කෙටිකරපු දිග කතා, කුමාරි කියල විතරයි ලේඛිකාවගෙ නම තියෙන්න. මන් පොත් ප්‍රදර්ශන්යෙන් ගත්ත තවත් පොතක්. තාම බාගයයි කියෙවුවෙත් ඒත් හිත හොඳටෝම සසල උනා.තියෙන්නෙ උතුරු නැගෙනහිර ඉන්න මිනිස්සුන්ගෙ කතා. 88 , 89 ගැන මට යන්තම් මතක ඒ අවුරුදු දෙකේ දකුණේ මිනිස්සු හිටියෙ කොච්චර පීඩාවකින්ද. ජේ. වී. පී එකෙන් ගෙනියයිද ආමි එකෙන් ගෙනියයිද නැත්නම් වෙන කවුරු හරි ගෙනියයිද කියල මොකද කවුරු ගෙනිච්චත් ආපහු එන්නෙ නැති නිසා.දකුණේ මිනිස්සු අවුරුදු දෙකක් විඳපු දුක් දැන් උතුරෙ අය අවුරුදු 25ක් හරි ඊටත් වඩා කාලයක් විඳිනවා. හමුදාව, එල්.ටී.ටී.ඊ එක, කරුණා එහෙමත් නැත්නම් කවුරුත් දන්නැති අය ඇවිත් අරන් යන තරුණ ජීවිතවලට වෙන දෙයක් නැහැ. රටක සුළු ජාතියක් වීම එච්චර පීඩාවක් අවුරුදු 25ක් විඳින්න තරම් වැරැද්දක් උනේ කොහොමද? නිදහසේ ජීවත් වෙච්ච මිනිස්සු අනාථ කඳවුරු වල ගාල් කරල ඒ අයට කරන නින්දාවට ඒ මිනිස්සු කොහොම මුහුණ දෙනවා ඇද්ද? මේ අයගැන කතාකරන අයට කොටි ලේබලේ ගැහුව කියල ඒ මිනිස්සුන්ට ඒකෙන් සැනසීමක් ලැබෙනව්ද? ඒකෙන් මේ ප්‍රශනේ විසඳෙනවද? නිදහසේ ජීවත් වෙන්න විතරක් ඉල්ලන මිනිස්සුන්ට අපෙන් ඒ දේ ලැබෙනවද
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
3 අදහස්:
ඇත්තටම අපි ඔය ජිවිත ගැන පොත් වලින් කියවලා ටෙලි නාට්ය වලින් බලලා මේ තරම් දුක් වෙනවා නම් ඇත්තටම මුහුණ දෙන අය කොයි තරම් විදවනවා ඇද්ද? දකුණේ භීෂණය තිබුන යුගයේ අපි ඒක අත්දැක්කේ නෑ..ඒ අතින් අපි(මම) වාසනාවන්තයි...
මම හිතන්නේ මේ හැම ගැටළුවකටම අඩු වැඩි වශයෙන් රටේ පාළකයෝ හා මහජනතාව වග කියන්න ඕනි...කිළිනොච්චියට ගහලා යුද්දේ ඉවර කලත් අපේ මිනිස්සුන්ගේ හිත වල අපි හැමෝම එකම මිනිස් කොට්ඨාෂයක් කියන හැගීම ඇති කලේ නැත්නම් මේ ගැටුම් නතර කරන්න බෑ. යුද්දේ නතර උනත් වෙන වෙන කාරණා නිසා මීට වඩා දරුණු ගැටුම් ඇති වෙන්න පුළුවන්...
සමානාත්ම මානසිකත්වය මිනිසුන් අතර ඇති කරන එක අරබන්න රටේ ජනමාධ්‍ය හා පාලකයන්ට පුළුවන් වෙන්න ඕනී.ඒත් එහෙම වෙන බවක් පෙනෙන්නේ නෑ..මොකද ඡාතීන් වශයෙන් විතරක් නෙවෙයි ආගම් වශයෙන් පවා මිනිස්සු වෙන්කරවන්න හදන බවකුයි මට නම් පේන්න තියෙන්නේ...
අපිට කියවල මෙහෙම හිතෙනවනම් එයාලට ඇත්තටම විඳින එකේ අමරුව අපිට කවදාවත් තෙරුම් ගන්න බැරි වෙයි.තුවක්කු වලට හැමදාම මිනිස්සු පාලනය කරන්න බැහැ ඒක හරිම තාවකලිකයි .එහෙම පලනය කරගෙන ඉන්න අය ඊලඟ පාර නැගිටින්කොට තුවක්කු තියා කාල තුවක්කුවලින්වත් ඒක නවත්තන්න පුළුවන් වෙයි කියල මන් හිතන්නෙ නැහැ.
අපේ ජන සමාජය හරි ආසයි අනිත් අයට විලංගු දාන්න.
Post a Comment