මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අපේ කම්මැලිකමෙන් උපයන්නේ අපි නෙමෙයි අනික් අය. සක්විතිලා, දඬුවම්ලා, Golden Key ඔච්චර සල්ලි ගොඩකට වග කිව්වේ මිනිස්සුන්ගේ තියෙන කම්මලිකම නිසා. නිකන් ඉඳගෙන සල්ලි ගොඩක් හොයන්න මිනිස්සු තමන්ගාව තිබ්බ සල්ලි ඒවායේ දාලා නිකන් හිටියා අන්තිමට සල්ලිත් නැහැ.

දැන් දැන් නිතර දකින්න හම්බ වෙන වෙළඳ දැන්විම් තමා Online සල්ලි හොයන ක්‍රම ගැන තියෙන පාඨමාලා. කියන්නේ නම් ගෙදර ඉඳන් සල්ලි ගොඩක් හොයන්න පුළුවන් කියලා. ඉස්සර නිවසේ සිට කරන රැකියාවලට තිබ්බේ ලියුම් කවර සෑදීම, හඳුන් කූරු හැදීම , බිම්මල් වගාව වගේ ඒව දැන් ඒ ගොඩට අළුතින්ම එකතු උන එක තමා Online Money කියන එක.

2000/= විතර ඉඳන් 20000/= විතර වෙනකම් අයකරලා තමා මේ Online සල්ලි හොයන ක්‍රම උගන්නන්නේ. දැන් කාලෙකට ඉස්සල්ල කවුදෝ කෙනෙක් මේ වගෙ කතාවක් කියල Slot වික්ක. මාත් Slot ගන්න හදලා ඒකක් ගන්නවත් අතේ සල්ලි තිබ්බේ නැති නිසා යන්තම් බේරුනා.අන්තිමට මිනිහා අතුරුදහන් උනේ කෝටි ගානක් සල්ලිත් එක්ක.

එක දැන්වීමක් මන් දැක්ක ඒකෙ තිබ්බේ Google සමගමේ Part Time රැකියාවක් කරන්න එන්න කියලා වගේ කතාවක්.හැමෝම කැමතියි පොඩ්ඩක් වැඩකරලා ගොඩක් සල්ලි හම්බවෙන රස්සාවක් කරන්න. ඒත් ඔය Online සල්ලි හොයන විදිහ කියන තරම් ලේසිද කියලා නම් මන් දන්නේ නැහැ. මන් දන්න විදිහටනම් ඒක හිතන තරම් ලේසි නැහැ හැබැයි කරන්න බැරිම දෙයක්නම් නෙමෙයි.

Online සල්ලි හොයන්න හොයන්න ගිහින් අතේ තියෙන ටිකත් නැතිකරගන්නවට වඩා මහන්සිවෙලා ටිකක් හරි හම්බ කරගන්න විදිහ තමා හොඳම.

6 අදහස්:

මම නම් සාමාන්‍යයෙන් ලොතරැයි ටිකට් එකක්වත් ගන්න කෙනෙක් නෙවෙයි. මම හොයන්නෙ වැඩ කරලම තමයි. නමුත් වැඩ කරන මිනිහට කවදාවත් හරි යන පාටක් කොහේවත් පේන්න නෑ. ඒ නිසා නිකං ඉඳන් හොයන්න මේ අවුරුද්දෙදිවත් පටන්ගන්න ඕන.

ඔය slot වැඩේට නම් තව පොඩ්ඩෙන් මමත් අහුවෙනවා. අතේ සතේ නැති නිසා තමයි බේරුනේ. මම දන්න‍ එක්කෙනෙක්ට සෑහෙන්න පාඩු උනා ඕකෙන්. දැන් මට පේන්නෙ එක එක සක්විතිලට අහුවෙන්නෙ නැතුව අපි සක්විති වැඩක් කරල කීයක් හරි හොයාගත්ත නම් හොඳයි වගේ. ;)

පිටරට වල නම් කාලය කියන්නේ සල්ලි, එකත් එකක් රටයි මිනිහයි දියුණු වෙන්න හේතුව. ඒ හින්දා එ රට වල අය Part Time කරන එක නරක නෑ (එකේත් මිහිහා මහන්සි වෙනවා). ඒත් අපේ රටට ගැලපෙන ඒ වගේ විදිහක් ඕනා.

අනේ ආයේ මතක ඈති කාලයකට online වලටනම් යන්නේ නෑහෑ.
මේ දවස් ටිකේ PTC ( Pay to click ) වෙබ් අඩවි 10 කට විතර වෑඩ කරලා ලණුවක් ගිලලයී මම ඉන්නේ. අපරාදේ මගේ කාලේ . නිකන් බොරුවට Click කර කර උන්නා විතරයී.

තමුන්ගේ මහන්සියෙන් හම්බුකරගන්න එක කොකටත් හොදයී....

මරනය අයීයේ... ඔයාට සුබ නව වසරක්...!
ජය වේවා...

මාත් ලොතරැයි නම් ගන්නේ නැහැ ඇදුනොත් කෝටිය උනාට ගොඩක් වෙලාවට වෙන්නේ අතේ තියෙන රුපියල් 20/= ටත් කෙල වෙන එකනේ. කොහොම උනත් ගොඩක් ම සාර්ථක මහන්සිවෙලා සල්ලි හම්බ කරන එක තාම ඔය කෙටි ක්‍රම පස්සේ යන්නේ නැතුව.

වැඩකරන මිනිහටනම් හරියනවා අඩුයි තමා ඒත් අපි වැඩ නොකර හිටියොත් නම් අපිට වැලේ වැල් නැතුව යයි ඒක නිසා වැඩ කරන්නම වෙනවා.

ඕකෙන් සල්ලි හොයන්න සාර්ථක ක්‍රම තියේ.... ඒ වුනාට ඒකට මොකක් හරි විශයක ප්‍රවීනයෙක් වෙන්ට ඕනෙ.....
කාට හරි වඩාත් නිර්මාණශීලී අන්තර්ජාල පිටු නිර්මාණය කරන්න පුලුවන් නම් අන්න එයාට ඔන්ලයින් මනී වලින් හොඳට සල්ලි හොයන්න පුලුවනි....
ඒ වගේ ග්‍රැපික් ඩිසයින්, ඇනිමේශන්, ෆොටෝග්‍රැපි එහෙම පුලුවන් අයට හොරුන්ට අහූ නොවී වැඩ කරගන්න පුලුවන් වුනොත් ඕකෙන් සෑහෙන්න සල්ලි හොයන්ට පුලුවනි....

Bloggers.com - Meet Millions of Bloggers