මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මම මේ කඩේ කෑම කිවුවෙ කඩයක් කන එකක් ගැන නම් නෙමේයි කඩවල් වල විකුනන්න තියෙන සුපිරිසිදු සුමිහිරි කෑම ගැන. දවසේ කෑම වේල් තුනෙන් දෙකක්ම කඩෙන් කන නිසා තමයි මේක ගැන ලියන්න හිතුනේ. අපි කඩෙකට ගිහින් කෑවම අනිවාරයයෙන්ම කඩේ මුදලාලි කියන ගාන ගෙවලා තව කීයක හරි වේටර්ටත් ගෙවල තමා එන්නෙ (වේටර්ට දෙන එක මම දැන් කරන්නේ නැහැ ) ඉතින් එහෙම කරලා එන අපිට ගෙවන මුදලට සරිලන කෑම වේලක් මේ කඩවල් වලින් දෙනවද?

මට තේරෙනෙ විදිහටනම් කඩවල් වලින් 99%කම දෙන කෑම ගැන කොහෙත්ම සෑහීමකට පත් වෙන්න බැහැ. ඒක ඉඳල හිටලා කනකොට තේරුනේ නැතත් දිගටම කනකොට හොඳට තේරෙනවා. පිරිසිදු කම කියන එක නම් මොකද්ද කියලවත් කෑම කඩ කාරයො දන්නේ නැහැ. කෑම අහක දාන්න හොඳ නැහැ තමා ඒත් දවල් බත් රෑට ෆ්‍රයිඩ් රයිස් වෙන එක වරදක් නැහැ ඒත් එක පහුවදාට නාසිගුරාන් වෙන එකනම් වැරදියි.ඉතුරු වෙන මාළු පිනි ශීතකරනයේ දදා ආයි ආයි දෙනවා. ඊලන්ගට උයන්න ගේන්නෙ වෙලඳ පොලේ තියෙන ලාබම එළවළු වර්ග. ලාබ උනත් කමක් නැහැ තේරිච්ච නැති හොඳ ඒව ගේනවනම් එකත් ගන්නේ නරක් වෙන්න ඔන්න මෙන්න එවා.

පහුගිය කාලෙ හාල්මිල සීඝ්‍රයෙන් ඉහල ගියා ඒ කාලෙත් බත් ගනන් වැඩි උනා, ඊට පස්සෙ කාලයක් එළවළු මිල වැඩි උනා එතකොටත් බත් වල ගාන වැඩි උනා. ඒත් දැන් මෙවා එහෙම්ම වැඩි නැහැ හැබයි වැඩි උන බත් වල ගාන ඒකම තමයි. පාරලිමේන්තුවේ කෑම වෙලට වෙළඳ පොලේ බඩු මිල බල නොපෑවට නිකන් කඩවල් වලට ඒක බලපානව. හරිම කලාතුරකින් තමා හොඳ බත් කඩයක් ගැන අහන්න හම්බ වෙන්නේ.

කෑම කඩ බොහොමයක් අරිනවට වඩා වේගෙන් වැහෙන්නෙ මෙ විදිහට ජාරාව මිනිස්සුන්ට කවන නිසා වෙන්න ඇති

9 අදහස්:

මොනා කරන්නද ඉතින් මෙහෙමයි කියලා නොකා ඉන්නයැ.

මම දන්න පිරිසිදුම කෑම තියන කඩේ කෑම එග් සැන්විච් එකක් (පාන්පෙති දෙක මැද්දට එග් පේස්ට් එක දාලා විතරයි) රුපියලා 50. මොනා කරන්නද ඉතිං... කෑම අපිරිසිදුයි කියලා නොකා ඉන්න යෑ.අසනීප උනොත් බෙහෙත් බොන්න තමයි තියෙන්නේ..

පොඩි ප්‍රශ්නයක් තියෙන්වා, ඔය බිත්තරේ තැම්බුවෙ කවද්ද කියන එක.

වේල් තුනම පිටින් කන නිසා පිරිසිදුකම බල්ලට දාලා ගාන ගැන විතරයි බලන්නේ.... මොනා කරන්නද... ගෙදරින් අරගන්නත් බෑ... ටියුෂන් පිහිට තමා....

ඉතින් ගෙදරින් කෑම එකක් අරගන යන්නකෝ....

අපෝ කටවල කෑම හරිම නෑහෑ , කටුනායක පෑත්තේ අල වල පොත්ත අයීන් කරන්නේත් නෑහෑ. ඉතින් කාපන්කො හරක් වගේ...
උලුදු වඩේ ( මෑද හිලක් තියන වඩේ ජාතිය ) තියනවා . හදලා තියෙන්නෙ පාන් පිටිවලින් , මාර හයීයයී . හෑබෑයී රු.10 පාඩුමත් නෑහෑ...

අයියෝ ම - බිත්තරේ තැම්බපු දවස් හොය හොය ඉන්න ගියොත් කන්න වෙන්නේ නෑ අකාලේ තමයි නොකා මැරෙන්න වෙන්නේ හිකිස්

හදිස්සි බඩගින්නට එකම විසදුම කඩ කෑම තමයි. හැබැයි මම එක අවවාදයක් දෙන්න කැමතියි. කෑම කන හෝ කෑමට බලාපොරෙත්තුවෙන් ඉන්න හො කාලා ඉවර වුනු හෝටලේක කුස්සිය පැත්තට නම් වැරදිලාවත් යන්න එපා.......

ඉතින් ඔය කඩේ කෑම කන්නේ ගෙදරින් කෑම එකක් අරගන යන්නකෝ....:D

අපොයි ගේදරින් කෑම එකක් ගෙනියෑම සඳහා කලයුතු කටයුතු බොහෝමයක් ඇති නිසා බැරිමරගාතෙ හරි කඩෙන් කන එක හොඳයි.

Bloggers.com - Meet Millions of Bloggers