මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉස්කොලේදි මුලින්ම ලියන රචනාව තමා මම ගැන ලියන රචනව ඒක අයි ලියන්න හිතුනා හැබැයි ඒ කාලෙ විදිහට නෙමෙයි පොඩ්ඩක් වෙනක් විදිහකට.

පොඩිම කාලෙ මට ඕන උනේ දොස්තර කෙනෙක් වෙන්න ඒ අර අනික් අය කියන නිසාද කොහෙද, දැන්නම් දොස්තර කම වගෙ සල්ලි පස්සෙ දුවන් ජරා රස්සාවක් ගැන හිතන්නෙවත් නැහැ. ඊට පස්සෙ කාලෙ ඒ කියන්නෙ උසස් පෙළ කරන කාලෙ ඕනෙ උනේ ඉංජිනේරුවෙක් වෙන්න එහෙම හිතාගෙන ගණිතය කලා ඒත් මොන ඉංජිනේරුවෙක්ද කියල කිසිම අවබොධයක් තිබ්බෙ නැහැ. කරනවට කලා. දෙපරක්ම උසස් පෙළ කර බාගෙට පාස් වෙල ගෙදර ඉන්න කාලෙ අනික් අය හොඳයි හොඳයි කියන නිසා පරිගනක හැදෑරුව අන්තිමට ඒක මගෙ රැකියාවත් උනා. ඇත්තටම මට ඕනේ නම් ගොවියෙක් වෙන්න මොක්ද කන්න දේවල් වගා කරන එක තරම් උසස් රැකියවක් වෙන නැති නිසා. ඊටත් වඩා කැමතියි හිපියෙක් වෙන්න. ඔහේ හැම තැනම ඇවිද ඇවිද හම්බෙන දෙයක් පොඩි කඩේකින් කාලා. හැන්දෑවට ලඟම තියෙන බාර් එකෙන් පොඩි අඩියක් ගහල එතන ඉන්න කෙනෙක් එක්ක පොඩි කතාවක් දාල, තියෙන නාට්ටියක් චිත්‍රපටියක් බලල, පුස්ථකාලෙකට ගොඩවෙලා එපා වෙනකම් තියෙන පොතක් පත්තරයක් බලලා, රට පුරාම ඇවිදල, කොහේ හරි වැටිලා නිදාගෙන, හම්බෙන ඔනේම වතුර වලකින් නාල, ජීවිතේ උපරිමට විඳින්න. ඒත් ඉතින් හිපියෙක් වුනා කියල කන්න බොන්න අතට සල්ලී හම්බ වෙන්නෙ නැති නිසා ගොවියෙක් තමා වෙන්න වෙන්නෙ. එතකන් මේ දන්න පුරුදු රස්සාවම කරනව.

ඔන්න ඔය විදිහට මම කවුද කියල මම තම හරියටම දන්නෙ නැහැ. ඉතින් කොහොමද මම ගැන ලියන්නෙ

5 අදහස්:

පිස්සු හැදිලා පණ පලයන් ලබන පෙරේදා කිව්වලු දැනට නම් නියම නෑ..ඒත් පුළුවන් නම් මරු...ඒත් ඔට්ටුයි ඔයාට බෑ!

බැහැ තමයි . බොහෝම කනගාටුයි ඒ ගැන :-D

මටත් අනාගතේ මොකෙක් වෙන්නද කියන එක ගැන අදහසක් තිබුණෙම නෑ. OL කරල ගෙදර ඉද්දි මගේ හොඳම යාළුවෙක් මාව ඇදන් ගියා සංයුක්ත ගණිතය පන්තියකට. එදා ඉඳන් මම උසස් පෙලට ගණිතය කරන්න ගත්තෙ තියෙන විෂයයන්වත් නොදැන. ඒක කරන්න හේතු ඉල්ලපු අයට උත්තරයක් විධියට මම ගෘහනිර්මාණ ශිල්පයට ආසයි කිව්වා. ෂේප් වෙන්න විභාගෙ සමත් වුණත් කොහොමත් ඒ වෙද්දි කැම්පස් යන අදහසක් තිබුණෙ නෑ. ඉතිං මාත් පරිගණක චිත්‍රණ විෂයට නොදැනුවත්වම ඇතුල් වුණා.

කොළඹ ජීවිතේදි මට හමුවුණ අරුම පුදුම පුද්ගලයො කීප දෙනෙක් හරහා මට මම ඉන්න තැනක් ගැන හොයාගන්න පුළුවන් විධියක් හමු වුණා. දැන් ඒ ගමන යමින් ඉන්න අතරේ ජීවිතේ පවත්වගන්නවා.

මමත් හිතන්නෙ ගොවියට ගහන්න කෙනෙක් නෑ කියල. මගේ ගොවි සිත ගැන දන්නෝ දනිති. කොහොම වුණත් අර හිපි ජීවිතේ කාලයක් මම ඉරිද දිනවලදි ගෙව්ව කොළඹ නගරය වටේ ඇවිදිමින්.

මොනව කලත් අන්තිමේ අපි ජීවත් වෙලා ඉඳියි...

මේ බ්ලොග් එක සින්ඩිකේටරයේ නෑ නේද??
http://blogs.sinhalabloggers.com/

අනේ නැහැ. මම ලියන එවා හැමෝටම ගැලපෙන්නෙ නැහැ. ඒක නිසා මන් ඒකට මේක ඇතුළු කලේ නැහැ. මට නිදහසේ ලියන්න ඕනේනේ.