කුවේ අයිතිකාර‍ගේ සපත්තුවට මලක් පෑගෙන්න ඇති. එහෙමත් නැත්තම් මෑන්ස්ගේ සාක්කුවේ සපත්තු මලක් තියෙන්න ඇති. බලන්න ඒක කොච්චර අපූරුවට පදවලින් නිරූපනය කරලද කියලා. පිස්සු හැදෙයි.

Bloggers.com - Meet Millions of Bloggers