මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

පහුගිය දවස් වල නිකුත් උන සිංහල Music Video කිහිපයක්ම මාත් ඉතින් Download කරල බැලුවා සමහර ඒවා හොඳයි සමහර ඒවා නම් ඉතින් ගන්න දෙයක් නැහැ සිංදුවත් වැඩක් නැහැ Video එකත් වැඩක් නැහැ සමහර ඒවායෙ නම් සිංදුව කෙසේ වෙතත් Video එක නියමෙට තිබ්බ නිසා බලන් හිටිය.

මේ හොඳ නරක දෙජාතියෙම තිබ්බ එපාම කරපු දේ තමයි සිංදුවට කිසිම ගැලපීමක් නැතුව වෙළඳ භාණ්ඩ ප්‍රචාරය කිරීම. බීම බොතල්, බීම කෑන්, මදුරු නාශක ජංගම දුරකතන, දුරකතන සේවා, සුවඳ විළවුන් ආදී මෙකී නොකී සියළුම වර්ගවල දේවල් මේ සිංදු අස්සේ තිබ්බා. සිංදුවටනම් මේවායේ කිසිම අදාලත්වයක් නැහැ.

අළුත් තාලේ Music Video එකක් හදන්න ගොඩක් වියදම් අනිවාර්යෙන්ම යන්වා ඇති ඇයි ඉතින් හැම දරශනේකටම වගෙ බාගෙට ඇඳ ගත්තු ගෑනු ලමයිව දාන්න එපායැ. එයාල නිකන් එහෙම ඉන්නවායැ. ඉතින් ඒ වියදම ටිකක් හරි පිරිමහගන්න මෙහෙම වෙළඳ දැන්වීම් දන්න ඕනේ ඇති ඒත් ඉතින් ඒක බලන අයට අප්‍රසන්න විදිහට නොපෙනෙන විදිහට දාන්න මෙයාලට බැරිද දන්නේ නැහැ.

කොහොමත් බාගෙට බාගයක් මේ Video හින්දි, ඉංග්‍රීසි කොපි කරලානේ හදන්නේ ඒත් එවායෙ මෙහෙම තියෙන්වා මටනම් මතක නැහැ. තිබ්බත් මේ තරම් තියෙනවද මන්දා

7 අදහස්:

දැන් තියෙන සින්දුයි සහ Music Video ගන්න දෙයක් නැතිම තරම් නිසා මම ඕව Download කරන එක නවත්තල තියෙන්නේ. මොකද නිකම් බොරුවට කාලයයි මුදලුයි නාස්ති වෙන නිසා.
---------------------------
මරණය, අර php වැඩේ දැන් නවත්තලද?

අන්තර්ජාලය Hard Disk එකට ගන්න හදන පුරුද්ද ක් තියෙන නිසා මම නම් තාම ඔවා Download කරනවා. නැත්නම වෙනනම් ඇති වැඩක් නැහැ
___________________________________
අපොයි නැහැ. PHP වැඩේ කරනවා. ඒක පටන්ගත්තම තමා මටත් තේරුනේ PHP වලින් වැඩ කලාට මොකද කාටවත් කියලා දෙන්න තරම් PHP දනුමක් මට නැහැ කියලා. එක නිස මුලින්ම මගේ PHP දැනුම හදා ගන්න වෙලා

අපේ ‍රටේ අය හැමදාම දුපත් මානසිකත්වයෙන් අපිව මුදා ගන්න කියලා අනුන් කරන වැඩ කරන්න ගිහින් නා ගන්නවානේ.. ඒක තමයි මියුසික් වීඩියෝ වලටත් වෙලා තියෙන්නේ.. මම තාම අළුතින් කරපු විඩියෝ බලපු කාලයක් මතක නෑ.. අන්තිමටම බාගත කලේ කස්තුරි සුවදක් ද කොහෙද

එහෙම තමයි යාඵවා..දැන් ඵ්කත් මෝස්තරයක් වෙලානේ..:D

මෝස්තර එච්චර ගැලපෙන්නේ නැති එක තමා ප්‍රශ්නේ

දැන් අලුතෙන් එන සිංදු නම් මෙලෝ රහක් නෑ තමා... ඒවාගේ අර්ථ රසය , ශබ්ද රසය දෙකම නැතිවෙලා ගිහින්... රූප රසය විතරක් ඉතුරුවෙලා... අනේ මංදා බං... දැන් ලෝකය කැරකෙන්නේ මිනිස්සුන්ට ඕනි විදිහටද මංදා....

මේක කැරකෙන්නේ වෙළෙඳන්ට ඕනේ විදිහටද කොහෙද?

Bloggers.com - Meet Millions of Bloggers