මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ශාරුක් ඛාන්ගේ අළුත්ම චිතරපටිය Rab Ne Bana Di Jodi ලොවපුරා ප්‍රදර්ශනය කරන දවසෙම ලංකාවෙත් ප්‍රදර්ශනය ඇරඹුවා. තාම බලන්න නම් යන්න බැරි උනා ගිය සති අන්තයේ තිබ්බ පොලිම දැක්කම තව කාලෙකට සෙනඟ අඩුවෙන එකක් නැහැ කියලා හිතුනා. ඔය චිත්‍රපටිය බලන්න යන අදහසක් තියෙන නිසා මම සිංදු ටික Download කලා. එකක් දෙකක් තියෙන්වා හොඳ එවා. මුළු ෆිල්ම් එකටම සිංදු පහයි තියෙන්නේ. එකත් පුදුමයි. ෆිල්ම් එක බලන්න කලින් සිංදු ටික අහලා ගියාම ෆිල්ම් එක යන අතරේ සිංදුව ඇහෙනකොට මාර ගති . මන් හිතන්නේ ඒක වෙන්න ඇති ෆිල්ම් එක එන්නත් කලින් සිංදු ටික විකුනන්න දාන්නේ

ලිබර්ටි සිනමාහලෙ මේ ෆිල්ම් එකෙ අළුත් වැඩක් පටන් අරන්. සති අන්තෙට ගාන වැඩි. ලඟදි ලිබර්ටි එකෙ ෆිල්ම් එකක් බලපු නැති නිසා කලිනුත් තිබ්බද දන්නේ නැහැ. හැබැයි මේකෙනම් එහෙමයි. සති අන්තෙ බැල්කනි ටිකට් එකක් 360/= සතියේ දිනවල 340/= කොහොම උනත් ෆිල්ම් ටිකට් එකක් 360/= කියන්න්නේ නම් මාර වැඩි වගේ (අරක්කු බාගෙක ගාන අප්පා ). පුදුමයක් නැහැ මිනිස්සු රුපියල් 100/= දීලා DVD එක ගෙදර ගෙනියන්නම ගන්න එක.

දැන් බලන්නකෝ දෙන්නෙක් එක්ක ගිහින් සති අන්තයේ ෆිල්ම් එකක් බලන්න 720/= ෆිල්ම් ටිකට් වලට විතරක්. තව කන්න බොන්න මොනාහරි ගත්තොත් අඩුම ගානෙ 300/= ක් වත් යනවා ඊලන්ගට ෆිල්ම් බලල නිකන් එන්න පුළුවනෑ දවල්ට කන්නත් එපායැ ඒකටත් 1000/= ක් 1500/= ක් විතර ගියාම සතිඅන්තෙට විතරක් 2000/= ක් 2500/=ක් ඉවරයි. අනේ මන්දා කොහොම කරන්නද කියලා.

ශාරුක් ඛානුත් අපිටමනේ කෙලින්නේ!!!!!!

13 අදහස්:

අනේ ඉතින් film එක බලන්න යනකොට ගෙදරින් මොනා හරි කෑමක් හදාගෙන යන්නකෝ ...:D

අපරාදෙ Accounts ටිකක්වත් දැනගෙන හිටියනම් Cost Cutting දාලා බෝතලේකට යන ගාන ඉතුරු කරගන්න තිබ්බ.

එකත් හොඳ අදහස කඩල කාරයගෙන් කඩල මුලකුයි බොන්න මොනාහරි දාගෙන යනව ඊලඟ දවසේ

ගමේ වීඩියෝ ෂොප් එකට ඩීවීඩී එක ආවම අරන් බලනවා.. එක්කන් යන්න කෙනෙක් නැහැනේ.. අනික ඉතිං ඔය කියන විදියට වියදම් යනවා නම් නොයා ඉන්න එක කොහොමත් ඇගට ගුණයි වගේ

පික්සු හෑදෙනවා...
එකනේ අපි තවම පවුල් වේලා නෑත්තේ... , ඔයා රස්සාවක් කරලා ඔහොම කියනවනම් තවම ඉගනගන්න මම මොනවා කියන්නද....? අල්පේච්ච තාවයට හුරූනානම් හරි.. එතකොට කෙල්ල කියයී අපි ලොබයී කියලා...
අනික දෑන් කාලේ කෙල්ලොත් අපිවම කන්න තමයී බලාගන ඉන්නේ..
අනේ මන්දා....

හෑබෑයී ගම්පහා මේකලා එකේ ටිකට් එක 60 යී , තෝස පාරක් දානන 50 යී. එතකොට 60+50 * 2 = 220.

@malee_msg
එක්කන් යන්න කෙනෙක් නැහැනේ..

අනේ දුක් වෙන්න එපා මම එන්නද ඔයාව එක්කන් යන්න.....

බලනවට වඩා ෆිල්ම් හෝල් එකකින් ෆිල්ම් එකක් බලන එකෙ පොඩි ආතල් එකක් තියෙන්වා. නැද්ද මන් කියන්නේ.

ගම්පහ මේඛලා යන්වනම් අනේ ටිකක් විනීතව හැසිරෙන්න අඩුම ගානේ ෆිල්ම් හෝල් එක ඇතුලට යනකම්වත්. මේ ලඟදි කවුදෝ කෙනෙක් මේඛලා එකේ පොලිමේ ඉන්න අපේ ක්ලාස් යන ලමයින්ගේ වීඩියො වගයක් අන්තර්ජාලෙට දාල තිබ්බ හැසිරීම නම් අති විශිෂ්ඨයි

අනේ මචං මන් නම් විහිළුවකටවත් ඔය කතාව කියන්නේ නැහැ. පේනවනේ ගනන් හිලව්.

අනේ ම‍චං එහෙනම් අපි කට්ටියවම එක්කන් යනවද? මම ‍අළුත් පොස්ට් එකක්ම දාලා කට්ටියට එන්න කියන්නම්....

ඔන්න අපිත් එනවෝ....

ඔච්චර වියදමක් යනවද?අපි කොල්ලො ටික මවං බැලුවා ටිකට් එකක් රු100,කොළඹ ගනං වගේ....
අපි වගේ කොල්ලො ටික ගියා නම් ඉවරනේ දෙන්නා දෙන්නා යන්නේ නැතුව :P

මචන් මමත් එනවෝ

කට්ටියම එක්කන් යන්න? අපොයි වදින්න ගිය දේවාලෙ ගහෙන් වැටිලා ගොනා ඇන්න මිනිහගෙ ඔළුවට කඩා වැටුනා වගේ වැඩක්නෙ මට වෙන්න යන්නෙ!

ෆිල්ම් එක හිතපු තරම් හොඳ නැහැ. එක නිසා මච්ං කාව වත් එක්ක යන්න එප උඹට බැනුම් අහන්න වෙයි.

ගම්පහ ෆිල්ම් එක බලන එක ලාබයි. පබ්ලික් එකේ 6.30ට සෙට් උනා නම් යන ඔක්කොටම හරියන්න එක්කෙනෙක් ටිකට් ගත්තම ඇති...
මේ දවස් වල ටිකට් චෙක් කරන එකා නෑ එතන... එක්කෙනෙක් ටිකට් අරන් ඇතුලට ගිහින් දොර ළඟ ඉඳන් ඇතුලට එන අයට ටිකට් කඩල ඒ කඩපු ටික එලියට ගිහින් යාලුවොන්ට දුන්න නම් ඔක්කොටම ෆ්‍රී බලන්ට පුලුවනි ෆිල්ම් එක....

Bloggers.com - Meet Millions of Bloggers